ඔෆිස් පුටුවේ ඉඳන්ම හිත රිලැක්ස් කරගන්න කරන්න පුළුවන් දේවල්

Mind relaxing tips at office

හැම ඔෆිස් එකේම රැකියාවක් කරන්න සුන්දර වටපිටාවක් හැදෙන්නෙ නෑ. ඒකට පරිපාලනය, රැකියාවේ ස්වභාවය, ඔයාගෙ මනසේ තියන පීඩනය වගේම ඔයත් එක්ක රැකියාව කරන අයත් හේතුවෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් අපි ජීවත් වෙන්නනං අපි රස්සාවක් කරන්න ඕනනෙ. අන්න ඒ නිසා රිලැක්ස් වෙන්නත් එක්ක ඔෆිස් එකේ පුටුව උඩ ඉඳන්ම ලේසියෙන් කරන්න පුළුවන් මෙන්න මේ ට්‍රික්ස් ටික කරන්න. කරල බලලම අපිට විස්තර කියන්න. මීට වඩා ලේසි වැඩ දන්නවානම් ඒවත් කියන්න.

 

1. මස්ල් රිලැක්සින්

Mind relaxing tips at office

Source – wikimedia.com

සාමාන්‍යයෙන් ඔෆිස් එකක වැඩ කරන බොහෝදෙනෙකුගේ වැඩිපුරම වැඩකරන ශරීර අවයවය වෙන්නෙ අත්, උරහිස් සහ බෙල්ල ආශ්‍රිත මස්පිඩුයි. ඔය කරන වැඩ අතරෙ ටෙන්ෂන් එක වැඩි වුනාම මස් පිඩු ගල් ගැහිලා වගේ දැනෙන්නත් ඉඩ තියෙනවා. එයට සරළ ව්‍යායාමයක් විදියට මස් පිඩු තද කරමින් නිදහස් කිරීමේ ව්‍යායාමයක් කළ හැකියි. ඒ‍ වෙනුවෙන් සුපර්මාකට්වල තියෙන රුපියල් සීයෙ ස්ට්‍රෙස් බෝලයක් හොඳටම සෑහෙනවා.

 

2. මයින්ඩ් වැකේෂන්

Mind relaxing tips at office

Source – tribune.com / whitehouse.gov.us

මේක නිකං අර මාගේ දෑස දෙස බලනු වගේ සීන් එකක් නෙමෙයි. ඔයා මේ ලෝකෙන් වැඩියෙම්ම සැනහෙන දර්ශනය මොකද්ද? ඔබේ පෙම්වතියගේ තුරුළ, අම්මගේ උණුහුම, ගම, සීතල පැත්තක උදෑසන වගේ දෙයක් ඒ අතර තිබිය හැකියි. කෙටි මොහොතකට ඔබේ සිත එවැනි දර්ශනයක් ගැන සිතන්න පොළඹවන්න. එය සැනෙකින් ඔබේ මනසේ සියළු තෙහෙට්ටුමය කාරණා අවසන් කර සැහැල්ලුවක් ඇති කරාවි. මේ ක්‍රියාවලියට කියන්නෙ මයින්ඩ් වැකේෂන් එකක් කියලා.

 

3. හුස්ම

Mind relaxing tips at office

Source – wikihow.com

අපිට හිත පිට යන එක නවත්තගන්න පුළුවන්නං මේ කියන මානසික තෙහෙට්ටුවට හොඳ උත්තරයක් එතනින් හොයාගන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් වෙන්නෙ මනස එක තැනකට ගන්න පුළුවන් එක තැනක් ඔෆිස් එක ඇතුළෙන් හොයාගන්න බැරි වීමයි. ඒ විදියට මනස එක තැනකට ගන්න පුළුවන් දෙයක් ඔයා ඇතුළෙම තියෙනවා. ඒ තමයි ඔයාගෙ හුස්ම. ජීවිත කාලෙ පුරාම නොදැනුවත්ව කරන දේට වැඩි වටිනාකමක් දෙන්නත් එක්ක ඒ ගැන හොඳ හුස්මක් ගන්න ගමන් හිතන්න. හුස්ම ඉහළ පහළ යැවීම ගැන විතරක් හිතලා මිනිත්තු පහකට පස්සෙ ආයෙ ඔෆිස් එකේ වැඩ පටන්ගන්න. කොච්චර ලේසියෙන් දේවල් කරන්න පුළුවන්ද කියලා හිතේවි.

 

4. හිනාවක්

Mind relaxing tips at office

Source – time.com

ඔබේ මුවට කෙටි හිනාවක් අරගෙන බලන්න ඒක ඔබේ මනසේ තියෙන අවුලකට කොච්චර ඉක්මන් උත්තර දෙනවද කියලා? එහෙමයි කියලා ප්‍රශ්න එන හැම වෙලේම හිනාවෙවී ඉන්න බැහැනෙ. එහෙම හිනාවෙන්න මතක් වෙන්නෙත් නැහැනෙ. ඒ නිසා ඔළුවෙ ස්ට්‍රෙස් එක තියෙන වෙලාවට යූටියුබ් එකේ හිත ආසම කරන විදියෙ පොඩි විහිළුවක් දෙකක් බලන්න හරි, විහිළු කතාවක් තියෙන බ්ලොග් එකක් කියවන්න හරි පුළුවන්. ඕනනං පුංචි පුංචි ආතල් කතන්දර තියෙන පොතක් වුනත් ළඟ තියාගන්න පුළුවන්.

 

5. චූටි තට්ටුවක්

Mind relaxing tips at office

Source – videoblocks.com

අපි ස්ට්‍රෙස් පිට ඉන්නකොට මොළේට සුපිරි උත්තේජනයක් දෙන්න චූටි තට්ටුවකට පුළුවන්. දෙයියො දීපු ඇඟිලි තියෙන එකේ මේ තට්ටුව දෙන එක සිම්පල් දෙයක්. ඒ වගේම ඔබේ රැකියා ස්ථානයට එයින් පාඩුවක් වන්නේ හෝ ඔබ යම් ආතතියකින් පෙළෙන බව ඔවුන් දැනගන්නේ හෝ නැහැ. අන්න ඒ නිසා ඔබේ ඇඟිලි තුඩුවලින් හිස් කබලට පොඩ්ඩක් තට්ටු කරන්න. මිනිත්තු දෙකක් පමණ කාලයක් මේ තට්ටුවට යෙදවීම හොඳටම ප්‍රමාණවත්. ඒ දාන තට්ටුවත් කරන්න පුළුවන් විදි කිහිපයක්ම තියෙනවා. ඒ ගැන මේ වීඩියෝවෙන් පැහැදිළි වේවි.

 

6. ඇස් ස්පා

Mind relaxing tips at office

Source – medium.com

ප්‍රශ්න තියෙන වෙලාවට වැඩිම වෙහෙසක් දැනෙන තැන් අතරේ ඇස් උඩ කියන්නෙ පුදුමාකාර වේදනාවක් දැනෙන තැනක්. ඉතිං ඇස් උඩට පොඩි පහසුවක් දැනෙන ව්‍යායාම කිහිපයක් කරන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් වගේම මනස රිලැක්ස් වෙන්න හොඳ හේතුවක්. මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් උපයෝගී කරගෙන පහසුවෙන්ම ඇස් වල මුදුන සහ ඇස් දෙක එකතු වන ස්ථානය තෙරපීමෙන් ඔබට ක්ෂණික සහනයක් ළඟා කරගන්නට හැකියාව තියෙනවා. මෙය හුස්ම ගැනීමත් සමග එකතු කර ‍සිදුකළ හැකි සරළ ක්‍රියාකාරකමක්.

 

7. ශබ්ද රසේ

Mind relaxing tips at office

Source – youtube.com

රිලැක්සේෂන් මියුසික් කියලා දෙයක් තිබුනට ඒක නොයෙක් පුද්ගලයින්ට නොගැළපෙන්නට පුළුවන්. එනිසාම ස්වභාවික ශබ්ද කියන දේ අපිව මානසිකව එක් තැන් කරවන්නට, කොටිම්ම කිවුවොත් රිලැක්ස් කරවන්නට සමත්. අන්න ඒ නිසාම ඒ වෙනුවෙන් ඇති උවමනා තරම් ප්‍රභවයන් පාවිච්චි කරලා වැඩේ ගොඩ දාගන්න. අනිවාර්යෙන්ම මිනිත්තු පහක් දිය ඇල්ලක් නගන අනවරත ජල වැටුමේ ශබ්දය ඇහුවාම ඔබ ඇස් ඇරගෙන සිටිද්දී වුවත් සුවපහසු හැඟීමක් හිතට ඇති කරාවි.

 
Cover Image Source – betterbackclinic.com / flickr.com / bi.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *