මුඛ සංසර්ගයේ වැදගත්කම

ඉන්දියානු උප මහද්වීපයේ නිපදවෙන සංසර්ග වීඩියෝ ජවනිකා වල මුඛ සංසර්ග කටයුත්ත එතරම් වින්දනයකින් කරන බවක් පෙනෙන්නට නැහැ. ඒත් බටහිර රටවල ලිංගික කාර්යයේදී මුඛ සංසර්ග කටයුතු අනිවාර්යය අංගයක් වී හමාරයි. මේ මුඛ සංසර්ගය හරහා ලිංගික සංසර්ගයේදී ඇතිවෙන බැඳීම වඩාත් තහවුරු කරනවා. ඒ වගේම ඒ හරහා එකිනෙකා අතර ඇති බැඳීම තවත් ශක්තිමත් කරනවා. ඉතින් අපි බලමු මුඛ සංසර්ගයේ ඇති වැදගත්කම් කීපයක් ගැන. 

 

 

1. බැඳීම ශක්තිමත් වීම

මුඛ සංසර්ගය තුළින් එකිනෙකාගේ ලිංගික ඉන්ද්‍රිය වලට උපරිම ප්‍රමෝදයක් ලබාදෙන්න ඔවුනොවුන් ක්‍රියා කරනවා. එහිදී අනෙකාගේ ඉන්ද්‍රිය වල පැහැය, ස්වභාවය කුමක් වුවත් එය ගැන තැකීමක් නැතිව සිය සහකරු වෙනුවෙන් ඒ කාර්යය කරන්නට පෙළඹෙනවා. මුඛ සංසර්ගය හරහා සංසර්ග කාර්යය වඩාත් සුන්දර අත්දැකීමක් කරනවාට අමතරව එකිනෙකා අතර ඇති ස්නේහය, ආදරය, බැඳීම තවත් ශක්තිමත් කරවන බව ඒ ගැන කරන ලද පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.

 

 

2. ස්ටාටර් පැක් එකක් විදිහට

කෑම ගනිද්දී කෑමට පෙර ස්ටාටර් එහෙම නැතිනම් කෑම රුචිය වඩවන ආහාර පාන ගැනීමට අපි හුරුවෙලා තියෙනවා. ඒ වගේ ලිංගික එක්වීමකත් එයට අවශ්‍ය ලිහිසිකාරක ඇති කරන්න අවශ්‍ය කරන උත්තේජනය ලබාදෙන ක්‍රමයක් විදිහට මුඛ සංසර්ගය වැදගත් වෙනවා. පුරුෂ ලිංගය ප්‍රාණවත් බව ගැන යම් යම් ගැටළු ඇති අයටත් මුඛ සංසර්ගය හරහා සිය ඉන්ද්‍රිය කාර්යයට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගන්නට පුළුවන්. එසේම ලිංගිකව එක්වන්නට අදිමදි කරන යුවතියක් එයට අවශ්‍ය මට්ටමට සුසර කරගැනීමත් පුරුෂයාට සිය මුඛයෙන් පහසුවෙන්ම කරගන්නට පුළුවන් වෙනවා.

 

 

3. සුරතාන්තය ඉක්මනින් ලබාගැනීමට

කාන්තාවන්ට අපි දන්නා පරිදි පුරුෂයන්ට තරම් ඉක්මනින් වේගවත්ව සුරතාන්ත අවස්ථාව එළඹෙන්නේ නැහැ. මේ සුරතාන්තය ලැබීම තුළින් මානසික ආතතිය නැතිවෙලා සිරුරේ හෝමෝන තත්ත්වය වැඩිදියුණු වෙන බව සොයාගෙන තියෙනවා. ඉතින් මේ සුරතාන්ත ක්‍රියාවලිය කරා යෑමේදී මුඛ සංසර්ගයටත් වැඩි දායකත්වයක් දෙන්නට අවස්ථාව තියෙනවා. එවිට පුරුෂයාට වගේම ලිංගිකව එක්වීම කාන්තාවටත් ප්‍රමෝදජනක ක්‍රියාවලියක් බවට ඉබේටම පත් වෙනවා.

 

 

4. ක්ෂණික සහනයක් ලෙස

පුරුෂයින්ට කිසිම හේතුවක් නැතිවත් ඇතැම් විට සිය ලිංගික උද්දීපන ඇති වෙනවා. ඒ වගේම කාන්තාවන්ටත් සෙනෙහස, ආදරය දැනෙන විට ඒ ලිංගික පහසේ අවශ්‍යතාවය දැනෙන්නට ගන්නවා. ඒ සෑම විටම ඇඳක් හෝ පහසු වටපිටාවක් නැතිවන්නට පුළුවන්. ඒත් කවර වටපිටාවක හදිසියේ වුව යම් ඉඩක් ලබාගැනීමට හැකි නම් මේ මුඛ සංසර්ගයෙන් එකිනෙකාට ක්ෂණික සහනයක් ලබාගන්නට ඉඩක් හදාගන්නට පුළුවන්. ලිංගික දේ ගැන දැඩි සීමාවන් සහිත අපේ රටවල වුවත් පෙම්වතුන් අතර මේ දේවල් දුර්ලභ නැහැ.

 

 

5. ලැජ්ජාව, බිය සහ අපහසුතා දුරු වීම

සෑම විටම ලිංගික සම්බන්ධතාවයක් දිගුකාලීන දැන හැඳුනුම්කමකින් පටන් ගන්නේ නැහැ. එහෙම නැති වුණාම යම් අවුලක්, අපහසුකමක් දෙදෙනාටම තිබෙනවා. එවන් අවස්ථාවලදී එකිනෙකාගේ විශ්වාසය තහවුරු වෙන්න මුඛ සංසර්ගය වැදගත් වෙනවා. ඒ වගේම හොඳින්ම හඳුනාගෙන සිටින දෙදෙනකු අතර වුවත් විරසක, මත ගැටුම් ඇති වූ පසු ඒවා අතර ලිංගික සුන්දරත්වය විඳගන්නට ආරම්භයක් විදිහට එකිනෙකා අතර දුරස්ථ බව අඩුකරගන්නට මේ මුඛ සංසර්ග මාදිලි වැදගත් වෙනවා.

 

 

6. ඊළඟ වතාවේ හොඳටම කිරීමට

අපි තමයි හොඳටම කළේ කියන උදෘත පාඨය ලිංගික සම්බන්ධතා පැත්තෙන් නම් වටිනා කඩ ඉමක්. දෙදෙනාටම එසේ සිතෙනවා නම් ඊළඟ වතාව තවත් සුන්දර කරගැනීමට එකිනෙකා හා අදහස් හුවමාරුව වැදගත් වෙනවා. එහිදී ජීවිතයේ පාඩම් ඉගෙනගන්නවා වැනිව වැරදි සියල්ල නිවැරදි කරගෙන සේෆ් සෝන් එකකට එනම් ආරක්ෂිත වටපිටාවකට පැමිණීම අනිවාර්යය නැහැ. ඒත් ඒ ඒ දේවල් ගැන, ඒ ඒ පියවර ආදිය ගැන කතාබහ කරන එකෙන් අනෙකාගේ රුචිකත්වය කොහොමද කියන එක ගැන අදහසක් ගන්නට පුළුවන් වෙනවා.

 

 

7. ඒ ගැන ඇති බිය දුරු කරගැනීම

ලිංගික කාර්යයට පෙර වොෂ් දැමීම එහෙම නැතිනම් පිරිසිදු වීම අනිවාර්යය දෙයක් නොවුණත් එසේ කිරීම කාර්යය කරන වටපිටාව වඩාත් සුන්දර කරනවා. ඒ වගේම හැමදාම යම් කටුක රසක් එනවා නම් ඒ සඳහා විවිධ රස පැණි වර්ග වැනි දේ යොදා උත්සාහ කරන්නත් පුළුවන්. මේ මුඛ සංසර්ග කාර්යයේදී එකිනෙකා හා ගැටෙන්නේ සිරුරේම ජනිත කරන ස්‍රාවයන්. ඒවා අනෙකාට අහිතකර හෝ අප්‍රියජනක වන්නට හේතුවක් නැහැ.

 

 

ඇතැම් ඉතා හැඩකාර, ක්‍රීඩාශීලී අය පවා ස්ථාවර ලිංගික සබඳතා තබාගැනීමේදී අසාර්ථක වෙනවා. බාහිර ස්වරූපය, සමාජ තත්ත්වයන්, මුදල්, ආදී කොපමණ දේවල් වලින් පොහොසත් වුවත් ලිංගික සතුට ලබාදීම අනෙකා නැවතත් ඔබ වෙත ඇදීමට හා දිගටම ඔබ කෙරේ රැඳීමට හොද උත්තේජනයක් වෙනවා. ඉතින් මේ මුඛ සංසර්ග ක්‍රමවේද තුළින් ලිංගික ජීවිතයට ලැබෙන වැදගත් කම ගැන සුළු අදහසක් හරි මේ හරහා ඔබට ඇතිවෙන්නට ඇති කියා අප සිතනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *