ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. ඒකේ ආයෙ දෙකක් නෑ. වේගයෙන් ඉස්සරහට යන ලෝකේ සම්බන්ධතා වලට වුනත්, නව දැනුම එකතු කිරීම සඳහා වුනත් ඉංග්‍රීසි භාෂාව පුළුවන් වීම වැදගත්. හැබැයි එහෙම කියනකොට අපේ තව ගොබ්බසේනලා ටිකක් ගේන තර්කයක් තියෙනවා. ඒ අය කියනවා ජපානේ මෙච්චර දියුණු ඉංග්‍රීසි ඉගෙන ගෙනද කියලා. වෙන දියුණු රටවල ඉංග්‍රීසියට වඩා ඒ ඒ රටේ මවු භාෂාවට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ කියලා තමයි මේ අය කියන්නේ. අන්න ඒ නිසා අපිත් කරන්න ඕන සුද්දගේ පර බස ගැන වද නොවී අපේ මවුබස ඉගෙනීමයි කියලා තමයි මේ ගොබ්බසේනලාගේ තර්කය. අපේ මවුබස වෙන සිංහල හෝ දෙමළ හරි හැටි ඉගෙන ගැනීම අනිවාර්ය දෙයක්. ඒකේ දෙකක් නෑ. හැබැයි පුතාලා ප්‍රශ්නේ මේකයි. දියුණු, දැවැන්ත රටවල භාෂාවන්ගෙන් වුනත් ජාත්‍යන්තරේ දිනන්න පුලුවන්. ඒ භාෂාවන්ගෙන් නවීන දැනුම ලබාගන්න පුලුවන්. හැබැයි සිංහලෙන් ඔය වැඩේ කරන්න පුලුවන්ද? බෑ නේද පිංවතුනි? ආන්න ඒ නිසා ඔය මෝඩ තර්ක අතෑරලා පොඩ්ඩක් ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනගන්න එක වැදගත්. ඒකට ඉංග්‍රීසිම ඕන නෑ තමයි.
හැබැයි සමහරු ඉංග්‍රීසියෙන් වචනයක් දෙකක් හරි කතාව මැද්දෙන් රිංගවන්න හදන්නේ ඔය කියපු දැනුම ලබාගැනීම හෝ සම්බන්ධතා ඇතිකරගැනීම වගේ කාරණා වලට නෙවෙයි. මේ අයට ඕන එක්කෝ පොෂ් වෙන්න, එහෙම නැත්නං පොඩි ෂෝ එකක් දාන්න. හැබැයි ඉතින් එහෙම ඉංග්‍රීසි ෂෝ දාලා නං ඉංග්‍රීසි භාෂාව හරියට ඉගෙන ගන්න බැහැයි කියන එක කණගාටුවෙන් වුනත් කියන්න ඕන. මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් කරන ඒ වගේ මෝඩ ඉංග්‍රීසි වැරදි කීපයක් ගැන.
1. සෝ ඒක එහෙම වුනා!

Image Source – giphy.com
අපේ ඉංග්‍රීසි කතා කරනවා කියලා පෙන්නන්න හදන ගොඩක් අය කරන බොහොම ලේසි දෙයක් තමයි “සෝ”, “ඇන්ඩ්” වගේ ඉංග්‍රීසි වචනයකින් සිංහල වාක්‍ය දෙකක් සම්බන්ධ කරන එක. “එයාට මාත් එක්ක කතා කරන්න බෑ කිව්වා, සෝ මමත් ගණන් උස්සලා හිටියා” වගේ එව්වා අපිට සෑහෙන්න අහන්න ලැබෙනවා. දැන් ඔය විදියට කතා කරලා කෙනෙක්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය වෙනවා කියලා හිතනවා නං ඒ තරම් මොට්ට හිතුවිල්ලක් තවත් නෑ. හැබැයි එහෙම කතා කරනකොට අර අහගෙන ඉන්න අයට නම් අපුලක් දැනෙනවා!
2. ෆක් යූ!

Image Source – giphy.com
මේන්න අපේ වෙන්ඩ පොෂ් අයියලා කරන බොහොම සුලභ වැරැද්දක්. දැන් අපි හැමෝම දන්නවනේ “ෆක්” කියන ඉංග්‍රීසි වචනෙන් මොකද්ද අදහස් වෙන්නේ කියලා. ඇත්තටම ඒකට සමාන සිංහල කුණුහරුපය කියනවට වඩා ඉංග්‍රීසියෙන් ෆක් කියලා කුණුහරුපයක් කියන එක ගොඩක් දෙනෙක්ට අමාරුවක් නෑ. ඒකට හේතුව ෆක් කියන්නේ අපේ වචනයක් නොවෙන හින්දා වඩාත් හිතේ අවුලක් නැතුව කියන්න පුලුවන් වීම වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ෆක් කියන එකත් නොදන්නා පිරිසක් මැද එහෙම කියන එකෙන් තමන් පොෂ් කියලා සැලකෙන්නේ නෑ. ඒකෙන් කියවෙන්නේ තමන් අශිෂ්ටයි කියන එක. ඒ නිසා තමයි වැරදීමකින් හරි ෆක් කියලා සබාවක් මැද කියවුනොත් ඒකට සොරි කියන්නේ.
හැබැයි අපි කියන්නේ මේකත් නෙවෙයි. පොෂ් අයියලා තමන් ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න ඕනෑ එකටයි එපා එකටයි ෆක් ෆක් ගාන්න ගන්න එක ගැන. ඇඟිල්ලක් පුටුවේ හැප්පුනත් ෆක් කියයි, බස් එක පරක්කු වුනත් ෆක් කියයි, නාහේ උඩ මැස්සෙක් වැහුවත් ෆක් කියයි. ඇත්තටම ෆක් කියන වචනේ ඉගෙනගත්තට ඉතින් ඉංග්‍රීසි දැනුම වර්ධනය වෙන්නෙ නෑ. අනික් ඔක්කොම සිංහලෙන් කතා කරලා ඕක විතරක් කියනකොට තමන් අශිෂ්ට මෝඩයෙක් විදියට පේනවා, එච්චරයි!
3. බේබ්, හනී, ඩාලින්!

Image Source – giphy.com
සාමාන්‍යයෙන් තමන් ආදරේ කරන කෙනෙක් එක්ක නැතිනම් තමන් ඉතාමත්ම සමීප කෙනෙක් එක්ක කතා කරනකොට මේ වගේ වචන පාවිච්චි කළාට කිසිම ගැටළුවක් නෑ. ඒක ආදරය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක්. ප්‍රේමවන්තයාට හෝ ප්‍රේමවන්තියට විතරක් නෙවෙයි, තමන්ගේ සමීප යාලුවෙක්ට වුනත් ඩාර්ලින්ග් කියලා කිවුවට ගැටළුවක් නෑ. සාමාන්‍යයෙන් මේ වගේ වචන සෙට් වෙන්නේ ඉංග්‍රීසියෙන්ම අදහස් ප්‍රකාශ කරනකොට වුනත්, සිංහලෙන්ම කතා කරන තැනකදී මෙහෙම කියන එකේ වුනත් ලොකු ගැටළුවක් නෑ.
හැබැයි සමහරු ඉන්නවා, තමන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියලා පෙන්නන්න, සිංහලෙන් කතා කරන අතරේ බේබ්, හනී, ඩාර්ලින්ග් වගේ වචනයක් නන්නාඳුනන මනුස්සයෙක් වෙනුවෙන් හෝ ඊයේ පෙරේදා අඳුනගත්ත මනුස්සයෙක් වෙනුවෙන් වුනත් පාවිච්චි කරනවා. ආන්න ඒක නුසුදුසුයි. එකක්, අපි එහෙම අඳුනන්නේ නැති කෙනෙක්ට බය නැතුව බේබ්, ඩාර්ලින්ග් වගේ වචනයකින් ආමන්ත්‍රණය කිරීමෙන් අපි කියා සිටින්නේ ඒ කෙනා ගැන අපේ ගෞරවයක් නැහැයි කියන එක. දෙවෙනුව, ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න සිංහලෙන් කතා කරනකොට නන්නාඳුනන කෙනෙක්ට මේ වගේ වදන් දානකොට පැහැදිලිවම පේනවා අපිට ඉංග්‍රීසි බැහැයි කියලා!
4. Plz acpt my dpst smptz!

Image Source – giphy.com
දැන් ඔය SMS වැඩේ ආවට පස්සේ ඉස්සර මොබයිල් ෆෝන් එකකින් කෝල් ගන්න එක ඇරෙන්න සිද්ධ වෙන ප්‍රධානතම කාරණේ තමයි කෙටි පණිවුඩ යවන එක. හැබැයි මේ කෙටි පණිවුඩේක වචන බොහොම සීමිත ගාණයි සටහන් කරන්න පුලුවන් වුනේ. ඒ නිසා මිනිස්සුන්ට සිද්ධ වුනා සමහර ඉංග්‍රීසි වචන කෙටි කරලා ලියන්න. දැන් තියෙන මැසෙන්ජර් සේවාවල නම් එහෙම වචන සීමාවක් නෑ. හැබැයි අර ටයිප් කිරීමේ පහසුව නිසා SMS භාෂාව කියන එක තාමත් තියෙනවා. හැබැයි මේ SMS භාෂාව සම්මතයක්. උදාහරණයක් විදියට කිවුවොත් Plz කියන්නේ Please කියන එකටය කියලා හැමෝම දන්නවා. තව ඉතින් b4 (Before), BF (boyfriend) වගේ හැමෝම දන්න සම්මත වචන තියෙනවා.
දැන් ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහ කරන කෙනෙක් ටයිප් කරනකොට ස්පෙලින්ග්ස් එහෙම පොඩ්ඩක් පිට පොට යන්න පුලුවන්. ඒකේ අවුලක් නෑ. හැබැයි ඉතින් ඒක වහගන්න අර දීර්ඝව ලියන්න වෙන වචනයක් අකුරු දෙකකට වගේ කෙටි කළහම කොහොමද? ඒ SMS එක තේරුම් ගන්න එව්ව එකාට වෙනම කෝල් එකක් දීලා අහගන්න වෙනවා!
5. ටකේ කරේ!

Image Source – giphy.com
මේක නම් මෝඩ මිස්ටේක් එකකට වඩා කණගාටුදායක තත්ත්වයක්. දැන් අපි වැඩි දෙනෙක් පුංචි කාලේ ඉඳලම ඉංග්‍රීසි කතා කරන්න පුරුදු පුහුණු වුණු අය නෙවෙයිනේ. එතකොට අපි වැඩි දෙනෙක් පොඩි කාලේ එලකියුෂන් පන්ති ගියෙත් නෑ. ඒක නිසා අපි ඉංග්‍රීසි කතා කරනකොට සිංහල හෝ දෙමළ හෝ අපේ මවුභාෂාවට සමීප උච්ඡාරණයක් තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ඉංග්‍රීසි කතා කරනකොට සිද්ධ වෙන්න වුවමනා දේ තමයි අනික් කෙනාට අපි කියන දේ තේරෙන එක. එහෙම තේරෙනවා නං කිසිම ප්‍රශ්නයක් නෑ.
හැබැයි ඉතින් ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහ කරනකොට ඉංග්‍රීසි වලට ඇහුම්කන් දෙන්නත් වෙනවා. ෆිල්ම් වලින් හරි සිංදු වලින් හරි ඕනෑම දේකින්. මේකෙන් කෙරෙන්නේ හරි උච්ඡාරණ විධි ඉගෙන ගන්න එක. හැබැයි සමහරු ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන්නේ ඉංග්‍රීසි වචන පේන විදියටම උච්ඡාරණය කරලා. එතකොට තමයි Take care කියන එක ටකේ කරේ කියලා කියවන්න සිද්ධ වෙන්නේ!
6. ලයික්, යූ නෝ!

Image Source – giphy.com
දැන් අපි කතා කරනකොට කෝච්චිය වගේ කියවගෙන කියවගෙන ගියත්, වාක්‍ය දෙකක් මැද්දේ හරි වාක්‍යයක් මැද්දේ හරි නිහඬ තැන් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අපි හිතමින් කතා කරනකොට ඒක නොදැනුවත්වම සිද්ධ වෙන දෙයක්. ආන්න ඒ නිහඬ තැන් වලට අපි ඕනෑම භාෂාවක තේරුමක් නැති පොඩි වචන කෑලි පාවිච්චි කරනවා. ඉංග්‍රීසියේදී Filler Words හරි Filler Phrases හරි කියන්නේ ඒවලට. ඔය පුරවන්න පාවිච්චි කරන වචන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. කෙනෙක් Like වගේ වචනයක් පාවිච්චි කරනකොට, තව කෙනෙක් You know කියලා පාවිච්චි කරන්න පුලුවන්.
දැන් ඔය ඉංග්‍රීසි වචන කෑලි වාක්‍ය අතර හෝ වාක්‍ය මැද නිහඬ තැන් පුරවන්න පාවිච්චි කරන එකේ අවුලක් නෑ. හැබැයි ඒ ඉංග්‍රීසියෙන් කතා කරනකොට. දැන් එතකොට අමු සිංහලෙන් කතා කරගෙන යනකොට ඔය මැද පුරවන්න ඉංග්‍රීසි වචන කෑල්ලක් පාවිච්චි කරන්නේ මොකටද? “ඔන්න ඉතින් අපි යනවා යනවා යනවා…ලයික්.. පාර ඉවර වෙන්නෙ නෑ කියන්ඩකෝ” වගේ මැන්ටල් විදියට කතා කළහම ඉංග්‍රීසි දැනුම වර්ධනය වෙනවද? නෑනේ!
7. යෝ හෝමි, හේ නිගා!

Image Source – giphy.com
දැන් ඔය මුලින්ම ආශිංසනය කරන වචන තියෙනවනේ. අපි කියන්නේ ‘සුබ උදෑසනක් වේවා මා මිටුරේ’ වගේ ඒවා නෙවෙයි. මචං, අඩෝ කියලා අපි ඔය කොල්ලෙක් කොල්ලෙක් මුණගැහුනහම, කෙල්ලෙක් කෙල්ලෙක් මුණගැහුනහම එහෙම කතා කරගන්නවනේ. දැන් සමහරු ඕක පොඩ්ඩක් ඉංග්‍රීසි ලෙවල් එකටත් කරනවා. ‘යෝ ඩූඩ්’,’මා නිගා’, ‘හේ හෝමි’ වගේ අමුතු සීන් එකක් දාලා කතා කරනවා. එච්චර තමයි ඉතින් ඉංග්‍රීසි ලෙවල් එක. එතනින් එහාට සිංහලට මාරු වෙනවා!
දැන් ඔතන තියෙන ප්‍රශ්නේ මේකයි. නිගාලා නැතිනම් බ්ලැක් ඇමරිකන්ලා ලංකාවේ ඉන්නවද? හෝමි නැතිනම් හෝම් බෝයි කියන්නෙත් බ්ලැක්ස් ලටම තමයි. ඉතින් අපි හමේ පාට පොඩ්ඩක් කළු වුනා කියලා ඔහොම එව්වා කියලා ආමන්ත්‍රණේ කරන්න පුලුවන්ද? බෑනේ! මෝඩයිනේ!
දැන් මේ වැරදි පෙන්නලා අපි කරන්න හදන්නේ ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහ කරන කෙනෙක්ව අධෛර්යමත් කරන්නද? නෑ පිංවතුනි. අපි කියන්නේ හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා තමයි. අපි කියන්නේ උඩ කියපු විදියට කතා කරනකොට ඉංග්‍රීසි වචනයක් දෙකක් කතාව මැද්දට රිංගෙව්වට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැයි කියන එකයි. එහෙමනම් හැමෝම එක්ක නියම විදියට ජාත්‍යන්තර බාසාවක් ඉගෙන ගෙන ජාත්‍යන්තරේ ජයගමු! එච්චරයි!!
Cover Image Source – pinterest.com
Leave a Reply