කොල්ලො ඉතිං ටියුෂන් පන්තියකට අලුතෙන් ගියාම හරි වදේ. හෙනට දේවල් හොයනවා. කෙල්ලොත් එක කොටසක් තමයි. හැබැයි කෙල්ලොන්ට වඩා දේවල් ගැන කොල්ලො හොයනවා. අපි අද කියන්නෙ ඒ ගැන. ඉතිං මේවා කියවලා ඉස්සර කොල්ලොන්ට දැන් ටිකක් හිනාවකුත් යාවි අතීතෙ මතක් වෙලා.
1. තමුන් වගේම හචා ඇඳපු එවුන්

Source – youtube.com
මේක කොල්ලො අනිවා හොයන ෆැක්ට් එකක්. සාමාන්‍යයෙන් කෙල්ලො තමුන් වගේම ඇඳපු තව කෙල්ලෙක් දැක්කම හිතෙන් ලොකුවට අප්සට් එකක් ගියත් කොල්ලොන්ට නං තමුන් වගේම ඇඳුමක් ඇඳපු තව කොල්ලෙක් දැක්කම ඌ ගැන ඇතිවෙන්නෙ අප්‍රමාණ සහෝදර හැඟීමක්. අන්න ඒ නිසා කොල්ලො ටියුෂන් එකකට ගියාම තමුන් වගේම සෙරෙප්පු දාගෙන හචා විදියට ඉන්න කොල්ලො හොයාගෙන ගිහින් උන් ගාවින් වාඩි වෙනවා.
2. ලස්සනම කෙල්ල

Source – facebook.com/KaveethMilindhaPhotography
මේකත් කොල්ලො හොයන සීන් එකක්. ඒ තමයි ඇස ගැටෙනා දසදහසක් නෙතු මත උගෙ දෑසට හරියනම කෙල්ල හොයන එක. ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි. ක්ලාස් එකේ මුල් දවසම වගේ ගතවෙන්නෙ ඔය සීන් එකට. තමුන් ආසම කොණ්ඩෙ, ෆීචර්ස්, ඇඳුම් විලාසිතා, කතාබහ ඔක්කොම හොයලා තමයි හිතේ පෙම්පුරන්න පටන්ගන්නෙ. ඊටපස්සෙ ඉතින් ක්ලාස් යන එක නවත්තනවා බොරු.
3. සර් පේපර් පන්නනවද?

Source – jokesoftheday.net
ඔන්න තවත් වැදගත් ප්‍රශ්නයක්. මේක ක්ලාස් එකට කලින් වගේම ක්ලාස් එකේ ඇතුළෙදිත් කොල්ලෙක් වුණාම හිතෙන ප්‍රශ්නයක්. ඇත්තටම සර් දෙන ආදර්ශ ප්‍රශ්න පත්තර විභාගෙට ඒ විදියටම ඒවිද කියල සැකයක් හිතට එනවා. ළමයි ටියුෂන් එක දාලා යාවි කියලා හිතලා සර්නුත් ඒ ගැන කියන්නෙ නෑ. ඒකෙන් ඉතිං කොල්ලන්ගෙ බලාපොරොත්තු තවත් වැඩි වෙනවා.
4. සර් ගෙදර වැඩ දෙනවද?

Source – phobia.wikia.com
ඔන්න පුතේ අනිත් ප්‍රශ්නෙ. පහ වසරෙන් පස්සෙ ගෙදර වැඩ කියලා නාමයක් කරල නැති බුවාලට ඒලෙවල් පන්තියකදි ගෙදර වැඩ හම්බුනාම ඇඟට දැනෙන්නෙ සුළු පටු අමාරුවක් නෙමෙයි. අන්න ඒ නිසා සර් වැරදිලාවත් මාසෙකට පාරක්වත් ගෙදරවැඩ දෙන ඩයල් එකක්ද කියලා කොල්ලො හොයලා බලනවා. ඒ ගැන කොල්ලො පපුවෙ ගින්දරෙන් තමයි ඉන්නෙ.
5. සර් ඉස්සරහට ගෙනල්ලා බනිනවද?

Source – quietrev.com
ඊලඟ ප්‍රශ්නෙ තමයි මේ. ගෙදර වැඩ දුන්නත් කමක් නෑ. සර් ඉස්සරහට ගෙනල්ලා බනිනවද කියන එක. ඇත්තටම ඉතිං සර්ලා එහෙම කරන්නෙ අපේ හොඳට කියල කීයටවත් ඒ කාලෙදිනං හිතුනෙ නෑ. හැබැයි දැන්නං හිතෙනවා. ඉතිං පන්තියක් ඉස්සරහ, විශේෂයෙන්ම අර හිතගත්තු දේවතාවි ඉස්සරහ බැණුම් අහන්න වෙනවා කියන්නෙ පරාලයක් තමයි.
6. මෙතනින් කොහොමහරි පාස් වෙන්න පුළුවන්ද?

Source – ibtimes.co.in
ඔන්න ප්‍රශ්නෙ. මෙතන කලින් හිටපු අයියල අක්කලගෙන් කීයක් පාස්ද? කියන දේ මුලින්ම හොයනවා. ඒ වගේම මේ වගේ වෙලාවට කොච්චර හොඳක් වුනත් අසුබවාදී විදියටමයි පේන්නෙ. අන්න ඒ නිසා අනිත් කවුරු පාස් වුනත් මට බැරිවෙයි කියල හිතෙන මට්ටමට යන්නත් පුළුවන්. කොහෙන් කොහොම ගියත් පාස් වුනොත් පාටි දෙන්න වෙනවා. මුං බලන් ඉන්නෙ සමරන්න මොනවහරි දෙයක් ලැබෙන්නෙ කොයිවෙලාවෙද කියලා.
7. ක්ලාස් එක කිට්ටුව මොනවද තියෙන්නෙ?

Source – pcworld.com
ඔන්න තවත් වැදගත් ප්‍රශ්නයක්. හරියකට වලක් බහින්නනං අවට හොඳ වලවල් ටිකක් තිබිය යුතුයි. ඉතිං පූල් පාලර් එකක්, ග්‍රවුන්ඩ් එකක්, පොඩි මොටෙල්(හෝටල් නෙමෙයි) එකක්. වගේ ස්ථාන කිහිපයක් අවට ඇති ටියුෂන් පන්තියකට යන්න කොල්ලො ප්‍රිය මනාපයිනෙ.
Leave a Reply