මළමිනීත් ඇහැරවල ගොසිප් සයිට්වලින් කතා හදන විදිය මතක් වෙද්දි හෙට අනිද්දා දවසක අපිටත් මොනවගේ කතා හැදෙයිද කියල හිතට පුංචි බයකුත් නැතුව නෙමෙයි. ඒ වුනත් මේක ලියන්නම ඕන. මොකද මේ දේවල් කියවලා ඒවා විශ්වාස කරන පරම්පරාවකුත් ඉන්න නිසා. ඒ අයට අනාගතේ දවසක කැරපොත්තා පෑගිලා දවස් දෙකකින් ඇන්ටිට වෙච්ච දේ වගේ හෙඩිමක් දැක්කම වෙනිං ලින්ක් එකක් බලන්න හිතෙන්න ඕන. එහෙම හිතෙන්නනං මේක කියවන්න ඕන.

Source – parrotvm.org
ඇත්ත සිද්ධිය – මං මේ ටෙස්ට් කරන්න ගොරක දාලා බීමක් හැදුවා. ගොරක වලට බඩත් අඩුවෙනවා ලුනෙ.
ගොසිප් නිවුස් එක – දින හතෙන් ඔබේ බඩ අඟල් අටක් බස්සන අරුම පුදුම කාම්බෝජියා ගාසිනියා(ගොරකවල විද්‍යාත්මක නාමය) අඩංගු සුපිරි පානය මෙන්න. බර කිලෝග්‍රෑම් 100ට වැඩි පුද්ගලයින් රැසක් උපයෝගී කරන ලද පරීක්ෂණයකිනුත් මේ බව සනාථ වුනාලු. ඇමරිකානු විද්‍යාඥයින් මෙය දැක මවිත වුනාලු. ලංකාවට පේටන්ට් බලප්‍රය ගැනීමේ සූදානමක් තියෙනවාලු.

Source – bhmpics.com / bdbphotos.com / lookaside.fbsbx.com
ඇත්ත සිද්ධිය – සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ ගත්තු සෙල්ෆියට ක්‍රීඩකයා ඉන්නෙ හිනා වෙලා නෙමෙයි
ගොසිප් නිවුස් එක – සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ පවුල දෙදරයි. ඔහු ලංකාව වෙනුවෙන් සුපිරි කවර් ඩ්‍රයිවු ප්‍රහාර එල්ල කරද්දී ඔහු මේ බව සිහිනෙන්වත් නොසිතන්නට ඇති. තමන් ශතකයක් වාර්තා කළ විට තමන් වෙත පැමිණ සුබ පතන තමන්ගේම කණ්ඩායම් සගයා සිය බිරිඳ සමග ඊයේ රාත්‍රියේ හෝටලයක සිටි බව ඔහු විශ්වාස නොකිරීම පුදුමයක් නොවේ. ඒ වන් ද්‍රෝහිකමක් කළ හැක්කේ පාප මිත්රයෙකුටම පමණයි.

Source – dreamscape.com / frenchbakery.ae
ඇත්ත සිද්ධිය – තමුන්ගෙ දුවගේ උපන්දිනය දවසේ, දුවගේ මූන බදාගෙන ඉඹින තාත්තා කෙනෙක්
ගොසිප් නිවුස් එක – කුඩා තරුණියක කේක් ගෙඩියක් පෙන්වා රවටා ගෙන වැඩිහිටි පිරිමියෙකු සිද්ධ කරන නොමනා ක්‍රියාව මෙන්න. මෙවන් සිඟිත්තියක කේක් ගෙඩියකට රවට්ටාගන්නට තරම් ම්ලේඡ්චයින් මේ සමාජයේ සැරිසරයි. මොවුන්ගෙන් ඔබේ දරුවන්ද බේරාගමු.

Source – dailymail.co.uk / pintarest.com
ඇත්ත සිද්ධිය – තෙරණියකගේ චරිතය රඟපාන නිළිය උපන් දින සාදයකදී බියර් ටිකක් පානය කිරීම
ගොසිප් නිවුස් එක – දවල්ට තෙරුණිය රෑ බාර් එකේ බී පිස්සු නටයි. තම මිතුරෙකුගේ සාදයකදී සියල්ලන් මැද විසල් මත්පැන් බෝලයක් කටේ ගසාගෙන බිවූ තරුණිය ඉන්පසු දැමූ අනග රැඟුම දැන් ක්ෂේත්රයේ කාටවත් රහසක් නොවෙයි. අහවල් ටෙලි නාට්‍යයේ අහවල් චරිතය හොබවන ඇය මේ කළේ සිවුරට නොගැලපෙන වැඩක් නේද?

Source – memecentral.com / facebook.com / blogger.com
ඇත්ත සිද්ධිය – ගෙදර හුරතලයට ඉන්න පූසාව හස්බන්ඩ්ගේ හොඳම යහළුවාට තෑගි දුන් නිළිය
ගොසිප් නිවුස් එක – සරාගී නිළිය සැමියාට හොරෙන් සැමියගේ මිතුරාට තමන්ගේ පූසාව අල්ලන්න දීපු හැටි මෙන්න.

Source – twitter.com / youtube.com / dreamhome.com
ඇත්ත සිද්ධිය – දේශපාලකයෙකු සිය අඳුරු නිවසට වඩා ආලෝකමත් විදුලි බුබුළු දමයි
ගොසිප් නිවුස් එක – සිය දේශපාලන දිවියම අඳුරට පත් කළ හොල්මන එළැවීම වෙනුවෙන් තරුණ අමාත්‍යවරයා නිවසට විදුලි බුබුළු සවි කරයි. තමන් හෘද්‍යාබාධයක් සෑදී සිටින්නෙකු නිසාත්, මේ කළුවරේ හොල්මන් පෙනෙන නිසාත් ඔහු එම නිවසේ උද්‍යානය වඩා ආලෝක බුබුළු සවිකර ඇත.
Cover Image Source – goingbyfaith.com / lexxinthecity. wordpress.com
Leave a Reply