සෙක්ස් කරන්න කලින් කරන ෆෝර්ප්ලේ එකට වැදගත් වෙන අයිඩියාස් කීපයක්!

ඔය සෙක්ස් ගැන කතා කරනකොට ගොඩක් අය ෆෝර්ප්ලේ කියලා එකක් ගැන කියනවනේ. ඇත්තටම ෆෝර්ප්ලේ කියන්නේ මොකද්ද? ඒක ගැන විවිධ අයට විවිධ අයිඩියාස් තියෙනවා. සමහරු හිතනවා ෆෝර්ප්ලේ කියන්නේ සෙක්ස් කරන්න ඇඳට නගින්න කලින් කරන දේවල් තමයි ෆෝර්ප්ලේ කියලා. තවත් අය හිතනවා ඇඳට නැගලා ලිංගික සංසර්ගයට යන්න කලින් කරන දේවල් තමයි ෆෝර්ප්ලේ කියන්නේ කියලා. හැබැයි මේ දෙකම බාගෙට හරි. ෆෝර්ප්ලේ කියලා කියන්නේ සෘජු සංසර්ගය හෝ ගුද සංසර්ගය හෝ කලවා සංසර්ගයට යන්න කලින්, උපරිම උත්තේජනයක් ඇති කරන්න සිද්ධ කරන අනික් හැමදෙයක්ම තමයි. ඒ කියන්නේ සෙක්ස් කරන්න ඇඳට නගින්න කලින්ම පටන් ගන්න ටීස් කිරීම්, කතා බහ, ආදර කතා, වැළඳගැනීම්, සිප ගැනීම්, සිපවැළඳ ගැනීම්, ස්පර්ෂ කිරීම් වගේ හැමදෙයක්ම ෆෝර්ප්ලේ තමයි. එතකොට එතනින් එහාට මිරිකීම්, උරාබීම්, ලෙවකෑම් වගේ හැමදෙයක්ම සහ මුඛ සංසර්ගය පවා ෆෝර්ප්ලේ තමයි. මේකට පූර්ව ලිංගික ක්‍රියාකාරකම් කියලත් සමහරු කියනවා. හැබැයි අපි පහසුවට ෆෝර්ප්ලේ කියන වචනෙම පාවිච්චි කරනවා.

මේ ෆෝර්ප්ලේ එකෙන් ඇත්තටම සෙක්ස් කරනකොට තියෙන ෆන් එක, උත්තේජනය උපරිම මට්ටමකට ගේන්න කටයුතු සිදුවෙනවා. ආන්න ඒ ෆෝර්ප්ලේ එක කරගෙන යන්න ටිප්ස් සහ අයිඩියාස් ටිකක් තමයි අපි මේ සඳහන් කරන්න යන්නේ.

 

1. නෝටි ටෙක්ස්ට්ස්, ඩර්ටි ටෝක්ස්

ඇත්තටම සෙක්ස් කරන්න පටන් ගන්න කලින්ම ඒකට අපේක්ෂාවක් ගොඩනගන එකෙන් ඇත්තටම සෙක්ස් කරන්න කලින්ම සෙක්ස් කරන එක ගැන උත්තේජනයක් ඇති කරනවා. එතකොට දෙන්නා ඇත්තටම සෙක්ස් කරන තැනට ආවහම බිංදුවේ ඉඳන්ම පටන් ගන්න ඕන නෑ. දෙන්නා සෙක්ස් කරනවා කියලා එක තැනකට එනකොටත් දෙන්නා සෙකන්ඩ් ගියර් එකේ යන්නේ. 

අන්න ඒ උත්තේජනය ගොඩ නගන්න පුළුවන් නෝටි ටෙක්ස්ට්ස් වලින් වගේම ඩර්ටි ටෝක්ස් වලිනුත්. ඒ කියන්නේ මේ ටෙක්ස්ට් වලින් හෝ ටෝක්ස් වලින් කරන්න පුළුවන් දෙයක් තමයි එකිනෙකාට කම්ප්ලිමෙන්ට් කරන එක. සෙක්ස් කරනකොට එකිනෙකාට කරන්න ආස දේවල් ඒ වලින් කියන එක.

 

2. බැක්ග්‍රවුන්ඩ් වර්ක්

මේක සෑහෙන්න පුළුල් දෙයක්. බැක්ග්‍රවුන්ඩ් එකේදී කරන්න තියෙන දේවල් වලට සෙක්ස් කරන සෙටින් එක හදන එක, මූඩ් එක හදන එකේ ඉඳන් සෙක්ස් කරන්න යනකොට අඳින්නේ මොනවද කියන එක දක්වා දේවල් වැදගත් වෙනවා. ඒ වගේම ඔය රෝල් ප්ලේ වගේ සීන් පවා මේ බැක්ග්‍රවුන්ඩ් වර්ක් එකට අදාළ කරගන්න පුළුවන්.

දැන් මූඩ් එක හදනකොට ඔය සුවඳ ඉටිපන්දම් එහෙම පත්තු කරන එක, නැවුම් ඇඳ රෙදි දාන එක, ලයිට් මියුසික් එකක් දාන එක වගේ එක එක දේවල් කරන්න පුළුවන්. මේවා තමන්ට ගැලපෙන විදියට හදාගන්න පුළුවන්. ඒ වගේම අපි කියමු දෙන්නා බාත්රූම් එකේ සෙක්ස් කරනවා හිතිච්ච ගමන් කියලා. අන්න එතකොට බාත්රූම් එක පවා නිරන්තරයෙන් පිරිසිදුව තියාගන්න වෙනවා. 

 

3. කිස් කරන්න තැනක් නෑ

දැන් සමහරු ඉන්නවා කිසින් ගැන රූටීන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කිස් එකක් දෙනකොට දෙන්නේ කම්මුලට. ආදරයෙන් දෙන කිස් එකක් ඕන නම් නළලට දෙන්න පුළුවන්. කෙල්ල එක්ක ඉන්නකොට සමහර කෙනෙක් අතට කිස් එකක් දෙන්න පුළුවන්. සෙක්ස් කරනකොට ගොඩක් වෙලාවට මේ නළල, කම්මුල් ඉඹින එක තොල් වලටත් ඇවිත්, ඒක ලිප්ස් කිස් එකක් වෙනවා. එතනින් එහාට කිස් සීන් නෑ. තව සෙක්ස් වලදී ඇඩ්වාන්ස් කට්ටිය විශේෂයෙන්ම ගෑණු ළමයෙක්ව කිස් කරනකොට බෙල්ල, උරහිස් එහෙමත් කිස් කරනවා. ඒත් ඒ ඇතිද?

ඇත්තම කිවුවොත් ෆෝර්ප්ලේ කරන්න ගියහම කිස් කරන්න ඕන මෙන්න මෙතන කියලා එක තැනක් නෑ. අත් වල ඇඟිලි, වැළමිටි, පිට, ලපැත්ත, යටිපතුල් වගේ කෙනෙක් විහිළුවටවත් කිස් කරන්න නොහිතන තැන් පවා කිස් කරන්න කිව්වහම තේරෙනවනේ කිස් කරන්න එක තැනක් නෑ කියලා. මෙතනදී රහස මේකයි. ඇඟේ හැමතැනම කිස් කරනකොට අපිට හොයාගන්න පුළුවන් වෙනවා පාර්ට්නර්ගේ සංවේදී තැන්. ආන්න ඊට පස්සේ අපිට පුළුවන් ඒ තැන් වලට වැඩි අවධානයක් දීලා, හැබැයි පුරුදු විදියටම ඇඟේ හැම තැනක්ම කිස් කරන්න.

 

4. බෙල්ල, උරහිස්, කන්

මේ ගැන අපි විශේෂයෙන්ම කියන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ගෑණු ළමයෙක්ව පිස්සු වට්ටන්න පුළුවන් හොඳම තැන් තමයි මේ බෙල්ල, උරහිස් සහ කන්. මේ බෙල්ල සහ උරහිස් ප්‍රදේශයත්, කන් පෙති සහ කන් ඇතුළත පවා කිස් කිරීම, සක් කිරීම සහ ලික් කිරීම කියන හැමදේම කරනකොට එයාට ඇතිවෙන හැඟීම ආයෙ කියන්න වචන නෑ. ගොඩක් දුරට. මතක තියාගන්න, මේ තැන් ඒ විදියටම සංවේදී නොවන අයත් ඉඳලා හිටලා හරි ඉන්න පුළුවන්. 

දෙවෙනි කාරණාව මේකයි. ඇයි ගෑණු ළමයට විතරක් මේක? පිරිමි ළමයටත් මේ තැන් බොහොම සංවේදී වෙන්න පුළුවන්. හැබැයි පිරිමියාගේ බෙල්ල, උරහිස්, කන් වගේ තැන් වලට අවධානයක් දෙන ප්‍රමාණය සාපේක්ෂව හරිම අඩුයි කියලා කියන්න පුළුවන්.

 

5. අත් පා හැම දෙයක්ම දිගින් දිගටම පාවිච්චි කරමු

ෆෝර්ප්ලේ එකේදී සමහර වෙලාවට අපි එක දේකට විතරක් ෆෝකස් වෙන ඉඩක් තියෙනවා. උදාහරණයක් කියනවා නම්, ගෑණු ළමයව ෆින්ගර් කරනකොට, ඒක එක අතකින් කරනවා මිසක් වෙන දෙයක් නොකරන්න පුළුවන්. සමහර වෙලාවට ෆින්ගර් කරනකොට එයාව කිස් කරන එක විතරක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා දේවල් කරන්න පුළුවන්, කිස් කරනවා වගේම මාරුවෙන් මාරුවට පියයුරු උරාබීමත් කරන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත්, අපි එයාගේ පියයුරු උරාබොනකොට කකුල් වලින් එයාගේ කකුල් පිරිමදින්න පුළුවන්. කොටින්ම කිවුවොත් ඇඳට හෝ සෙක්ස් කරන තැනට ගියාට පස්සේ මුළු ඇඟම සෙක්ස් මැෂින් කරගන්න ඕන. අත් විතරක් හෝ මුඛය විතරක් නෙවෙයි අත්, පා වගේ හැමදෙයක්ම සෙක්ස් කරනකොට නිරන්තරයෙන් යොදාගන්න එකෙන් ෆෝර්ප්ලේ දෙවියෙක්, දේවතාවියක් වෙන්න බැරි වෙන එකක් නෑ!

 

6. ආදරණීය හා රාගික

මේක ඇත්තටම මානසික කාරණයක්. සෙක්ස් කරන්න ගියහම ෆුල් ඇනිමල් ලෙවල් එකෙන් සෙක්ස් කරන එකෙත් වෙනම එකක් තියෙනවා. හැබැයි පොදුවේ ගත්තහම, සෙක්ස් කරනකොට එකිනෙකා ගැන ආදරයක් හෝ අඩු තරමින් ලබැඳියාවක් තියෙන්න ඕනනේ. තමන් එක්ක ශාරීරිකව එකතුවෙන තව ජීවියෙක් ගැන අඩු ගාණේ ඇල්මක් හරි තියෙන්න ඕන. අන්න එතකොට තමයි සෙක්ස් කරනකොට ඒක හොඳට දැනෙන්නේ සහ සෙක්ස් කරන කොට තියෙන තෘප්තිය උපරිම වෙන්නේ.

 

7. මෙතනින් පටන් අරන් එතනට යන්නම ඕන නෑ

මෙක ඇත්තටම ෆෝර්ප්ලේ ගැන කතා කරනකොට දෙන්න ඕන උපදෙසක්. දැන් ෆෝර්ප්ලේ කරනවා කියන්නේ අන්තිමට මොකක් හරි සංසර්ගයක් කරන්නම ඕනෙද? එහෙම නැතුව ෆෝර්ප්ලේ එකෙන් නවතින්න බැරිද? එතකොට ක්ලයිමැක්ස් එක්ක එන්නම ඕනෙද? මේ ප්‍රශ්න වලට උත්තර මෙහෙමයි. ඇත්තටම අපි කිවුවනේ ෆෝර්ප්ලේ එක සෙක්ස් කරන්න එකිනෙකාව වචනයෙන් උත්තේජනය කරන තැන ඉඳලා සංසර්ගයක් දක්වාම යනවා කියලා. ඉතින් එතකොට සමහර වෙලාවට සංසර්ගය කරන්නම ඕන නෑ. සමහර විට සංසර්ගය නැතුවම දෙන්නට ක්ලයිමැක්ස් එකකට යන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මුඛ සංසර්ගයෙන්. එහෙම නැතිනම් දෙන්නට දෙන්නා ස්වයං වින්දනයෙන්.

 

අනික් කාරණාව, ක්ලයිමැක්ස් එකක් ඕනමද? එහෙම එකකුත් නෑ. ඕකට එක පරණ කතාවකින් උත්තර දෙන්න පුළුවන්. යන්නේ කොහාටද කියන එකට වඩා යන ගමන වැදගත්! සෙක්ස් කරන එකේ ආතල් එක ගන්න එක, අන්තිමට ක්ලයිමැක්ස් එකකට යන එකටත් වඩා වැදගත්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *