රුලං වලින් රසම රස කෑ​ම රෙසිපි 5ක්

ලයිෆි අපි ඔයාලට අද ගෙනාවෙ රුලං වලින් හදන කෑම ටිකක් ගැනයි. මේකෙන් ඕනම විදියකට කෑම හදන්න පුළුවන්. ඉන්දියානුවන් අතර රුලං බහුල ආහාර ගොඩක් ජනප්‍රියයි. අද අපිත් එහෙනම් රුලං වලින් කෑම හදමු.

 

1. රුලං කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං ග්‍රෑම් 200
  2. පාන්පිටි ග්‍රෑම් 30
  3. බිත්තර 4
  4. සීනි ග්‍රෑම් 80
  5. මෙල්ටඩ් බටර් මේස හැඳි 4
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  7. වැනිලා ස්වල්පයක්

 

ෂුගර් සිරප් එකට

 

  1. සීනි මේස හැඳි 2
  2. වතුර කෝප්ප  1/2

 

  • මුලින්ම බිත්තර හා සීනි හොඳට බීට් කරන්න.
  • රුලං වලට පාන්පිටි, බේකින් පව්ඩර් එකතු කරගන්න.
  • බිත්තර මිශ්‍රණයට වැනිලා හා බටර් ටික දාලා රුලං මිශ්‍රණයත් දාගන්න. හොඳට බීට් කරගන්න.
  • විනාඩි 20ක් 180°ට බේක් කරගන්න. කූරක් ගහල බලල බේක් වෙලා මදි නම් තව ටිකක් වෙලා දාගන්න. අවන් එකෙන් අවන් එකර උෂ්ණත්වය වෙනස් නිසා ගතවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්.
  • සිරප් එක හදාගන්න සීනි සහ වතුර ටික උණු කරගන්න. 
  • සීනි දිය වෙලා සිරප් එක හැදුනම බේක් කරගත් කේක් එක උඩින් දාලා කෑලි කපාගන්න.

 

2. රුලං අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං ග්‍රෑම් 250
  2. සිහින්ව ගාගත් පොල් බෑයක්
  3. සීනි ග්‍රෑම් 700
  4. කලරින් ස්වල්පයක්
  5. වැනිලා ස්වල්පයක්
  6. කරදමුංගු කුඩු පින්ච් එකක්

 

  • රුලං ටික කබලෙ බැදගන්න. භාජනයක් ලිපේ තියලා වතුර කෝප්ප 3/4ක් එක්ක සීනි ටික දාලා උණු කරන්න.
  • සීනි උණුවේගෙන එනකොට පොල් ටික දාලා රුලං ටික එකතු කරන්න. හොඳට හැඳි ගාලා කලරින්, වැනිලා හා කරදමුංගු කුඩු දාගන්න.
  • හොඳට හැඳිගාලා වතුර ගතිය අඩු වෙලා තලපයක් වගේ උනාම බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගන්න. කෑලි කපාගන්න.

 

3. රුලං ඉඩ්ලි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රුලං කෝප්ප 2
  2. යෝගට් 2
  3. බේකින් සෝඩා තේ හැඳි 2
  4. ලුණු

 

තෙම්පරාදුව සඳහා

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  2. චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. තෙල් මේස හැඳි 2
  5. අබ ස්වල්පයක්
  6. උළුහාල් ස්වල්පයක්
  7. සූදුරු ස්වල්පයක්
  8. කඩල පරිප්පු මේස හැඳි 2

 

  • රුලං හා යෝගට් එකතු කරලා ලුණු හා වතුර මේස හැඳි 2ක් දාලා උකු බැටර් එකක් හදාගන්න. විනාඩි 45ක් වහලා තියන්න.
  • ඒ අතරතුර තෙම්පරාදුව හදාගන්න තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටිකක් දාලා පුපුරවගන්න.
  • ඒකට චොප්කරගත් සියල්ලම සහ උලුහාල්, සූදුරු, රස අනුව ලුණු, කඩල පරිප්පු ටිකත් දාගන්න.
  • හොඳට තෙම්පරාදු උනාම ලිපෙන් බාලා නිවෙන්න තියල බේකින් සෝඩා එක්ක ඉඩ්ලි මිශ්‍රණයට එකතු කරන්න. ඉඩ්ලි තැටි වලට මිශ්‍රණය දාලා ස්ටීම් කරගන්න.

 

4. රුලං ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සීනි ග්‍රෑම් 250
  2. මිල්ක්මේඩ් කෝප්ප 1
  3. රුලං ග්‍රෑම් 200
  4. කජු ස්වල්පයක්
  5. බටර් මේස හැඳි 2
  6. වැනිලා ස්වල්පයක්

 

  • භාජනයක් ලිපේ තියලා වතුර කෝප්ප 1ක් එක්ක සීනි ටික දියකරගන්න. සීනි ටික පැණි උනාම මිල්ක්මේඩ් ටික එකතුකරන්න. 
  • ඒකට කබලෙ බැදගත් රුලං වලින් ග්‍රෑම් 50ක් වගේ ඉතුරු කරලා අනික් ටික එකතු කරන්න. බටර්, කජු, වැනිලා දාගන්න. 
  • මේ ඔක්කොම කලවම් කරලා ඝනකම් තලපයක් වගේ ආවම ලිපෙන් බාලා රුලං ඉසගත් තැටියකට දාලා කෑලි කපාගන්න.

 

5. රුලං රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං කෝප්ප 2
  2. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/2
  3. සවර් ක්‍රීම් කෝප්ප 1/2
  4. චොප්කරගත් ළූණු කෝප්ප 1/2
  5. පාන්පිටි මේස හැඳි 2
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  7. චොප්කරගත් ඉඟුරු මේස හැඳි 2
  8. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  9. චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
  10. ලුණු

 

  • මේ ඔක්කොම දාලා කලවම් කරලා වතුර ටිකක් දාලා ඩෝ එක හදාගන්න.
  • රොටි ගුලි අරන් තුනී කරලා දෙපැත්ත පුළුස්සගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *