ඉස්කෝලේ යන, රස්සා කරන අපි කොයි කවුරුත් බලන් ඉන්නේ නිවාඩු ලැබෙනකන්. සඳුදා කියන්නේ අන්තර්ජාතිකව ම අපි අකමැති දවසක්. එතකොට සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස් වෙන එක අපිට දරාගන්න ම බැරි දෙයක්. දවස් 365ක අවුරුද්දක් සම්බන්ධයෙන් අපේ ජීවිතවල තියෙන පොදු හැඟීම් තමයි මේ. 2018 අලුත් අවුරුද්ද කියන්නේ නිවාඩු ගැන හිතලා හැදුණු අවුරුද්දක්. මාසයෙන් මාසයට ඒ නිවාඩු දින හැදිලා තියෙන්නේ මෙහෙමයි.
1. ජනවාරි

Source – pintarest.com
2018 අධික අවුරුද්දක් නෙවෙයි. අමු ම අමු සාමාන්‍ය අවුරුද්දක්. සාමාන්‍ය අවුරුදු කොටස් දෙකයි. එකක් සඳුදාවකින් පටන් ගන්න සාමාන්‍ය අවුරුද්ද. අනික තමයි ඉරිදාවකින් පටන් ගන්න අවුරුද්ද. 2018 පටන් ගන්නේ සඳුදාවකින්. එදාටත් නිවාඩු! ඒ කියනේ සඳුදාවක් වන ජනවාරි 1 වෙනිදා නිවාඩු. දුරුතු පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියෙන්නේ එදාටයි. ඉරිදාවක් වන ජනවාරි 14 වෙනිදාට තමයි තෛපොංගල් දිනය. බදාදාවක් වන ජනවාරි 31 නවම් පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියෙනවා. එකම මාසේ පෝයවල් දෙකක්? ඒ ගැන විස්තර ඉස්සරහට හම්බ වෙනවා.
2. පෙබරවාරි

Source – flickr.com
පෙබරවාරි මාසය නිවාඩු සම්බන්ධයෙන් දුක හිතෙන මාසයක්. මුළු මාසයට ම රජයේ නිවාඩු දෙකයි. ඒ දෙකෙනුත් එකක් වැටිලා තියෙනේ ඉරිදා දවසක. ඉරිදාවක් වන පෙබරවාරි 4 වෙනිදා තමයි ජාතික නිදහස් දිනය. අඟහරුවාදාවක් වන පෙබරවාරි 13 මහා ශිව රාත්‍රිය නිසා නිවාඩු ලැබෙනවා.
3. මාර්තු

Source – nationalgeographic.com
බ්‍රහස්පතින්දාවක් වන මාර්තු 1 වෙනිදාට මැදින් පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියෙනවා. අනුපිළිවෙලින් සිකුරාදාවක් සහ සෙනසුරාදාවක් වන මාර්තු 30යි 31යි නිවාඩු. 30 වෙනිදා මහ සිකුරාදා. 31 බක් පුර පසළොස්වක පෝය දිනය.
4. අප්‍රේල්

Source – pintarest.com
අප්‍රේල් මාසෙට නැති නිවාඩු මොකටද! සිකුරාදාවක් වන අප්‍රේල් 13 පරණ අවුරුද්ද. 14 වෙනිදාට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. වැඩේ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල්වලට අපි අනික් අවුරුදුවල මැයි මාසේ සමරපු වෙසක් උත්සවේත් ආපු එක. ඉරිදාවක් වන අප්‍රේල් 29 වෙසක් පුර පසළොස්වක පෝය දිනය. එතකොට සඳුදාවක් වන අප්‍රේල් 30 වෙසක් පෝයට පසු දිනය නිසා නිවාඩු. මේ අවුල ඇති වුණේ මෙන්න මෙහෙමයි. සිංහල චන්ද්‍ර මාස ක්‍රමයට අනුව දවස් 30කට වරක් පායන පසළොස්වක හඳට අනුව පෝය දිනය සහ දුරුතු, නවම්, මැදින්, බක් විදියට නම් තියනවා. දවස් 30ට වරක් හඳ ලස්සනට තමන්ගේ වැඩේ කරාට මොකෝ මේ ඉංග්‍රීසී කැලැන්ඩරේ මාස කිසිම පිළිවෙලක් නැහැ. සමහර මාසවල දින 28යි. සමහර ඒවායේ දින 30යි නැත්තම් 31යි. එහෙම වුණාම එක මාසෙක පෝය දෙකකුත් එකම අවුරුද්දක මාස දොළහ ඇතුළත පෝයවල් 13කුත් එන්න පුළුවන්.
5. මැයි

Source – twitter.com
අඟහරුවාදාවක් වන මැයි 1 වෙනිදා අන්තර්ජාතික මැයි දිනය යෙදෙන්න නියමිතයි. අඟරුවාදා දවසක් ම වෙන මැයි 29 වෙනිදාට අධි පොසොන්. අධි පොසොන් මැයි මාසේ. අවුල ලිහාගන්න දැන් දන්නවනේ?
6. ජූනි

Source – expedia.com
ජූලි මාසයේ නිවාඩු දෙකයි. හැබැයි දෙකම වැඩකරන දවස් නිසා රහයි. සිකුරාදාවක් වන ජූනි 15 වෙනිදා රාමසාන්. බදාදාවක් වන ජූනි 27 වෙනිදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය.
7. ජූලි

Source – blogger.com
ජූලි මාසයේ තියෙන්නේ එක ම එක නිවාඩුවයි. සිකුරාදාවක් වන ජූලි 27 වෙනිදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියනවා
8. අගෝස්තු

Source – time.com
අගෝස්තු මාසයේ බදාදාවක් වන 22 වෙනිදා ඉස්ලාම් බැතිමතුන් හජ්ජි සමරනවා. සෙනසුරාදාවක් වන අගෝස්තු 25 තමයි නිකිණි පුර පසළොස්වක පෝය දිනය.
9. සැප්තැම්බර්

Source – pixabay.com
සැප්තැම්බර් මාසයේ තියෙන්නෙත් එක ම එක නිවාඩුවයි. සඳුදාවක් වන සැප්තැම්බර් 24 වෙනිදා බිනර පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියනවා.
10. ඔක්තෝම්බර්

Source – youtube.com
ඔක්තෝම්බර් මාසයත් සැප්තැම්බර් වගේ ම වැඩිය නිදහස දෙන්න කැමති නැති මාසයක්. බදාදාවක් වන ඔක්තෝම්බර් 24 වෙනිදා වප් පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියනවා.
11. නොවැම්බර්

Source – pintarest.com
සැප්තැම්බර් මාසයේයි ඔක්තෝම්බර්වලයි තිබ්බ දුක හිතෙන ගතිය නැති කරන්න නොවැම්බර් මාසය ලෝබ නැතුව වැඩ කරන දවස් තුනක් ම රජයේ නිවාඩු කරලා තියනවා. අඟහරුවාදාවක් වන නොවැම්බර් 6 වෙනිදා දීපවාලි උත්සවය. අඟහරුවාදාවක් ම වෙන නොවැම්බර් 20 නබි නායකතුමන්ගේ උපන්දිනය. බ්‍රහස්පතින්දාවක් වන නොවැම්බර් 22 ඉල් පුර පසළොස්වක පෝය දිනය.
12. දෙසැම්බර්

Source – wordpress.com
සීතල දෙසැම්බර් මාසයේ සෙනසුරාදාවක් වන 22 වෙනිදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියනවා. අඟහරුවාදාවක් වන දෙසැම්බර් 25 තමයි නත්තල්!
මේ නිවාඩු දවස් බලලා ඥාතිමිත්‍රාදියෝ එක්ක නිවාඩුපාඩුවේ ඉන්න පුළුවන් විදියට ඔබේ දින දර්ශනයත් හදාගන්න.
Cover Image Source – aspect-holidays.co.uk
Leave a Reply