පහුගිය ඇඳිරිනීතිය කාලෙ ගෙදරටම වෙලා හිටපු ගොඩක් අය කේක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ගන්න බැරුව ලතවෙන්න ඇති. ඉතින් කේක් හදන අයට අවශ්‍ය වෙන පොඩි පොඩි දේවල් ටිකක් ගෙදරදිම හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්න අපි හිතුවා. හදිසි අවස්ථාවක මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
1. ස්ප්‍රින්කල්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 1
- ක්‍රීම් ඔෆ් ටාටා හෝ දෙහි යුෂ තේ හැඳි 1/4
- අයිසින් ෂුගර් අවශ්‍ය තරම්
- බිත්තර සුදුමදය හොඳට බීට් කරගන්න. මේකට අයිසින් ෂුගර් ටික ටික දාලා විනාඩි 5ක් විතර තරමක් ක්‍රීම් ගතියට බීට්කරගන්න. මේකට ක්‍රීම් ඔෆ් ටාටා හෝ දෙහි යුෂ දාලා නැවත බීට් කරගන්න. ස්ටිෆ්පීක් වෙනකල් බීට් කරන්න අවශ්‍ය නෑ.
- දැන් මේක කොටස් වලට වෙන් කරගෙන කැමති පාට දාලා කලවම් කරලා පයිපින් බෑග් වලට දාගන්න.
- පාච්මන්ට් පේපර් එකක් එලාගන්න. පයිපින් බෑග් එකේ කෙලවර ස්ප්‍රින්කල්ස් වල මහත අවශ්‍ය ගාණට පොඩ්ඩක් කපලා පාච්මන්ට් පේපර් එක උඩට හීනියට දිගට පයිප් කරගන්න.
- මේක පැය 12ක් විතර හොඳට වේලෙන්න අරින්න. මේ ටික කඩාගන්න කැමති ප්‍රමාණයට. වතුර නැති වියළි බෝතලයකට දාලා අවශ්‍ය වෙලාවට ගන්න. මාස 8ක් වගේ තියාගන්න පුළුවන්.
2. කඩල තැම්බූ වතුරෙන් විප් ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල ග්‍රෑම්200
- අයිසින් ෂුගර් ග්‍රෑම් 200
- දෙහි යුෂ තේ හැන්දක්
- වැනිලා ස්වල්පයක් අවශ්‍ය නම්
- කඩල වලට ඇති තරම් වතුර දාලා රැයක් පෙඟෙන්න තියන්න. ඒ වතුර අයින් කරලා තව වතුර කෝප්ප 4ක් දාලා කඩල තම්බගන්න. වතුර කප් 1ක ප්‍රමාණයට අඩු වෙනකම් කඩල හොඳට තම්බගන්න.
- ඊට පස්සෙ පෙරලා ඒ වතුර ටික ෆ්‍රිජ් එකේ තියන්න හොලවන්නෙ නැතුව පැය දෙකක්.
- පැය 2කට පස්සෙ මේක ජෙල් ගතියට මිදිල තියෙනව පෙනෙයි. මේ ටික බෝල් එකකට දාලා අයිසින් ෂුගර්, දෙහි හා වැනිලා දාලා ලෝ ස්පීඩ් එකේ විනාඩියක් බීට් කරගන්න.
- ඊට පස්සෙ හයි ස්පීඩ් එකෙන් ස්ටිෆ් පීක් වෙනකල් විනාඩි 10-12ක් බීට් කරගන්න.
3. නැචුරල් ජෙල් / පයිපින් ජෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 1
- කෝන් සිරප් කෝප්ප 1
- ජෙලටින් තේ හැඳි 1
- භාජනයක් ලිපේ තියලා වතුර කෝප්පයක් දාගන්න. මේකට සීනි දාලා දියවෙනකල් හැඳිගාන්න. සීනි දියවුනාම කෝන් සිරප් ටික එකතුකරන්න.
- ජෙලටින් වලට වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න. කෝන් සිරප් ටික දියවුනාම ජෙලටින් ටික දාලා කලවම් කරමින් හැඳිගාන්න. මිශ්‍රණය ටික ටික උකුවේගෙන එනවා පෙනෙයි. එතකොට ලිපෙන් බාගන්න. මේක සති 2-3ක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්.
4. අයිසින් ෂුගර්
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 2
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- සීනි හා කෝන්ෆ්ලා ග්‍රයින්ඩර් එකට දාලා විනාඩියක් ග්‍රයින්ඩ් කරගන්න.
- හැන්දකින් කලවම් කරලා ආයෙ තප්පර 10කට සැරයක් නතර කරමින් විනාඩියක් ග්‍රයින්ඩ් කරගන්න.
- හොඳට සීනි කැට කුඩු වෙලාද බලලා නැවත විනාඩි 2ක් පිටි වෙනකල් ග්‍රයින්ඩ් කරගන්න.
5. හෝම්මේඩ් ජෙලටින් පව්ඩර්
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 100
- චයිනා ග්‍රාස් ග්‍රෑම් 100
- ග්‍රයින්ඩර් එකට සීනි හා චයිනා ග්‍රාස් දාලා විනාඩියක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- හැන්දකින් කලවම් කරලා නැවත හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්.
Leave a Reply