ඉස්කෝලෙ කාලෙ ඔක්කොම වැඩ එකට කරපු, දහදුරා වැඩ වගේම, හොඳ වැඩත් ඒ අතර තිබුණු කල්ලියක් ඔයාලටත් ඉනන ඇති. හැමෝම එකා වගේ හිටපු, යාලුවෙකුගෙ ප්‍රශ්නෙකදි එකම ගැම්මෙන් ඒකට මුහුණ දීපු ඒ කාලෙ දැන් නැත්තෙ ඇයි කියලයි අපි කියන්න යන්නෙ. සමහර විට ඔයාලගෙන් සමහරක් ඒ පාසල් කාලයේ ෆිට් කල්ලිය තාමත් තියාගන්න තරම් වාසනාවන්ත අය වෙන්න ඇති. නමුත් බොහෝමයක් අයගෙ ඒ මිතුරු කල්ලිය අවුරුදු තිහක් විතර වෙනකොට මගහැරිලා යනවා. මේ ඒකට ප්‍රධානම හේතු.
1. ඔහෑ ඔහෑ

Source – youtube.com
ඔයා පාසල් මිතුරු සමාගම්වලට විනකටින ප්‍රධානම පිරිසක් තමයි මේ ඔහෑ ඔහෑ ගාලා අඬන දරු පරපුර. ආයෙ ඉතිං ඉස්කෝලෙ සෙට් එක හම්බෙනවා තියා හැමදාම ගෙදර ඉන්න තමන්ගෙ ගෑණු මනුස්සයගේ අතින් අල්ලන්න වෙන්නෙ නැති තරමට මේ පිරිස මැදිහත් වීමක් සිද්ධ කරනවා. ඒකෙදි ඔවුන් ගැන ආදරයක් වගේම වගකීම් කන්දක් පැටවෙන නිසා එදිනෙදා මුණගැහෙන පිරිස පමණක් මිතුරන් වශයෙන් තබාගෙන ඈත්වෙන්නට බොහෝදෙනෙකුට සිද්ධ වෙනවා.
2. කචකචේ

Source – youtube.com
ඇත්තටම ඔය කියන පාසල් මිතුරු කල්ලි පවත්වාගෙන යන්න තියෙන අමාරුම බාධකයක් විදියට වයිෆ්ලාව හඳුන්වන්න පුළුවන්. ඔෆිස් එකෙත් යාලුවො, ගෙවල් ගාවත් යාලුවො, කැම්පස් එකෙත් යාලුවො මදිවට ෆේස්බුක් එකෙත් යාලුවො. ඒ ඔක්කොම අස්සෙ ඉස්කෝලෙත් යාලුවො කියල එයාලා නෝක්කාඩුව අදින්නෙ කට්ටිය සෙට් වෙන්න හදනකොටමයි. අන්න ඒ නිසා මේකෙදි බිරින්දෑවරු ප්‍රධාන ප්‍රතිරෝධයක් විදියට පාසල් මිතුරු කල්ලි කඩාකප්පල් කරන්න පෙනී සිටිනවා.
3. සල්ලි

Source – nation.lk
ඉස්කෝලෙ කාලෙ ෆුල් ආතල් එකේ හිටපු අපිට ටිකෙන් ටික මුහුකුරා යනකොට එන ප්‍රධානම අවශ්‍යතාවය තමයි සල්ලි. කොච්චර තිබුණත් මදි තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඒ මදියාව නිසා අපි ඉබේම යන්ත්‍ර වගේ හම්බකිරීමේ යාන්ත්‍රණයට එකතු වෙනවා. ඒ විදිහට එකතු වුණාට පස්සෙ ඉස්කෝලෙ කාලෙ යාළුවො විතරක් නෙමෙයි, අම්මා තාත්තාව වත් මතක් නොවෙන තත්ත්වයකට ලක්වෙනවා. ඒ නිසාම තමයි අපි කතාවටත් කියන්නෙ සල්ලි විසින් මනුස්සකං විනාශ කරනවා කියලා.
4. ඔෆිස්

Source – moneygossips.com
උදේ අටට පටන් අරන් දවල් දෙක වෙද්දි ඉවර වෙච්ච ඉස්කෝලෙටත් වෛර කරපු අපිට උදේ අටේ ඉඳන් හවස පහවෙනකං, එතන ඉඳන් ඕටී හෝ ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරන්න සිද්ධ වෙන තත්ත්වයක් ආවම ඇති වෙන ක්‍රෝධය සහ මිස් වෙන දේවල් සුළුපටු නැහැ. එහෙම ඉඳිද්දි වැඩිපුරම මුණගැහෙන්නෙ ඔෆිස් යාලුවොන්ව. එහෙම ඉඳිද්දි වැඩිපුරම මිස් වෙන්නෙ ඉස්කෝලෙ යාලුවොන්ව. ඒ ඒ අය නොයෙක් තැන්වල විසිරිලා නිසායි.
5. හිත්බිඳීම්

Source – stuckindc.com
පාසල් කාලයේ ඉඳින් පවත්වගෙන ආපු මිතුරු කල්ලි බිඳෙන්න හිත් බිඳීමුත් ලොකු හේතුවක්. පාසල් කාලෙ ඉඳන් එන මිතුරු කල්ලිවල ප්‍රධානතම ලක්ෂණය තමයි තමන්ගෙ මිතුරාගෙ ඕනම දෙයක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒක තමන්ගෙම දෙයක් වීම. මේක කාලයක් යද්දි මිනිස්සු තුළින් තුරන් වෙලා රස්සා ඇතුළෙ දියවෙලා ගියත්, සමහරුන්ගෙන් මේ ලැදියාව පැනනගින්න පුළුවන්. ඒක ඉස්කෝලෙ කාලෙදි මාර ආතල් සංසිද්ධියක් වුනාට ඔෆිස් යන, ප්‍රයිවසිය අගයන අවුරුදු තිහේ තිස්පහේ තාත්තලාටනං ඒක තරමක ප්‍රශ්නයක්. අන්න ඒ නිසා ඇති වෙන හිත් බිඳීම් මේ ප්‍රශ්නයට නරකම හේතුවක් වෙනවා.
Cover Image Source – youtube.com
Leave a Reply