දෙමවුපියො ගල් වෙලා යන්න පොඩ්ඩො අහන ප්‍රශ්න

Kiddie Questions

පුංචි ළමයි ම‍ල් වගේ කියන එක බොරුවක්. එක්කො ඕව කියන උන්ට ළමයි නෑ. නැත්තං උන් මල් දැකල නෑ. පුංචි ළමයි ගැන අවංකවම හිතුවොත් ඔවුන් පුංචි කාලෙදි නොහිතා නොබලා ඇත්ත කියනවා. ඒක අවංක කමක් විදියටමත් ගන්න බැහැ. මොකද පුංචි ළමයි ඕනතරං බොරුත් කියනවා. මේ කියන්න යන්නෙත් ඊට සමාන කතාවක්. පුංචි ළමයි එක පාරටම අම්මලා තාත්තලාගෙන් අහන ප්‍රශ්න සහ ඒ ඒ අවස්ථාවලදි මැදට පැනලා උත්තර දෙන එකෙන් දෙමවුපියන් පත් වෙන අපහසුතා ගැනයි මේ කියන්නෙ.

 

1. ඇයි ඒ?

Kiddie Questions

Source – mothering.com

මෙවුවනං ඉතිං හිනාවක් දාලා විසඳගන්න පුළුවන් ප්‍රශ්න. ඉස්සරහට ලියලා තියෙන ප්‍රශ්න දැක්කම පොඩ්ඩො එපා වෙනවා. පොඩ්ඩො ගොඩක් දේ විමසනවා. උදාහරණෙකට වැස්ස වහින්නෙ ඇයි? ඇයි ඕන පාරක යන්න පුළුවන් වාහන නොහදා තාර දාලා ලොකුවට පාර හැදුවෙ? කිරි ටොෆි පැණි රස ඇයි? ඇයි කිරි  ටොෆිවලට සීනි දාන්නෙ? නත්තලට නත්තල් සීයා තෑගි දෙන්නෙ ඇයි? අපිට කාටවත් තෑගි දෙන්න බැයිද?

 

2. ඇයි ගහන්නෙ?

Kiddie Questions

Source – dropdad.com

සමහර වෙලාවට පොඩ්ඩො අනවශ්‍ය වෙලාවල්වල සිදු කරන මැද්දට පැනීම් වළක්වන්න උවමනා වුනාම දෙමවුපියන්ට සිද්ධ වෙනවා පොඩියට පාරක් ගහන්න හෝ ලෝකෙට නොපෙනෙන්න දැන් ඇති! කියලා හඟවනු පිණිස පොඩ්ඩක් කොනිත්තන්න. හැබැයි දැන් ළමයි ඒකෙන් සැලෙන්නෙ නෑ. මේ ඇයි අම්ම මාව කොනිත්තන්නෙ? ඇයි අප්පච්චි මට ගැහුවෙ? තාත්තා මොකෝ මට රවන්නෙ? කියලා ප්‍රසිද්ධ තැනක ඇහුවම සැප කනේ නෙ?

 

3. එදා බැන්නා නේද?

Kiddie Questions

Source – huffpost.com

ඔන්න මේකත් දෙමවුපියො කොර වෙන අවස්ථාවක්. ඔන්න මෙහෙම අවස්ථාවක් හිතන්නකො. ළමයි ගෙදර සෙල්ලං කර කර හිටියා කියලා දෙමවුපියොන්ගෙ කතා අහන්නෙ නැතුව ඉන්නෙ නෑ. එයාල ඒවා අහගෙන තමයි වැඩ කරන්නෙ. ඒ නිසා කා ගැන හෝ දොසක් කියනවානං පොඩ්ඩගෙන් එහාට වෙලා කියන එක තමයි හොඳ. මොකද ඕව පත්තු වෙන්න පුළුවන් නරක තැන්වලදි. කොහොමද ඒ අදාළ මනුස්සයා ඉන්න තැනකදි අම්මා මේ ආන්ටිට නේද බැන්නෙ? කියල ඇහුවොත්.

 

4. ඒ වුනාට අපි එහෙම නැහැනෙ

Kiddie Questions

Source – pixnio.com

ඔන්න මේකත් අවුල් යන අවස්ථාවක්. මේ කියන්නෙ අපි අර මුලින් කියපු වැඩි පුර අවංක වෙලා චාටර් වෙන අවස්ථාවක්. අපි හැමෝම දන්නවනෙ වෛද්‍ය විද්‍යාවෙ කියලා තියෙන විදියට අපිට තියා දොස්තර මහත්තුරුන්ටවත් ජීවත් වෙන්න අමාරු විත්තිය. හැබැයි ඉතිං දොස්තර ගාවට ගියාම සමබල ආහාර වේලක් ගන්නවද? පලා වර්ග, මාළු වර්ග කෑමට ගන්නවද? කියල ඇහුවම දෙපාරක් හිතන්න. මොකද පොඩ්ඩා ඇත්ත කියන්න ඉඩ තියෙනවා.

 

5. මොකද්ද ඒකෙ තේරුම?

Kiddie Questions

Source – kindercare.com

ඔන්න මේක තමයි අනිත් ප්‍රශ්නෙ. සීනි පැණි රහ ඇයි? කියල අහන එක ෂේප් තත්ත්වයක් කියලා හිතේවි මේක ගැන ඇහුවම. ඔන්න දැන් බස් ටීවීවල යනවනෙ එක එක සින්දු. කොල්ල අහනව තේරුම. ඒකත් අහන්නෙ බස් එකේ බාගෙකට ඇහෙන්න මහ හයියෙන්. තමුන් අසරණ වෙන හැටි දැකලා මුළු බස් එකම හිනා වෙනවා දකිද්දි බැහැලා යන්නයි හිතෙන්නෙ. අප්පච්චි මේ සින්දුවෙ තේරුම මොකද්ද?  කියල ඇහුවම සනීපයි.

 
Cover Image Source – kidsmentalhealthinfo.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *