තරහා අවසර මේ දේ සමස්ත කාන්තා පරපුරටම අදාළ දෙයක් නම් නෙවෙයි. බහුතරයක් කෙල්ලන්ගේ කැමැත්ත ගැනයි මේ කියන්නේ. එහෙමත් නැත්නම් කෙල්ලෝ කැමති මෙහෙම අයටයි කියලා සමාජයේ මතයක් තියෙනවා. අන්න එතන තදින් අල්ලාගෙන ලියන ලියවිල්ලක් විතරමයි මේක. මෙහෙම ලක්ෂණ කිසි මගුලක් හොයා බලන්නැතිව ආදරේ නාමයෙන් විතරක් එකතු වෙලා ඉන්නවා ඕනි තරම් දකින්න පුළුවන්. ඒත් මේ ලක්ෂණවලින් එකක් දෙකක්වත් කොල්ලෙක් තුළින් දකින්න කෙල්ලෙක් පෙළඹෙයි කියලා හිතන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා.
1. මනා උසින් යුතු වීම

Image Source – pinterest.com
උසයි කියන එකෙන් ඇවිදින ලයිට් කණු වගේ අසාමාන්‍ය උසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගණන් හිලව් බැලුවොත් 5’9″ක් නැත්තම් අඩි 6ක් කියන්නේ අන්න සිරා උස. සමහර කොල්ලොත් ආසයි කියන්නේ කොට කෙල්ලන්ට ලු නේ. උස තිබ්බම ගහකට වුණත් ආකර්ෂණය වැඩියි. අනික් ගස් අතර විරාජමානව ඉන්නවා. කොල්ලෙක් ගත්තත් පොල්කුරුමිණි මොඩල් එකේ කොල්ලෝ අතර කැපිලා පේනවා. ඊට අමතරව කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ දේ ශරීර ලක්ෂණවලට අනුකූලව පොඩ්ඩක් හරි දැනෙන මීටරයක් තමයි උස කියන්නේ.
2. විහිළුකාරයෙකු වීම

Image Source – imagesvc.timeincapp.com
කවුද දෙයියනේ අකමැති හිනා වෙලා ඉන්න? ඕනිම සෙට් එකක් ගත්තම එතන වුණත් ජන ප්‍රසාදය දිනාගත්තු එළ පොර තමයි එතන ඉන්න කවටයා. විහිළු කරනවය කියලා ඕනි එපා හැම එකටම හිනා යන්නැති විහිළු කරන ගොන් ජෝකර්ලට නම් කෙල්ලෝ තියා බලු මැක්කෙක්වත් කැමති වෙන්නේ නැහැ. හැබැයි ආතල් එකේ ජීවිතේ ගෙනියන අනික් අයටත් ආතල් සපයන කොල්ලෙක් ගාව තමන් ජීවිත කාලයම හොයන සතුට තියෙන්න පුළුවන් කියලා කෙල්ලෙක්ට හිතෙන්න පුළුවන්. අනික හිනා කටක් නැති කොල්ලෙක්ට කැමැත්ත දීලා ජීවිත කාලෙම මෙලෝ රහක් නැතුව ඉන්නවට වඩා තමන්ටත් කෑ ගහලා කරලා සතුටින් ඉන්න විහිළුකාරයා ළඟ පෙළඹවීමක් තියෙනවා.
3. ඉලක්කයක් ඇති අයෙකු වීම

Image Source – yougetmouth.com
තමන්ගේ ජීවිතේ ගැන හරිහමන් ඉලක්කයක් නැති කාඩර් කොල්ලොන්ට කෙල්ලෝ කැමති වෙන්නේ ඉස්කෝලේ යන කාලේ. ඒ නැත්තම් මොකෙක්ට හරි රැවටුණොත් තමයි එහෙම කැමැත්තක් ඇති වෙන්නේ. දැන් කාලේ මොටෝ එක තමයි ‘smart is the new sexy’. මේ ඉලක්කය අධ්‍යාපනික වශයෙන් වෙන්නත් පුළුවන් ඒත් නැත්නම් වෘත්තීයමය වශයෙන් වෙන්නත් පුළුවන්. ඔය මොන දේකින් හරි ස්ථාවරත්වයකට එන්න තදියමක් තියෙන කොල්ලොන්ට තමයි දැන් කෙල්ලෝ කැමති. නැත්නම් ඉතින් වැලේ වැල් නැතුව ඉන්න වෙන්නේ කියලා දන්නවනේ.
4. ශරීර සෞඛ්‍යය පිළිබඳ සිතන්නෙකු වීම

Image Source – 123rf.com
තමන්ට ආදරය කරන කෙනෙක් ළඟ තමයි තව කෙනෙක්ට ආදරයක් දෙන්න පුළුවන් කමක් තියෙන්නේ. සුරාවෙන් සූදුවෙන් තොර සහකරුවන් හොයන්නෙත් ඒකනේ. ජිම් යන කොල්ලොන්ට කෙල්ලොන්ගේ තියෙන ඇඟෑලුම්කම් බලන්න එපැයි. ජිම් බොඩියක් ඕනි නෑ ජිම් එකකට ගියත් ඇති. ගොඩක් ක්‍රීඩා කරන කොල්ලෝ තනිකඩ නැහැ. ඇයි ඉතින් හෙන ස්පෝටි ඇත්ලටික් ගතියට කෙල්ලෝ කැමතියි නේ.
5. රැවුල්කාරයෙකු වීම

Image Source – scoopwhoop.com
මේක කොයි කාලේ ඇතිවුණ උන්මාදයක් ද කියන්න දන්නේ නැහැ. හැබැයි දැන් නම් රැවුලක් නැත්තම් කොල්ලෙක් දිහා බලන්නවත් හිතෙන්නේ නැති තරමට ඒක අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියනවා. වලහෙක් වගේ රැවුල වවන තරමට ආකර්ෂණේ වැඩි වෙන බවකුත් පේනවා. කොල්ලෝ කෙල්ලොන්ගේ කොණ්ඩෙට කැමති වගේ ඒකේ අනික් පැත්ත බවට පත් වෙලා තියෙන්නේ මේකයි. මේ නිසා ම දැන් කොල්ලොත් එක යායට රැවුල් වවනවා. හුරතල් බබෙක් වගේ ඉන්න කොල්ලෙක්ට වුණත් රැවුලක් සෙට් වුණාම හෙන උත්තුංග ගතියක් එනවා. ආන්න ඒ රාජකීය ගතියට කෙල්ලෝ කැමතියි.
6. මනා පෞරුෂයෙන් යුතු වීම

Image Source – scoopwhoop.com
ඇත්තෙන් ම ඕක නැත්තම් ඒ කොල්ලගෙන් ඇති වැඩකුත් නෑ. කුලෑටි කොල්ලෝ ගැන කවදාවත් කෙල්ලෝ උනන්දුවකින් ආසාවකින් කතා කරන්නේ නැහැ. ඒත් හැමෝගෙම ආදරේ දිනාගත්තු, ඕන තැනක කැපිලා පේන, බය නැති කොල්ලෙක්ට තියෙන ආකර්ෂණය බොහොම ඉහළයි. ඒ වගේ කෙනෙක් දැලේ දාගන්න ලැබෙනවා කියන්නේ කෙල්ලෙක්ට ඉතින් ලෝකේ දිනුවා වගේ තමයි. පෞරුෂත්වය කියන එක සමහරු පණ්ඩිතකම එක්ක පටලවා ගන්නවා. ඒක ලෝකෙට පේන්න කරන රංගනයක්. පෞරුෂත්වය ඇඟෙන්ම හැදෙන දෙයක්. ස්වාභාවිකවම අත්දකින්න ලැබෙන දෙයක්.
7. සමාජශීලි පුද්ගලයෙකු වීම

Image Source – videoblocks.com
ඕනෑ කෙනෙක් එක්ක ටක් ගාලා සෙට් වෙන කාලාන්තරයක් තිස්සේ දන්න මනුස්සයෙක් ගානට කතා කරන හැකියාවෙන් යුත් කොල්ලෝ කොහොමත් කෙල්ලොන්ගේ මාතෘකා තමයි. වචනයක් කතා කරන්නත් දවස් ගාණක් ගන්න කොල්ලෝ තමයි කෙල්ලන්ගේ අමු බයිට් එක වෙන්නේ. සමාජශීලි පුද්ගලයෙකු තුළින් කෙල්ලක් දකින්නේ බාහිර මිනිස්සු එක්ක නිකන් ම එයා ගනුදෙනු කරන විදියම නෙවෙයි. අනාගතයේ දී ජීවන සහකාරයා වුණොත් තමන්ගේ පවුලේ අය එක්ක කටයුතු කරන විදියත් හිතලා ඉවරයි.
Cover Image Source –videoblocks.com
Leave a Reply