දික්කසාද වුණු ඔබ හිතන්නේවත් නැති උදවි​ය

අද වෙනකොට කලා ක්ෂේත්‍රය තු​ළ දික්කසාද වෙනවා කියන දේ හරි සුලබ දෙයක් බව​ට පත් වෙලා තියෙනවා. මේ නිසාම බොහෝ රසිකයන් එහෙම දික්කසාද වෙන පිරිස් ගැන අවඥාවෙන් බලනවා. ඒත් ඒක හරිද? දෙන්නෙක් දික්කසාද වෙන්නේ එකට ඉඳලා බැරිම තැන කියන දේ අපි  හිතාමතාම අමතක කරනවා. ගැලපෙන්නේ නැති බව දැනදැනම ජීවිතය විනාස කරගන්නේ නැතුව දික්කසාද වෙන එකේ ඇති වැරැද්ද මොකද්ද කියලා අපිම හිතන්න ඕන. මේ නිසාම අපි අද නොගැලපෙන විවාහය මත්තෙම නැහෙන්නේ නැතුව දික්කසාදය තෝරගත්ත ඔබ හිතන්නෙවත් නැති කීපදෙනෙක් ගැන කතා කරන්න හිතුවා.

 

1. ලෙස්ටර් ජේම්ස් පීරිස්

ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයගේ නමත් එක්ක කියවෙන අනිත් නම තමයි සුමිත්‍රා පීරිස් කියන නම. නමුත් ඔබ දන්නවද ඇය ජේම්ස් පීරිස් මහත්මයගේ දෙවන බිරිය බව. මීට පෙර එතුමා ඉතාලි ජාතික කාන්තාවක සමග විවාහ වී හිටියා.නමුත් විවිධ හැලහැප්පීම් නිසා එම විවාහය බිඳ වැටුණා. ඉන්පසුව එතුමාගේ හිත නැවතුණේ තමන්ට වඩා වසර ගණනාවක් බාල සුමිත්‍රා පීරිස් ගාව. ඒ විවාහයේ සාර්ථක බව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියලා අපි හිතනවා.

 

2. නන්දා මාලිනී

නන්දා මාලිනී මහත්මිය අපේ ජාතියේ ගායිකාව කියන එක අවිවාදිතයි. දිළිඳු පවුලක ඉපදිලා ලංකාවේ විශිෂ්ටතම ගායිකාව බවට පත්වුණු ඇය ගමන් කළ මාවතේ මල් වගේම ගලුත් ඇයට හමුවුණා. විවාහය නිසා ඇයට රටක් වටින දරුවන් දෙදෙනෙක් ලැබුණත් සුනෙත් ගෝකුල මහතා සමග පැවති විවාහය සාර්ථක වුණේ නෑ. එහිදී ඇය දික්කසාදය තෝරාගෙන තමන්ගේ දරුවන් දෙදෙනා තනිවම හදාවඩා ගැනීම සිදු කළා.

 

3. අයිරාංගනී සේරසිංහ

අයිරාංගනී මීදෙණිය විදිහට රදළ පවුලක ඉපදුණු ඇය තමන්ගේ දෙමව්පියන්ගේ විරෝධය තඹ සතකයට ගණන් ගන්නේ නැතුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. වැඩිදුර ඉගෙනීමට ලන්ඩනයට යන ඇයට මහාචාර්‍ය ඊ. එෆ්. සී ලුඩොවික් විසින් කපුකමක් කරනවා. ඒ දිසානායක නම් තරුණයෙක්ව. ඉතා ඉක්මනින් විවාහයට එක් වෙන මේ දෙදෙනා ඉතා ඉක්මනින් වෙන් වෙනවා. දිසානායක පස්සෙ කාලෙක මහාචාර්‍යවරයෙක් බවටත් පත්වෙනවා. අයිරාංගනි මීදෙණිය ඉන්පස්සේ රේඛාවෙදි තමන්ට මුණ ගැහෙන වින්ස්ටන්ට් සේරසිංහ සමග විවාහ වෙනවා.

 

4. ආචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර

එදිරිවීර සරච්චන්ද්‍ර පළමු වර විවාහ වෙන්නේ අයිලීන් නම් තරුණියක් එක්ක. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. ඒ විවාහය දෙදරා යද්දි සරච්චන්ද්‍ර මහත්මයා හුදෙකලා වෙනවා. නැවතත් එතුමාගේ ජීවිතයට නව පණක් දෙන්නේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය.

 

5. තිස්ස අබේසේකර

තිස්ස අබේසේකරගේ හිත මුලින්ම පැහැර ගන්නේ සුවීනීතා වීරසිංහ නම් තරුණ නිළිය. නමුත් මේ විවාහය අසාර්ථක වෙනවා. පස්සේ කාලෙක සුවිනීතා වීරසිංහ මහත්මිය ඒ විවාහය බිඳ වැටීමේ වැඩි වගකීමක් තිස්ස අබේසේකර මහතාට තියෙන බව කියනවා. ඊට පස්සේ අබේසේකර මහත්මයා විවාහ වෙන්නේ පුෂ්පා මීවැල්ල සමග. නමුත් අවාසනාවකට ඒ විවාහයත් බිඳ වැටෙනවා. ඉන්පස්සේ එතුමා අසංකා මොණරවිල සමග විවාහ වෙනවා. ඇය තමන්ට “මාතෘ භාර්‍යාවක්” වුණා කියලා එතුමා ඇයව අගය කරනවා.

 

6. ආචාර්‍ය චන්දන ජයරත්න

පසුගිය දවසක අපි වැරදීමකින් ආටිකල් එකක චන්දන ජයරත්න මහත්මයාගේ නම තනිකඩයන්ගේ ලැයිස්තුවට දාලා තිබ්බා. මේගැන අපේ පාඨකයෝ පෙන්වා දීමෙන් පස්සේ අපි ඒක සමාව අරගෙන නිවැරැදි කළා. පස්සේ අපිට පැහැදිලි වුණේ එතුමා තමන්ගේ පළමු විවාහයට මේ වෙනකොට සමුදීලා ඉන්නවා කියලා. පළමු විවාහයෙන් එතුමාට එක් දරුවෙකුත් ඉන්නවා.

 

7. අත්තනායක එම්. හේරත්

දොරමඬලාවට, පොහෝ දින වැඩසටහන්වලට නැතුවම බැරි සම්පත්දායකයෙක් වුණු අත්තනායක එම්. හේරත් මහත්මයා දික්කසාද වෙලා කිව්වොත් ඔයාලා සමහරවිට විශ්වාස කරන්නෙත් නැති වෙන්න පුළුවන්. දැන් එතුමා තමන්ගේ සිසුවියක් විවාහ කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරනවා.

 

විවාහය කියන්නෙ පුජනීය බැඳීමක්, නමුත් බැඳීම විඳවීමක් වෙනවා ඒ ගැන දෙපාරක් හිතන්න ඕන කියලා මේ විශිෂ්ටයෝ අපිට කියනවා.

එහෙමනම් ඔබේ අදහස් පළ කරන්න කමෙන්ට් තීරුව ඔබ වෙනුවෙන් විවෘතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *