Lifie අපි විටින් විට ලෝක යුද්ධ ගැන වගේම එවකට සිටි රජ පවුල් ගැන ලිපි ඔබ වෙත ගෙන එනවා. පළවෙනි ලෝක යුද්ධය වෙද්දි යුරෝපය සම්පූර්ණයෙන්ම වගේම රාජාණ්ඩු වලින් පිරිලා තිබ්බා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පාලනය වුණු එකම ප්‍රබල රට විදිහට ප්‍රංශය සඳහන් කරන්න පුළුවන්. පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙද්දි යුරෝපයේ බොහෝ රාජාණ්ඩුවල අවසානය සටහන් වෙලා තිබ්බා. ඊට සාපේක්ෂව දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී ඇතැම් රටවල රාජාණ්ඩු අහෝසි වීම සිදු නොවුණත් කොමිනිස්ට්වාදයේ නැගීමත් එක්ක රටවල් කීපයක රාජාණ්ඩු අහෝසි වුණා. අපි අද කතා කරන්න යන්නේ මේ ලෝක යුද්ධ වල ප්‍රතිඵලයක් විදිහට තමන්ගේ බලය අහිමිවුණු රජ පවුල් කිහිපයක් පිළිබඳව.
1. ඔස්ට්‍රියාවේ හැප්ස්බර්ග් රාජවංශය
සියවස් ගණනාවක් පුරා මධ්‍යම යුරෝපයේ ප්‍රබලතම අධිරාජ්‍ය විදිහට පැවතිච්ච ඔස්ට්‍රියා – හංගේරියානු අධිරාජ්‍යය පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වීමටත් පෙර කෙමෙන් කෙමෙන් දුර්වල වෙමින් පැවතුණු අධිරාජ්‍යයක්. පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙන්න බලපාන ප්‍රධානම හේතුව වෙන්නෙත් ඔස්ට්‍රියානු අදිරාජයේ කිරුළ හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාගේ ඝාතනය. යුද්ධයෙන් ලද පරාජයත් එක්ක ඔස්ට්‍රියාවේ පළමු වැනි චාල්ස් අධිරාජ්‍යයාට සිහසුන අත්හරින ලෙස ඔහුගේ රජයේ බලධාරීන් විසින්ම බල කරනු ලබනවා. නමුත් එහිදී ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.
මේ නිසා අවසානයේ දී ඔහුව බලයෙන් පහ කිරීමට කටයුතු කරනවා.
2. රුසියාවේ රොමනෝව් රාජවංශය
මිහිබට දෙවියකුගේ බඳු බලපරාක්‍රමයකින් යුක්ත වුණ රුසියාවේ අනභිභවනීය පාලක සාර්වරයාගේ ඉරණමත් පළවෙනි ලෝක යුද්ධය තීරණය කරනවා (ඔබට මතක ඇති ඛේදජනක ඉරණමකට ගොදුරු වුණු රුසියානු රජ පවුල ගැන ලිපියක් ඔබ වෙතට කලින් අපි ගෙන ආවා). රුසියාවේ අවසාන සාර් වරයා ලෙස සැලකෙන දෙවෙනි නිකලොස් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ඝාතනයත් සමඟ වසර අටසීයක පමණ කාලයක් පුරා රුසියාවේ බලය හිමිව තිබූ රොමනෝව් රාජවංශයේ බලය අහෝසි වී යනවා.
3. ප්‍රශියාවේ හොන්සෙලරුම් රාජවංශය
අනාදිමත් කාලයක පටන් බෙදී වෙන්ව ගිය කුඩා කුඩා ජර්මන් රාජ්‍ය එක්කොට, තම රාජවංශයේ නායකත්වය යටතේ ජර්මනිය යන නමින් එක්සත් කළ හොන්සෙලරුම් රාජවංශයටත් තම සිහසුන අහිමි වෙලා යනවා. සමකාලීන වාර්තා වලට අනුව පළමු ලෝක යුද්ධයෙන් ලද පරාජය සමහ දෙවෙනි විල්හෙල්ම් අධිරාජ්‍යයා ජර්මානු අධිරාජ්‍යය පදවියෙන් පමණක් ඉවත් වී ප්‍රශියාවේ රාජ ලෙස කටයුතු කිරීමට උත්සාහ කළත් ඔහුට ඒ සඳහා ව්‍යවස්ථාමය බාධාවක් පැන නැගුණා. ඒ ප්‍රසියානු රජු සහ ජර්මානු අධිරාජයා එක් අයෙකු විය යුතු බවට නීතියක් තිබීම නිසයි. මේ නිසා හොන්සෙලරුම් රාජවංශයටත් තම උරුමය අහිමිව ගියා.
4. ඉතාලියේ සැවෝයි රාජ වංශය
දෙවැනි ලෝක යුද්ධය නිසා කිරුළ අහිමි වූ ප්‍රබලතම රාජවංශය විදිහට ඉතාලියේ සැවෝයි රාජවංශය හඳුන්වන්න පුළුවන්. ඉතාලියේ ආඥාදායක බෙනීටෝ මුසොලෝනීගේ පාලනයට විරෝධය නොදක්වා ඇල්බේනියාව, ඉතියෝපියාව ආදී රටවල් ආක්‍රමණය කිරීමට සහාය දැක්වීමෙන් පමණක් නොනැවතී, එම රටවල රජු ප්‍රකාශ කිරීමටත් ඉඩ දීම පිළිබඳව ජනතා විරෝධය සැවෝයි රාජවංශය වෙත එල්ල වෙමින් තිබුණා. මේ නිසා ජනමත විචාරණයකින් අනතුරුව ඉතාලියේ අවසන් රජු වන තුන්වෙනි එම්මානුවෙල් රජුට කිරුළ අහිමිව ගියා.
5. තුර්කියේ ඔස්මාන් රාජවංශය
යුරෝපයේ රෝගියා විදිහට හඳුන්වා දෙනු ලැබූ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය පළමු ලෝක යුද්ධය ආරම්භ වනවිට මුහුණ දෙමින් සිටියේ අති දැවැන්ත ආර්ථික සහ සමාජයීය අර්බුද රාශියකට. නමුත් සියළුම දෙනාම පුදුමයට පත් කරමින් තුර්කි අධිරාජ්‍ය ජර්මනිය හා සන්ධානගත වෙමින් පළමු ලෝක යුද්ධය වෙත අවතීර්ණ වුණා. ඇතැම් වාර්තා වලට අනුව මෙය ජර්මානු කුමන්ත්‍රණයක්. නමුත් අවසානයේදී තුර්කි අධිරාජ්‍යය පාලනය කළ ඔස්මාන් රාජ වංශයටත් යන එන මං නැති වුණා. ඔටෝමන් අධිරාජ්‍යය විසුරුවා හැරුණු අතර තුර්කිය සමූහාණ්ඩුවක් බවට පත්වුණා
6. ඇල්බේනියාවේ සොග් රාජවංශය
සොග් බලයට පත්වෙන්නේ මැතිවරණයක් තුළින් එරට ජනාධිපතිවරයා විදිහට. නමුත් තමන් ඇල්බේනියාවේ රජු විදිහට ඔහු විසින්ම ප්‍රකාශයට පත් කරනවා. දෙවෙනි ලෝක යුද්ධය ආරම්භක අවස්ථාවේ දී ඉතාලියේ මිතුරු රටක් ලෙස කටයුතු කරපු ඇල්බේනියාව අවසානයෙදි ඉතාලිය අක්‍රමණය කොට තමන්ගෙ ගොදුරක් කර ගන්නවා. විවිධ රටවලට ආරක්ෂාව පතා පලායන සොග් රජු ඇතුළු රජ පවුල ඉතාලියට සහ ජර්මනියට විරුද්ධව ඇල්බේනියානුවන් පෙළගැස්වීමට කටයුතු කරනවා. නමුත් දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී ඇල්බේනියාවේ බලය කොමිනිස්ට්වාදීන් විසින් හිමි කර ගැනීමත් සමගම රජ පවුලේ බලය ඔවුන් විසින් අහෝසි කර දමනු ලබනවා.
7. බල්ගේරියාවේ සැක්සේකෝබර්ග් ගොතා රාජවංශය
බල්ගේරියාව ලෝක යුද්ධයේදී ජර්මනිය සමඟ එකතු වන්නේ දැඩි ප්‍රතිරෝධයක් සමගිනුයි. මේ පිළිබඳව මිත්‍ර පාක්ෂික රටවල් පවා දැනුවත්ව සිටිය අතර දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී සෝවියට් රුසියාව විසින් බල්ගේරියාව ආක්‍රමණය කොට එවකට ළදරු වියේ පසුවුණු දෙවෙනි සයිමන් සාර්වරයාව බලයෙන් පහකර දැමීමට කටයුතු කරණු ලැබුවා. පසුව ඔහු සිය මැදිවියේදිත් යළිත් තම මව් රටට පැමිණ එරට අගමැතිවරයා බවට පත්වී දේශපාලන ගමනක් යෑමට උත්සාහ කළත් එය සීයට සීයක් සාර්ථක වුණේ නැහැ.
එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply