සෝෂල් මීඩියා කියන්නේ තව දුරටත් බුකිය විතරක්ම නෙවෙයි. ඒ කියන්නේ සකර්බර්ග් අයියට වඩා වැඩ්ඩෝ ඉන්නවාය කියන එකයි. හැබැයි ඉතින් නහුතෙට ඔය එක එක ඒවා තිබ්බත් ඒවා සමාජගත වෙනවා අඩුයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක් ගත්තොත් ඉන්ටර්නෙට් කියන්නෙත් සමහරුන්ට බුකියම තමයි. ඔය බුකි පකීර්ලගේ ඉඳන් 21වන සියවසේ පඩියකටවත් නැගලා නැති ඇත්තෝ දැනගන්න ඕනි සෝෂල් මීඩියා ඇප් එකක් තමයි ට්විටර් කියන්නේ. ඒ ඇයි ද කියලා දැනගමු.
1. දන්නා හඳුනන ඩයල් නැති වීම

Image Source – wallpaperstock.net/ twitter.com
බුකිය පැත්තේ ගියොත් කිරිසප්පයාගේ ඉඳලා වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ආච්චිලගේ වෙනකන් කට්ටිය ඉන්නවා. ඒ පරාසය ඇතුළේ ඉන්න ඔක්කොම අපි දන්නා කියන අය. කොහොමටවත් බුකී මිතුරෙක් විදියට නාදුනන කෙනෙක් එකතු කරගන්නවා අඩුයි. එහෙම කරත් බුකී මිතුරන් විදියට ඉන්න ගොඩක් දෙනා ඇත්ත ජීවිතෙත් ගොඩක් සමීප අය. උන් එක්ක මොන ප්‍රයිවසි ද ආයුබෝවන්ඩ! ට්විටර් එහෙම නෙවෙයි. එතන දී ඔයාට හැදෙන මිතුරු හවුලේ කවුරුවත් ඔයාව ඉස්සෙල්ලා ම දැනගන්න විදියක් නැහැ. හැබැයි යාළුවොන්ගෙන් දැනගෙන ආවොතින් ඒක වෙනම කතාවක් වෙනවා. දන්නැති අය කියලා බය වෙන්න දෙයක් නැහැ. උන්ගෙන් මදුරුවෙක්ගෙන් තරම්වත් හානියක් වෙන්නේ නැහැ. හිතුමතේ සෝෂල් මීඩියා ජීවිතේ අරගෙන යන්න පුළුවන්. එහෙන් මෙහෙන් ඇන්ටනා පාත් වෙන්නේ නැහැ.
2. නිදහස හෙවත් තමන් කැමති ඕනෑ ම කෙනෙක් වීමේ ඉඩකඩ

Image Source – thenational.ae
ඉස්සෙල්ලා කිව්වනේ මේකේ ඉන්නේ ආගන්තුකයෝ කියලා. එයාලා දන්නේ නැහැ ඔයා මොන විදියේ කෙනෙක් ද කියලා. ඒක දැනගත්තා කියලා එයාලට වැඩකුත් නැහැ. ඔයාට ඔයා කැමති ඕනි ම කෙනෙක් වෙන්න පුළුවන්. බුකියේ ඉන්න වෙන්නේ උතුරු සළුව පොරවාගෙන නම් ට්විටර් එකේ ඔළුවෙන් හිටගෙන ඩිස්කෝ නටන්න වුණත් පුළුවන්. කවුරුත් ගණන් ගන්නේ නැහැ. කවුරුත් ඔයාව විනිශ්චය කරන්න යන්නේ නැහැ. හැමෝ ම එයාලගේ ලෝකවල. කුණුහරුපයක් දෙකක් කිව්වත් ඒක සෑහෙන නෝමල්. කවදාවත් අම්මට ආරංචි වෙන එකක් නැහැ පුතාගේ කියවිල්ල ගැන.
3. ආතතිය මග හරවා ගැනීම

Image Source – twitter.com
මේ කාලේ මිනිස්සු මොන තරම් නම් ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ද ඉන්නේ? ඔතන ලොකුම අවුල තියෙන්නේ ඒ ප්‍රශ්න කියාගන්න කවුරුත් නැති එක. අන්න එතන දී වෙන අසරණකම මග හරවගන්න ට්විටර් වේදිකාවක් වෙනවා. හිතන්න ආදරේ නිසා මනෝ ගහලාම ඌරුජුවල් පොරක් ඉන්නවා ය කියලා. ඒ මනුස්සයට ආදරේ කියාගන්න ධෛර්යය ශක්තිය එනකන් කාගෙන ඉන්න එපැයි. අන්න ඒ කාලේ හිතට එන දේවල් හිතෙන හිතෙන වෙලාවට ට්විටර් එකේ කටු ගාන්න පුළුවන්. මේක නිකන් බුකියේ ස්ටේටස් අප්ඩේට් කරනවා වගේ. හැබැයි එහෙම කරොත් වෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් බඩේ බැඳන් මූදේ පනින්නයි කට්ටියගෙන් අම්බානෙක බයිට් වෙන්නයි. ඒත් ට්විටර් එහෙම නෑ. ආදරය විතරක් ම නෙවෙයි වෙන ඕනි ම ප්‍රශ්නෙකින් අවුල් ගහලා ඉන්න වෙලාවක හිතේ දේවල් හිර කරගෙන ඉන්නේ නැතුව මෝය කට ඇරියා වගේ ට්විටරේ වසන්න පුළුවන්.
4. නිර්මාණශීලිත්වය වර්ධනය වීම

Image Source – altushost.com
ඕක බුකියෙත් කරන්න පුළුවන්. ඔය සමහරු මාගල් වගේ එව්වා ලියලා දාන්නේ. හැබැයි එහෙම කරන කීප දෙනෙක් හැරුණම අනික් අය කරන්නේ මොකක් හරි පේජ් එකක තියෙන එකක් ෂෙයාර් කරන එක. අනික ට්විටර් එකේ කියන මගුලක් වරකට අකුරු 280කින් විතරයි. කලින් ඕක තිබ්බේ 140කට. ඒ කියන්නේ මෙතන දී නොදැනුවත්වම වචන හරඹයක් ඔයා අතින් සිද්ධ වෙනවා. බුකී පේජ්වල තියෙන පෝස්ට් ෂෙයාර් කරනවා වගේ මේකෙදිත් අනික් අයගේ ට්වීට්ස් රීට්වීට් කරන්න පුළුවන්. හැබැයි මනුස්සයෙකුගේ ප්‍රොෆයිල් එකක් දිහා බැලුවොත් එතන සංයුතිය 80%ක් ම තමන්ගේ ම අදහස්.
5. ඉංග්‍රීසි දැනුම වර්ධනය

Image Source – readinghorizons.com
ට්විටර් කියන්නේ එදාවේල ටුවර්ස් සෙට් එකෙන් මිදුණ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ සාක්ෂරතාවකින් යුත් පිරිසක් ඉන්න තැනක්. දේශීය වේවා විදේශීය වේවා කරුණු එහෙමයි. ඊළඟට ඔය ලොකු ලොකු සෙලිබෙටි පොලිටික් අතු එහෙම ට්වීට් කරන්නෙත් කඩ්ඩෙන්. දේශීයව ඉන්න කොමියුනිටි එකත් සමසම ව භාෂා දෙකෙන් ම වැඩේ කරගෙන යනවා. කොහොමහරි ඉංග්‍රීසි භාවිතය බුකියට වඩා වැඩියෙන් මෙතන දී සිද්ධ වෙනවා. දවසකට අලුත් වචන 15ක්වත් ඉගෙනගන්න පුළුවන්කමක් ලැබෙනවා.
6. උණු උණු නිව්ස් අප්ඩේට් ලැබීම

Image Source – twitter.com
ක්‍රිකට් මැච්, සිනමා ලෝකයේ විස්තර, ව්‍යාපාරික ලෝකය, තාක්ෂණය, පරිසරය විතරක් ම නෙවෙයි දේශපාලන අවුල් ගැනත් පට් පට් ගාලා විස්තර කියන්නා තමයි ට්විටර්. ලංකාවේ පහුගිය කාලයේ සිද්ධ වුණ සහ සිද්ධ වෙමින් පවතින දේශපාලන අර්බුද ගැන බුකි පීපල් පවා දැනුවත් වුණේ ට්විටර් එකෙන් ඇදලා ගත්තු නිව්ස් නිසා තමයි. ට්විටර් ටයිම්ලයින් එක බුකියේ ටයිම්ලයින් එකට වඩා වේගවත්. දේශපාලන නායකයෝ ඉස්සර තමයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දූතයෝ යවලා ලොකුවට පණිවිඩ හුවමාරුව කරේ. ඒත් අද ඒක කරන්න ගත වෙන්නේ ට්වීට් එකක් ටයිප් කරන්න යන තත්පර ගාණ විතරයි.
7. අලුත් කොමියුනිටියක සාමාජිකත්වය ලැබීම

Image Source – twitter.com
මේ කොමියුනිටියේ ඉන්නේ කලින් කිව්වත් වගේ ආගන්තුකයෝ. හිමීට එයාලාව දැන ගත්තට පස්සේ බොක්කේ ෆිට් වෙලා තමයි නවතින්නේ. ලංකාවේ ට්විටර් කොමියුනිටි එකෙත් සැලකිය යුතු මට්ටමේ පිරිසක් ඉන්නවා. මෙයාලා එකතු වෙලා එක එක ඉවෙන්ට් එහෙමත් කරනවා. ට්විටර් මූණු ඔක්කොටම හම්බ වෙන්න චෑන්ස් එක සෙට් වෙන්නේ වාර්ෂික ව තියෙන ට්වීට්අප් නිසා. ලෝකේ පුරා ම මේ එකතු වීම් ඒ ඒ ප්‍රදේශ අනුව කරනවා. ලංකාවේ මේ හමුවීම ගැන #TweetUpSL කියලා ට්විටර් පැත්තේ හෙව්වොත් හොයා ගන්න පුළුවන්.
Cover Image Source – time.com/ silktide.com
Leave a Reply