පෙබරවාරි කිව්ව ගමන් මතකෙට එන්නේ ආදරය. වැලන්ටයින් සැමරීම යුරෝපේ ඉඳන් අපේ රටටත් ආපු අපේ අය තදින් වැළඳගත්තු දෙයක් බවට පත්වෙලා ඉවරයි. ප්‍රශ්නයක් තියෙනවා. අද ඔබ වැලන්ටයින් සමරන්නේ ප්‍රථම ප්‍රේමය එක්ක ද? නැත්තම් දෙවෙනියෙක් තුන්වෙනියෙක් ද? ඒත් නැත්නම් ප්‍රොපෝසල් එකකින් සෙට් වුණ එයා එක්ක ද? කවුරු එක්ක දැන් ප්‍රේමයෙන් බැඳිලා හිටියත් පාසල් ප්‍රේමයක් තිබුණ කෙනෙක්‍ට (යාළුවොන්ට තියෙන නිසා අපිටත් තියෙන්න ඕනි වර්ගයේ නෙවේ) ඒක අමතක කරන්න ටිකක් අමාරුයි. ඇය නැත්නම් ඔහු නිසා කාපු කටු කීපයක් මතක් කරන්න මේ වැලන්ටයින් තරම් හොඳ කාලයක් තියෙනවද?
1. මනෝපාර

Source – facebook.com
ඉස්කෝලේ යන කාලේ ප්‍රශ්න කියලා එහෙමට දෙයක් නෑ දැන් කාලේ ඒවා එක්ක බලද්දී. ඒත් ඒ කාලේ එහෙම නොදැනෙන්න හේතුවක් තමයි පාසල් ප්‍රේමය. ගොඩක් එවුන්ට ආදරයක් ගැන අංශුමාත්‍රයක් හරි දැනෙන්නේ එතනදී. ඒකේ තියෙන සංකීර්ණකම ගැනවත් මහලොකුවට හිතෙනවා අඩුයි. ඒ නිසා තමයි ඒවා සාර්ථක වීමේ අඩුවක් තියෙන්නේ. කොහොමහරි හිත ගියපු මනුස්සයා ගැන පන්තිකාමරයේ දී, ගෙදර දී, ටියුෂන් එකේ දී අම්බානට හිතලා සිහින මාළිගාවල අත්තිවාරමත් එකත් දාලා ඉවර කරනවා. ඒක ඒ වයසත් එක්ක බලද්දි මාර ම දුකක් වෙලාවකට. හිටපු ගමන් හිනා වෙනවා ආය බුම්මගෙන ඉන්නවා. එතකොට හැමෝ ම බයිට් එකට ගන්නවා. අම්මලා ඇහැ දාගෙන ඉන්න පටන් ගන්නවා. ලෙඩ කෝටියයි.
2. දා ගැනීම හෙවත් ටෝක් කිරීම

Source – youtube.com
පිරිමි ළමයි තමයි මෙතන දී මුල් තැන ගන්නේ. එහෙන් මෙහෙන් සීනිබෝල ඉඟිබිඟි ටිකක් දානවා. ඒත් නැත්තම් සහෝදර සමාගම් මට්ටමෙන් ඉඳලා හිමීට කතන්දරේ ට මුල පුරනවා. ඒත් නැත්තම් යාළුවෙක් මාර්ගයෙන් විස්තරේ කියනවා. ඕකත් මාර ම කට්ටක්නේ. යාළුවොන්ට සලකන්න එහෙමත් පොකැට් මනී සොච්චම වියදම් වෙනවා. පීරියඩ් කට් කරගෙන යන යන තැන පස්සෙන් යනවා. ටීචර්ලාට බදර් වෙනවා. එක කෙළියයි. එක්කෝ මේ වැඩෙන් කෙල්ල කැමති වෙනවා නැත්තන් තිබ්බ යාලුකමත් නැති වෙනවා.
3. සන්නිවේදනය

Source – huffingtonpost.com
ඔය වයසට ෆෝන් අරන් දෙන එක නම් අන්තිම සවුත්තු වැඩක්. ප්‍රේම සම්බන්ධතා නිසා විතරක් නෙවේ ඕවායේ එල්ලිලා හිටියම වෙන කිසිම වැඩක් කරන්න හිත දෙන්නේ නැහැනේ. ඉතින් එතකොට පොඩි නොකියා කෑල්ලක් වගේ එකක් කොල්ලා ස්වේච්ඡාවෙන්ම අරන් දෙනවා. ඊට පස්සේ පොත් අස්සේ ඕක ගහගෙන රෑ එළිවෙනකන් මැසේජ් කරනවා. ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා කෝල් කරනවා. හිටියොත් බාත් රූම් එක අස්සටවත් යනවා. ලියුම් ලියන එකත් තාම නොනැසී තියෙන තැනක් තමයි ඉස්කෝලේ. ආදරේ ගැන මෙලෝ දානයක් නොදන්න වයසේ දී දන්න උපරිම රෝමියෝ මට්ටමෙන් වචන කීපයක් ගැටගහලා දෙනවා. අකුරු කැත නම් යාළුවෙක් ලියනවා. ඒ ලියුම් පොත් අස්සේ බෑග් අස්සේ හංගනවා.
4. තෑගි, චොකලට් සහ පොකැට් එක විඳවීම

Source – automotive.com
ආදරේ කරන එයාට දෙයක් අරන් දෙන්න තරම් වත්කමක් හැමෝට ම නෑ. අම්මලා දෙන සල්ලි ඒත් නැත්නම් මොකක් හරි උවමනාවකට කියලා ඉල්ලාගන්න සල්ලියෙන් චොකලට් එකක්, සෙන්ට් කුප්පියක්, ලේන්සුවක් වගේ ම ඊට එහා ගිය මාහා පරිමාණ වියදම් කරන්නත් ඒ වයසෙ දී හිතෙනවා. ඔය ගන්න තෑගි ලැබෙන්න සලස්වන එක තමයි අමාරු ම වැඩේ. ඇයි ඉතින් ඉස්කෝලේට ගෙනිහින් දෙන්න ද? වැලන්ටයින්, උපන්දිනය නැත්තම් තවත් ඒ වගේ සමරන්න ඕනි විශේෂ අවස්ථා මේ වයසට මාර ම ලොකු දේවල් බවට පත් වෙනවා. ඒ නිසා ඒවාට නෑ බෑ නොකියා මුදල් වියදම් කරනවා.
5. වලි සහ ප්‍රේමය හබක් වීම

Source – glamour.com
දෙයියනේ කියලා පටන් ගත් පාසල් ප්‍රේම ගොඩක් වෙලාවට හරියන්නෑ. ඒක ඇත්තට ම පස්සේ කාලෙක මතක් කරන්න තරම් සුන්දර දෙයක් වුණාට ආදරයක් වෙනුවෙන් කරන්න ඕනි දාහක් දේවල්වලට ඒ වයසෙදී ඉඩක් ලැබෙන්නෑ. ඉතින් එහෙම නැතිවෙලා යන ආදර කතාවේ චරිත වෙලාවකට රණ්ඩු කරගන්නේ පන්තියේ හැම එකාට ම පේන්න. නැත්තම් යාළුවට ලව් එක සෙට් කරපු හැම එකාම වටවෙලා කෙල්ලට නැත්තම් කොල්ලට බනිනවා.
ප්‍රියා සූරියසේන මෙහෙම ගායනා කරේ අහේතුක ව නෙවේ.
“…ආදරේ කරන්න ශිල්ප සතර නිමකරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
බාල කාලෙ ආයෙ එන්නෙ නෑ
වැරදුන තැන යලි හදන්න බෑ “
Cover Image Source – youtube.com
Leave a Reply