කවුරුත් කැමති සල්ලි ටිකක් ළං කරගෙන සල්ලිකාරයෙක් වෙලා ආතල් එකේ ඉන්නනෙ. ඒත් සල්ලිකාරයෙකුට තියෙන ප්‍රශ්න කන්ද දන්නවනං සල්ලිකාරයෙක් නොවී ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. ඇත්තටම ලංකාවෙ සල්ලි තියෙන මිනිහෙකුට තියෙන ප්‍රශ්න සල්ලි නැති මිනිස්සුන්ට නෑ කියලත් හිතෙන්න පුළුවන්. මේ සටහන ඒ ගැන කියන්නයි. කියෙවුවම හිතේවි සල්ලිකාරයෙක් වෙන්න ඕන නෑ කියලත්.
1. කප්පං කල්ලි

Source – youtube.com
සල්ලි ඇතිවෙන්න තියෙනව කියන්නෙ ඉතිං පරිස්සං වෙන්න වෙනවා. නිදහසේ යන්න එන්න බෑ. කැමති තැනක ෂේප් එකේ ඉන්න බෑ. දරුවො ගැන, ගෑණි ගැන බයෙන් ඉන්න වෙන්නෙ. මොකද පාතාලයො බලං ඉන්නෙ සල්ලි තියෙන එවුන්ගෙන් ඩැහැගන්න. හැම මිනිහම හදන්නෙ ලේසියෙන් සල්ලි හොයන්න. අහන්න ලැබිලා තියෙන දේවල් එක්ක බලද්දි නෑදෑ හිතමිතුරො පවා සමහර පවුල්වල කප්පං කේස්වලට බැක් එක දීලා තියෙනවා. අන්න ඒ නිසා ලංකාවේ සල්ලිකාරයෙක් මුලින්ම හිතන්න ඕන පවුලේ ආරක්ෂාව හදාගෙන කප්පංවලින් ගැලවිලා ඉන්න එක ගැන.
2. ආතල් එකක් ගන්න බෑ

Source – youtube.com
ඇත්තටම අපි හම්බු කරපු සල්ලි නිසා අපි කෝටිපතියො වුනානං ඒකෙ ආතල් එක තියෙන්නෙ අපිටනෙ. ඒ වගේම මේ කියන හැඟීම කෝටිපතියොන්ගෙ හිතෙත් තියෙනවා. එනිසා එයාලා තමුන්ගෙ ආතල් එක වෙනුවෙන් වැඩ කරනවා. ලොකු පාටි, අධික මිල ඇඳුම්, මෝටර් රථ වගේ දේවල් එයාලා එයාලාගෙ ආතල් එක වෙනුවෙන් අරගන්නවා. මෙන්න මේක කාලා ඉන්න බැරි ජාතියෙ බුවාලා ඉන්නව. උන් කන්නෙ නැත්තං අනිත් උන් කන්නත් බෑ කියන තියරියෙ බුවාලා මේවා දැක්ක ගමන් ලක්ෂ අටේ සාරියෙන් කරන්න තිබ්බ වෙනිං වැඩ කියන්න ගන්නව. දුප්පතුන්ට කන්න දෙන්න බැරිවුනාද කියල අහනව. කෝටි තුනේ පාටි ගත්තම දුප්පතුන්ට ගෙවල් හදලා දෙන්න බැරිද අහනව. දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න ඕන තමයි. ඒත් තමුන්ගෙ ආතල් කුඩු කරගෙන වෙන අයට උදවු කරන එකේ තියෙන ත්‍රිල් එක මොකද්ද? ඔය කියන ඈයො ඒ විදියට තියෙන දෙයින් සතයක් දෙනව ඇද්ද? ඔන්න ඔය වගේ කතා ලංකාවෙ සල්ලිකාරයෙක් වුනොත් අහන්න වෙනවාමයි.
3. ආධාර පත්‍රිකා

Source – bitlanders.com
කොයි වෙලෙත් ගේ වටේ ආධාර පත්‍රිකා අරගත්තු බුවාලා වටවෙන එක තමයි ඊළඟ කරුමෙ. එකපාරක් දුන්නොත් ආයෙත් එන්නෙ කලින් දුන්නට වඩා ගාණක් කඩාගෙන යන්න. එක පාරක් දුන්නෙ නැත්තං මුළු හත්මුතු පරම්පරාවටම බනිනව. ගේට්ටුව අරිනකොටම ලියුකේමියාකාරයො, දන්සැල්කාරයො, හාට් අවුල් බුවාලා කරෝල කෑල්ලට වහන මැස්සො රැළ වගේ වට කරගන්නව. ඊට පස්සෙ ඉතිං හෙල්ලෙන්නෙ නැතුව දුක ඩීජේ එක ගහනව. ගොඩ යෑමක් නෑ මහත්තයො සල්ලිකාරයෙක් වුනා කියලා.
4. අනවශ්‍ය ආරාධනා

Source – aeon.co
ආයෙ ඉතිං සල්ලිකාරයෙකුට අනවශ්‍ය ආරාධනානං වැහි වැහැලා. ඉස්කෝලෙන් අලුතෙන් කොඩි කණුවක් හිටෙවුවත් කතා කරනව. එහා ගෙදර ආන්ටිලගෙ බැල්ලිව ක්‍රොස් කරවපු ආන්ටිලගෙ ගෙදර දූගෙ මාමණ්ඩි දෙවනි කසාදෙ බඳිනකොටත් පොරට කතා කරනව. ඊට අමතරව දන්සැල් විවෘත කිරීම්, බිස්නස් විවෘත කිරීම් වගේ හැම මගුලටම පොරට ආරාධනා කරනවා. ඉතිං මේ ගොඩගැහෙන අනවශ්‍ය ආරාධනා එයා කෝටිපතියෙක් නිසා විතරයි කියලා එයාට හිතන්නම වෙනවා. ඒ ගැන හිතලා දුක් වෙන්නම වෙනවා.
5. අපවාද

Source – justwatch.com
සල්ලි හම්බුකරාම ඊළඟට සමාජෙන් එන අපවාදය තමයි ඒ සල්ලි හම්බුකරපු විදිය. කුඩු විකුණලා වෙන්නැති, තාත්තගෙන් හොරෙන් ලියවගන්න ඇති, මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගත්තද දන්නෑ වගේ කතා කිය කිය අපවාද කරන්න මේ රටේ මිනිස්සු හරිම දක්ෂයි. එනිසා සල්ලිකාරයෙකුට මේ අපවාදවලින් බේරිලා සල්ලිකාරයෙක් විදියට ඉන්නවට වඩා ලේසියි, සල්ලි ටික බැංකුවේ දාලා සල්ලි නැති එකෙක් වගේ ෂේප් මධ්‍යම පාන්තික දිවියක් ගත කරන එක.
6. අනවශ්‍ය අතපෙවීම්

Source – alibababoy.blogspot.com
සල්ලිකාරයෙකුට ඊළඟට තියෙන නරකම බලපෑම තමයි සමාජයෙන් කරන අතපෙවීම. තාත්තට සලකනවද? ගෑණි කොටට අඳිනවද? ළමයි ක්ලබ් යනවද? වගේ දේවල් හොය හොය මේ සමාජෙ මේ සල්ලිකාරයගෙ වැරැද්දක් හොයන්න ගන්නව. ඒ වැරැද්ද හොයාගන්න මේ අය සල්ලිකාරයන්ගෙ පවුල්වලට අත පොවනවා. ඒක ඉතිං සක්කරයටවත් නවත්තන්න බැරි වැඩක්.
7. දේශපාලක බලපෑම්

Source – drama3sonline.com
සල්ලි තියෙන නිසා පක්ෂෙට ජොයින් වෙන්න කියලා දේශපාලන බලපෑම් එන එකත් නවත්තන්න බෑ. අනිත් එක ඉතිං සල්ලිකාරයෙකුට මෙහෙම බලපෑම් නවත්තගන්න විදියකුත් නෑ. මොකද ඊළඟට පළිගන්න පටන්ගන්නවනෙ. අනික සල්ලිකාරයොන්ගෙන් පළිගන්න ලේසිම විදිය බිස්නස් වට්ටන එකනෙ. ඒ නිසා සල්ලිකාරයොන්ට බැරි අමාරුවෙන් හරි දේශපාලන බලපෑම් විඳ දරාගෙන ෂේප් එකේ බැලන්ස්ඩ් දිවියක් ගෙවන්න වෙනවා.
Cover Image Source – drama3sonline.com
Leave a Reply