ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට සංවර්ධනය වෙලා තියනවද කියන එක ප්‍රශ්නයක්. කලා මාධ්‍යයක් විදිහට නම් ලංකාවෙ සිනමාව කලාපීය වශයෙන් හොඳ තැනක ඉන්නවා කියන එක අපිට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ජාත්‍යන්තර විචාරකයන්ට අනුව පවා ලංකාවේ සිනමාව ඉන්දීය සිනමාවට වඩා කලාත්මක ගුණයෙන් ඉහළ මට්ටමක ඉන්නවා. අපි අද කතා කරන්න යන්නේ ලංකාවෙ සිනමාව අගය කරමින් සිනමා කර්මාන්තයට ලැබුණු ජාත්‍යන්තර සම්මාන පිළිබඳව. ආරම්භයක් විදියට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටි සඳහා ලැබුණු ජාත්‍යන්තර සම්මාන පිළිබඳව කතා කරන්න අපි හිතුවා.
1. රේඛාව
1956 තිරගත වන රේඛාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පළමුවන චිත්‍රපටය. ලංකාවේ එළිමහන තුළ රූගත කෙරුණු පළවෙනි චිත්‍රපටිය විදිහටත් රේඛාව ඉතිහාසගත වෙනවා. නමුත් අවාසනාවකට වගේ රේඛාව තේරුම් ගන්න අපේ රටේ ප්‍රේක්ෂක ප්‍රජාව සූදානම් වෙලා හිටියේ නෑ. මේ නිසා රේඛාව ආදායම් වශයෙන් අසාර්ථක චිත්‍රපටයක් බවට පත්වුණා. ඒ දිනවල ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි සුප්‍රකට ප්‍රංශ සිනමා විචාරක මාරියා ෂෙල් රේඛාව නැරඹීමෙන් අනතුරුව කෑන්ස් චිත්‍රපට උලෙළ ප්‍රදර්ශනය සඳහා අනිවාර්යෙන් යොමු කළ යුතු චිත්‍රපටයක් විදිහට රේඛාව හඳුන්වනවා. එතෙක් මෙතෙක් සිංහල සිනමා ඉතිහාසයේ කෑන්ස් චිත්‍රපටි උළෙලේ විශිෂ්ටතම චිත්‍රපටය සඳහා පිරිනැමෙන පාම් ඩී ඕර් සම්මාන සඳහා නිර්දේශ වන එකම චිත්‍රපටය බවට පත්වෙන්න රේඛාව සමත් වෙනවා.
2. ගම්පෙරළිය
අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ගම්පෙරළිය කියන්නේ ලෝක සිනමා ඉතිහාසයේ වාර්තාවක් තැබූ චිත්‍රපටියක්. ඒ එකම චිත්‍රපටය එකම උළෙලක වතාවන් 3 කදී ප්‍රදර්ශනය කොට ඒ සෑම අවස්ථාවකදීම සම්මානයක් දිනා ගැනීමේ වාර්තාව. ඒ 1965, 2000 හා 2019 වන වසරවලදීයි. මුලින් නවදිල්ලි නගරයේ ආරම්භ වුණ ජාත්‍යන්තර ඉන්දීය සිනමා උළෙල මේ වන විට වසරකට වරක් එක් ප්‍රාන්තයක හා නැවතත් දිල්ලියට හුවමාරුවෙමින් පැවතෙනවා. පළමු වතාවේදී ගම්පෙරළිය නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ විසින් රණමයුර සම්මානය ලබා ගත් අතර, 2000 වසරේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනුත්, 2019 වසරේදි ආචාර්ය සුමිත්‍රා පීරිස් විසිනුත් එම සම්මානය ලබා ගනු ලැබුවා.
3. නිධානය
එතෙක් මෙතෙක් ලාංකික සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය විදිහට විචාරකයන් වගේම ප්‍රේක්ෂකයන් අවිවාදයෙන්ම පිළිගන්න චිත්‍රපටය විදිහට නිධානය හඳුන්වන්න පුළුවන්. ජී. බී සේනානායකගේ කෙටි කතාවක් කිසිදු හානියක් නොවන ආකාරයට සිනමාවට ගෙන ඒමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමත් වුණා. එම චිත්‍රපටිය ජාත්‍යන්තර වෙනිස් සම්මාන උළෙලේදී රජතසිංහ සම්මානය දිනා ගැනීමට සමත් වුණා.
4. අහසින් පොළවට
සුප්‍රකට ගත් කතුවරියක් වන අයලීන් සිරිවර්ධන විසින් රචනා කරන ලද නව කතාවක් ආශ්රයෙන් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටිය කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී තුන්වැනි ලෝකයේ රටවල්වල චිත්‍රපටි අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. සාමාන්‍යයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටි ධාරාවෙන් යම්තාක් දුරකට වෙනස් වූ චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්.
5. රන්සළු
සාමාන්‍යයෙන් බෞද්ධ චිත්‍රපටියක් කිව්වම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අතීත කථා පුවතක්. නමුත් උපතින් ක්‍රිස්තියානි බැතිමතෙකු වුණු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ගණයේ බෞද්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඒ චිත්‍රපටය ‘රන්සළු’. 1969 ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සිනමා උළෙලේදී ගාන්ධි සම්මානයෙන් පිදුම් ලැබීමට මෙම චිත්‍රපටිය සමත් වුණා.
6. පිංහාමි
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා විශිෂ්ට ගණයේ ළමා චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ජෝ අබේවික්‍රම මහතා ප්‍රධාන චරිතය රඟපෑ මේ ළමා චිත්‍රපටය තුළ ඇත් පැටවෙකුගේ කතා පුවතක් ඇතුළත් වුණා. 1981 වසරේදී පැවති මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම ළමා චිත්‍රපටය සඳහා ප්‍රවුඩා පුවත්පත විසින් පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වුණා.
7. වෑකන්ද වලව්ව
ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න සමත් වෙච්ච ශ්‍රී ලාංකීය පළමු චිත්‍රපටය විදිහට වෑකන්ද වලව්ව චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. ඇන්ටන් චෙකොෆ්ගේ ‘චෙරිවත්ත’ කෙටි කතාව ඇසුරින් නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටය සඳහා මූල්‍ය දායකත්වය ලබා දීපු චන්ද්‍රන්රත්නම් පසුව ප්‍රකාශ කර සිටියේ වෑකන්ද වලව්ව චිත්‍රපටිය අනිවාර්යෙන්ම ඔස්කා සම්මාන උළෙල නියෝජනය කරනු ඇතැයි තමන් මුල සිටම අපේක්ෂා කළ බවයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන්ම ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply