ඉරණම්කාරයා මුණ ගැහුණම ඉතින් කොයි දේත් වෙනස් වෙලා ලයිෆ් එක කනපිට හැරෙන්න පුළුවන්. ඒක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙමෙයි සුපිරි තරු වලටත් පොදු ධර්මතාවයක්. සදා තනිකඩයි කියල හිතන් හිටපු ඈයො එකපාරටම පෙළවහක් කරගන්නේ බලන්න ඉන්න අයව ෆුල් හොල්මන් කරලයි. මේ ඒ විදිහට තරුණ වයස ඉක්මවලා විවාපත් වුණ බොලිවුඩ් නළු නිළි සෙට් එකක් ගැනයි කියන්නේ.
1. ජෝන් ඒබ්‍රහම් – බඳිද්දී වයස 42යි
ජෝන් ඒබ්‍රහම් කියන්නේ බොලිවුඩයෙන් බිහිවෙච්ච සරාගීම නළුවෙක් කිවුවොත් අපි වැරදි නෑ නේද? 2003 අවුරුද්දෙ ‘ජිස්ම්’ චිත්‍රපටය හරහා මෙයත් එක්කම ජනප්‍රිය වුණු බිපාෂා බාසුත් එක්ක තමයි ජෝන් ඒ කාලෙ හාද වෙලා හිටියේ. ඒත් කාලයක් යද්දී මේ දෙන්නගෙ නොගැලපීම් නිසා වෙන්වීම සිද්ධ වුණා. ඊට පස්සේ ජෝන් අයියා කසාද බඳින එකක් නැද්දෝ කියල කට්ටිය හිත හිත ඉද්දි තමයි එයාට 2010 අවුරුද්දෙදි මූල්‍ය විශ්ලේෂිකාවක් වන ප්‍රියා රුන්චල්ව මුණ ගැහෙන්නෙ. මේ දෙන්නා 2014 අවුරුද්දෙදි විවාපත් වෙනවා. ඒ වෙද්දි ජෝන් ඒබ්රහම්ගෙ වයස අවුරුදු 42ක්.
2. උර්මිලා මතොන්ද්කාර් – බඳිද්දී වයස 42යි
රංගීලා චිත්‍රපටය හරහා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක්වෙච්ච උර්මිලා මතෝන්ද්කාර් පුදුම ඉක්මනින් බොලිවුඩයේ සරාගී ගිනි සිළුවක් බවට පත්වුණා. උර්මිලාගෙ සරාගී පෙනුම වගේම සුන්දර සිරුර බොලිවුඩ් රසිකයින්ව පිස්සු වැට්ටෙව්වා. අධ්‍යක්ෂක රාම් ගෝපාල් වර්මාගේ චිත්‍රපටිවලින් තමයි උර්මිලාට වාසනාව කැන්දුනේ. වර්මාගේ ‘රංගීලා’, ‘භූත්’, ‘සත්‍යා’, ‘ප්යාර් තූනේ ක්යා කියා’ වගේ චිත්‍රපටි රැසක උර්මිලා රඟපෑවා. උර්මිලාගෙයි රාම් ගෝපාල් වර්මගෙයි පෙම් පළහිලවුවක් ගැන කසුකුසුවකුත් ඒ කාලෙ බොලිවුඩයෙ පැතිරිලා ගියා. හැබැයි අන්තිමේදි උර්මිලාගෙ අත ගන්නේ කාශ්මීරයේ ව්‍යාපාරිකයෙක් සහ මෝස්තර නිරූපණ ශිල්පියෙක් වෙන මොෂින් අක්තාර්. 2016 දී තමයි මේ දෙන්නා විවාහ වෙන්නෙ. ඒ වෙද්දි උර්මිලාට වයස 42ක්.
3. ප්‍රීති සින්ටා – බඳිද්දී වයස 41යි
තමන්ගේ හුරුබුහුටි පෙනුම නිසා කාලයක් බොලිවුඩයේ ජනප්‍රියම පෙම්වතියක් වෙලා හිටපු ප්‍රීති සින්ටාව පස්සෙ කාලෙක අපිට ගොඩක්ම දකින්න ලැබුණේ අයිපීඑල් තරඟවලදි තමයි. චෝරී චෝරී චුප්කේ චුප්කේ, දිල් චාහ්තා හේ, වීර් සාරා වගේ චිත්‍රපටි හරහා අතිශය ජනප්‍රිය වෙච්ච ප්‍රීතිගේ නම ඈඳුණු පෙම් හබත් කීපයක්ම ඒ කාලෙ පැතිරුණා. ව්‍යාපාරිකයෙක් වෙච්ච නෙස් වාඩියා එක්ක තිබුණයි කියන ප්‍රීතිගෙ සම්බන්ධකමක් අන්තිමේදි අහවර වුණේ වාඩියා ප්රීතිට පහර දෙන්න උත්සාහ කළාය කියල පොලීසිත් ගිහිල්ලා. ප්‍රීති සින්ටාගෙ අත ගන්න අන්තිමේදි හැකි වුණේ ඇමරිකානු ජාතිකයෙක් වුණු ජීන් ගුඩිනෆ් ට. 2016 දි විවාහ වෙද්දි ප්‍රීති සින්ටාගේ වයස 41ක් වුණා.
4. නීනා ගුප්තා – බඳිද්දී වයස 49යි
මධුරි ඩික්ෂිත් අමතක නොවන ඩාන්ස් එකක් දාපු ‘චෝලී කේ පීචේ ක්යාහේ?’ සින්දුව මතකද? අන්න ඒ සින්දුවේ මධුරි එක්ක නටන අනිත් කෙනා තමයි මේ නීනා ගුප්තා. නීනා කියන්නෙ දක්ෂ රංගන ශිල්පිණියක්. එයා බොලිවුඩ් වගේම ජාත්‍යන්තර චිත්‍රපටවලත් තමන්ගේ රංගන දක්ෂතාවය පෙන්නලා තියනවා. ඒ කාලේ ලෝකෙම හොල්ලපු බටහිර ඉන්දීය කොදෙවු පිතිකරුවා වෙච්ච විවියන් රිචර්ඩ්ස් එක්ක තමයි නීනා ගේ හාදකම තියෙන්නෙ. ඒ සම්බන්ධතාවෙන් නීනාට දුවෙකුත් ලැබෙනව. ඒත් නීනායි රිචර්ඩ්සුයි කසාද බඳින්නේ නැහැ. නීනා දියණියව ලොකු මහත් කරගෙන තනිකඩව ජීවත් වෙනවා. ඇය මුල් පාරට කසාද බඳින්නෙ විවේක් මෙහෙරා කියල කෙනෙක්ව. ඒ 2008 දි. ඒ වෙද්දි නීනාට වයස 49ක්.
5. සුහාසිනී මුලේ – බඳිද්දී වයස 61යි
නම කිවුවට එක පාරට මීටර් නැති වුණත් මූණුවර දැක්කහමනම් ඔයාලට මතකෙට ඒවි මේ කවුද කියලා. හින්දි චිත්‍රපටිවල කරුණාවන්ත ආච්චිට වගේම නපුරු ආච්චිටත් එක විදිහට පණ පොවපු මේ සුන්දර තැනැත්තිය රංගනය තමන්ගේ ප්‍රධාන වෘත්තිය කරගන්නේ නැහැ. ඒ නිසා ඇයට නිතරම හින්දි චිත්‍රපටවලින් දකින්න ලැබෙන්නෙත් නැහැ. බොහොම නිහඬ චරිතයක් වෙච්ච සුභාසිනී සෑහෙන්න කාලයක් විවාහ නොවී ලිවිං ටු ගෙදර් සම්බන්ධතාවයක් පැවැත්වුවා කියලයි ආරංචි වෙන්නේ. ඒ සම්බන්ධතාවය අහවර වුණාට පස්සේ ඇය විවාහ වෙන්න තීරණය කරන්නේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් එක්ක. 2011දි මේ විවාහෙ සිද්ධ වෙද්දි සුභාසිනීගෙ වයස අවුරුදු 61ක්.
6. බිපාෂා බාසු – බඳිද්දී වයස 37යි
අපි මුලින් කතා කරපු ජෝන් ඒබ්රහම්ගේ පෙම්වතිය හැටියට කාලයක් හිටපු බිපාෂා බාසු අදටත් බොලිවුඩයේ සරාගී අයිකනයක් හැටියටයි සැලකෙන්නේ. මේ වෙද්දි වයස 40ක් වුණත් බිපාෂා තවමත් වයසට යෑමේ කිසිම ලකුණක් පෙන්වලා නැහැ. ජෝන් ඒබ්‍රහම්ටත් කලින් බිපාෂාගේ පෙම්වතා හැටියට ඉන්නෙ තවත් ජනප්‍රිය නළුවෙක් වෙච්ච ඩීනෝ මොරායායි. ජෝන් ගෙන් පස්සෙ බිපාෂාගෙ හිත නවතින්නෙ තවත් නළුවෙක් වෙච්ච හර්මන් බවේජා ගාවයි. ඊටත් පස්සෙ තමයි බිපාෂාට තමන්ගේ ජීවන සහකරුවා හම්බවෙන්නෙ. ඒ ජනප්‍රිය ටෙලි නළුවෙක් වෙන කරන් සිං ග්‍රෝවර්. බිපාෂාගේ පළවෙනි කසාදය වුණාට මේක කරන් සිං ගේ තුන්වැනි කසාදය වෙනවා. විවාහ වෙද්දි බිපාෂට වයස 37ක්.
7. ෆරා ඛාන් – බඳිද්දී වයස39යි
ෆරා ඛාන් කියන්නේ බොලිවුඩය ඇතුළේ විවිධ පැති වලින් තමන්ගේ දක්ෂතාවය පෙන්වන කෙනෙක්. ඇය රංගන ශිල්පිණියක්, අධ්‍යක්ෂකවරියක්, නර්තන ශිල්පිණියක්, නැටුම් පුහුණු කරවන්නියක්, නිෂ්පාදකවරියක් වගේ චරිත රැසක් බොලිවුඩය ඇතුළේ හොබවනව. ෆාරා ඛාන්ටත් සිකුරා ලබන්නෙ වයස 40ටත් කිට්ටු කාලයකදි. ෆාරගේ අත ගන්නේ එයත් එක්ක ‘මේන් හූන් නා’ චිත්‍රපටයේ එකට වැඩ කරපු සංස්කාරකවරයෙක් වෙච්ච ශිරිෂ් කුණ්ඩා. ශිරිෂ් ෆරාට වඩා අවුරුදු 8කින් විතර බාලයි. මේ විවාහෙ සිද්ධ වෙද්දි ෆරා ඛාන්ගේ වයස අවුරුදු 39ක් වුණා. මේ වෙද්දි මේ දෙන්නට තුන් නිවුන් දරුවනුත් ඉන්නව.
Leave a Reply