ලව් එකක් පටන් ගන්න කලියෙන් කාලෙත් පටන් අරගෙන මුල් කාලෙත් තියෙන ලල් එක ඒක නඩත්තු කරන් යනකොට හබක් වෙන ගතියක් වෙනවා. මේකට දෙන්නා දෙමාල්ලොන්ගේ ඉවසීම, අවබෝධය, විශ්වාසය වගේ එකී මෙකී දේවල් ඕනි වෙනවා. අර ඕනි කරනවැයි කීව නඩත්තුව හරිහැටි නොවුණම එක්කෙනෙක් හරි ලිස්සලා යන්න බලනවා. ගෑල්ලමයාගේ පැත්තෙන් ගත්තොත් ලිස්සලා යන්නේ මෙන්න මේ දේවල් කියාගෙන තමයි.
1. ගෙදරින් අවුල්

Source – youtube.com
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මෙන්න මේ ප්‍රශ්නේ කරපින්නාගෙන අනේ අපි මේක නවත්තමු කියන ගෑණු ළමයි ඕනෑ තරම් ඉන්නවා. ඔතනදී ඉතින් සමහර නූල් සූත්තර කෑලි දාලා ගෙදර ඈයොන්ගේ පිටින් සම්බන්ධේ නතර කෙරෙන අවස්ථා තියෙනවා තමයි. හැබැයි ඇත්තටම ගෙදරින් එන ප්‍රශ්න නිසා අසරණ වෙලා ප්‍රේමයට ඩොට් එක තියන අහිංසක නංගිලාත් ඕනි තරම්.
2. ගැළපෙන්නේ නෑ

Source – youtube.com
අර ගස් යටයි, අර බස් එකේ මුල්ලෙයි, ටියුසොන් පන්තියෙයි, සිනමා එක අස්සෙයි, රෝල්ස් පැටිස් කාපු රෙස්ටෝරන්ට් ගාණෙයි මාස අවුරුදු ගණනින් පෙම් කෙළියට පස්සේ ඒකේ පරහක් දකින්න තරම් විඥානයක් සමහර ගෑණු ළමයින්ට පහළ වෙනවා. හිතන විදියෙන්, සමාජ ස්ථරයෙන්, පවුල් පසුබිම්වලින් ඔය නොගැලපීම් එක පාරට මතුවෙන්නේ කොල්ලාට අත ගගා දුවන්න තරම් වේගයකින්. පස්සේ පහුම් ගැළපෙන නොගැළපෙන ඒවා උස්සන් එන් නැතුව කලින් පොඩ්ඩක් ආශ්‍රය හෙම කරලා යාළු වෙන්න කියන්නේ ඕකයි.
3. ඔයාගේ ඔය වැඩ මට අල්ලන්නේ නෑ

Source – youtube.com
යාළු වුණාට පස්සේ කොල්ලාව මකලා හදන්නත් පුළුවන්කමක් ගෑණු ළමයෙකුට තියනවා. හැබැයි එතනදී කොල්ලාගේ පෞද්ගලිකත්වයට ඒ කියන්නේ ඒ මනුස්සයා ජීවිතය විඳින්න හදාගත්තු පුංචි පහේ ප්ලෑන්වලට අකුල් හෙළන එකෙන් ලව් එක හබක් කරගන්න පුළුවන් කියලා ජීවිතේට හිතිලා තියෙනවද? දැන් හිතන්නකෝ කොල්ලෙක් ඉන්නවා කෙල්ලට පණ ඇරලා ලව් ඉතින්. හැබැයි හෙනම සමාජශීලි චරිතේ. ගෑණු පිරිමි භේදයකින් තොරව යාළුවෝ හැමතැනම. මේක ඉතින් කලින් ඉඳන්ම අර කෙලි පැටික්කි දන්න දෙයක්. උපන්දින පාටි අරවට මේවට එන්න කිව්වම, මග තොටේ දී දැක්කාම හිතහොඳකමට අර කොල්ලා කෙල්ලෙක් එක්ක කයියකට සෙට් වුණා කියමු. ඉතින් පටන් ගන්නවා මට ඔයාගේ ඔය කෙරුවාව අල්ලන්නේ නෑ කියාගෙන.
4. ඔයාට මාව දැන් ඉස්සර වගේ වටින්නේ නෑ

Source – youtube.com
බයිස්කෝප් මානසිකත්වෙන් මිදිලා ඇත්ත කතාකරොත් ලව් එකක් පටන් ගන්න කලින් කපල් එක ඉන්න විදියයි ටික කාලයකට පස්සෙයි ඉන්න විදිය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආදරේ අඩුවක් නෙවෙයි හැබැයි ඒක පෙන්වන විදියේ පොඩි අවුලක් එනවා. මේ වෙලාවට දුම්මල වරම අතට ගන්නේ ගෑණු ළමයා තමයි. පොඩ්ඩ ඇත්තන් ඇතිනේ හිත රිදෙන්න. කෝල් කරනවැයි කිව්ව වෙලාවට මොකක් හරි අත්‍යවශ්‍ය වැඩක් නිසා කෝල් කරන්න බැරි වුණා කියන්නේ ඉතින් එදාට විසුමක් නෑ. මේවා පිට දාලා ප්‍රේම සම්බන්ධතාවේ දාලා යන නංගිලාත් ඉන්නවා.
5. මට ටිකක් තනියම ඉන්න ඕනි

Source – imagecoders.com
ඔන්න මයෙ පුතේ මේක කියාගෙන ආවොත් ඒ කියන්නේ උක්කුන් පුතාව කෙලීට එපා ම එපා වෙලා කියන එකයි. ඔය ටිකක් කියන කෑල්ල ඔහොමම මහා ගොඩක් වෙනවා. මානසික ප්‍රශ්න අරවා මේවා කියාගෙන එන්නේ ප්‍රේම කතාව එපා වුණාට පස්සේ. ඔය තනියම ඉන්න ඕනිය කිව්වාට බලන්න එපැයි යාළුවොත් එක්ක කොයිවෙලෙත්.
6. මට පාඩම් කරන්න හිතේ නිදහසක් ඕනි

Source – videoblocks.com
ඉස්කෝලේ දී විතරක් නෙවේනේ. දැන් තියන රටාව අනුව මිනිස්සුන්ට මැරෙනකන්ම විභාගයි පාඩමුයි කරන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. එහෙමයි කියලා මානව සම්බන්ධතා ටික පාපිස්ස අස්සට දාලා වහලා දාන්න බෑ. ඒවත් කරන්න ඕනි. හැබැයි ගෑණු ළමයාට ඒක ඇති වෙලා නම් මේ බහු-කාර්‍ය සිද්ධාන්තේ කොරගන්න බැහැයි කියලා කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලව් කරන්නයි පාඩම් කරන්නයි දෙකක් කරන්න බෑ කියලා අයියෝ. ඉතින් එහෙනන් පාඩම් කරන්න කියලා සුපිරි නිදහසක් දීලා බැලින්නම් ගෑණු මනුස්සයා ලියන විභාගෙකුත් නෑ.
7. මට වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බ වෙයි

Source – wikipedia.org
මේ ගතවෙන තත්පරෙත් ලංකාවේ හතර දිසාවේ කොහේ හරි මුල්ලක මන්තරයක් වගේ මෙක ජප කරන ගෑල්ලමයි අඩුම ගාණේ දෙන්නෙක්වත් ඉන්න ඕනි. මොකක් හරි රණ්ඩුවක් අවසානයේ ඕක කියනවා කියන්නේ අවසාන දැනුවත්කිරීමක් වගේ දෙයක්. නැත්තන් අවසානේම තමයි.
ඉතින් ඔන්න ඔහොමයි කොල්ලනි වැඩේ!
Cover Image Source – youtube.com
Leave a Reply