ගොඩ දෙනෙක් ඇඟ බේරගන්න කියන හද්ද ගොන් කතාවක් තමයි අනේ අපි සිංගල් ය. ඒ ජීවිතේ සෑහෙන රොක්ස් ය. ඒක හෙන වීරකමක්ය කියන එක. ඇටෙන් පොත්තෙන් එළියට ආව ගමන්ම ආදරේ කරන්න පටන් අරන් ඒවා කෙළවෙලා ගියාම ආදරේ සම්බන්ධයෙන් විදග්ධ පරිණත මිනිස්සු ය කියලා පෙන්නන්න තියෙන තදියමක උදාන වාක්‍යය තමයි මේ. කැටයමක් විදියට ඕක කිව්වත් ඔය කියන එකේ ඇත්තකුත් නැත්තේ නැහැ. තමන්ගේ දුර්වලතා නිසා, එයාගේ දුර්වලතාවක් නිසා ඒත් නැත්නම් සමාජයේ මොකක් හරි සීන් එකක් නිසා ප්‍රේම සම්බන්ධෙට හෙන ගැහිලා යන වෙලාවල් තියනවා. ඒ වෙලාවේ ඇත්ත ලෝකේ පය ගහලා පොඩ්ඩිත්තක් හිතුවොතින් නිදහසට කාරණයක් නොවී පින සිංගල් කරුමේ ඩබල් වෙන්න මේ හේතු බලපානවා කියලා තේරේවි.
1. පොකැට්ටුව සුරක්ෂිත වීම

Image Source – asia.nikkei.com
ආදරය කරන එක සෑහෙන උත්තුංග මෙව්වා එකක් තමයි. හැබැයි දොරේ, සිරා සිද්ධිය නම් ආදරේ කරන්න මුදල් ඕනි වෙන එක. කවුරුහරි කියනවා නම් එහෙම නැහැ හිඟා කකා කොළපත අරන් හරි ඉන්න පුළුවන් කියලා, ඒක සාර්ථක ආදරයක් වෙන්නේ නැහැ. ආදරියට නැත්නම් ආදරවන්තයට උපන්දිනේට, ඇනිවසරියට, අහවල් එකට, මේකට අරවා මේවා බිබික්කන් අරන් දෙන්න සිද්ධ වෙනවා. ඒ නැතත් පෙම් හමුවලදී යන යන පාරට චොකලට් උස්සන් යන්න වෙනවා. අනික් දේ තමයි ආදරයක දී අනික් මනුස්සයගේ සියලුම ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී ඉන්න එක. මේ දේවල් ඉතින් ආදරේ කෙළ වුණාම කොහොම වෙන්න ද! ලයිට් පෙට්ටියේ මීටරේ කැරකෙන එක නතර වුණා වගේ තමයි. සල්ලි ඉතුරුයි.
2. කාලය ඉතුරු වීම

Image Source – coldemailing.com
ආදරේ කරත් හරි දවසේ තියෙන්නේ පැය විසිහතරක් ද එහෙමත් නැත්නම් විනාඩි විසි හතරක් ද කියන තරමට ෆුල් අන්දකයිප්පු. ඇයි යකෝ මෙතන මල් කඩන්න තියාගත්තාම කොටි වලිගෙ අල්ලගත්තා වගේ. ඕක අතාරින්නේත් නැහැ, දවසම ඒක. කාලය ගැන කිසිම හැඟීමක් ආදරයේ දී දැනෙන්නේ නැහැ. ආදරේට කියන බොළඳ කතාවක් වෙන “ඔයා ළඟ නැති පොඩි මොහොතකුත් කල්පයක් වගේ” කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත බලාගෙන ගියාම. ගහක් කොළක් මලක් දිහා බලන්න හරි දවසේ පැය විසිහතරම තියෙනවා කියලා ඇමීටර් වෙන්න පින සිංගල්ම වෙන්න ඕනි ඉතින්.
3. ජීවිතයේ අනික් ළබැඳියන් හා සමීප වීමට හැකි වීම

Image Source – asia.nikkei.com
ආදරයේ දී මිලියන ගාණක් අතුරින් තමන් තෝරගත්තු පුද්ගලයාව විතරයි නාඩි වැටෙන ඩයල් එකක් විදියට පේන්නෙ. ආදරයේ දී හොඳම යාළුවො අහිමි වෙනවා, ගෙදර මිනිස්සු එක්කත් වචන පහකට වඩා කතා කරන්න හම්බ වෙන්නේ නැහැ එයා වෙනුවෙන් දවසේ වචන සෙට් එක ගෙඩිය පිටින්ම පුදලා තියන නිසා. හොඳම යාළුවො අහිමි වෙන එක හේතු කීපයක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි ඔයාගේ ආදරිය නැත්නම් ආදරවන්තයා කෙරෙහි මොකක් හරි මනාපයක් තියාන හිටපු යාළුවෙක් විරසක වෙන එක. අනික් දේ තමයි යාළුවන් එක්ක කලින් වගේ සමාජ ආශ්‍රයක් පවත්වාගෙන යන්න තියෙන කාලය සහ වටපිටාව සීමා වෙන එක. ඔවුන්ව මග හැරෙන එක. ආයෙත් මේ අයට ළං වෙන්න සිංගල් වුණාට පස්සේ හිතේ හැටියට පුළුවන් නේ.
4. තමන් වෙනුවෙන් පමණක් වගකීමට බැඳීම

Image Source – health.harvard.edu
ආදරයේ දී තනි තීරණ කියලා එකක් නැහැ. කපල් එකක් විදියට තමන් කරන හැම දෙයක් සම්බන්ධයෙන්ම අනිකාට වග කියන්න ආදරයේ දී එකඟතාවක් තියනවා. ලොකු ලොකු ජීවිත සිදුවීම් වගේම අනන බත්ගුලිය කටට දාගන්න ද එපා ද කියන එක දක්වාම මේක වලංගුයි. මම මේක කරන්න ද අරක කරන්න ද කියලා අවසර ඉල්ලලා ඕක ලැබුණේ නැති වුණාමත් හෙන අවුල්. ආදර සම්බන්ධයකදී දෙන්නා කොච්චර සමීප වුණත් හිතන පතන විදියේ වෙනස්කම් තියෙන්න පුළුවන්. අන්න ඒ වෙනස නිසා තමයි වගකීමක් ඔලුව උඩට පාත් වෙලා තියෙන්නේ. සිංගල් වුණාම තමයි තමන්ට වග කියන්න තරම් සෙන්ස් එකක් දැනිලා, දෙයක් කරොත් තමන්ට නොකළත් තමන්ට කියන බුද්ධිය දැනෙන්නේ.
5. වැඩ කිරීමේදී අවධානයෙන් යුතුව එය කිරීමට හැකි වීම

Image Source – healng.com
හිත හීලෑ නැහැ හරිම මුරණ්ඩුයි වෙන්නේ මොන වැඩේ කරන්න ගියත් එයාව මතක් වෙනකොට. ඔපීසියේ මහා පරිමාණ වැඩ අස්සෙත් එයා කාලා ද බීලා ද කියන ප්‍රශ්න පත්තරේ එක්කයි ඉන්නේ. අනික් පැත්තෙනුත් ඕක එහෙමයි. එයත් ඔයාගෙන් අප්ඩේට් එකක් ලැබෙනකනුයි ඉන්නේ. එහෙම දෙලොවක් අතර ඉඳන් හරියට වැඩක් පලක් කරගන්න අමාරුයි නේ. අනික මල් කඩන ගමන් වැඩ කරන මල්ටි ටාස්කින්ග් එක ප්‍රායෝගික නැහැ. ඒ වැඩ දෙකෙන් එකයි හරියට කරන්න වෙන්නේ. සිංගල් වීමෙන් හිත ඌවා වුණ එකත් වැඩ සෙට් වුණාම අමතක වෙලා යනවා. ඒ නිසා මේක දෙපැත්තටම හොඳයි.
6. බලාපොරොත්තු සමග ජීවත් නොවීම

Image Source – the-pool.com
අර කවුදෝ කියලා තියනවා වගේ බලාපොරොත්තු නැති නම් ජීවිතේ දුක නැහැ. ආදරයේ දී ජීවත් වෙන්නේ තනිකරම බලාපොරොත්තු එක්කයි. එයා ඔයාගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. ඔයා එයාගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒවා හරියට සිදු නොවුණාම දෙන්නාම මුඩ් ගහලා ඉන්නවා. උදාහරණයක් විදියට ඔයා හෙන බොළඳ ඩයල් එකක් නම් එයාගෙන් සුජීවගේ නවකතාවල වගේ ආදරයක් බලාපොරොත්තු වෙනවා නම්, එයාට ඒවා අල්ලන්නේ නැත්නම් එතන ලොකු හිත රිදවීමක් වෙනවා. ඔය කෙහෙම්මල් එකක්වත් නැහැනේ ඉතින් සිංගල් වුණාම. කවුරු මොනවා කරත් වැඩක් නැහැ.
7. තමන් වීමට හැකි වීම

Image Source – powerofpositivity.com
ඔක්කොමත් හරි මේක තමයි වැදගත්ම එක. ශේක්ස්පියර් උත්තමයා කිව්වා වගේ අපි ඔක්කොම නළු නිළියෝ. ඔය නළුකම හොඳට පෙන්නන තැනක් තමයි ආදරය. සිංගල් වුණාමයි තේරෙන්නේ මෙච්චර දවසක් ජීවත් වුණේ වෙන කවුදෝ වගේ ය කියලා. තමන් කැමති ඇඳුමක් අඳින්න, රෑ වෙනකන් පාටිවලට ගිහින් සතුටු වෙන්න, හිතුණු තැන්වල ට්‍රැවල් කරන්න, ඕනි තරම් විරුද්ධ ලිංගික යාළුවො එක්ක යාළුකම් පවත්වන්න වගේම තවත් මෙකී නොකී දේවල් තමන්ට ඕනි විදියට කරන්න
අවකාශය දෙන්නේ තනිකඩ ජීවිතය.
Cover Image Source – believe.christianmingle.com
Leave a Reply