ජෝඩු මාරුව (Swinging) ගැන අහල තියනවද?

අද කතා කරන්නේ හොරෙන් හොරෙන් ලංකාවෙත් සිද්ධ වෙන, මේ සඳහාම වෙන්වුණු සීක්‍රට් ගෘප් පවා තියෙන ලිංගික ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි Swinging. මේකට තවම නිවැරදි සිංහල පාරිභාෂික වචනයක් නෑ. මේ දේට ප්‍රියකරන අය නම් පාවිච්චි කරන්නේ “ජෝඩු මාරුව” කියලා. දැන් මේ කියන්නෙ මොකද්ද කියලා කට්‍ටියට ක්ලික් වෙන්න ඇති නේද? හැබැයි මේක තේරෙන්නේ නැති බබාලට අපි මෙහෙම පැහැදිලි කරන්නම්. විවාහක යුවල දෙකක් එකිනෙකාගේ සහකාරයන්/සහකාරියන් හුවමාරු කරගනිමින්  ලිංගිකව එක්වීම තමයි මෙයින් අදහස් වෙන්නේ.

 

1. අතීත ලංකාවේ ජෝඩු මාරුව

පුරාණ ලංකාවේ වගේම ආසියාතික රටවල් බොහොමයක මේ පුරුද්ද තියෙනවා. අද පවා ඌව, නැගෙනහිර පළාත්වල මේ ගැන කතා ඇහෙනවා. එක පුද්ගලයෙක් පැල රකින්න යද්දි ඒ පැලට එක කාන්තාවක්  එනවා.එ​ම කාන්තාවගේ ස්වාමි පුරුෂයා  පැල රකින්න ගිය කෙනාගෙ බිරිඳගේ තනි රකින්න යනවා. මේ වගේ සම්බන්ධකම් පැරණි ගම තුළ සාමාන්‍ය දේවල් බවට පත් වුණා.

 

2. වර්තමාන ආරම්භය 

පැරණි ග්‍රාමීය සමාජවල තිබ්බ මේ පුරුද්ද වර්තමාන සමාජයට එන්න පටන් ගත්තේ ඇමරිකානු ගුවන් හමුදාව හරහා. දෙවෙනි ලෝක යුධ සමයේදී තමන්ගේ පවුල් කඳවුරු වෙත ගුවන් නියමුවන් විසින් රැගෙන ගියා. මේ ගුවන් නියමුවන් මරණයට පත්වීමේ සම්භාවිතාවය ඉහළ අගයක් ගත්තා. මේ නිසා ඇතිවන අනාරක්ෂිත තත්ත්වය මත මෙවැනි ලිංගික චර්‍යාවන් ඔවුන් අතර ජනප්‍රිය වුණා. යුද්ධය අවසන් වීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ චර්යාව පැතිර යන්නට පටන් ගත්තා.

 

3. කාර් එකේ යතුරු මාරුව

ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වැඩේ ඇමරිකානු ගුවන් හමුදාවෙන් පස්සේ පැතිර ගියේ රාත්‍රී සමාජ ශාලා තුළට. ඒවා ඇතුළෙදි මේක පැතිරුණේ ගේම් එකක් විදිහට. මුලින්ම පිරිමි පාර්ශවය තමන්ගේ මෝටර් රථයේ යතුර බඳුනකට දානවා. ඊට පස්සේ බිරින්දෑවරු ඇවිත් යතුරක් ගන්නවා. දැන් යතුර හිමි පුද්ගලයාට ඒ කාන්තාව එක්ක රාත්‍රියක් ගත කරන්න  අවස්ථාව ලැබෙනවා.

 

4. මේ චර්‍යාවට එල්ල වුණු බාධා 

ඒඩ්ස් රෝගය පැතිර යෑම නිසා මේ චර්‍යාවට බටහිර සමාජය තුළ පැතිර යෑම තාවකාලික නතර වුණා. ඒ වගේම දියුණු උපත් පාලන ක්‍රම පිළිබඳව එවකට දැනීමක් නොමැතිවීමත් එක හේතුවක් වුණා. නමුත් මේ කිසිදු බාධාවක් මේ ලිංගික චර්‍යාව ජනප්‍රිය වීම වැළැක්වීමට අපොහොසත් වුණා. වෙනස් වෙනස් ලිංගික අත්දැකීම් කෙරෙහි මිනිසා තුළ ඇති අසීමිත කැමැත්ත ඉදිරියේ මේ බාධා පිළිබඳව අවධානය යොමු වීම අඩු වුණා.

 

5. ජෝඩු මාරු ප්‍රභේද

මේ ලිංගික චර්‍යාවෙත් විවිධ ප්‍රභේද තියෙනවා. උදාහරණයක් විදිහට සමහරු ජෝඩු සහකාරයන්/ සහකාරියන් මාරු කරගන්නේ සමලිංගික තෘප්තියක් ලබාගන්න. හැබැයි බහුතරයක් විෂම ලිංගික සම්බන්ධතාවයක් තියාගන්න. සමහර අවස්ථාවලදි මේ ජෝඩු පූර්ණ ලිංගික එකතුවීමකට නොගොහින් සිප ගැනීම්, මුඛ සංසර්ගය, ෆෝන් සෙක්ස් වගේ දේවල්වලින් තමන්ගේ අවශ්‍යතා ඉෂ්‍ට කරගන්නවා.

ඒ වගේම සමහර ජෝඩු සහකාර/ සහකාරියන් මාරු කරගෙන එකිනෙකා ඉදිරියේ ලිංගිකව එක්වෙන්න ප්‍රිය කරනවා. සමහර ජෝඩු වෙන් වෙන්ව තමන්ගේ ලෝකේ තනි වෙනවා.

 

6. ජෝඩු මාරුවේ වාසි ගැන කියන කතා

මේ ගැන හොයලා බලන කට්ටිය කියන විදිහට තමන්ගේ විවාහ සහකරුගෙන් සුරතාන්‍තය ලබා නොගත් බොහෝ කාන්තාවන් මේ හරහා සුරතාන්තය ලබා ගෙන තියෙනවලු. ඒ වගේම මේ චාර්‍යාවේ යෙදෙන යුවලවල් අතර ලිංගික ඊර්ෂ්‍යාව අඩුවෙන්ලු තියෙන්නේ. මේ නිසාම මානසිකව තමන්ගේ විවාහයට ඔවුන්ගේ සුවිශාල බැඳීමක්  ඇතිවීම නිසා තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරනවලු.

 

7. පරිස්සම් වෙන්න!

ජෝඩු මාරුව සරල දෙයක් කියලා නම් හැබැයි හිතන්න එපා. කායික තෘප්තියක් ලැබීම ජොඩු මාරුවේ වාසියක් වුණත් මේ නිසා ඇතිවන මානසික තෘප්තියේ ස්වභාවය මත සමහර විවාහ දික්කසාදවලින් කෙළවර වෙලා තියෙනවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ. මේ දේට යොමුවෙනවා නම් විවාහක යුවලක දෙදෙනාගේම කැමැත්ත ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. කිසිවිටකත් තමන්ගේ කැමැත්ත අනෙකා මත බලෙන් පටවන්න උත්සාහ කරන්න එපා.

 

එහෙනම් මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පහතින් සටහන් කරන ගමන් ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

One response to “ජෝඩු මාරුව (Swinging) ගැන අහල තියනවද?”

  1. ramesh perera says:

    meka aththatama honda deyak.
    mewani lipi thawa pala karanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *