ඔය කොයි සත්‍ය ප්‍රේම භෘංගරාජ පෙම්වතාත් තමන්ගෙ පෙම්වතියට සඟවන රහස් කිහිපයක් තියෙනවා. ඒ දේවල් මහාලොකු බොරු නොවුනත් ඒවා ගර්ල්ෆ්‍රෙන්ඩ් දැනගත්තොත් පොඩි පොඩි ආරෝවන් පසු කාලීනව ඇති වෙන්න පුළුවන්. මොකද ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා කියන මනුස්ස කොට්ටාසෙට තමුන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගැන දෙයක් ලේසියෙන් අමතක වෙන්නෙ නෑ වගේම, එායලා හොඳම අවස්ථාවෙදි ඒක පාවිච්චි නොකර ඉන්නෙත් නෑ. අන්න ඒ නිසා කොයි කොල්ලත් වගේ මේ දේවල් ඒ අයගෙන් හංගනවා.
1. කවුරු දිහාද බලන්නෙ?

Source – Youtube.com
ඔයා ෆේස්බුක් එකෙන් හොරෙන් ප්‍රොෆයිල් එක බලලා එන ගෑණු ළමයි කවුද? ඔයා ගෑනියෙකුගෙ ආසා කරන රූපෙ මොන වගේද? ඔයා බස් එකේදි හොරෙන් බලලා ඇහැ දාගෙන ඉන්නෙ මොනවගේ ගෑනියෙකුට ද? ඔෆිස් එකේ ඔයාගෙ හිත්ගත්තු කාන්තාවක් ඉන්නවනං ඒ කවුද? මේ දේවල් ඔයා හොඳ බුවා වෙන්න ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කිවුවට, ඒවා පස්සෙ බූමරංග වෙලා ඔයා දිහාටම කැරකිලා එන්න පුළුවන්. අන්න ඒ නිසා පරිස්සමෙන් ඉන්න. ඒ පරිස්සම හදාගන්න ඕන ඔයාමයි. ඔයා හිතින් ආසා කරන්නෙ කවුද කියන දේ ඔයාගෙ හිත විතරක් දැනගත්තම ඇතිනෙ. ආදරේ කියන්නෙ රහස් බෙදාගන්න එක නෙමෙයි.
2. කාටද චැට් කරන්නෙ?

Source – wikipedia.org
හිතේ පොඩි ආසාවක් තිබුනට ලවු නොකරත් ආගිය තොරතුරු කතා කරන ගෑණු ළමයි කවුද? කාටද ඔයා චැට් කරන්නෙ? මොනවද චැට් කරන්නෙ? ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් කෑවද කියල අහන්න ඔයා අකමැති වුණාට ඔයා ගිහින් කාලද ඉන්නෙ? කියලා අහන මිතුරියක් ඔයා සතුව ඉන්නවාද? කවදා හෝ ඒ කතාබහ එළියට ආවොත් ඔයාට ප්‍රශ්නයක් වේවි කියලා ඔයා හිතනවාද?
3. යාලුවො එක්ක එයා ගැන මොනවද කියන්නෙ?

Source – toocool2betrue.com
කොල්ලො තමන්ගෙ යාලුවො එක්ක නොකියන දෙයක් නෑ. ආදරේ පටන් ගත්තු අලුත මොන විදියට හංගගෙන හිටියත් කල් යද්දි තමුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන සම්පූර්ණ විස්තරේ අනිත් යාලුවො දැනගන්නවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. මොකද තමුන්ට විශ්වාස තමුන්ගේ මිත්රයින් තමුන්ගෙ ආදර ජීවිතේ ගැන දැනුවත්ව ඉන්න එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. ඇයි ඉතිං ඔයාටත් ඉන්නො හොර අල්ලන්න උත්සාහ කරන ගෑණු ළමයෙක් නං හෝ ඔයාට බොරුවක් කරන ගෑණු ළමයෙක් නං යාලුවො මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳටම වටිනවා. හැබැයි ගෑණු ළමයි තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ යාලුවො තමන් ගැන දන්නෙ මොනවද කියලා දැනගන්න එක හොඳයිද?
4. එයා නීති දැම්මම ඇත්තටම මොනවද හිතෙන්නෙ?

Source – laurigraham.com
ගෑණු ලමයි වැඩිපුරම ඉතිං පිරිමි ළමයට නීති දානවනෙ. ඇයි ඉතිං කන්න ඕන දේවල්, අඳින්න ඕන විදිය, බොන්න එපා දේවල්, යන්න ඕන ගමන්, ආශ්‍රය කරන්න ඕන පිරිස වගේ දේවල් ගෑණු ළමයි විසින් නිර්දේශ කරනවනෙ. ඇතැම් පිරිමි ළමයි ඇරුණාම සමහරුත් තමුන්ගෙ ගෑණු ළමයට මේ නීති දානවා. හැබැයි මොනවා වුණත්, ඔයා විසින් ඔයාගෙ ගෑනු ළමයි කියන දේ පිළිපැද්දත් පිළිනොපැද්දත් එයාගෙ නීති සම්බන්ධයෙන් ඔයාගෙ හිතේ තියෙන අවංක සිතුවිල්ලනං එයා දැනගන්නෙ නැති තරමට හොඳයි.
5. එයා අඳින ඇඳුම් කොච්චර එයාට ගැලපෙනවද?

Source – gettyimages.com
ගෑනු ළමයි ඇඳුමක් ඇඳලා අපෙන් අහනවා ඒක ලස්සනයිද කියලා. හොඳයි කිවුවොත් සතුටුයි. කැතයි කිවුවොත් තරහයි. ඉතිං නිකං මොකටද තරහකරගන්නෙ කියල හිතන පිරිමි ළමයි කොයි ඇඳුම ඇඳලා ඇහුවත් ලස්සනයි කියල කියනව. හැබැයි ඉතිං කවදාවත් තමුන්ගෙ හිතේ තියෙන ඇත්ත සිතුවිල්ල එලියට දාන්න එයාලා බයයි. මොකද ඊටපස්සෙ එයාලට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා. නොහිතන විදිවලට.
6. ඔයා එයා නැතුව ටික දවසක් ඉන්න කොච්චර කැමතිද?

Source – loverealm,com
පිරිමි ලමයි කැමතියි තමුන්ගෙ ගර්ල්ෆ්රේන්ඩ්ගෙන් පොඩි නිදහසක් තමුන්ටත් ලැබෙනවානං. හැබැයි ඉතිං ඕක ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ මූනටම කියන්න තරං ඝටක් තියෙන පිරිමියෙක් තාම ඉපදුනෙ නෑ. අන්න ඒ නිසා ඔයා එයා නැතුව ටික දවසක් නිදහසේ ඉන්න කැමතිද? එහෙම දවසක් කවදාහරි ආවොත් ඔයා මොකද කරන්නෙ? වගේ හීන එයා ඉස්සරහ දිගහරින්න එපා.
7. ඔයා මෙච්චරකල් එයාට කියපු බොරු මොනවාද?

Source – wikihow.org
මෙන්න මේක තමයි පිරිමියා විසින් තමන්ගෙ ගැහැණිය ඉදිරිපිට දිගහරින්න බයම බොරුව. මේ වෙනකං ඔයා එයාට කියපු බොරු මොනවද? මේ දේ කියන්න පුළුවන් අවස්ථා දෙකකට හිත හදාගත්තු මිනිස්සුන්ට විතරයි. එක්කො ඔහු ආයෙ බොරු කියන්නෙ නෑ කියන තීරණයට එළඹෙන්න ඕන(ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්). එහෙමත් නැත්තං මේ සම්බන්ධෙ නවත්වනන්ට ඔබ තීරණය කරපු දවස වෙන්න ඕන. ඔය කොයි අවස්ථාවකදි වුනත් ඔයාට මේ පැහැදිලිකිරීම් නරක විදියට බලපාන්න පුළුවන්. කොටිම්ම මේ ආටිකල් එක ෂෙයා කරන්න පවා ඔයාගෙ හිත බයේ ගැහෙන්න පුළුවන්.
Cover Image Source – youtube.com
Leave a Reply