දස්කොන් ප්‍රමිලා ශෘංගාරාත්මක, ආදරණීය පෙම් පුවත

උඩරට රාජධානි සමයේ තිබ්බ ප්‍රකට ආදර කතාවක් තමයි දස්කොන්ගෙයි ප්‍රමිලාගෙයි ප්‍රේම කතාව. ඇත්තටම මේක රටවල් තුනක තුන්කොන් ආදර කතාවක්. ඒ ඇයි කියලා දැනගන්න නම් මුලු පෝස්ට් එකම කියවන්න වෙනවා. එහෙනම් කතා ඇති අපි කතාකරමු මේ ආදර අන්දරය ගැන.

01. කව්ද මේ දස්කොන් 

දස්කොන් නමින් පුද්ගලයන් දෙදෙනෙක් අපිට හම්බෙනවා ලංකාවේ ඉතිහාසය දිහා බලද්දි. හැබැයි දස්කොන් ම නෙමේ ගැස්කොන්. ඒත් සමහර මූලාශ්‍ර වල මොවුන්ව දස්කොන් විදියට හඳුන්වලා තියෙනවා. එක ගැස්කොන් කෙනෙක්ව සඳහන් වෙන්නේ දෙවන රාජසිංහ රජු සමයේ ප්‍රංශ තානාපති වූ ලැනරෝල්ගේ අශ්වයා බලාගත් තැනැත්තෙක් විදියට. කොහොම හරි මේ ගැස්කොන් ලංකාවෙ හිටපු පෘතුගීසි කාන්තාවක් වුණ දෝන මෙරායා මද්ලිනා එක්ක විවහ වුණා .ඒ දෙන්නගෙ පුතා තමා මේ ප්‍රම්ලාත් එක්ක ආදරයේ පැටලුනු දස්කොන්. කුඩා කාලයේ පටන්ම පේදෲව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන්න ඔහුගේ දෙමව්පියන් කටයුතු කළා.

ඉතින් මේ දස්කොන් හා දෙවැනි රාජසිංහ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයාවත් එකල පිරිවෙන් අධ්‍යාපනයට යොමු කර තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ හින්දම ඔවුන් පොඩි කාලෙ ඉඳලම හොඳම යාලුවෝ. කොහොම හරි මේ දස්කොන් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ සිංහලයේ රජ වුණාට පස්සේ ගොඩාක් සිංහලයන්ගේ විරෝධය යටතේ තම මිතුරු ගැස්කොන්ව තමන්ගේ රටේ මහාදිකාරම් ධූරයට පත් කරගන්නවා. ඊට,පස්සේ කොහොම හරි ඒ එක්කම මේ ගැස්කොන් කියන නමත් දස්කොන් කියලා වෙනස් වෙනවා.

 

02.කව්ද මේ ප්‍රමිලා

අපි හැමෝම දන්නවා මේ ප්‍රමිලා කියන්නේ කව්ද කියලා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගේ බිරිඳ. ඇය නායක්කාර් වංශික කුමරියක්. ඉතින් 1708 වසරේදි තමයි මේ සෙල්ලම් නිරිඳු ප්‍රමිලා කුමරියව තමන්ගේ බිරිඳ හැටියට ඉන්දියාවේ න් ලංකාවට ගෙන්වා ගත්තේ. හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙංකඩගල යන ස්ථාන තුනකම වගේ මේසෙල්ලම් නිරිඳු ට මාළිගා තුනක් තිබිලස් කියලා සදවන් වෙනවා කොහොම වුනත් මේ තුනෙන් ප්‍රමිලා කුමරිය ජීවත්ව ඉදලා තියෙන්නේ හඟුරන්කෙත රජ මාළිගයේයි කියලයි මූලාශ්‍ර වල තියෙන්නේ.

 

03. සෙල්ලම් නිරිඳු 

සෙල්ලම් නිරිඳු එහෙම නැත්නම් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ගැනත් අපි පොඩ්ඩක් කතාකරමු. ලංකාවේ අවසාන සිංහල රජතුමා වෙන්නෙත් ඔහු. ගොඩාක් දුරට මේ රජතුමා කාමයට ලොල් කෙලිලොල් ජීවිතයක් ගත කරල තියෙන්නේ. ඒ වගේම සුරා සූදුවට වගේම ස්ත්‍රීන් ගැන තිබුනු ආශාව නිසාම සෙල්ලම් නිරිඳු විදියට යි ඔහු කා අතරත් ප්‍රචලිත. එමෙන්ම මොහුට හා ප්‍රමිලා ට දරුවන් නොසිටි බවත් ප්‍රකට කරුණක්. ඒ නිසාම ඔහුට පස්සේ රජකමට පත් වුනේ ප්‍රමිලා කුමරියගේ සහෝදරයෙක් ට වීමත් විශේෂතවයක් .

 

04.කවියෙන් දුරදිග ගිය ප්‍රේමය 

ඉතින් මේ දස්කොන්ගෙයි ප්‍රමිලාගෙ ආදරය රජ වාසකේ කා අතරත් ප්‍රසිද්ධ රහසක්. මේ ප්‍රේමය මුලින්ම හට ගත්තේ දස්කොන්, මහාදිකාරම් ධූරයට පත් වීමෙන් පසුව බවයි සඳහන් වෙන්නේත්. ඒ වගේම ප්‍රමිලා බිසව හඟුරන්කෙත මාළිගයේත්, රජු සෙංගඩගල මාළිගයේත් වාසය කරපු නිසත් ඒ ආදරය දළුලා වැඩුන. ඒ විතරක් නෙමේ දෙදෙනාම කවියට ගොඩාක් ආදරය කරපු දෙන්නෙක්. ඒ හින්දම දස්කොන් ප්‍රමිලාට කියූ කවියක් මෙතනින් අලවන්න අපි හිතුවා.

 

රන්මාලය පැලදගෙන ගත සුවිපුල්ලා

ඉන් ආලය වඩයි මගේ සිත නුඹ පල්ලා 

පන්දහසකට මැද තිබුනත් උඩ එල්ලා 

රන් භාජනය නොවිඳඳ ගුල්ලා 

 

ඒවගේම ප්‍රමිලා දස්කොන් ට කියූ කවිය 

යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද

බොන්නෝ මේ ගඟ දිය කර බොර කරලා බොන්ද

දන්නෝ පහස ගෙට අඬ ගහල දෙත්ද 

දන්නො උපා මිණි බැදි දොර නාරිත්ද 

 

05.සම්බන්ධය එළිවීම

මේ ප්‍රේමය එලිවෙන්නේ තොවිලක් හින්දා. මේකට හේතු වෙනේ ප්‍රමිලා බිසවට වැලඳුනු රෝගය. එයින් සුව වීමට තොවිලයක් කළ යුතු බවට තීරණය විදියටයි මේ තොවිල සිදු කලේ. මේ තොවිලට අවශ්‍ය වුනා ප්‍රමිලා ගේ රුවට සමාන ප්‍රමාණයේ බලි රූපයක් ඒ හින්දම දස්කොන් මූර්ති ශිල්පියෙකු ලවා ප්‍රමුලාගේ රුවට සමාන මැටි පිලිමයක් සෑදුවා. මෙම පිලිමයේ ප්‍රමිලා බිසවගේ කලවා ප්‍රදේශයේ තිබුනු උපන් ලපය තිබුනේ නැති නිසා දස්කොන් එය මූර්තිකරුවාට කිව්වා. ඊට පස්සේ මේ උපන් ලපය දුටු රජතුමා මේ රහස් සම්බන්ධය ගැන දැනගත්තා. 

 

06. මරණයෙන් කෙළවර වුනු ප්‍රේමය

ඉතින් අවුරුදු ගානක යහළුවන් විදියට හිටපු දස්කොන්ගේ හා සෙල්ලම් නිරිඳු ගේ මිත්‍රත්වය මෙන්ම මහාදිකාරම් තනතුරත් ඔහුට අහිමි වුනා. ඔහුට පසුව ලෙව්කේ රාල තමයි මහාදිකාරම් තනතුර පත්වුනේ. මෙය වෙනත් අයකුගේ කුමන්ත්‍රණයක් අනුව සිදුවූවක් බවත් සඳහන් වෙනවා. කොහොම් හරි දස්කොන් තමන්ගේ නිර්දෝශි බාවය ගැන රජුට ප්‍රකාශ කරන්න කාව්‍ය සංග්‍රහයක් ලිව්වත් අවාසනාවකට එය රජු දැන ගන්නේ නැහැ. ඉතින් අවසානයේ හිරබත් කමින් හිටපු දස්කොන් අවාසනාවන්ත විදියට මරණ දණ්ඩනයට හිමිකම් කිව්වා.

 

07.වස්තු බීජය කොට ගෙන තැනු කලා නිර්මාණ

ප්‍රමිලා දස්කොන් පෙම් පුවත ඇසුරින් බිහි වෙච්චි කලා නිර්මාණ වලින් දස්කොන් ටෙලිනාට්‍යට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. එමෙන්ම මෙය අධ්‍යක්ෂණය කල ජැක්සන් ඇන්තනී මහත්මයාගේ කන්ද උඩ ගින්දර කෘතියෙත් ඇතුලත් වුනේ මේ පුවතමයි. සඳරුවන් ලොකුහෙවා රචන කල දස්කොන් ප්‍රමිලා කෘතියෙත් මෙය සඳහන් වුනා. ඒ වගේම ඊට අමතරව කලා කෘති රැසක් බිහිවුනා මෙය පාදක කරගත්.

 

අපි නිතරෝම වගේ ලාංකීය ජනප්‍රිය ආදර අන්දරයන්වල නොදන්නා කතාවන් ගැන කතාකලා ඉදිරියේදිත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාව වගේ මේ පෙම් පුවත ගැනත් ඔයාගේ වටිනා අදහස කමෙන්ට් එකකින් කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *