මෙන්න ප්‍රශ්න! ඇත්තටම ඔය බඩු මිල, තෙල් පෝලිම් වගේම බොහොම වැදගත් ප්‍රශ්නයක් තමයි මේකත්. ඇයි ඇත්තටම Lifie.lk එකේ මේ තරම් සෙක්ස් ගැන කතා කරන්නේ සහ සෙක්ස් ගැන ලියන්නේ? මේ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් අපි කතාබහ කරන්න ඕන කරුණු කාරණා ටිකක් තියෙනවා. දැන් සෙක්ස් කියන්නේ ලංකාව වගේ ආසියාතික රටවල ලේසියෙන් කතා නොකරන, ගොඩක් අය කතා කරන්නත් ලැජ්ජ වෙන කාරණාවක්නේ. හැබැයි කතා කරන්න ලැජ්ජ වුණා කියලා, සෙක්ස් කියන දේ අපේ ජීවිතෙන් පැත්තකට යන්නෙ නැහැනේ. සෙක්ස් කියන්නේ ජිවිතේ කොටසක්.
එතකොට සෙක්ස් ගැන කතා නොකරන එකෙන් මොකක්ද වෙන්න පුලුවන් හොඳ? ඇත්තටම වෙන්න පුලුවන් හොඳක් නම් නෑ. හැබැයි සෙක්ස් ගැන කතා නොකරන එකෙන් වෙන්න පුලුවන් නරක නම් සෑහෙන්න තියෙනවා. උදාහරණයක් විදියට, සෙක්ස් ගැන හරි විදියට දැනුවත් භාවයක් දරුවන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ට පවා නැති වීම එක නරකක්. සෙක්ස් ගැන වැරදි මත සමාජගත වීම සහ ඒකෙන් විවිධ පුද්ගලයන්ට අගතියක් වීම තවත් නරකක්. ඒ වගේම, සෙක්ස් ගැන හරි අදහසක් නැතිවීම, විද්‍යාත්මක කරුණු කාරණා ගැන නොදැන සිටීම නිසා සෙක්ස් කියන දේ ආට් එකක් විදියට රසවිඳින්න බැරි වීමත් සෙක්ස් ගැන කතා නොකිරීමෙන් සිදුවෙන්න පුලුවන් ලොකු නරකක්.
දැන් අපිට තේරුම් ගන්න පුලුවන් ඇයි සෙක්ස් ගැන කතා නොකරන එක ප්රශ්නකාරී වෙන්නේ කියන එක නේ? එතකොට ඇයි Lifie.lk සෙක්ස් ගැන මෙච්චර කතා කරන්නේ කියන එක ගැන උත්තරේ එතනම තියෙනවා. අපිට අවශ්‍යයි Lifie.lk කියවන අපේ ආදරණීය පාඨකයෝ ජීවිතේ සෙක්ස් කියන පාර්ට් කියන එක ගැනත් දැනුවත් වෙන්න. ආන්න ඒ නිසා තමයි අපි සෙක්ස් ගැන කතා කරන්නේ. ඒ ගැන අපි විස්තරාත්මකව මේ විදියට පැහැදිලි කරන්න කැමතියි!
01. සෙක්ස් සර්ච් කරලා අංක එක නොවෙන්න
දැං ලංකාව එක කාලෙක වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිබ්බනේ සෙක්ස් කියලා සර්ච් කරලා ලෝකෙන්ම අංක එක වෙලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි පෝර්න් බලන්න ගියත්, හරියට සර්ච් කරලා අවශ්‍ය කැටගරියක් බලාගන්න තියෙන නොදැනුවත්කම. ඔහේ සෙක්ස් කියලා තමයි සර්ච් කරන්නේ. ඉතිං ලංකාව අංක එකට ආවා සෙක්ස් කියන වචනේ වැඩියෙන්ම සර්ච් කරපු රට විදියට. හරි. මෙතන තව කරුණු තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම සෙක්ස් ගැන දැනගන්න ඕන නිසා සෙක්ස් කියලා සර්ච් කළා වෙන්නත් පුලුවන්. ඒ කොහොම වුණත්, හරියට බ්ලූ ෆිල්ම් එකක්, පෝර්න් එකක් බලන්න හරි අවබෝධයක් ඕනම කෙනෙක්ට තියෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. බ්ලූ ෆිල්ම්ස් හොඳද නරකද කියන විවාදය අපිට වෙනම කරන්න පුලුවන්, වෙන දවසක.
02. සෙක්ස් හරියට එන්ජෝයි කරන්නේ කොහොමද?
ඇත්තටම සෙක්ස් කරන හැමෝම සෙක්ස් එන්ජෝයි කරනවද? ආන්න ප්‍රශ්න. ඇත්තටම ඒකට ෂුවර් ඇන්ඩ් ෂොට් උත්තරේ තමයි නැහැයි කියන එක. ඇයි එහෙම කියන්නේ? පළවෙනි කරුණ මේකයි. පිරිමි කොහොම වෙතත්, සෙක්ස් කරන කාන්තාවෝ හැමෝම සුරතාන්තයක් ලබාගන්නවද? සමහරු නැහැ. සමහරු විවාහ වෙලා අවුරුදු ගණන් ගිහිල්ලත් සුරතාන්තයක් ලබාගෙන නැති අය ඉන්නවා. එතකොට දෙවෙනි කාරණේ, ගැහැණු වුණත්, පිරිමි වුණත් සෙක්ස් කරනකොට සුරතාන්තයක් ලබාගත්තු පලියට ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ අය සෙක්ස් කිරීම එන්ජෝයි කරලා, රසවිඳලා කියලා. ඇත්තටම සෙක්ස් කරනවා කියන්නේ ආට් එකක්. එතකොට සෙක්ස් කරන දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් හෝ ඒ ආට් එක ප්‍රගුණ කරලා, ඉගෙනගෙන ඉන්න ඕන. ආන්න එතකොට තමයි සෙක්ස් ලස්සනට එන්ජෝයි කරලා හොඳ තෘප්තියක් ලබාගන්න පුලුවන් වෙන්නේ. ආන්න ඒකට අවශ්‍ය දේවල් අපි කියලා දෙනවා.
03. සෙක්ස් ගැන දන්නෙ නැති ට්‍රෙන්ඩ්ස් ගැන කියන්න
අපි කිව්වනේ සෙක්ස් කියන්නේ ආට් එකක් කියලා. එතකොට ලෝකේ ආට් කියන එක ක්‍රමයෙන් වැඩිදියුණු වෙනවා, පරිණාමය වෙනවා වගේම, සෙක්ස් සම්බන්ධයෙන් ගත්තත් අලුතෙන් දේවල් ඇති වෙනවා. ආන්න ඒ අලුත් දේවල් සහ සමහර වෙලාවට පරණ, ඒත් ගොඩක් දෙනෙක් නොදන්න දේවල් ඉගෙන ගන්න එක, ලිංගික ජීවිතයේ පේන්න තියෙන ක්ෂිතිජ මායිම් වලින් එහාට ගිහින් වැඩි තෘප්තියක් ලබාගන්න ප්‍රයෝජනවත්. ආන්න ඒ වගේ දේවල් ගැන Lifie.lk එකෙන් අපි කතා කරනවා. උදාහරණ විදියට ගත්තොත්, සෙක්ස් ටෝයිස් කියන්නේ මොනවද, කොහොමද ඒවා පාවිච්චි කරන්නේ කියන එක. එතකොට ගුද සංසර්ගය කියන්නේ මොකක්ද, කොහොමද ඒක තෘප්තිමත්ව සිද්ධ කරන්නේ කියන එක. එතකොට, ඇඳට යන්න අඳින්න පුලුවන් සරාගී යට ඇඳුම් මොනවද කියන එක ගැන. එතකොට ලිංගික ජීවිතේදී එන්ජෝයි කරන්න පුලුවන් සෙක්ස් ෆැන්ටසීස් මොනවද කියන එක ගැන. මෙන්න මේ හැම දෙයක්ම Lifie.lk එකේ අපි සෙක්ස් ගැන කතා කරන මාතෘකා ඇසුරෙන් හොයාගන්න පුලුවන්.
04. ශරීර සෞඛ්‍යය ගැන දැනුවත් කරන්න
දැන් ඔය සෙක්ස් කියන කතන්දරේ එක්ක ශරීර සෞඛ්‍යය සහ ශාරීරික ස්වස්ථතාව කියන එකත් වැදගත් වෙනවා. ඒක හොඳ ලිංගික සම්බන්ධතාවයකට වගේම, සමහර ලිංගික ගැටළු වලින් මිදී ඉන්නත් උපකාරයක් වෙනවා. දැන් මෙතන අපි ශරීර සෞඛ්‍යය සහ ස්වස්ථතාව කියලා කියනකොට, සෙක්ස් කළා හෝ නොකලා පිරිසිදුව ඉන්න එක, සෙක්ස් කරනකොට සහ සෙක්ස් කළාට පස්සේ තමන්ව පිරිසිදු කරගන්න එක ගැන, එතකොට තෘප්තිමත් ලිංගික ජීවිතයකට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව සහ ලිංගික යෝග්‍යතාව පවත්වා ගැනීම හා වැඩිදියුණු කර ගැනීම කියන එක වගේම, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්න පුලුවන් ලෙඩ රෝග වගේ දේවල් ගැනත් Lifie.lk ඔස්සේ කතා කරනවා. ඉතින් හොඳ සෙක්ස් ලයිෆ් එකකට වගේම හොඳ ලයිෆ්ස්ටයිල් එකකටත් මේ තොරතුරු වැදගත් නැද්ද හා?
05. උපත් පාලනය ගැන කියන්න
තමන්ගේ දේශනා වලදී එක තැනක ඕෂෝ කියනවා, උපත් පාලන පෙත්ත කියන්නේ ලෝකේ විප්ලවීය සොයාගැනීමක් කියලා. ඒක ඉතින් අපිට ඇත්ත කියලා පිළිගන්න වෙනවනේ. මොකද, සෙක්ස් කියන එක ප්‍රජනනය සහ වර්ගයා බෝ කිරීම සඳහා සිද්ධ කරන දෙයක් කියන තැනින්, කලාවක් විදියට මනුෂ්‍යයා රසවිඳින ක්‍රියාකාරකමක් දක්වා පරිණාමය වෙන්න මේ උපත් පාලනය ඉතාම වැදගත් වෙන නිසා. හැබැයි අනෙක් අතට, හරියට උපත් පාලනය ගැන නොදැනීම හේතුවෙන් සෙක්ස් කරන්න කියලා ගිහින් වලිගේ කූඤ්ඤ නැති ලී කොටේ හිර කරගන්න සීන් එහෙමත් අපි ඕන තරම් අහනවා දකිනවානේ. ආන්න ඒ නිසා, උපත් පාලනය ගැන දැනගැනීම විවාහ වුණු වැඩිහිටියන්ට වගේම, නවයොවුන් වියේ ඉන්න හැමෝටමත් ඉතාමත්ම වැදගත්. ඉතින් Lifie.lk එකේ මේ සෙක්ස් ටෝක් වලදී අපි මේ උපත් පාලන ක්‍රම සහ ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙන්න ඕන හැමදෙයක් ගැනමත් කියලා දෙනවා. ඒක වැදගත් කියලා අපි හිතනවා.
06. හොඳ සම්බන්ධතාවයන් වර්ධනය කරන්න
දැන් සමහරු අතරේ තියෙනවා ආදර සම්බන්ධයක්. එතකොට ඒ ආදර සම්බන්ධයත් එක්ක දෙන්නා සෙක්ස් කරනවා. එතකොට තවත් සමහරු එහෙම ආදරේ කරන්නෙ නෑ, ඒත් සෙක්ස් කරනවා. එතකොට තවත් සමහරු හොඳ යාළුවෝ, ඒ එක්කම ලිංගික සම්බන්ධයකුත් තියෙන්න පුලුවන්. දැන් ඔය කොයි එක වුණත්, සෙක්ස් කිරීමත් එක්ක එන දෙයක් තමයි යම් කිසි සම්බන්ධතාවයක් කියන එක. එහෙම නැතුව නිකම්ම ශරීර දෙකක් එක් වීමේ ඇති ලොකු තෘප්තියක් නෑ. එහෙම තැනකදී සුරතාන්තයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. හැබැයි අපි සෙක්ස් ගැන Lifie.lk එක්ක කතා කරනකොට, අපි කියන දෙයක් තමයි, මේ මනුෂ්‍ය සම්බන්ධතාවයන් වල තියෙන වැදගත්කම සහ සුන්දරත්වය. අපි සෙක්ස් ගැන කතා කරන ආටිකල් වලින් වුණත්, මේ සම්බන්ධතාවයන් ලස්සනට වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ගැන කියනවා.
07. වගකීම සහ ගෞරවය පිළිබඳ හැඟීමක් ඇති කරන්න
මෙන්න ඉතාම වැදගත් කාරණාවක්. අපි සෙක්ස් ගැන කතා කරනකොට, සෙක්ස් ගැන ලියනකොට, ඇත්තටම සෙක්ස් ගැන විතරක්ම නෙවෙයි අපේ පාඨකයින්ව දැනුවත් කරන්නේ. ලිංගිකත්වයත් එක්ක තමන්ගේ වගකීමක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි නැවත නැවතත් කියලා තියෙන දෙයක් තමයි, සෙක්ස් කරන්න ඕන තමන්ගේ පාට්නර්ගේ පූර්ණ කැමැත්ත මත කියලා. ඒ කියන්නේ තමන් කසාද බැඳලා හිටියත්, ඒක තමන්ගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි එක්ක සෙක්ස් කරන්න දෙන ලයිසන් එකක් නෙවෙයි. ඒක දෙන්නගෙම කැමැත්තෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. ආන්න ඒක සෙක්ස් සම්බන්ධයෙන් තමන්ගේ තියෙන වගකීමක්. තව උදාහරණයක් කිව්වොත්, ලිංගිකව හැසිරෙන්න නීතියෙන් අවසර ලබා දෙන වයසක් තියෙනවා. අන්න එතකොට වයස අවුරුදු 14 ක විතර ගැහැණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් එක්ක එයාගෙ කැමැත්ත ඇතුව සෙක්ස් කළත් ඒක වැරදියි. එතකොට එහෙම නොකරන එක තමන්ගේ වගකීමක්.
ඒ වගේම තමයි, තමන් එක්ක ලිංගිකව හැසිරෙන කෙනාට ලබාදෙන්න ඕන ගෞරවයක් තියෙනවා. ඒ කියන්නේ තමන් ලිංගිකව හැසිරෙන්නේ ලිංගික වස්තුවක් එක්ක, භාණ්ඩයක් එක්ක නෙවෙයි, හැඟීම් දැනීම් තියෙන තවත් මනුෂ්‍ය ප්‍රාණියෙක් එක්ක කියන එක හැම කෙනෙක්ගේම හිතේ තියෙන්න ඕන. ආන්න ඒ අන්‍යාන්‍ය ගෞරවය හොඳ ලිංගික සම්බන්ධතාවයකට අත්‍යවශ්‍යයි. අපි මෙන්න මේ දේවල් ගැනත් කතා කරන්නේ ඒකයි.
ඉතින් මේ ඇරෙන්න වෙන මොනවද අපි Lifie.lk එකෙන් සෙක්ස් ඇන්ඩ් ලයිෆ්, ලිංගිකත්වය සහ ජීවිතය තුළින් අරගෙන එන්න ඕන? ඒක ඔයාලා කමෙන්ට් එකක් දාලා අපිට කියන්න.
Leave a Reply