සුපිරි වීරයො ඉන්නෙ මාවල් කොමික් පොත් වල විතරක් නෙමෙයි. අපි අතරෙත් ඉන්නව සුපිරි වීරයො. ඒත් ඒ අය වීරයො වෙන්නෙ පියාඹල ගිහින් හෝ අදෘෂ්‍යමානව නොපෙනී ගිහිං නෙමෙයි. මේ මහ පොළොව මත් දි ලබන උපරිම පන්නරයත් එක්ක ඒ අය සුපිරි වීරයො වෙනවා. එහෙම වීරයෙක් අපිට හමු වෙනව ඇමෙරිකාවෙදි. ඔහු “ඇරොන් රැල්ස්ටන්”.
1. කවුද මේ ඇරොන් කියන්නෙ?

Source – getty images
ඇරොන් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්. 2003 වෙනකම්ම. ඒත් ඔහු ආසාවක් දැක්වුව ඇමරිකාවෙ තියෙන ග්‍රෑන්ඩ් කැනියොන් කියන උල්කාපාතයක් වැටී නිර්මාණය උනා කියන ප්‍රදේශයේ නිතරම සංචාරය කරන්න. ඔහු කුඩා කාලෙදි ඔහුගෙ පියා එතන බලන්න ඔහු එක්ක යනව. ඊට පස්සෙ ඔහු තනියම ඒක බලන්න යන්න, එය ගවේශණය කරන්න යන්න පුරුදු උනා. ඔහුට දෙවනි නිවස වුණේ ග්‍රෑන්ඩ් කැනියොන් කියන මේ අතිශය වෙනස් බිම් පිහිටීමක් තියෙන ප්‍රදේශය.
2. මොකද උනේ ඇරොන් ට?

Source – grandcanyonwest.com
ඔහු 2003 අවුරුද්දෙ දිනයේදීත් පුරුදු විදිහට ග්‍රෑන්ඩ් කැනියොන් බලන්න යනව. වෙනදට වැඩිය වෙනසකට තිබුණෙ ඔහු මේ ගමන යන්නෙ කාටවත් කියන්නෙ නැතුව. අඩුම තරමෙ තමන්ගෙ අම්මට හෝ පෙම්වතියටවත් ඔහු මේ ගමන ගැන කියල තිබුණෙ නෑ. සුපුරුදු පරිදි ඔහු තමන්ගෙ දෙවනි ගෙදර ඇතුලෙ ගවේශණය කරමින් ඉස්සරහට ඇදෙනව. ඒ අතරෙදි ඔන්න දකිනවා පල්ලෙහාට තියෙන බෑවුමක් වගේ තැනක්. ඔහුගෙ උත්සාහය මේ බෑවුම පතුලට යන්න. එතන තිබ්බ ගලකට අත තියල ඔහු පල්ලෙහාට පනිද්දි අර අත තියපු මහා ගලත් පල්ලෙහාට වැටිල ඔහුගෙ දකුණු අත එලියට ගන්න බැරි විදිහට බිත්ති දෙකක් අස්සෙ හිරවෙනවා. කොච්චර උත්සාහ කලත් අත එලියට ගන්න ලැබුණෙ නෑ ඇරොන්ට
3. ඇරොන් කොහොමද අත ගත්තෙ එලියට?

Source – youtube.com
ඇරොන් ලඟ තිබුණෙ වතුර මිලි ලීටර් 500 ක විතර ප්‍රමාණයක්. කෑම තිබුණෙ දවසකට සෑහෙන්න. ඇරොන් කොච්චර කෑ ගැහුවත් එලියට සද්දෙ ඇහෙන්නෙ නෑ. දැන් අපේ කථා නායකය මෙතන හිර වෙලා. ඇරොන් වතුර බිවුවෙ ටික ටික. දවසකට මිලි ලීටර් 200 කින් විතර සෑහෙන්න පුලුවංද ඔබට? ඒත් ඇරොන් ඒක කලා. කෑම ඉතුරු කරගත්තත් දවස් තුනක් විතර යද්දි කෑම ඉවර උනා. අන්තිමට ඔහුට ඔහුගෙම මුත්‍රා පවා පානය කරන්න සිද්ධ උනා. ජීවත් වෙන්න ඕන නේ බේරෙන්න උනත්. ඔහු හිතුවෙ එහෙම. මේ ඔක්කොම අතරෙ ඔහු ගලෙන් තමන්ගෙ අත මුදවා ගන්න වෑයම අත හැරියෙ නෑ. ඔහු විවිධ ක්‍රම අනුගමනය කලා. ඒත් ඔහුට අන්තිමට පසක් උනා තමන්ගෙ අත බේරගන්න හැකියාවක් නැති බව.
4. ඔහු බේරෙන්නෙ කොහොමද?

Source – dvdtalk.com
ඔබ විශ්වාස නොකරනම කොටස තමයි මේ. ඔහු අන්තිමට තීරණය කරනව තමන්ගෙ අත අත හරින්න. එහෙමත් නැත්නම් අත දාල එතනින් ඉවත් වෙන්න. අත එතන දාන්න උනත් ඔහුට සිද්ධ වෙනව තමන්ගෙ වම් අත පාවිච්චි කරල දකුණු අත කපල අයින් කරන්න. ඔහු ඒ වෙනුවෙන් හෙමින් හෙමින් මනස හදාගෙන ලඟ තිබිච්ච මොට්ට පිහියකින් අත කපාගන්නවා. පැය ගාණක් තිස්සෙ වටෙන්ම අත කපාගන්න ඔහු අත නැතුව බේරෙනවා. කෑම බීම නැතුව මියයන්න හිටපු ඔහු අත යක්ෂයාට ඇපයට තියල බේරෙනවා.
අවසානයේ ලේ ගලන අතක කොටසක් එක්ක ජනාකීර්ණ ප්‍රදේශයකට දිව යන ඔහුට ප්‍රථමාධාර දීල, අවශ්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කරල සම්පූර්ණ සුවයක් ඔහුට ලබා ගන්න හැකියාව ලැබෙනවා.
5. ඔහු වීරයෙක්?

Source – simonandshuster.com
මේ සිදු වීමෙන් පස්සෙ ඔහු මේ සිද්ධිය ගැන කෘතියක් ලියනව. පොතේ නම ‘Between a rock and a hard place’. ආදායම් වාර්තා තබමින් මේ පොත විකිණෙනවා. ඔහු වීරයෙක් ලෙස සමාජය පිලිගන්නවා. එහි අග්‍රස්ථය විදිහට ඔහුගෙ මේ කතාව රැගත් සම්මානනීය චිත්‍රපටියක් “127 Hours” නමින් 2010 දි රිදී තිරය කලඹවනවා. ඔහු දැන් වීරයෙක්.
6. ඔහු අපිට දෙන ආදර්ශ මොනවද?

Source – rebm.com
ඇත්තටම මේ චිත්‍රපටිය බැලුවොත් ඔබට ඔබේ ආශාවන් මොනවද කියල හිතෙනව සත්තයි. වතුර නැතුව ආහාර නැතුව ඇරොන් විඳින දුක. ඒත් අපි අද කොච්චර ආහාර, වතුර අපතේ දානවද? මේ වගේ සරල දේවල් පවා මතකයට නගා ගන්න මේ කතාව හොඳ හේතුවක් සපයනවා. ඒ වගේම “වැටුණොත් නැගිටින්න” කියන තේමාව අපේ ජීවිතේට ඇරොන් කියල දෙනව. පැය 127 ක් තිස්සෙ අතක් ගලක් අස්සෙ හිර කරං ඉඳලත් ඔහු ඔහුගෙ බේරීමේ ප්‍රයත්නය නැවැත්වුවෙ නෑ. ඒ වගේම නිර්භීත කම, අධිශ්ඨානය, තැනට සුදුසු ලෙස ක්‍රියා කිරීම ඔහුගෙ කතාවෙන් අපට කියල දෙන තවත් ගුණාංග කිහිපයක්.
ඔබත් බැලිය යුතුම චිත්‍රපටි ගොන්න අතරට මම “127 Hours” චිත්‍රපටිය යෝජනා කරනවා. එය ඔබට පාඩමක් කියා දේවි. ජීවිතේ ගැන වගේම, නිර්භීත කම ගැනත්.
Cover Image Source – businessinsider.co.au
Leave a Reply