ලංකාවේ ආන්දෝලනාත්මක රචකයෙක් වන මොහාන් රාජ් මඩවලයන්ගේ පොත් ඔබ කියවිය යුත්තේ ඇයි?

මොහාන් රාජ් ගැන නොදන්න ලාංකික පාඨකයෙක් නම් නැති තරම්. මොහාන් රාජ් ඒ තරම් ජනප්‍රියයි, ඒ වගේම ආන්දෝලනාත්මක කෘති බිහිකරන්න ඔහු සමතෙක්. පිරිසක් මොහාන් රාජ්ගේ කෘති වලට අතිශයින් කැමති වෙද්දි ඒ කෘති බාල ගණයේ ඒවා බව කියන තව පිරිසකුත් අපි අතර ඉන්නවා. අද අපේ මේ ලිපියේ අරමුණ මොහාන් රාජ්ගේ කෘතියක් ඔබ විසින් කියවන්න තෝරගත යුත්තේ ඇයි දැයි සොයා බැලීමයි.

1. මායා යථාර්ථවාදය

මායා යථාර්ථවාදය කියපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් කියන ශ්‍රේෂ්ඨ කතුවරයාගේ පොත් තමයි. ඔහුගේ “සියක් වසක හුදකලාව” කියන්නේ මේ මායා යථාර්ථවාදය ගැන කතා කරද්දි ඉහළින්ම සඳහන් කළ හැකි පොතක්. මේ මායා යථාර්ථවාදී ශෛලියේ පොත් ලියන තව කතුවරු ගොඩාක් ලෝකයේ වගේම අපේ රටෙත් ඉන්නවා. ලංකාවෙ ලේඛකයො ගත්තහම සයිමන් නවගත්තේගමගේ කතාවල වගේම සේපාලී මායාදුන්නේ මහත්මියගේ “සුවඳ සන්නිය” වැනි කෘති වලත් මේ රීතිය භාවිතා වෙලා තියනව අපිට දකින්න පුළුවන්. මොහාන් රාජ්ගේ කතාත් අපේ රටේ සමහර පාඨකයන්ට නවමු අත්දැකීමක් වෙන්න ඔහු කතා ලියන මායා යථාර්ථවාදී රීතිය බලපෑවා.

 

2. ලිංගිකත්වය

ගොඩක් අය මඩවලයන්ගේ කෘතීන් වලට අකමැති ඇයි කියලා ඇහුවොත් ගොඩාක් වෙලාවට ඒ උත්තරේ වෙන්න පුළුවන් ඒ කෘතිවල ලිංගිකත්වය බහුල වීම. සමහරුන්ට දිරවන, සමහරුන්ට නොදිරවන ලිංගිකත්වය එතුමාගේ කෘති සියල්ලගේම වගේ මුසුවෙලා තියනවා.

 

3. නවකතා හා කෙටිකතා

ඔහුගේ මුල්ම පොත මාගම් සෝළිය ඒක ඇත්තටම ලංකාවෙත් සෝළියක් වුන පොතක්. තරමක් ඓතිහාසික ප්‍රබන්ධයක්. ඊට පස්සේ ආපු ලොවිනා කතා තුනක් එකතුකරපු වෙනස්ම පොතක්. ආදරණීය වික්ටෝරියා නවකතාවේ තියෙන්නේ අරක්කු රේන්ද කර්මාන්තය ගැන, රැජින නවකතාවේ අනුලා රැජිනගේ ජීවිතය ගැන ප්‍රබන්ධයක්ද කලම්බෝ පොතේ අතීතයේ කොළඹ නගරය ගැන ප්‍රබන්ධයක්ද අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔහුගේ බෝදිලිමා, සිහින සිහින සහ සිහිනා කෙටිකතා පොතුත් ජනප්‍රිය වුනා…

 

4. ඒකාකාරි අච්චුවෙන් ඔබ්බට


ගොඩක් අය කියනවා මොහාන් රාජ්ගේ පොත් එකම අච්චුවේ කතා කියලා. ඒත් ගිය වසරේ එළි දැක්වූ අයි.ඩී නවකතාවෙන් ඔහු ඒ සම්ප්‍රදායෙන් බැහැර වුනා. ඒක ඩිජිටල් ලෝකයත් එක්ක ගනුදෙනු කරන අපේම කතාවක් ඒ එක්කම අපේ නිවැරදි අයි ඩීය හඳුනාගන්න කරන එක්තරා විදියෙ ආරාධනාවක්…

 

5. විශ්වාසනියත්වය


මොහාන් රාජ් මහතාගේ පොත් වල තියෙන අඩුවක් කිව්වොත් පොත පුරාවටම පාඨකයාව රඳවා තබා ගන්න අපහසු බව. ඒත් මේ පොත් සමහර අයට එක හුස්මට වුනත් කියවන්න පුළුවන් ඇති. ඒත් ගොඩක් අයට අමාරියි මුල, මැද, අග ගැලපීමත් තරම්ක් දුරට තේරුම් ගන්න අපහසුයි. හැබැයි ඉතින් මේ පොත් රසයෙන් ගොඩාක් ඉහලයි. අර පැටලිලි හැරුණම…

 

6. “සයිමන් නවගත්තේගම”ගේ ශෛලිය


ලංකාවේ නම් අර කලින් කිව්ව මායා යථාර්ථයවාදය ගැන ජනප්‍රියම තවත් කතුවරයෙක් ගැන කිව්වොත් සයිමන් නවගත්තේගම ඔබේ උත්තරේ වෙයි. ගොඩක් අය මඩවලයන්ගේ කෘති නවගත්තේගමයන්ගේ කෘතිනුයි සසඳන්නත් පුරුදු වෙන්නේ මේ එකම ආකාරයේ වගේ නිසා වෙන්න ඕනේ…

 

7. ඉංග්‍රීසී පාඨකයන්ටත්


මේ පොත් ඉංග්‍රීසියටත් පරිවර්තනය වුනා කියලා ඔබ සමහරවිට දන්නවත් ඇති. හැම එකම නෙමෙ ආදරණිය වික්ටෝරියා, ලොවීනා හා බෝදිලිමා කෙටි කතා සංග්‍රහය ඔබ ඉංග්‍රීසියෙන් කියවන්න කැමති නම් ඒ විදියට කියවන්නත් පුළුවන්…

ඔයා කියවලා නැත්නම් එතුමාගේ පොත් අපි ආරාධනා කරනවා. එකක් කියවලා බලන්න කියලා. සමහරවිට ඔබ කැමතිවේවි නැත්නම් අකමැති වේවි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *