දේශපාලකයින්ට ඇලෝසියස් වගේ අපිට කෝල් 30-40 ගන්න ඉන්න කට්ටිය

Allocious calls we receive

පසුගිය කාලයේ ගිය වාර්ථා වලට අනුව ඇලෝසියස් ගේ කෝල් බොහෝම ජනප්‍රිය වුණා. රටේ නම ගිය දේශපාලකයින් රැසකට ඇලෝසියස් ඇමතුම් ලැබී තිබුණා. කෝල් කිරීම කියන එකෙන් ඇමතුම යන්න සරලව සිංහලට නැගුවත් කෝල් කිරීම කියන වචනය පුළුල් ලෙස වෙනත් අර්ථ සදහා ද පාවිච්චි කරනවා. “මචං උන් කෝමද අපිට ගේම කෝල් කරන්නේ, මේක අපේ ඒරියල් එක නේ..” කොල්ලො සෙට් එකක් සෙට් වුනාම ඒ විදියට ගේම කෝල් කිරීම කියලා කියන්නේ නිකං මොකක් හරි කොක්කක් ඇදගෙන පොඩි සත්තමක් දාල ගිය වගේ අවස්ථාවක. කොච්චර පරලොව ගැන  කතා කළත් යමෙක්ට අපායෙන් දිව්‍යලෝකෙන් කෝල් කිරීම කියන්නේ නම් එතරම් සුබ දෙයක් විදියට සලකන්න අමාරුයි. මොකද අපායේ හෝ දිවිය ලෝකේ යන්න මේ ජීවිතයට නැවතීමේ තිත තියන්නට වෙනවා.

ඇත්තටම අපිට නම් කවුද ඔය වගේ වරකට දෙතුන් වතාව බැගින් දිනකට තුන් හතර වතාවක් කතා කරන්නේ? අපි ඒ ගැන සොයාබලමු .

 

1. සැමියා හෝ බිරිඳ

Allocious calls we receive

Source – europecalling.nl

සැමියා ට වඩා බිරිඳ කතා කරනවා කියලා තමයි සාමාන්‍ය පිලිගැනීම . ඒත් පිරිමියෙක් සමහර වෙලාවට වැඩක් කරන්න ගියාම හරියට කරන්නේ නෑ.. සමහර වෙලාවට ගෙදර දොරට ඕනි සිල්ලර බඩු ටික ලැයිස්තුවක් හදලා දෙන්න ගියත් සැමියා වීරයා වගේ යනවා බඩු ටික මතක විදියට. ඒත් එතන්ට ගියාම ඉතිං බිරින්දෑගේ ෆෝන් එක රිං කරලා තමයි බඩු ලැයිස්තුව අහ ගන්නේ. ඒ වගේම ඒ ඒ දේ මිලදී ගන්න ගියත් බිරිදගෙන් ඒවා ගැන නියම අදහස ගන්න ඕනි. ගොඩක් වෙලාවට පිරිමි අයට ෆුඩ් සිටියේ හෝ වෙළඳපොලේ තිබෙන සහල් ඔක්කෝම එක වගේ පේන්නේ.. සුදු පාට රතුපාට විතරක් වෙනස් වෙනවා. බිරිය ගෙන් අහලා තමයි “මේ..:ගන්න හාල් මොනාද?” කියාල අහන්නෙත් . ඒ වගේ දරුවන්ගේ ඇතැම් කටයුතු වලදීත් සැමියාට නිතරම බිරියට කෝල් කරන්නේ නැතිව ගැටළු විසඳගන්නට ලැබෙන්නේ නෑ..

බිරිඳ නම් ඉතිං සැමියාට හැම වැඩේටම උපදෙස් දෙන්න ඕනි නිසා බොහෝවිට අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සඳහා කෝල් කරන්න පසුබට වෙන්නේ නෑ. ආදරය කරන කාලේ තරම් දීර්ඝ මල් කැඩීම් බැන්දාට පසු අඩු වුවත් සැමියා යමක් හරියට කරගන්න නොදන්නවාය යන සැකය සහ සැමියාගේ වැඩ කිරීමේ තරම ගැන හොද අවබෝධයක් ඇති බිරිඳ සෑමවිටම සැමියාට වැඩ පැවරුවත් එහි ප්‍රෝග්‍රස් එක විමසා බලන්නට කටයුතු කරනවා. ඒ වගේම පවුලක් නම් නාමිකව පිරිමියා මූලික වුවත් නිවසේ වැඩකටයුතු රැසක් සිදුවන්නේ බිරියට අවශ්‍ය වර්ණ වලින්. ඒ කිව්වේ ඇයගෙ රුචි අරුචිකම් අනුව තමයි නිවසේ වැඩකටයුතු වෙන්නේ. ඉතිං ඒ නිසාම සැමියා නම් මොකක් හරි ගෙදර වැඩක් කරන විට ඇලෝසියස් ගේ ෆෝන් එකෙන් දේසපාල තුමාට එනවා වගේ බිරියගෙන් නිතර එන කෝල් වලින් නම් ගැලවෙන්නට අමාරුයි.

 

2. අම්මා

Allocious calls we receive

Source – jetmag.com

පුතා දැන් කොහේද ඉන්නේ. බොන්නෙ හෙම නෑ හොඳද. ඔය ලගපාත ඇලවල් වැව් පොකුණු එහෙම තිබුනට පැනල නාන්නෙ හෙම නෑ.. මං තාත්තටත් කියන්න ඕනි. ආදී වශයෙන් පොඩි චාරිකාවක් ගිය තැන පටන් අම්මාගේ විමසිම් ඇමතුම් වලනම් අඩුපාඩුවක් තරුණ වයසේ දරුවන්ටවත් නැහැ. කොතරම් ලොකු මහත් වුවත් දෙමාපියන්ට නම් දරුවන් හැමදාම කුඩා දරුවන් විදියට පේන්නේ . අපේ පවුල් පසුබිම් අනුව ඒ විදියට නිතර සොයාබලලා උපදෙස් ආදිය ලබාදීලා අම්මලා තාත්තලා  කටයුතු කරන්නේ තමුන්ගේ වගකීමක් ලෙස සලකාගෙනයි. දරුවන් ලෙස  උස් මහත් වුණත් නිවසේ පැවත්වෙන ආගමික උත්සවයක් වැනි දෙයකදී දෙමාපියන්ගේ දායකත්වය අපිට අමතක කරන්නට බැහැ. ඒ නිසා දෙමාපියන්ගෙන් කොයි යම්ම වෙලාවක ඇමතුම් ආවත් ඉතිං ඇලොසියස් ඇමතුම් එනෝ වගේ වටිනා ඇමතුමක් විය හැකියි කියලා හිතලා ආන්සර් කරන එක තමයි හොඳ දරුවන්ගේ ගතිය.

 

3. ඉන්ෂූරන්ස් ක්‍රෙඩිට් කාඩ්

Allocious calls we receive

Source – expertbeacon.com

අපිට තියෙන ජීවිත අවධානම පවුලට තියෙන අවධානම ගැන වඩාත් සංවේදී පිරිසක් තමයි ජීවිත රක්ෂණ උපදේශකයින්. ඒ වගේම වර්තමානයේ යම් අඩුවීමක් ඇතත් ක්‍රෙඩිට් කාඩ් ලබාදෙන අය වැනි වෙළඳ නියෝජිතයින් ගෙනුත් අපේ ෆෝන් එකට විසුමක් නැති වෙන වෙලාවල් එනවා. ක්‍රෙඩිට් කාඩ් නම් හිදිසියකදී මුදල් වියදම් කිරීම, පහසු භාවිතාව ගැන විවිධාකාර දේ කියමින් ඔවුන් අපිව කාඩ් එකකට ඩැහැ ගන්නට කටයුතු කරනවා. ජීවිත රක්ෂණ විකිණීමකදී නම් එහි ඇති අනාගත වාසි , ගැටළුවකදී ලැබෙන ප්‍රතිලාභ, ගැන පුන පුනා පවසමින් ජීවිත රක්ෂණය වෙත අපව යොමුකරගන්නට රක්ෂණ නියෝජිතයා ලොකු වෙහෙසක් ගන්නවා.

මුල් අවස්ථාවලදි මේ අය නොනවත්වා ඇමතුම් ගනිමින් හමුවී වැඩ කර දුන්නත් ඉන් පසු සේවාව ලබාගත් පසු නම් තරමක් අමාරුයි ඇතැම් නියෝජිතයින් සොයාගන්න. ඒ නිසාම දෝ හෝ ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් වලට ණය වී සිටින අයත් මුල් වාරික කිහිපයකින් ජීවිත රක්ෂණ අදහස අතහැර ගත් අයත් බොහෝයි. ඇලෝසියස් වගේ වැදගත් විදියට නියෝජිතයින් අපිට කතා කරන නිසා අපි ක්‍රෙඩිට් කාඩ් සහ ජීවිත රක්ෂණ වැනි දේට පෙළඹෙනවා. ඒ වගේම ඒවා දිගින් දිගටම පවත්වාගෙන යෑම ගැනත් මුලදීම සිතුවොත් අපේ බැංකු ගිණුම් වල සල්ලි ඉතුරු කරගන්න ලැබේවි.

 

4. කොම්පනියෙන් එන කෝල්

Allocious calls we receive

Source – cloudfront.net

ආයුබෝවන්..මේ අහවල් රිගින් ටෝන් , ටියුන් සේවාවයි. ඔබගේ ජංගම දුරකථනයේ ටියුන් සේවාව සක්‍රිය කරගෙන අහවල් මල් ගීතය රිං ටෝන් එකට ඇතුලත් කරගැනීමට 3164 ඔබන්න. ආදී එන පටිගත කළ දැන්වීම් ද ඇතැම්විට වදයක්. ඒවා සක්‍රිය කරගැනීමේදී අවසානයේ අධික කලබලයෙන් ගාස්තු සහ බදු ඇතුලත් විය හැකි කියලා කියනවා. මේ කෝල් කිරීමත් කාර්යබහුල අපිට වදයක්.

එකම අංකයකින් වැඩි වාර ගනන් ඇමතුම් එන්න බොහෝ හේතු තිබෙන්නට හැකියි. ඒ අතර මේ කිහිපයක් පමණයි. ඇත්තටම ඔයාලටත් එහෙම ඇලෝසියස් ගෙන් අහවලාට කෝල් ලැබුණා වගේ නිතර නිතර කෝල් ලැබුණ කාලයක් තියෙන්නට ඇති නේද? ඒ ගැන ටිකක් මතක් කරගන්නත් මේක හොඳ වෙලාවක් වෙයි.

 
Cover Image Source – sarealestatenews.com.au/ shutterstock.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *