රොක් සංගීතය කියන්නෙ කොයි තරම් ගැඹුරක්, නිර්මාණශීලීත්වයක් සහ දියුණු උප සංස්කෘතියක් වුනත් ලංකාවෙ මහා සමාජය ඇතුළෙ ඒ තරං හොඳ ප්‍රතිරූපයක් තියෙන දෙයක් නෙමෙයි. ඒ අවුල් සහගත සිතුවිල්ල තරමකින් හෝ වෙනස් කරනවානම් වෙනස් කරගන්නට හැකි වුනේ චිත්‍රාල් සෝමපාලට විතරයි. ඒ නිසායි එයාත් මේ මොහොත වෙද්දි රියැලිටි වැඩසටහන්වල වැඩිපුර දකින්න ඉන්නෙ. හැබැයි ඒ මොකුත් නැතුව රොක්වලට ආසා කරන පිරිසුදු ශ්‍රී ලාංකික රොක් සංගීත ලෝලියාටනං ඇතිවෙලා තියෙන තත්ත්වය හැම අතින්ම ශෝචනීයයි මිත්‍රවරුණි. ඒ ඇයි කියලයි මේ කියන්න යන්නෙ.
1. මර්චන්ඩයිස්
ලංකාවෙ ඇතුළෙ පුංචි පුංචි ව්‍යාපාර කිහිපයක් ගොඩ නැගුණා හැරෙන්නට රොක් සංගීතය වෙනුවෙන් ඔරිජිනල් මර්චන්ඩයිස් මිලදී ගන්න නිශ්චිත තැනක් නෑ. රැප් හෝ හිපොප් රසිකයන්ට උවමනා තරම් ඇඳුම්, කැප් හෝ මාල වෙනුවෙන් තැන් තිබුනත් ඔරිජිනල් රොක් ටීෂර්ට් එකක් හොයාගන්න එක තාමත් තරමක් අමාරු වැඩක්. ඉතිං තමුන් කැමති බෑන්ඩ් එකටවත් සප් එකක් දෙන්න නියෝජනයක් කරන්න ලංකාවෙ රොක් සංගීත ලෝලියාට ඉඩක් නැහැ. අනික පිටකොටුවෙ එල්ලෙන මෙටැලිකා කියලා අකුරු කොටපු බාල ටීෂර්ට් නිකං නම ලස්සන නිසා මිනිස්සු ගන්න එකත් රොක් සංගීත ලෝලීන්ගෙ හිතට අමාරු වැඩක්.
2. ඉන්ටර්නැෂනල් කොන්සර්ට් නොතිබීම
ලංකාවෙ රොක් සංගීතයට හිතැති පිරිස සාපේක්ෂව අඩු වුනත්, ප්‍රමාණාත්මක වශයෙන් නම් කිසිම අඩුවක් නෑ. ඒ වගේම ඒ වෙනුවෙන් අනෙක් ඕනෑම සංගීත ෂානරයකට වඩා කැප කිරීමක් කරන්න පුළුවන් රසික ප්‍රජාවක් රොක් සංගීතය වෙනුවෙන් ඉන්නවා. ඒ වුනත් ලංකාවට තාමත් ඇරයුම් ලැබෙන සංගීත කණ්ඩායම් අතරේ රොක් සංගීත කණ්ඩායම් නැති තරම්. ඉතිං ලංකාවෙ රොක් සංගීත රසිකයන්ට රොක් සංගීතය සජීවීව ආශ්වාදනය කරන්න නම් විදෙස් රටකටම යන්න වෙනවා.
3. සද්දෙ
අම්මා දවස තිස්සෙම වෙහෙස මහන්සි වෙලා, උයලා කරලා යාන්තං නිදියන්න ලෑස්ති වෙනකොටම පුතා “ලෑම්බ් ඔෆ් ගෝඩ්” වගේ සින්දුවක් ප්ලේ කරාම අම්මට උපරිමේට කේන්ති යනවා. දවසට එක පාරක් හරි ඉයර්ෆෝන්වලින් මිදිලා නිදහසේ ආසා කරන සින්දුවක් අහන්න තියෙන ඉඩ ඇහිරෙන්නෙ ඒ විදියටයි. අම්මා විතරක් නං මදැයි. අම්මා ගෙදර නැති වෙලාවක සින්දුවක් දැම්මොත් ඉතින් අහල පහල ගෙවල්වල මිනිස්සුත් නටාගෙන ඇවිල්ලා කම්ප්ලේන් කරනවා. උන් එන්නෙත් අම්මා ඉන්න වෙලාවට.
4. මගතොට
සාමාන්‍යයෙන් අපිට අපි ආසා කරන සින්දු මගතොට යද්දි ඇහෙනවා. අපි ඒවා රසවිඳින්නෙ පුදුම ආශාවකින්. අපිම තෝරාගෙන අපේ ඉයර්ෆෝන්වලින් කනට ගලනවාට වඩා ආශාවක් සහ ලස්සනක් ඒ සින්දුවල තියෙනවා. වික්ටර්, මිල්ටන්, කපුගේ, ජෝති ලෝලීන්ටත් මේ අවස්ථාව ඉඳලා හිටලා හරි ලැබෙනවා. හැබැයි ඉඳලා හිටලාවත් මෙහෙම අවස්ථාවක් නොලැබෙන ප්‍රජාවක් විදියට රොක් සංගීත ලෝලී ප්‍රජාව දක්වන්නට පුළුවන්. ඉතිං කොච්චර පවුද කියලා ඔයාලම හිතන්නකො.
5. මිතුරු සමාජ
සාමාන්‍යයෙන් රොක් සංගීත ලෝලීන්ට රොක් සංගීත ලෝලී මිතුරු සමාජයක් හිටියත් ඔය හැමෝම හැම වෙලේම මුණගැහෙන්නෙ නැහැනෙ. රොක් සංගීත ලෝලීන්ටත් සමාජයේ අනිත් අයත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. ඒ අය කතා කරන්නෙ ඉතිං අලුතෙන් ආපු රැප් එකක් ගැන, ටෝන් පොයම් එකේ කියපු සින්දු ගැන හරි අලුතෙන් ආපු පොප් බෑන්ඩ් එකක් ගැනනං ඒ මිතුරු සමාජෙට වෙලා අදාළ රොක් සංගීත ලෝලීයාට කට ඇරගෙන අහං ඉන්න තමයි වෙන්නෙ. ඇයි ඉතිං කියන්න දෙයක් දන්නෑනෙ.
6. කළු
රොක් සංගීත ලෝලීන් වැඩිපුරම අඳින්නට ආසා කරන පාට මොකද්ද කියලා ඇහුවොත් අමුතුවෙන් හිතන්න දෙයක් නැතුවම එන උත්තරේ තමයි කළු. බෑන්ඩ්වල තියෙන්නෙත් කළු පසුබිමේ කතා නිසා කළු පාට තමයි ලෝකයේ රොක් සංගීත ලෝලීන්ගෙ පාට වෙන්නෙ. හැබැයි ඉතිං ලංකාව වගේ සමකය ආසන්න රටකට කඩේට යන්නත් කළු පාට රොක් ටී ෂර්ට් එකක් ඇන්දම ඇතිවෙන්නෙ පුදුම අපහසුවක්. මොනව කරන්නද ඉතිං, වෙනිං පාටක ටී ෂර්ට් එකක් නැති නිසා හාකබොන්ඩ් කාපු රිලවා වගේ විරෝපට්ටං ගහගෙන එහෙ මෙහෙ යන්න වෙනවා.
7. ගෝරනාඩු
අම්මලා ඉතිං තමුන්ගෙ දරුවොන්ට හොඳක් වෙනවටනෙ කැමති. ඉතිං නරක යාලුවො ආශ්‍රය කරනවාට අම්මල කැමති නෑ. හැබැයි ඉතිං පෙනුමෙන් මිනිස්සු මනින්නත් බැහැනෙ අම්මෙ. අන්න ඒ නිසාම ඔබේ පුතාගේ කළු ටී ෂර්ට් ඇඳි මිතුරාටත් එකසේ සළකන්න කියලා තමයි අන්තිම කොටසෙන් කියන්න සිද්ධ වෙන්නෙ. අන්න ඒකත් රොක් සංගීත ලෝලීන්ට සිද්ධ වෙන ලොකු අකටයුත්තක්. මිණී ඔලු ගහපු ටීෂර්ට් ඇඳගෙන, රැවුල් කොණ්ඩා වවපු යාලුවො දැකපු ගමන් අම්මට හිතෙන්නෙ දෙකක් නෑ මුං කුඩු කාරයො කියලම තමයි ඉතිං.
Leave a Reply