කූඹියෝ කතාව මිනිස්සු අතරෙ ප්‍රසිද්ධ වෙන්න හේතු ටිකක්

Koombiyo Fans

මේ දවස්වල සෝෂල් මීඩියා ඇතුළෙ ඉන්න ගොඩක් චරිත කූඹි කවාගෙන ඉන්නෙ. ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ මේ කියන්නෙ කූඹියෝ කතාව පිස්සුවෙන් වගේ බලන අයියලා ගැන තමයි. මේ අයියලා ඉතිං එහෙම පිස්සුවෙන් වගේ ඒ කතාව බලන්නෙ ඒ කතාවෙ සුපිරි ආතල් එකකුත් තියෙන නිසාමයි. අපි අද කියන්න යන්නෙ අන්න ඒ විදියට කූඹියෝ කතාව ආතල් වීමට හේතු මොනවද කියලයි.

කලකට පස්සෙ

Koombiyo Fans

Source – youtube.com

කලකට පස්සෙ තමයි පුංචි තිරේට ත්‍රිලර් ඝනයේ එපිසෝඩ් සීමිත ගණනක ටෙලියක් වඩින්නෙ. මීට කලින් ඇක්ෂන් ත්‍රිලර් ඝනයට තිබුනෙ දඬුබස්නාමානය ටෙලිය වගේම ගිනි අවි සහ ගිනි කෙලි විතරයි. ඒකෙනුත් ගිනි අවි සහ ගිනි කෙලි සීමිත එපිසෝඩ් ගානක එකක් නෙමෙයි. දඬුබස්නාමානය විකාශනය වෙලා දැනට අවුරුදු විස්සක් විතර වෙනව. මේ හේතු දෙකම නිසා ත්‍රිලර් කැටගරියෙ වැඩක් විදියට මේක නැගලා යනව. ඒ වගේම මෙච්චරකල් තෝරාගත්තු මිනිස් කොට්ටාසයකට ටෙලිනාට්‍ය වෙන් කිරීම නිසා කොන්වෙච්ච මිනිස්සු අවුරුදු ගානකට පස්සෙ ආයෙත් ටීවී එකට වාඩි වෙනවා. මීට කලින් හොඳ ටෙලි නාට්‍ය ආවත් ඒවා එවකට පැවතිච්ච මෙගා නාට්ටි එක්ක හැප්පිලා අවධානය කඩාගන්න සමත් වුනේ නෑ. හැබැයි කූඹියො කෑවම වැඩේ ටිකක් වෙනස්.

 

නළුවො ගොඩ

Koombiyo Fans

Source – youtube.com

මේක තමයි කතාවෙ හිතන්නම බැරි වැඩේ. පුංචි චරිත තමයි වැඩියෙන්ම තියෙන කතාවෙ පුංචි චරිතවලට වැඩියෙම්ම ඉන්නෙ අති ප්‍රවීණ නළුවො. නිකමට හිතනවකො ලක්ෂමන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, මොරින් චාරුනී, ඩබ්ලිවු. ජයසිරි, රම්‍යා වනිගරත්න, ජගත් මණුවර්ණ වගේ නළුවො පුංචි චරිත කරන ටෙලිනාට්‍ය දැකල තියෙනවද කියල. එයාලා මෙච්චරකල් කරපු නාට්‍යවල එයාලගෙ චරිත මුල සිට අගට ඇදුනු පට්ට සිරා විසල් චරිත. ඒත් අද ඒ අය පුංචි කෑල්ලක් බැක් කරනවා. හැබැයි ඒ දේ පොඩි තැනකින්වත් කතාව නොගිලිහෙන්න හොඳ හේතුවක් විදියට අපි හිතනවා.

 

යථාර්ථය

Koombiyo Fans

Source – youtube.com

අපි ඇත්ත ජීවිතේ කතා කරන්නෙ කොහොමද? ඒ විදියටම මේකෙත් කතා කරනවා. ඒ විදියම සිදුවීම්, කතාව ඇත්ත ජීවිතේ වගේම තාත්විකයි, අවුල් තැන්වලට විසඳුම් කතාව ඇතුළෙන්ම හම්බෙනවා. කතාවෙ ඒ තියෙන අව්‍යාජ බව මිනිස්සුන්ව ලඟින් තියාගන්න හොඳ හේතුවක්. ඒ වගේම මිනිස්සු ආස කරන විදියටම කොල්ලෙක් යාළුවෙක් එක්ක කතා කරන්නෙ කොහොමද? කොල්ලෙක් එක්ක කතාකරන්නෙ කොහොමද? අපි හැමෝම කතා කරල තියෙන්නෙ කොහොමද? අන්න ඒක කූඹියොන්ට සමාන වෙනවා.

 

අව්‍යාජයි

Koombiyo Fans

Source – youtube.com

මේකත් හොඳ හේතුවක්. කූඹියෝ එකේ ලූප් හෝල්ස් ඉතුරු කරන්නෙ නෑ. මුලින් අපි ලූප් හෝල්ස් වගේ දැකලා ප්‍රශ්න කරපු තැන බොහෝමයක් කතාව ඉස්සරහට යද්දි විසඳුනා. අන්න ඒ විදියට දැන් තියෙන ලූප් හොල්ස් ටිකත් ෂේප් කරන විත්තිය අධ්‍යක්ෂකවරයා තැනක කියලා තිබුනා. බෙල්ලෙ පත චේන් තියාගෙන කන්නෙ අඳින්නෙ නැතුව ඉන්න සීන් මේ කතාවෙ නෑ. මාල වළලු දාගෙන නිදාගන්න, සල්ලි නැතත් චිකන් කන විදියෙ සීන් මෙතන නෑ. මෙතන ඉන්නෙ කරෝල කෑල්ලෙත් කට්ට කාලා මස් ටික ලොක්කට දෙන සේවකයො.

 

මියුසික්/ දෙබස්/ රූප

මේ දේවල් තුන ගැනම විශේෂයෙන් කියන්න ඕනත අපි මීට කලින් අහපු මියුසික් එකක් ටිකක් වෙස් විදියකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒක අපේඔලුවෙ හොල්මන් කරන හඬක් නිසා ඒ මික්ස් එක ෆුල් ආතල්. දෙබස් ටික නියමෙටම පොලොව පය ගහපු දෙබස්. ඒ වගේමයි රූප. ටෙලියකින් අපි නොදැකපු විදියෙ නියමෙට ස්පේස් සහ ප්‍රපෝෂන්ස් පාවිච්චි කරල මේක මේ වැඩේ කරල තියෙනව.

 

අදින්නෙ නෑ

Koombiyo Fans

Source – facebook.com

වෙනිං කතාවල පළවෙනි එපිසෝඩ් එකේ බත් උයනව, දෙවනි එකේ බත් බෙදනවා, තුනයි හතරයි බත් කනවා සහ කන ගමන් කතා කරනවා, පස්වෙනි එකේ පිඟාන හෝදනව. ඒ වුනාට මෙතන කතාවෙ මහා පරිච්ඡේදයක්ම එක තැනකින් ඉවර වෙනවා. වාහනේට නගිනවා විතරයි… ඊටපස්සෙ කෙලිම්ම ආයෙ ගමන ගිහින් අදාල තැනට එන සීන් එකකින් තමයි ප්‍රේක්ෂකයාට කතාව කියන්නෙ. අන්න ඒ විදියට අදින්නෙ නැති නිසා කතාවෙ ටිකක් මිස් වුනත් ලොකු අවුලක් පැනනගිනව. ඒ නිසා මිනිස්සු කතාව මිස් කරන්නෙ නැතුව බලනව. අනිත් දීර්ඝ ටෙලිනාට්‍ය එපිසෝඩ් 10ක් මිස් වුනාට පස්සෙත් කතාව කිසි ගින්නක් නැතුව හොයාගන්න පුළුවන්.

 
Cover Image Source – facebook.com / youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *