හරි අපි අපේ කතාව මෙහෙම පටන් ගමු. මොකද මාත් ගෙදර යන්න එපැයි. ගිහිල්ල හෙට ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කොහෙහරි යන්නත් එපැයි. ඉතිං මට මෙවුව ගෙඩි පිටින් මගේම අත්දැකීම් කියල කියන්න බැහැ. මේ අපිට වටපිටාවෙන් අහන්න ලැබුනු අත්දැකීම්. ඒ කොහොමින්හරි අපි මේ කියන්න යන්නෙ කෙල්ල ප්‍රශ්න අහනකොට කොල්ලො උත්තර දුන්නොත් කොරවෙන්න ඉඩ තියෙන දේවල් ටිකක් ගැන. මේ වගේ වෙලාවට ප්‍රශ්නෙන් පැනලා යන එක තමයි හොඳ.
1. ඔයා මෙයාව දන්නවද?

Source – huffpost.com
ඔන්න පුතෝ මරාලයක්. කෙල්ල ෆේස්බුක් එකෙන් තව කෙල්ලෙක්ව පෙන්නල මෙයාව දන්නවද ඇහුවොත් මොකක්හරි අපලයක්. මේකට හේතු කිහිපයක් වෙන්න පුළුවන්. එක්කො කොල්ල ෆේස්බුක් ආපු මුල් දවස්වල ඒ කෙල්ලගෙ පින්තූරෙකට ලයික් එකක් දාලා තියෙන්න පුළුවන්. නැත්තං ඒ කෙල්ල කොල්ලගෙ පින්තූරෙකට ලයික් එකක් දාලා වෙන්න පුළුවන්. නැත්තං ඔය කෙල්ල එයාව අඳුරන වෙනිං කෙල්ලෙක් එක්ක කොල්ලට කැමතියි කියල තියෙන්න පුළුවන්. නැත්තං ඇත්තටම ඒ කෙල්ලව කලින් දවසක කොල්ලට අඳුන්වලා දීලත්, කොල්ලට දැන් මතක නෑ වෙන්න පුළුවන්. ඔය කොයි මරාලෙත් ඔලුවෙන් යන නිසා ඕවට උත්තර නොදී මගඇරල ඉන්න තරමට හොඳයි.
2. ඔයාට මතකද අපි මුලින්ම……..?

Source – businessinsider.com/ alamy.com
ඔයාට මතකද අපි මුලින්ම අයිස්ක්‍රීම් කාපු දවස? ඇතුළුව ඔයාට මතකද අපි ටයිප් එකේ ප්‍රශ්න ගානක් කොල්ලට කෙලවෙන භූමරංග විදියට කැරකිලා එන්න පුළුවන්. එවුව එද්දි දුවල හරි බේරෙන්න සිද්ධ වෙනව. මොකද අපි දන්නව කොල්ලොන්ට කෙල්ලත් එක්ක කරපු ඔය එවුව මෙවුවයෙ දින වකවානු හරියට මතක නැති විත්තිය. හැබැයි මහත්තයො කෙල්ලට මතකයි ඔයා මුලින්ම බඩගිනියි කියල කියපු දවසත්. ඉතිං පරිස්සමෙන්.
3. මගේ කොන්ඩෙ කොහොමද හොඳ?

Source – livestrong.com
ඔය මගහරින්න ඕන තවත් ප්‍රශ්න කොට්ටාසයක් තමයි ෆැෂන් කියන්නෙ. මට මේ ගවුම දිගයිද? කොන්ඩෙ කොටයිද? මට කොන්ඩෙ දිගටද හොඳ? කොටටද? වගේ ප්‍රශ්න මගඅරින්න. ඒවට දෙන උත්තරේ අනුව ඔයා දෝෂදර්ෂණයට ලක්වේවි. ඒ වගේම එතනින් එහාට එයා අහන ප්‍රශ්නෙ ඔය ප්‍රශ්නෙටත් වඩා මාරාන්තික ප්‍රශ්නයක් බව මතක තියාගන්න. කීයටවත් ඔයා කොන්ඩෙ කොටට කැපුවොත් අරයා වගේ, ඔයා බ්ලවුස් ඇන්දම මෙයා වගේ කියල නං උත්තර දෙන්නෙපා. මරණයක් තමයි.
4. අද ඔයා කැමති තැනකින් කමු. කොහෙද කැමති?

Source – pcgamer.com
ඔන්න එරෙන ප්‍රශ්නයක්. මේක විවිධ තැන්වලට අදාලයි. ඔයා කන්න කැමති කොහෙන්ද එහෙන් කමු කියල එයා කිවුවට ඇත්තටම අන්තිමට බලද්දි අපි ගිහින් තියෙන්නෙ එයා කැමති තැනටමයිත ඒ හින්දා ඔය චූස් කරන දේවල් එයාට කරගන්න දෙන්න. අපි කාලා බිල ගෙවල එමු. කොත්තු කමුද ඇහුවොත් අපෝ මම ආස නෑ කියයි. තෝසෙ ඇහුවොත් ඔච්චර ලෝබ වෙන්නෙපා කියයි. කේඑෆ්සී යමුද ඇහුවොත් ගිය සතියෙත් කෑවනෙ කියයි. ඔය විදියට කිසිම ප්‍රශ්නයක් එයාට ඕන උත්තරෙන් නවතිනකං එයා හරිඋත්තරේට ඉර අඳින්නෙ නැති විත්තිය මතක තියාගන්න.
5. ඔයාට අර ෆිල්ම් එක බැලුවම මොකද හිතුනෙ?

Source – youtube.com
ඔය කලා නිර්මාණවල විඳීම් එකිනෙකට වෙනස්නෙ. ඕව කෙල්ලටයි කොල්ලටයි නං හොඳටම වෙනස්. ඒ අය ෂාරුක් ඛාන්ගෙ ඕන ගොන් පාට් එකක් හොටු පෙර පෙර බැලුවත්, බන්දු සමරසිංහගෙ ගොං පාට් බලන්න කැමති නෑ. අන්න ඒ නිසා ඒ ෆිල්ම් එක බැලුවම මොනවද හිතුනෙ, අර පොත කියවද්දි දුකක් ආවෙ නැද්ද වගේ ඇහුවොත් කතාව වෙනස් කරන්න ඉක්මනටම.
6. ඔයා මට ඔයාගෙ පළවෙනි ගර්ල් ගැන විස්තර කියල නැහැනෙ?

Source – zimbio.com
මේක ප්‍රශ්නයක්ම නෙමෙයි. හැබැයි මේක ප්‍රශ්නාර්ථයකින් ඉවර වෙන නියෝගයක්. ඒ කියන්නෙ කියපං කියලම තමයි. කියන්න පටන් ගත්තම නවත්තන්න වෙන්නෙ නෑ. ඇයි එයා එක්ක තිබ්බ සම්බන්ධෙ නැවැත්තුවෙ? එයා අහිංසකයිද? ඔයා එයාට බැන්නද? ඔයයි එයයි සෙක්ස් කළාද? මොන මොනවද කළේ? කොහෙද ගියේ? ඇයි අපි එහෙ යන්නෙ නැත්තෙ? එයා ඔයාගෙ මෙතනට ඔලුව තියං හිටියද? එතනට ඔලව තියං හිටියද? කියපංකො ඉතිං!
Cover Image Source – 123rf.com/ huffpost.com
Leave a Reply