චිත්‍රපට වල ප්‍රධාන නලුවා හිර ගෙදරට වෙලා ඉන්න දර්ශන ඕනෑ තරම් අපි දැකලා තියෙනවා. ඒත් ඔය නලුවො සැබෑ ජිවිතයේ හිර ගෙවල් වල ගෙවපු කාලය ගැන ඔබට වැඩි දැනීමක් නැතුව ඇති. අපි අද මේ ඔබට කියන්න යන්නේ සිරබත් කන්නට සිදුවුණ කලාකරුවන් ගැන.
මේ අයට අමතරව සිරගත වන්නට සිදුවුණ තවත් කලාකරුවන් ගැන ඔබේ මතකයට නැගුනොත් ඒ ගැන අපිට කමෙන්ටුවකින් කියන්නත් අමතක කරන්න එපා.
1. පැරිස් හිල්ටන්

Source – oxygen.com
ඇමරිකානු රූපවාහිනී තරුවක් වන පැරිස් හිල්ටන් 2006 වසරේ අත්අඩංගුවට ගැනුනේ මත් පැන් පානය කොට රිය පැදවීමේ චෝදනාව යටතේයි. කාලයක් ඇදුණු නඩුව අවසන් වූයේ පැරිස්ට දින 45ක කාලයක් සිරගත කිරීමක් සමගින් වසර තුනක පරිවාස කාලයක් ගත කිරීමට තීන්දු කරමින්. 2010 වසරේදී ඇය නැවත සිරගත වන්නේ ඇය සතුව කොකේන් තිබී පොලීසියට හමුවූ නිසයි. ඇය රිය ධාවනය කර තිබුණේද කොකේන් මතින් බව කියවුණා.
2. ලින්ඩ්සි ලෝහන්

Source – youtube.com
ලින්ඩ්සි ලෝහන් කියන්නේ ප්‍රකට ඇමරිකානු නිලියක්. මෙයත් අත්අඩංගුවට පත් වෙන්නේ කොකේන් ළඟ තබාගෙන වාහනය පදවද්දී තමයි. 2006 අවුරුද්දෙ මැයි මාසෙ 26 වැනිදා අත්අඩංගුවට පත් වෙන ඇය ඒ චෝදනාවට වැරදිකාරිය වෙලා 2007 අවුරුද්දෙ නොවැම්බර් 15 වැනිදා එක් දිනකට සිර ගත වනවා. ඒ වගේම අවුරුදු තුනක පරිවාස කාලයකටත් ඇය යටත් වනවා.
3. සල්මන් ඛාන්

Source – filmfare.com / timesofindia.com
රූගත කිරීමක් අතරතුර රාත්‍රියකදී දඩයමේ ගිහිල්ලා දුර්ලභ මුවන් දෙදෙනෙක් මැරුවා කියන චෝදනාවට සල්මන් ඛාන්ට මෑතකදී සිර දඬුවම් විඳින්නට සිදු වුණා. මේ චෝදනාව එල්ල කලේ ඉන්දියානු පරිසර සංවිධානයක් විසිනුයි. කොහොම උනත් සල්මන් ඛාන් සිර දඬුවම් වින්දේ දවස් දෙකයි. ඔහුගේ ඇප ඉල්ලීම භාරගත් අධිකරණය ඔහුව ඇප මත නිදහස් කලා. 2002 වසරේ දිනක රාත්‍රියේදී බීමතින් තමන්ගේ වාහනය පදවන අතරේ පදික වේදිකාව උඩ නිදාගෙන සිටි යාචකයන් කිහිප දෙනෙක් යට කරගෙන ගියා කියලා ඔහුට අධිකරණයේ තවත් නඩුවක් විභාග වෙමින් යනවා.
4. සන්ජේ දත්

Source – stardust magazine
1993 වර්ෂයේ මුම්බායි නගරයේ තරු පහේ හෝටල් සංකීර්ණයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුණා කියමිනුයි සන්ජේ දත් අත්අඩංගුවට ගන්නේ. එම ප්‍රහාරයෙන් 257 දෙනෙක් මරුමුවට පත් වෙලා 717 දෙනෙක් දරුණු තුවාල වලට ලක් වුණා. 1993 වර්ෂයේදී, 2006 වර්ෂයේදී වගේ කිහිප වතාවකදීම මේ සිදුවීම හේතුවෙන් සිරබත් කන්න සන්ජේ දත් ට සිදු වුණා.
5. විජය කුමාරතුංග

Source – last.fm
ලංකාවේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණ නලුවෙක් තමයි විජය කුමාරතුංග කියලා කියන්නේ. නලුවෙක් ලෙස ඔහු ලබපු ජනප්‍රියත්වය වගේම දේශපාලකයෙක් ලෙස ඔහුගේ දැක්මත් එක්ක ඔහුව බොහෝ ජනතාව ආදරයෙන් වැළඳ ගත්තා. 1982 වසරේදී විජය එක් වතාවක් සිරගත වන්නේ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ කලාය කියන චෝදනාව යටතේයි. විජය රඳවා සිටියේ වැලිකඩ හිරගෙදර ‘එස්’ වාට්ටුවේ විශේෂ සිර කුටියක බව සඳහන්. ජේ ආර් ජයවර්ධන පාලන සමයේදී වූ මේ සිරගත කිරීම නිසා තව තවත් ජනතාව විජයට ඇලුම් කරන්නට උනා.
6. මාක් වෝල්බර්ග්

Source – adage.com
ජනප්‍රිය හොලිවුඩ් නළු මාක් වෝල්බර්ග් කියන්නෙත් එක පාරක් දවස් 45ක් සිරබත් කාපු පුද්ගලයෙක්. හැබැයි මාක් ජනප්‍රිය වෙන්න කලින්, ඔහුට අවුරුදු 16ක්ව තිබිද්දි තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලෙදි සාප්පුවකින් සොරකමක් කරන්න යද්දි වියට්නාම් ජාතික පුද්ගලයන් දෙදෙනෙක්ට මාක් පහරදීල තියනවා. ඒ වරදට දවස් 45ක කාලයක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිරගතව ගතකරන්න මාක්ට සිදුවෙලා තියනවා.
7. අක්ශේ කුමාර්

Source – santabanta.com
අක්ශේ කුමාර් සිරගත වුණු හේතුව ඔබ ඇහුවම සිනහ යන එක වලක්වා ගන්න බැරි වේවි. අක්ශේ කුමාර් සිරගත වෙන්නේ 2009 වසරේ විලාසිතා දැක්මකදී වුණු සිදුවීමකට. සිදුවීම තමයි නිරූපණ ශිල්පියෙකු ලෙස නවතම ඇඳුමක ඉදිරිපත් කිරීමක් සඳහා පැමිණි ඔහුගේ කලිසමේ ශිපර් එක ප්‍රේක්ෂකයන් අතර සිටි ඔහුගේ බිරිඳ විසින් ප්‍රසිද්ධියේ ගැලවීම.
Cover Image Source – lifie graphics
Leave a Reply