හදිස්සි කියන දේවල් එන්නෙ කියල නෙමෙයි. එවෙලෙ කරන්න ඕන දේවල් අපි දන්නැත්නම් අපිට සිද්ධ වෙනවා පුළුවන් ඉක්මණට දන්නා කෙනෙක්ට කතා කරලා ඒ ගැන උපදෙස් ගන්න. ඔතන තමයි ගෙදරම පිස්සු වැටෙන තැන. අරහට මෙහාට කෝල් කර කර නම්බර් හොයන්න ගියාම කරන්න ඕන වැඩේ කරගන්න අන්තිමට වෙලාවක් නෑ. අපි බලමු හදිස්සියකදී ඔබ ළඟ තියෙන්න ඕන දුරකථන අංක කිහිපයක්.
1. ළඟම පොලිස් ස්ථානයේ දුරකතන අංකය
ගෙදරට හොරෙක් පැනලනම්, කවුරු හරි කෙනෙක්ගෙන් තර්ජනයක් එල්ල වෙනවනම්, රිය අනතුරක් වෙලා තියෙනවා දැක්කනම් ඔබ දැනුම් දෙන්න ඕන මුල්ම තැන තමයි ඔබේ ළඟම තියෙන පොලිසියට. 119 ට හරි 118 ට හරි කෝල් කරලා කිවුවත් එයාලත් ඊට පස්සේ දන්වන්නෙ ඔබේ ළඟම තියෙන පොලිසියට නිසා හොඳම දේ තමයි කරදරයක් උනාම කෙලින්ම ලඟම තියෙන පොලිසියට කතා කරන එක. ඒ හින්දා ඔබට ළඟම පොලිස් ස්ථානයේ දුරකතන අංකය ළඟ තියාගන්න හැමවෙලේම.
2. ඔබට සමීප වෛද්‍යවරයෙකුගේ අංකයක්
ඔබේ ගෙදර කාට හරි ඉක්මන් ප්‍රථමාධාර අවශ්‍ය රෝගී තත්වයක් හැදුණොත් ඒ දේට මේ නම්බර් එක ඕන වේවි ඔබට. මහා රෑ ළමයෙක්ට ලෙඩක් හැදුනම අම්මල, තාත්තල විඳින දුක අපි දන්නවනේ. ඒ හින්දා මේ වගේ නම්බර් එකක් තියාගත්තොත් රෝග ලක්ෂණ කියල ගෙදරදි කරන්න ඕන ප්‍රතිකාර ටික දැනගන්න ඔබට පුළුවන් වේවි.
3. නිතිඥයෙකුගේ දුරකථන අංකයක්
ඔබට හදිසි නීතිමය ගැටළුවක් පැණ නැගුනොත් ඔබට පුළුවන් ඔබේ සමීපතම නිතිඥයෙකුට කියලා ඒ ගැන උපදෙස් ගන්න. තමන්ටම කියල වෛද්‍යවරයෙකු වගේම තමන්ටම කියල නිතිඥයෙකුත් ඉන්න එක ඇත්තටම වටිනා දෙයක්.
4. ග්‍රාමසේවකගේ දුරකතන අංකය
ඡන්ද හිමි නාම ලේඛනය, විවිධ ආධාර බෙදාදීම්, ඒ වගේම හැඳුනුම්පත් ආදී සියලු රජයේ කටයුතු ගමේ සිද්ධ කරන්නේ ග්‍රාමසේවක නිලධාරී තුමා. ඉතින් මේ වගේ දේවල් ගැන හදිසි තොරතුරක් ගන්න ඔබට ඕන උනොත් මේ නම්බරේ ඔබ ළඟ තියෙනවනම් ලේසියිනේද..? නැත්නම් වෙන්නේ ගමටම කෝල් දිදී ග්‍රාමසේවක මහත්තයාගේ නම්බර් එක හොයන්න.
5. පාසලේ දුරකථන අංකය
ඔබ ඉස්කෝලේ යන දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්නම් ඔබ ළඟ අනිවාර්යයෙන්ම මේ දුරකථන අංකය තියෙන්නම ඕන. පන්ති භාර ගුරුතුමියගේ හෝ ගුරුතුමාගේ දුරකථන අංකය තියෙනවනම් තව හොඳයි. පාසලේදී ළමයෙක් ලෙඩ උනාම, තමන්ගේ ළමයින්ගේ විනය ගැන, පාසලේ අලුතින් සිදුවන දේවල් ගැන දැනන් ඉන්න එක ඔබට උදවුවක් වේවි ඔබේ ළමයා හැසිරවීමේදී.
6. ඒ වගේම මෙන්න මේ දුරකථන අංකත් ඔබ ළඟ තියාගන්න
1990 – නොමිලේ පිරිනැමෙන හදිසි ගිලන් රථ සේවය
118 / 119 – පොලිස් හදිසි ඇමතුම් ඒකකය
1919 – ජාතික තොරතුරු සේවය
Cover Image Source – stockphotos.pl /mashable.com
Leave a Reply