කාලය නාස්තිය වලකන Parkinson’s Law

බ්‍රිතාන්‍ය ජාතික සිරිල් නෝත්කෝට් පාකින්සන් විසින් 1942දී ලියන ලද මේ කෘතියේ කියාපාන ජීවිතයට ඉතා වැදගත් නීතියක් ගැනයි අද අපි මේ කියන්න හදන්නෙ. කාලය නිසි විදියට භාවිතයට ගනිමින් එදිනෙදා වැඩකටයුතු කරගන්න ආකාරය මේකෙන් විග්‍රහ කරන හැටි බලමු.

01. මොකද්ද මේ නීතිය?

Parkinson's Law

පාකින්සන් ලෝ කියන්නෙ ඔයාලගෙ එදිනෙදා වැඩ කටයුතු නිසි කාල කළමනාකරණයකින් යුතුව කරගන්න උපකාරී කරගත හැකි ක්‍රමයක්. මේ ක්‍රමය හරියටම අනුගමනය කරන අයට තමුන්ගෙ වැඩ ක්‍රමවත්ව වගේම පහසුවෙන් කරගන්න හැකිවෙනවා. සාමාන්‍යෙන් දවසකට වැඩකටයුතු රාශියක් කරන, කාර්‍යබහුල කෙනෙක්ට මේ ක්‍රමය සෑහෙන ප්‍රයෝජනවත්. ඉතින් මේ නීතියේ හරය නම් යමක් කිරීමට වෙන් කරන කාලය එම කාර්‍යය් සම්පූර්ණ කිරීම සඳහා යෙදවෙනු ඇතැයි කියන එකයි.

02. මේක කරන්නෙ කොහොමද?

Parkinson's Law

මේක බොහොම සරල දෙයක්. දැන් ඔයා මොකක්හරි වැඩකට යම්කිසි කාලයක් දුන්නොත් ඒ වැඩේ ඒ කාලෙ ඇතුළත සම්පූර්ණ කරගන්නවා කියලා හිතනවා. ඔයා ඒ වැඩේ ඉවර කරන්න මාසයක කාලයක් ගන්නවා කියලා හිතුවොත් ඔයාට ඒක ඉවර කරන්නත් මාසයක් යනවා. ඒ වගේම ඔයා කොහොමහරි ඒ වැඩේ සතියෙන් ඉවර කරනවා කියලා ටාගට් එකේ හිටියොත් අනිවාර්යෙන්ම ඔයා ඒක සතියෙන් ඉවර කරනවා. මේකට බලපාන්නෙ අපි හිතාගන්න කාලපරිච්ඡේදයයි. අපි අපේ මනසට ලබාදෙන සාදාරණ කාලය ඇතුලෙ මනස ඒ වැඩේ ඉවර කරගන්න ගන්නවා.

03. Parkinson’s Law එකට උදාහරණ

Parkinson's Law

හිතන්න ඔයා ඔයාගෙ ගේ අස් කරන්න දින 30ක කාලයක් දෙනවා. ඔයා ඒක ඉවර කරන්න දින 30ම ගන්නවා. ඒකට පැය 3ක කාලයක් මනසින් වෙන් කලොත් ඔයා ඒක පැය 3න් ඉවර කරනවා.

කවුරුහරි ඔයාට වැඩක් බාර දෙනවා මේක දවස් 3න් කරන්න කියලා. එතකොට ඔයාගෙ මනසට එනවා දවස් 3ක් තියනවනෙ ඒ වැඩේ ඉවරකරන්න කියලා. එතකොට ඔයා ඒක හෙමින් දවස් 3ම අරන් කරනවා. හිතන්න ඔයාට ඒ වැඩේට ලැබෙන්නෙ එක දවසයි කියලා. ඔයා කොහොමහරි ඒක දවසින් කරලා ඉවර කරන්න ට්‍රයි කරන්නෙ නැද්ද. ආන්න එතන තමා මේ ලෝ එක ක්‍රියත්මක වෙන්නෙ.

04. යොදවන උත්සාහය හා කාලය මත අරමුණු ඉටුවන ආකාරය

Parkinson's Law

අපිට සරලවම මේ නීතිය මෙන්න මේ විදියට පැහැදිලි කරගන්න පුලුවන්.
අපි යම්කිසි කාර්‍යයක් කිරීමට යොදන උත්සාහය වැඩිනම් ඒකට වැයවන කාලය අඩු වෙනවා. ඒ වගේම ඒ කාර්‍යය සඳහා වැඩි කාලයක් ලැබෙනකොට ඒ සඳහා යොදන උත්සාහය අඩු වෙනවා. ඒක පහත ප්‍රස්ථාරයෙන් අපිට පැහැදිලි කරගන්න පුලුවන්.

Parkinson's Law

ඒ නිසා අපි හැමවෙලේම උත්සහ කරන්න ඕනේ අඩු කාලයකින් අදාළ කාර්‍යය නිම කරගන්න. එතකොට අපේ අනික් කාර්‍යයන් සඳහාත් කාලය ඉතුරු කරගන්න පුලුවන්.

05. පාකින්සන් නීතිය සාර්ථක කරගන්නේ කෙසේද?

Parkinson's Law

හිතන්න ඔයාට කල යුතුම අත්‍යවශ්‍ය දෙයක් තියනවා කියලා.. ඒක අපි ගිණි දැල්ලකට සමාන කලොත් ඔයාට ඒ අවශ්‍යතාව සපුරගන්න මාසයක් තියනව නම් ඒ ගිණිදැල්ලෙ ප්‍රමාණය කුඩයි. ටික ටික දවස් ගිහින් දවස් 15ක් උනාම ඒ ගිණිදැල්ලෙ ප්‍රමාණය ඒ කියන්නෙ උවමනාව සපුරගන්න හිතේ තියන අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒක හෙට වෙනකොට ඉවර කරන්න ඕනෙ කියන තැනට ආවම ඒ ගිණිදැල්ල ඒ කියන්නෙ දැවෙන ආශාව ගොඩක් විශාලයි. ඉතින් දැන් තේරෙනවද ඩෙඩ්ලයින් එක ලං වෙන්න වෙන්න, අපි අපේ උවමනාව ඉෂ්ඨ කරගන්න අවශ්‍යතාවය වැඩී.

06. පාකින්සන් ලෝ එක නිවැරදිව භාවිතා කළ යුතු අවස්ථා

Parkinson's Law

මේක ගොඩක් වැදගත් කාරණාවක්. හිතන්න අපිට යම්කිසි වැඩක් තියනවා ඒක ඉවර කරන්න හරියටම මාසයක් යනවනම් පාකින්සන් ලෝ එක කියලා අපි ඒක හරියට නිම කළ නොහැකි දවස් ගාණකින් හෝ දවසකින් නිම කරනවා කියලා හිතුවට එතන මේ නීතිය සාර්ථක වෙන්නෙ නෑ. මොකද සත්‍ය වශයෙන්ම ඒ කාර්‍යය සඵලදායීව නිම කරන්න යන කාලෙට වඩා අඩුකාලයකින් ඒක නිමකරගන්න කොහොමටවත්ම බැරි නිසා.

ඒ වගේම පැයකින් කරලා නිම කරන්න පුලුවන් වැඩක් සතියකින් කරනවා කියලා දාගත්තත් එතනත් මේ පාකින්සන් ලෝ එක ෆේල්වෙලා තියෙන්නෙ. මෙතනදි ඔයාගෙ මනසින් සාධාරණ කාලයක් හිතාගන්න ඕනෙ. ඒකයි වැදගත්.

07. සාධාරණ කාලය නැතිනම් Deadline එක හදාගන්නෙ කොහොමද?

Parkinson's Law

මේක ගොඩක් අය හිරවෙන තැනක්. තමන් අදාළ කාර්‍යය නිමකල යුතු නිවැරදිම කාලය හිතින් හිතාගෙන් ඒ අනුව ක්‍රිය කරන්න ඕනේ. අපිට කරන්න තියන වැඩේ කැපෑසිටි එක බලලා ඩෙඩ්ලයින් එකක් දාගන්න. ඒ වගේම ඩෙඩ්ලයින් එක ඉවර වෙනකොට වැඩේ ඉවර වෙන්න ඕනෙ. මේකෙදි වැඩේ ගොඩාක් දුරට ඇදෙන්නෙ නැති විදියටත් ඉක්මනින් හා සඵලදායීව කරගන්න පුලුවන් විදියටත් දාගන්න ඕනෙ.

ඉතින් මේ වගේ තවත් වටිනා සංකල්පයක් අරගෙන නැවත වෙනකල් රැඳිලා ඉන්න ලයිෆි අපි එක්කම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *