සෙක්ස් කරනකොට මේ දේවල් වැරදිලාවත් කියන්න හොඳ නෑ!

අපි ඕන කෙනෙක්ට ඕනම මොහොතක ඕනම දෙයක් කියන්න පුළුවනිනේ. ඒක බොහොම සරල කතන්දරයක්. හැබැයි ඉතින් සමහර වෙලාවල් තියෙනවා කොහොම හරි කට පරිස්සම් කරගන්න සිද්ධ වෙන. විශේෂයෙන්ම සෙක්ස් කරනකොට එහෙම කියන්න ඕන දේවල් වගේම නොකියන්න ඕන දේවලුත් සෑහෙන්න තියෙනවා. දැන් මෙතනින් අපි හිතලා බලන්න ඕන සෙක්ස් කරන වෙලාවකදී වැරදිලාවත් නොකියන්න ඕන දේවල් ගැන. මේ සමහර දේවලට රිටර්න් එක ඒ මොහොතෙම ලැබෙන්න පුළුවන්. එහෙම නැතිනම් පස්සේ හරි ෂුවර් එකටම රිටර්න් එක කොයි විදියකින් හරි ලැබෙනවා කියලා කියන්න පුළුවන්! 

 

1. ඕහ් පියුමී…!!!

සෙක්ස් කරනකොට අපිට ඉතින් පාට්නර්ගේ නම කියවෙන එක අස්වාභාවික දෙයක් නෙවෙයිනේ. හැබැයි සෙක්ස් කරනකොට කියවෙන නම තමන්ගේ ගර්ල්ගේ හරි බෝයිගේ හරි නෙවෙයි වුනොත්? ඉවරයි නේද එතනම? තවත් වැඩේ දරුණුයි කෙල්ලත් එක්ක සෙක්ස් කරනකොට කියවෙන්නේ පරණ ගෑණු ළමයගේ නම වුනොත් එහෙම. කසාදෙත් ඉවර වෙලා, ඉළ ඇටත් කඩා ගන්න වෙන සීන් එකක්. ආන්න ඒ නිසා සෙක්ස් කරනකොට පාට්නර්ගේ නම කියන එක කොයි තරම් සෙක්සි දෙයක් වුනත්, හරියටම තමන්ගේ කෙල්ලගේ හරි කොල්ලගේ හරි නම ඇරෙන්න වෙන නමක් නොකියන්න වග බලා ගන්න එක ඇඟට ගුණයි.

 

2. මම ඇඳේදී මාරයි මෙයා!

මේක ඉතින් ගොඩක් වෙලාවට අපේ අයියලගේ ලයින් එකක් තමයි. සෙක්ස් කරන්න ඇඳට ගොඩවෙන්න කලින් ඉඳලම අර දත් බෙහෙත් එකක් විකුණන ගෙයින් ගෙට යන වෙළෙන්දෙක් වගේ තමන්ගේ සෙක්ස් හැකියාව වර්ණනා කරන එක. විශේෂයෙන්ම රොමෑන්ටික් මූඩ් එකකට එන්න ඕන වෙලාවේ තමන්ගේ සෙක්ස් හැකියාවේ පම්පෝරිය ගහනවා කියන්නේ ඉතින් පාට්‍නර්ගේ මූඩ් එකත් නැතිවෙලා, වැඩේ එතනින්ම හබක් වෙන්න පුළුවන් දෙයක්. අන්න ඒ නිසා සෙක්ස් කරන්න ගිහින් ඇඳේදි විතරක් නෙවෙයි, වෙන වෙලාවකදී වුනත් තමන්ගේ හැකියාව ගැන පම්පෝරි නොගහා ඉන්න පුළුවන් නම් මරු. ඒ වෙනුවට හැකියාවෙන් වැඩ පෙන්නන්නයි තියෙන්නේ!

 

3. මේවා ඇත්ත බූබ්ස්ද සුදූ?

 මේ සෙක්ස් කිරිල්ල පැත්තක තියලා ගුටිත් කන්න වෙන කතාවක්. දැන් කාලේ ඕන නම් පියයුරු විතරක් නෙවෙයි, පශ්චාත් භාගය වුනත් විශාල කරගන්න පුළුවන් කොස්මෙටික් සර්ජරි එහෙම තියෙනවනේ. ඒක අමුතු දේකුත් නෙවෙයි. හැබැයි ඉතින් තමන් එක්ක සෙක්ස් කරන්න කියලා ඇඳට යන ගෑණු ළමයගේ ශරීරය ගැන කොස්මෙටික් සර්ජරි කතන්දර අහන්න යන එකෙන් වෙන්නේ මූඩ් එක එහෙම් පිටින්ම නැති වෙලා යන එක. අනිත් කාරණාව, එහෙම දෙයක් අපිට අදාළ නැහැනේ. ඒක ගෑණු ළමයගේ දෙයක්. එයාගෙ පියයුරු ස්වභාවිකද, කෘත්‍රිමද කියන එක ඒ මොහොතේ සෙක්ස් කරන එකට අදාළ වෙන්නෙත් නැහැනේ!

 

4. අයියෝ තව චූට්ටක් ලොකු වුනා නං!

මෙන්න මේ කතන්දරෙත් සෙක්ස් කරන්න තියෙන මූඩ් එකයි උනන්දුවයි නැතිවෙන එක විතරක් නෙවෙයි වෙන්නේ. අනිත් කෙනාගේ ආත්ම විශ්වාසයත් නැතිවෙලා හිතත් රිදෙනවා මේ වගේ දේකින්. මේ කියන්නේ ඉතින් මොනවා ගැනද කියලා තේරෙනවනේ. සමහරු ඉන්නවා ඇඳට ගියාට පස්සේ තමන්ගේ පාට්නර්ගේ ශරීර ප්‍රමාණයන් ගැන නොසතුටු වෙන. සමහරුන්ට කෙල්ලගේ බූබ්ස් වල සයිස් එක මදි, බැක් එකේ සයිස් එක මදි. තවත් සමහරුන්ට පුරුෂ ලිංගයේ එකේ සයිස් එක මදි. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න ඕන දේකුත් තියෙනවා. මෙහෙම තමන්ගේ පාට්නර්ගේ ශරීරය ගැන ඒක මේක වෙනස් වුනා නම් හොඳයි කියලා හිතන්නේ කිසිසේත්ම ආදරයකින් ඇඳට ආපු කෙනෙක් නෙවෙයි කියන එක. එහෙම උන්දැලා එක්ක සෙක්ස් කරන එකම පාපයක්!

 

5. ඔයා කැමති මේ විදියටද අරෙහෙම විදියටද?

අපි කියන දෙයක් තමයි සෙක්ස් කරන්න ඇඳට නගින්න කලින් දෙන්නත් එක්ක ඒ ගැන හොඳ සාකච්ඡාවක් කරන්න ඕන කියන එක. එහෙම නැති වුනොත් වෙන්නේ මේක තමයි. ඇඳට නැගලා, ඇඳුනුත් ගලවලා තමයි අහන්නේ ඔයා කැමති මෙහෙම කරනවටද කියලා. ඉතින් දෙන්නට වෙන්නේ හොඳ රොමෑන්ටික් මූඩ් එකකට ඇවිත් බොහොම සුන්දර විදියට සෙක්ස් රසවිඳින එක පැත්තක තියලා, එකිනෙකාට ටුවර් ගයිඩ් එකක් දෙන්න! මතක තියාගන්න, සමහර වෙලාවට කොයි තරම් කථාබහ කරලා ආවත් කරන්න ඕන දේවල් සෙක්ස් කරන මොහොතෙදී කියන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි සෙක්ස් කරන එක පැත්තක තියලා සම්පූර්ණයෙන්ම කරන්න ඕන දේවල් කියන්න වෙන එක නම් දුකක්!

 

6. ඔයාට ඕකේද? ඔයාට වුනාද?

මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ එක්කෝ සෙක්ස් වලට ආධුනික අය අතින්. එහෙම නැතිනම් තමන් ගැන බොහොම අඩු විශ්වාසයක් තියෙන අය අතින්. මේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන්ගේ පාට්නර්ගේ සුරතාන්තය ගැන, එහෙම නැතිනම් ඕගැස්ම් එක ගැන හිතා ගන්න බැරි වීම. හරි, පිරිමින්ගේ සුරතාන්තය නම් සාපේක්ෂව ලේසියෙන් දකින්න පුළුවන්. හැබැයි ගැහැණියගේ සුරතාන්තය ඊට වඩා ටිකක් සංකීර්ණයි. ආන්න එතනදී තමයි ආධුනිකයෝ නැතිනම් ආත්ම ශක්තිය අඩු අය හිරවෙන්නේ. මේ අයට අංග චලනයන්ගෙන් හරි, ශරීර රිද්මයන්ගෙන් හරි, හැඟීම් පෙන්නුම් කිරීමෙන් හරි තමන්ගේ කාන්තාවගේ සුරතාන්තය ගැන හිතා ගන්න බෑ. ඉතින් සෙක්ස් කරන අතරවාරයේ මේ අය කොච්චරවාත් අහනවා “ඔයාට වුනාද, ඔයාට වුනාද?” කිය කියා. හැබැයි ඒකෙන් වෙන්නේ ඒක වාතයක් වෙලා සෙක්ස් කරන මූඩ් එකත් නැති වෙන එක.

 

7. ඉතින් ඔයාගේ එක්සෑම් ලඟයි නේද?

මෙහෙම ප්‍රශ්නයක් සෙක්ස් කරන අතරවාරයේ අහන එක වෙන්නම බැරි දෙයක් කියලා හිතනවා නේද? හැබැයි ඇත්ත කතාව තමයි, මේ වගේ ප්‍රශ්න සෙක්ස් කරන අතරේ අහන අඳබාල මොට්ටපාලයොත් ඉන්නවා! ඒ කිව්වේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම හරිද! මෙහෙම සම්පූර්ණයෙන්ම අදාළම නැති, මූඩ් එක කාබාසිනියා වෙන ප්‍රශ්නයක් සෙක්ස් කරන අතරතුරේදී අහන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. එක්කෝ සෙක්ස් කිරිල්ලට ආධුනික නිසා, තමන්ගේ හිතේ තියෙන නොසන්සුන් ගතිය මැකෙන්න මෙහෙම අදාළම නැති ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ට පාට්නර්ට වඩා සෑහෙන්න කලින් සුරතාන්තයක් එන්න සූදානම් නිසා, තමන්ගේම අවධානය වෙන අතකට හරවන්න හිතාගෙන මෙහෙම මැටි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ මූඩ් එක සම්පූර්ණයෙන්ම කාබාසිනියා වෙලා, සෙක්ස් කිරිල්ල එතනින් නවතින එක වෙන්න පුළුවන්!

 

මේ විතරක් නෙවෙයි. ඇයි සෙක්ස් කරන අතරතුරේදී කෝල් වලට ආන්සර් කරන එක, එස්.එම්.එස් ගහන එක, මැසෙන්ජර් එකේ වට්ස්ඇප් එකේ ආපු මැසේජ් වලට රිප්ලයි කරන එක වගේ දේවලුත්, පාට්නර්ගේ සෙක්ස් මූඩ් එක ඉවරයක්ම කරලා දාන දේවල්. ආන්න ඒවා දැනගෙන, සෙක්ස් කරන වෙලාවට ඕනෑ නැති අටපට්ටං හොයන්න නොගිනින් සෙක්ස් කරන එක විතරක් කරලා හිටියම හරි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *