ලේසියෙන් හදන්න පුලුවන් ලෝකෙ වටේ තියන පාන් වර්ග – II කොටස

Bread recieps

කලින් ආටිකල් එකෙන් අපි රටවල් කිහිපය හදන, ඒ ඒ රටවල් වලට ආවේණික පාන් වර්ග හදන හැටි ගෙනාවනෙ.. ඉතින් අදත් ඒ වගේම තවත් රටවල් කිහිපයක ප්‍රසිද්ධ පාන් රෙසිපි ටිකක් ගෙනාවා. ලංකාවේ හදන පාන් එකෙන් එහාට ගිහිල්ලා රසට හදලා කන්න ඔන්න දැන් ඔයාලටත් පුලුවන්. අනිවාරෙන්ම ට්‍රයි කරන්න.

01. French Bread

French Bread

නමින්ම පේනවනෙ මේකෙ උපත ප්‍රංශය.

අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි කෝප්ප 2
යීස්ට් තේහැඳි 2
සීනි මේසහැඳි 1
ලුණු ස්වල්පයක්
මද රස්නෙ කිරි මිලිලීටර් 200
තෙල් මේසහැඳි 2

  • පාන්පිටි වලට යීස්ට්, සීනි හා ලුණු දාලා හොඳට කලවම් කරගන්න.
  • ඊලඟට මේකට කිරි ටික ටික දාලා ඩෝ එක අනාගන්න.
  • ටිකකින් තෙල් ටිකත් දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
  • පිටි අත්ලෙන් තද කරමින් නීඩ් කරගන්න.
  • විනාඩි 8-10ක් මෙහෙම නීඩ් කරලා තෙල් ටිකක් ගාපු බෝල් එකකට දාලා උඩිනුත් තෙල් ගාලා ලන්ච් ශීට් එකකින් වහලා පැය 2ක් තියන්න.
  • පැය 2කට පස්සෙ හොඳට පිපුණු ඩෝ එක අරන් තවත් විනාඩි 5ක් විතර හොඳට නීඩ් කරන්න.
  • දැන් මේ ඩෝ එක දෙකට කඩලා එක කොටසක් ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් හැඩයට රෝල් කරගන්න.
  • දැන් බටර් ගාගත් පෑන් එකක තියලා තවත් විනාඩි 20ක් වගේ තියලා පිහියකින් උඩ හැඩයට කැපුම් දාගෙන යන්න.
  • පාන්පිටි ටිකක් උඩින් ඉහලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගන්න.

02. Brioche Bread

Brioche Bread

මේ බ්‍රෙඩ් එකත් ප්‍රංශයටම ආවේණික බ්‍රෙඩ් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:-
ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/4
බිත්තර 4
සීනි කෝප්ප 1/4
යීස්ට් මේසහැඳි 1
පාන්පිටි කෝප්ප 4
ලුණු ස්වල්පයක්
බටර් ග්‍රෑම් 170
තෙල් ස්වල්පයක්

බ්‍රශ් කිරීමට:-
බිත්තර කහමද 1
කිරි ස්වල්පයක්
ලුණු ස්වල්පයක්

  • බෝල් එකකට ෆ්‍රෙශ් මිල්ක්, බිත්තර, සීනි හා යීස්ට් දාලා හොඳට මික්ස් කරගන්න.
  • යීස්ට් හොඳින් දියවුනාම පාන්පිටි කෝප්ප 1ක් දාගන්න.
  • මේක හොඳට කලවම් කරලා ස්මූත් බැටර් එකක් ආවම ඉතුරු පාන්පිටි ටික දාගන්න.
  • රස අනුව ලුණු දාලා ඩෝ එක හදාගන්න.මේකට බටර් දාලා ස්මූත් ඩෝ එකක් අනාගන්න.
  • දැන් මේක පිටි ඉසගත් මතුපිටක දාලා විනාඩි 10ක් නීඩ්කරගන්න.
  • ඊලඟට තෙල් ගාගත් බෝල් එකකට ඩෝ එක දාලා ඩෝ එක මතුපිටත් තෙල් ගාලා වහලා පැයක් තියන්න.
  • ඊලඟට තව ටිකක් නීඩ් කරලා ආයෙ වහලා ෆ්‍රිජ් එකේ රැයක් තියන්න.
  • ඊලඟට මේක නීඩ් කරලා කොටස් තුනකට කඩාගන්න.කොටස් තුනම රෝල් කරලා එක අතකට තියලා එකින් එන මාරු වෙන විදියට ගොතාගන්න.(කොණ්ඩය ගොතන සේ)
  • බිත්තර කහමදයට කිරි හා ලුණු දාලා විස්ක් කරගන්න.
  • දැන් ඩෝ එක තෙල් ගාගත් ට්‍රේ එකකට දාලා වහලා තවත් පැය 3ක් එලියෙ තියලා බිත්තර සාරු ගාගන්න.
  • සෙල්සියස් අංශක 180ට විනාඩි 30-40ක් බේක් කරගන්න.

03. Focaccia Bread

Focaccia Bread

ඉතාලියෙ හදන හරිම රස පාන් වර්ගයක් තමා මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි ග්‍රෑම් 500
ලුණු ස්වල්පයක්
සීනි මේසහැඳි 1
යීස්ට් තේහැඳි 2
හර්බ්ස් ස්වල්පයක්
වතුර කෝප්ප 2
තෙල් ස්වල්පයක්
ඔරිගානෝ ස්වල්පයක්
රෝස්මරී ස්වල්පයක්
කපාගත් තක්කාලි ස්වල්පයක්

  • බෝල් එකකට පාන්පිටි, සීනි, ලුණු, යීස්ට් හා හර්බ්ස් දාලා කලවම් කරගන්න.
  • මේකට වතුර ටික ටික දාලා අතේ ඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • දැන් මේකට තෙල් ටිකක් දාලා කලවම් කරලා පැය 14-16ක් වහලා තියන්න.
  • ඉන්පසු පිපුණු ඩෝ එකට ආයෙ තෙල් ටිකක් ගාලා පොඩ්ඩක් නීඩ් කරගන්න.
  • මේක තෙල් ගාගත් ට්‍රේ එකකට දාලා ස්ප්‍රෙඩ් කරලා තව පැය 3ක් පිපෙන්න තියන්න.
  • ඊලඟට අතේ තෙල් ගාලා ඇඟිලි වලින් ඩෝ එකට අනින්න.
  • මේක හොඳටම කරන්න ඕනේ.
  • මේක උඩින් කපාගත් තක්කාලි අතුරලා ලුණු, තෙල් ස්වල්පයක්, රෝස්මරී හා ඔරිගානෝ ඉසගන්න.
  • මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගන්න.

04. Pita Bread

Pita Bread

මේක මැදපෙරදිග ජනප්‍රිය කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:-
යීස්ට් මේසහැඳි 1 1/2
සීනි මේසහැඳි 1
උණුවතුර කෝප්ප 1 1/4
පාන්පිටි කෝප්ප 3
ලුණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්

  • බෝල් එකකට යීස්ට්, සීනි හා උණුවතුර කෝප්ප 1/4 දාලා කලවම් කරලා විනාඩි 10ක් වහලා තියන්න.
  • වෙනම බෝල් එකකට පාන්පිටි ටික දාලා ලුණු ටිකක් දාගන්න.කලවම් කරලා තෙල් ටිකක් දාගන්න.
  • මේකට යීස්ට් මිශ්‍රණයත් දාලා උණුවතුර කෝප්ප 1ක් දාගන්න.
  • හොඳට නීඩ් කරගන්න.සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
  • දැන් තෙල් ටිකක් දාපු බෝල් එකකට මේ ඩෝ එක දාලා ඩෝ එකේ තෙල් තවරගෙන ලන්ච් ශීට් එකකින් වසාගන්න.
  • මේක පැයක් පිපෙන්න තියන්න.
  • දැන් මේකට තව පිටි ටිකක් ඉහලා හොඳට නීඩ් කරගන්න.
  • ඩෝ එක සමාන කොටස් 10කට කපාගන්න.
  • දැන් එක් එක් කොටස අරන් හොඳට නීඩ් කරලා බෝල හදාගන්න.
  • උඩින් පිටි ඉහලා විනාඩි 30ක් වහලා තියන්න.
  • දැන් තව පිටි ටිකක් ඉහලා මේ බෝල එකින් එක තුනී කරගන්න.
  • තුනී කරලත් විනාඩි 10-15ක් පිපෙන්න තියලා තෙල් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක180ට විනාඩි 7-8ක් බේක් කරගන්න.
  • මේක මැදින් පිපිලා හොඳට බේක් වෙනවා.

05. Dumper Bread

Dumper Bread

මේක නම් ඔස්ට්‍රේලියාවේ හදන පාන් වර්ගයක්.මේකට චීස් හා බේකන් දාලා හදන විදිය තමා කියලා දෙන්න හදන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි කෝප්ප 2
බේකින් පව්ඩර් තේහැඳි 2
මෙල්ටඩ් බටර් කෝප්ප 1/4
කිරි මිලිලීටර් 200
ලුණු ස්වල්පයක්
කපාගත් බේකන් ස්වල්පයක්
ග්‍රේට්කරගත් චීස් කෝප්ප 1/4
චොප්කරගත් ළූණුකොළ ස්වල්පයක්

  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරගන්න.
  • ඊලඟට මේකට මෙල්ටඩ් බටර්, කිරි, ළූණුකොළ,බේකන් හා චීස් දාලා කලවම් කරගන්න.
  • දැන් හොඳට අනලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
  • දැන් මේක තරමක් ඝනකමට පැතලි කරලා උඩින් කිරි ටිකක් ගාගන්න.
  • දැන් උඩින් පිටි ඉහගන්න.
  • දැන් මතුපිටින් දික් අතට හා හරස් අතට කැපුම් දාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 200ට විනාඩි 20-30ක් බේක් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *