හොඳම යාලුවො දෙන්නෙක් ජෝඩු වුණාම වටේ උන් කන කටු

friend love

ජස්ට් ෆ්‍රෙන්ඩ්ස් සීන් එකේ ඉඳලා එක පාරට පවුල් පන්සල් වෙන කට්ටිය ඉන්නවනෙ. අන්න එහෙම දෙන්නෙක් ඔයාලාගේ සෙට් එකෙත් ඉන්නවා නම් මේ කඳුළු කතාවේ ඔයත් කොටස්කාරයෙක්. ලව් කරන්නේ ඒ දෙන්නා වුණාට දහසක් දුක් විඳින්න ඕනේ ඒ දෙන්නගේ හොඳම යාළුවෝ.

 

 

1. හදිස්සියකට අසල්වාසියෙක්

friend love

Image Source – firstorion.com

කපල් එකේ එක්කෙනෙක්ගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන හැම වෙලේම ඒ සම්බන්ධයෙන් එෆ් බී අයි විමර්ශනයක් කරන්න වෙන්නෙ ඔයාටයි. මෙහෙන් එහෙට කෝල් කර කර, “පොඩ්ඩක් හොයලා බලන්න අනේ” කියද්දී හන්දියට වගේ දුවලා ගිහින් විපරම් කරන්න, රණ්ඩු වුණාම සනසන්න කියන මේ දේවලට මේ ප්‍රේමවන්තයන්ට ඔයාව ඕනිමයි. ආය ඉතින් වෙන වැඩක් කරන්න හම්බවෙන්නේ නෑ. යාළුකම තියාගන්නත් ඕනි. අන්න ඒ නිසා නොදැනුවත්වම මේ උදව් පදව් කරන්න පෙළඹෙනවා.

 

2. කොන් වීම

Image Source – cosmopolitan.com

යාළුවෝ සෙට් එකටම ඉස්සර එක වගේ දේවල් කතා කරන්න තිබ්බා. මොකක් හරි කතාවක් යනවා නම් ඒකට එතන ඉන්න හැම එකාම සම්බන්ධ වෙනවා. ඒත් මේ උලව් ලව් කේස් එක නිසා ඒ දෙන්නා ඒ දෙන්නගේ වෙනම ලෝකෙක තමයි ඉන්නේ. අර සාමූහික කතාව නෑ. සෙට් එකත් එක්කම ආවත් පිට මිනිස්සු විදියටයි හැසිරෙන්නෙ. තාමත් අපි යාළුවෝ කියන එක මතක් කරලා දෙන්න වගේ ඉඳල හිටල වචනයක් දෙකක් කතා කරයි. එච්චර තමයි. මොනවා වුණත් මෙතනදී කලින් තිබුණ නිදහස පොඩ්ඩක් නැති වෙනවා.

 

3. මුසාවාදයට හුරු වීම

එකම එක බත් වේලක් හරි දීලා බඩගිනි නිවපු යාළුවගෙ අම්මට ටොන් පච ඇදබාන්න වෙන තත්ත්වය තමයි මෙතනින් එපාම කරපු දේ. තමන්ගේ දූ, පුතා ගැන ඇත්ත තත්ත්වේ දන්නේ මුන් විතරයි කියලා හිතාගෙන ඒ වැඩිහිටියන් ප්‍රශ්න කරනවා. උන්ව මුරුංගා අත්තේ තියලා ඒකට උත්තර දෙන්න වෙන්නේ ලව් එකක් ගැන හාංකවිසියක්වත් ඇඟවෙන්නේ නැති විදියට. මොකද අම්මලාට කියන්න එපැයි කියලා කලින්ම ගිවිස ගත්තු කේස් මේවා.

 

4. භාණ්ඩ ප්‍රවාහන සේවය

දෙන්නා අතරේ තෑගි හෙම හුවමාරු වෙනවනේ. ඔය සමහරක් වෙලාවට ඒ හුවමාරුව කරන්න වෙන්නෙ ඔයාටයි. කාටවත් නොපෙනෙන්න කරන්නත් ඕනි. හැබැයි ගිහින් දෙන්න කියලා භාර දෙන්නේ ඩයිනෝසරයෙක් තරම් ටෙඩි බෙයාර් කෙනෙක්ව. ගෙවල්වලින් දන්න ලව් කේස් තිබ්බත් එච්චරයි. එතකොටත් ඔය ලණුව කන්න වෙන අවස්ථා තියනවා. යාලුකම නිසා ඩිලිවරි චාජස් ගන්නත් බෑ.

 

5. කාල කළමනාකරණයේ ප්‍රශ්න

friend love

Image Source – wikihow.com

ඒ කිව්වේ මෙන්න මේකයි. යාළුවෝ අතරේ එක එක ප්ලෑන් තියෙනවනේ. ට්‍රිප් එකක් යන්න, මැච් එකක් ගහන්න, යාළුවෙක්ගේ ගෙදර යන්න වගේ ඒවා. ඔන්න ඕවට කාලසටහන් ගැහුවත් හරි අර දෙන්නට එන්න බැහැයි කියනවා උලව් පෙම් හමුවක්ය කියලා. ඒත් මේ ගමන් යන්න එන්නත් ඕනි කියලා නාහෙන් අඬනවා. ඉතින් අන්න එතකොට කොනක ඉඳන් මේවා ආයෙත් හදන්න වෙනවා.

 

6. අතින් කයිට්

friend love

Image Source – wikihow.com

ආදරේ කරනකොට යහමින් සල්ලි භාගේ තියෙන්න ඕනි. එහෙම නැති වුණාම ආර්ථික අවපාතයක් වෙන්නේ ආදරේ කරන උන්ගේ යාළුවන්ට. ඒක වෙන්නේ මෙහෙමයි. උදාහරණයක් විදියට පෙම්වතියට දෙන්න තත්ත්වයෙන් වගේම මුදලිනුත් වැඩි තෑග්ගක් දකිනවා. ඕක ගන්න සල්ලි නැති වුණාම යාළුවෝ ගාවට යනවා හැරෙන්න වෙන කොහේ යන්නද? එයාලා ආදරේ කරන්නයි වෙන අය ඒකේ වියදම් බලන්නයි. ඔහොම වැඩ තමයි වෙන්නේ.

 

7. වලිවලට පැටලීම

Image Source – wikihow.com

එක බඩවැල කඩන් උපන්න ලයින් එකේ ඉන්න නිසා බෙලි ගැලවෙන්න හරි යාළුවා වෙනුවෙන් සීන්වලට එන්ටර් වෙන්න වෙනවා. පෙම්වතියගේ අයියා නැත්නම් වෙන මොකෙක් හරි හාල්පාරුවෙක් එක්ක යාළුවා ඇවිලෙන හැම වෙලේම උදව් බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන්. ඒ වෙලාවට එලොව යන්න හරි හිතාගෙන මේවට පැටලෙනවා. අන්තිමේ ගෙදර අයගෙනුත් බැනුම් අහගන්න වෙනවා. ඉස්පිරිතාලේ එහෙම නතර වෙන්නත් වෙනවා.

 

මෙහෙම ජෝඩුවක් ඔයාලා එක්ක ඉන්නවා නම් මේ සඳහන් කරපු කටුවලින් එකක් හරි කන්න වෙනවා. පින් අතේ වැඩක් කරනවාය කියන අදහසින් මේවාට සම්මාදම් වීමෙත් වරදක් නෑ.

Cover Image Source – bonobology.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *