සලාද රස කරගන්න දාගන්න පුළුවන් ඩ්‍රෙසින් වර්ග 7ක්

බත් එක්ක කන්න හැදුවත්, නිකන්ම කන්න හැදුවත්, මොන සලාදෙ හැදුවත් අපිට පුරුදු නිකම්ම ලුණු, ගම්මිරිස්, දෙහි ටිකක් ඉහල අනල ගන්න එකනෙ. මේ කියන්නෙ එහෙම නිකම්ම හදන් කන එළවළු සලාද වලට දාගන්න පුළුවන් විශේෂ සලාද රසගන්වනයන් ගැන. දන්න සිංහලෙන් කිව්වොත් සැලඩ් ඩ්‍රෙසින් ගැන. කම්මැලිකමට දෙහි ලුණු විතරක් නොදා මේ විදියට සලාදයකට දාල බලන්නකො. වෙනස්ම රසක් කියල ඔයාලටත් හිතේවි. 

බත් එක්ක කන්න වගේම නිකන් කන්නත් පුළුවන් සැලඩ් රෙසිපි ලිපි කීපයක්ම අපි අරන් ආවා ඒ රෙසිපි පහත ලින්ස් වලින් කියවන්න!

බත් එක්ක කන්න පුළුවන් සලාද වර්ග 5ක්

 

1. වයිට් විනග්‍රට් ඩ්‍රෙසින් (White Vinaigrette Dressing)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔලිව් ඔයිල් කෝප්ප 3/4
  2. සුදු විනාකිරි කෝප්ප 1/4 (වයිට් වෙනිගර්)
  3. ලුණු පින්ච් එකක්
  4. ගම්මිරිස්කුඩු ටිකක්
  5. මස්ටර්ඩ් පව්ඩර් තේ හැඳි 2
  6. තලාගත් සුදුළූණු ටිකක්
  7. දුඹුරු සීනි මේස හැඳි 1
  8. මී පැණි තේ හැඳි 2

 

  • මේ සියල්ලම එකට කලවම් කරලා බෝතලයකට දාලා හොඳට හොලවන්න. රස බලලා කැමතිනම් තව ඔයිල් ටිකක්, ගම්මිරිස්කුඩු ටිකක් එකතු කරගන්න. 

 

2. රෑන්ච් ඩ්‍රෙසින් (Ranch Dressing)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මයෝනේස් කෝප්ප 1
  2. Sour ක්‍රීම් කෝප්ප 1/2 (මෙයට බටර් මිල්ක්ද ගත හැක)
  3. චොප්කරගත් ළූණුකොළ තේ හැඳි 1
  4. චොප්කරගත් පාස්ලි තේ හැඳි 1
  5. තලාගත් සුදුළූණු තේ හැඳි 1
  6. ලුණු පින්ච් එකක්
  7. අනියන් පව්ඩර් තේ හැඳි 1/2
  8. ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

  • මේ සියල්ලම එකට දාලා විස්ක් කරන්න. මේක විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ දාලා තියලා සලාදයට එකතු කරගන්න. 

 

3. හනි මස්ටර්ඩ් ඩ්‍රෙසින් (Honey Mustard Dressing)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අබ ක්‍රීම් කෝප්ප කාලක්
  2. මී පැණි කෝප්ප කාලක්
  3. විනාකිරි කෝප්ප  කාලක්
  4. ලුණු පිංචක්
  5. එළවළු තෙල් මේස හැඳි 2

 

  • බෝල් එකක් අරගෙන ඒකට අබ ක්‍රීම්, මී පැණි, විනාකිරි හා ලුණු එකතු කර හොඳට කලවම් කරගන්න.
  • දැන් මේකට ඔයිල් ටික ටික ඇඩ් කරමින් කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ දාලා දින 3ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.

 

4. ඉටෑලියන් ඩ්‍රෙසින් (Italian Dressing)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔලිව් ඔයිල් මේස හැඳි 6
  2. සුදු විනාකිරි (වයිට් වෙනිගර්) මේස හැඳි 2
  3. චොප්කරගත් පාස්ලි ටිකක්
  4. තලාගත් සුදුළූණු ටිකක්
  5. ලෙමන් යුෂ මේස හැඳි 1
  6. වියළි ඔරිගානො ස්වල්පයක්
  7. චොප්කරගත් රතු බෙල් පෙපර් මේස හැඳි 1
  8. ගම්මිරිස්කුඩු

 

  • මේ සියල්ලම  එකට කලවම් කරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න.
  • ෆ්‍රිජ් එකේ දාලා දවස් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් .

 

5. සෙස්ටි ලෙමන් ඩ්‍රෙසින් (Zesty lemon dressing)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කැනෝලා ඔයිල් කෝප්ප  1/4
  2. ග්‍රේට් කරගත් ලෙමන් පොතු මේස හැඳි 1
  3. ලෙමන් යුෂ මේස හැඳි 2
  4. චොප්කරගත් පාස්ලි ටිකක්
  5. තලාගත් සුදුළූණු තේ හැඳි 1
  6. ගම්මිරිස්කුඩු තේ හැඳි 1

 

  • මූඩිය එක තියන බෝතලයකට මේ ඔක්කොම දාලා හොඳට හොලවා සැලඩ් එකට උඩින් ඉසගන්න. 

 

6. ඇග්‍රොඩෝල්ස් ඩ්‍රෙසින් (Agrodolce dressing)

මේක ස්වීට් වගේම ටිකක් ඇඹුල් යන රස දෙවර්ගයම තියන ඩ්‍රෙසින් එකක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සීනි මේස හැඳි 3
  2. රතු වයින් කෝප්ප 3/4
  3. සුදු විනාකිරි (වයිට් වෙනිගර්) මේස හැඳි 3
  4. තලාගත් සුදුළූණු තේ හැඳි 2
  5. ගම්මිරිස් ඇට තේ හැඳි 1
  6. වියළි රෝස්මරි තේ හැඳි 1
  7. ඔලිව්තෙල් මේස හැඳි 3
  8. ලෙමන් යුෂ මේස හැඳි 2
  9. ලුණු

 

  • සීනි ටික පෑන් එකක දාලා රත් කරන්න. කලවම් කරන්න එපා. සීනි ටික කැරමල් කලර් එකට ආපසු ලිප ඕෆ් කරගන්න.
  • දැන් මේකට වයින් හා විනාකිරි   දාගන්න. දැන් ආයෙම ලිප ඔන් කරලා කලවම් කරගන්න.
  • මේකට සුදුළූණු, ගම්මිරිස් ඇට හා රෝස්මරි ටික දාගන්න.
  • රස අනුව ලුණු දාගන්න. විනාඩි 5ක් ලිපේ තියලා හැඳිගාන්න. දැන් මේ ද්‍රාවණය නිවෙනකල් පැය දෙකක්වත් තියන්න. නිවුනම ඒකට ඔලිව්තෙල් හා ලෙමන් යුෂ දාගෙන කලවම් කරලා සැලඩ් වලට දාගන්න පුළුවන්.

 

7. ගාලික් ඩ්‍රෙසින් (Garlic Dressing)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. යෝගට් කප් 1
  2. මයෝනිස් මේස හැඳි 2
  3. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
  4. සුදු ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  5. ලුණු

 

  • යෝගට් වලට මයෝනිස් එකතු කරලා කලවම් කරගන්න. මේකට තලාගත් සුදුළූණු (කෑලි හිටින්නෙ නැති වෙන්න) කලවම් කරලා සුදු ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව දාලා ෆ්‍රිජ් එකේ දාගන්න.
  • දවස් 3ක් වෙනකල් තියාගන්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *