රස වගේම ගුණ ආමන්ඩ් රෙසිපි 7ක්

කවුරුත් කන්න ආස ආමන්ඩ් වලින් මේ වගේ රස කෑම හදන්න පුලුවන් කියලා දැනන් හිටියද??? සමට ගොඩක් හොඳ, ඒ වගේම ප්‍රෙග්නට් අයටත් ගොඩක් ගුණ ආමන්ඩ් වලින් හදාගන්න පුලුවන් රෙසිපි ටිකක් අරගෙන ආවා. මේවා හරිම ලේසියෙන් හදන්න පුලුවන්. එහෙනම් මේ රෙසිපි ටික ට්‍රයි කරල බලන්න.

01. Almond Burfi

අවශ්‍ය ද්‍රව්‍ය:-
ආමන්ඩ් ඇට කෝප්ප 1
සීනි කෝප්ප 3/4
වතුර කෝප්ප 1/2
සැෆ්‍රන් කිරි මේසහැඳි 2
කරදමුංගු කුඩු පින්චක්
ගී ඔයිල් මේසහැඳි 1

  • ආමන්ඩ් ඇට පැයක් වගේ පෙඟෙන්න තියන්න.
  • දැන් මේකෙ තියෙන පොතු අතින් තද කරලා අයින් කරන්න.
  • මේ ආමන්ඩ් ඇට වල තෙත හොදට අයින් කරලා ග්‍රයින්ඩ් කරගන්න.
  • පෑන් එකකට සීනි හා වතුර දාලා උණු කරගන්න.
  • හැන්ද උඩට උස්සනකොට නූල් වගේ ඇදෙන පදමට එනකොට ආමන්ඩ් කුඩු ටික දාගන්න.
  • හොඳට කලවම් කරලා ගී ඔයිල් ටික එකතු කරන්න.
  • කලවම් කරලා මදගින්නෙ හැඳිගාන්න.
  • මිශ්‍රණය පෑන් එකෙන් වෙන් වේගෙන එනකොට ලිපෙන් බාලා බේකින් ශීට් එකකට දාගන්න.
  • ටිකක් නිවුනට අතේ බටර් ටිකක් ගාලා නීඩ් කරගන්න.
  • දැන් තුනී කරලා කෑලි කපාගන්න.

02. Almond Butter

අවශ්‍ය ද්‍රව්‍ය:-
ආමන්ඩ් කෝප්ප 1
ලුණු ස්වල්පයක්
මේපල් සිරප් මේසහැඳි 2

  • ආමන්ඩ් ටික බ්ලෙන්ඩර් එකට දාලා ලුණු හා වතුර චුට්ටක් දාලා ස්මූත් පේස්ට් එකක් හදාගන්න.
  • මේකට මේපල් සිරප් දාලා තවත්වතුර ටිකක් දාලා විනාඩි 2ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරලා බටර් එක හදාගන්න.

03. Almond Cookies

අවශ්‍ය ද්‍රව්‍ය:-
කුඩුකරගත් ආමන්ඩ් ග්‍රෑම් 220
ආමන්ඩ් ඇට ස්වල්පයක්
කුඩුකරගත් සීනි මේසහැඳි 2
බේකින් පව්ඩර් තේහැඳි 1
ලුණු පින්චක්
ග්‍රේට්කරගත් ලෙමන් පොතු ස්වල්පයක්
බිත්තර සුදුමද 2
වැනිලා ස්වල්පයක්
රෝස් වෝටර් තේහැඳි 1
ආමන්ඩ් එසන්ස් තේහැඳි 1/2
ලෙමන් යුෂ තේහැඳි 1

  • ආමන්ඩ් කුඩු වලට කුඩුකරගත් සීනි, බේකින් පව්ඩර්, ලුණු හා ලෙමන් සෙස්ට් දාලා විස්ක් කරගන්න.
  • බිත්තර සුදුමද වල ස්ටිෆ්වෙනකල් බීට් කරලා ආමන්ඩ් මිශ්‍රණයට එකතු කරන්න.
  • මේකට වැනිලා, රෝස් වෝටර්, ආමන්ඩ් එසන්ස් හා ලෙමන් යුෂ දාලා ඩෝ එක අනාගන්න.
  • අතේ බටර් ටිකක් ගාලා පොඩි බෝල හදල බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකක් උඩ තියාගන්න.
  • දැන් මේ කුකීස් අතින් පොඩ්ඩක් තුනී කරලා ආමන්ඩ් ඇටයක් තියාගන්න.
  • මේ වගේ හැම කුකී එකකටම ආමන්ඩ් ඇට තියලා සෙල්සියස් අංශක 180ටවිනාඩි 20ක් බේක් කරගන්න.

04. Almond Pancakes

අවශ්‍ය ද්‍රව්‍ය :-
කුඩුකරගත් ආමන්ඩ් කෝප්ප 1
බිත්තර 2
මෙල්ට් කරගත් බටර් මේසහැඳි 2
කිරි මේසහැඳි 3
වැනිලා ස්වල්පයක්
බේකින් පව්ඩර් තේහැඳි 1
ලුණු ස්වල්පයක්
බටර් මේසහැඳි 1

  • බෝල් එකකට ආමන්ඩ් කුඩු හා බටර් හැර අනික් සියල්ලම දාලා හොඳට විස්ක් කරගන්න.
  • ඊළඟට ආමන්ඩ් කුඩු දාලා තික් බැටර් එකක් හදාගන්න.
  • පෑන් එකට බටර් ටිකක් දාලා බැටර් එකෙන් ටික ටික දාලා පෑන් කේක් හදාගන්න.

05. Almond Bread

අවශ්‍ය ද්‍රව්‍ය:-
ආමන්ඩ් පිටි ග්‍රෑම් 225
බිත්තර 6
බේකින් පව්ඩර් තේහැඳි 3
ලුණු පින්චක්
මෙල්ට් කරගත් බටර් තේහැඳි 4

  • බිත්තර සුදුමද හා කහමද වෙන් කරගන්න.
  • සුදුමද ටික ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
  • බිත්තර කහමද වලට බේකින් පව්ඩර් හාලුණු දාලා හොඳට බීට් කරගන්න.
  • බීට් කරන ගමන් මෙල්ට් කරගත් බටර් ටික දාගන්න.
  • හොඳට බීට් උනාම ආමන්ඩ් පිටි ටික දාලාහොඳට බීට් කරගන්න.
  • මේකට බිත්තර සුදුමද ටික ටික දාලා විස්ක් කරගන්න.
  • හොඳට කලවම් කරලා බටර් ගාගත් බ්‍රෙඩ් පෑන්එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගන්න.

06. Almond Milk

අවශ්‍ය ද්‍රව්‍ය:-
ආමන්ඩ් කෝප්ප 1
කජු කෝප්ප 1/4
කූල් වතුර කෝප්ප 2
රටඉඳි 5
වැනිලා ස්වල්පයක්
වතුර කෝප්ප 2
කිරි කෝප්ප 2
පැණි මේසහැඳි 2
කුඩුකරගත් කජු ස්වල්පයක්
කුඩුකරගත් ආමන්ඩ් ඇට 5-6
කුඩුකරගත් පිස්ටාචියෝ ඇට 5-6
කුඩුකරගත් කරදමුංගු ස්වල්පයක්

  • ආමන්ඩ් ටික සීතල වතුර භාජනයකට දාලා රැයක් පෙඟෙන්න තියන්න.
  • දැන් වතුර පෙරලා හොඳට සෝදලා බ්ලෙන්ඩර් එකට දාගන්න.
  • මේකට වතුර කෝප්ප 2 දාලා වැනිලා, කජු හා රටඉඳි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • කෑලි නැති වෙනකල්ම බ්ලෙන්ඩ් උනාට පස්සෙ කිරි ටික දාලා ආයෙ බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක පෑන් එකකට දාලා පැණි ටික දාලා කුඩුකරගත් නට්ස් ටික දාලා හැඳිගාලා ලිපෙන් බාගන්න.

07. Almond Ice cream

අවශ්‍ය ද්‍රව්‍ය:-
ආමන්ඩ් කෝප්ප 1
ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 2
සීනි කෝප්ප 3/4
වැනිලා ස්වල්පයක්

  • ආමන්ඩ් ටික පොඩ්ඩක් රෝස්ට් කරගන්න.
  • දැන් මේ ආමන්ඩ් ටික ග්‍රයින්ඩ් එකට දාලා ෆ්‍රෙශ්ක්‍රීම් කෝප්ප 1/2 දාගන්න.
  • හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • මේකට සීනි ටික දාලා තව ටිකක් බ්ලෙන්ඩ් කරගන්න.
  • වෙනම බෝල් එකකට ඉතුරු ෆ්‍රෙශ්ක්‍රීම් ටික දාලා ස්ටිෆ්වෙනකල් බීට් කරගන්න.
  • මේකට ආමන්ඩ් පේස්ට් එක දාලා තවත් හොඳට බීට් කරගන්න.
  • වැනිලා ටික දාලා තව ටිකක් බීට් කරගන්න.
  • මේක ප්ලාස්ටික් කන්ටේනර් එකකට දාලා පැය 8ක් ෆ්‍රීස් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *