අර්ශස් නිවසේදීම සුවකරගන්න වටිනා ක්‍රම 7ක්

අර්ශස් කියන්නේ ගුද මාර්ගය ආශ්‍රිත ලේ නහරවල ඉදිමීමෙන් ඇතිවන රෝගී තත්ත්වයටයි. ගුද මාර්ගය ආශ්‍රිතව ගෙඩියක් වගේ දේවල් අහු වෙනවා නම්, මලපහවල රුධිරය තියනවා නම්, මලපහ කරන අවස්ථාවේ වේදනාවක් ගෙන දෙනවා නම් ඔබට අර්ශස් වෙන්න ලොකු සම්භාවිතාවක් තියනවා. මේ රෝගයේ අන්තිම අවසානය තමයි ශල්‍යකර්ම. එතනට යන්නේ නැතුව නිවැරදි දිවිපැවැත්මක් අරගෙන ගියා නම් රෝගය සුව වීමට ලොකු ඉඩක් තියනවා. අර්ශස් මුල් අදියරේ සිටින කෙනෙක්ට මේ දේවල් වැදගත් වෙන්න පුළුවන්.

 


1. කොහිල


අර්ශස්වලට ප්‍රත්‍යක්ෂ විසඳුමක් වශයෙන් බය නැතුවම ආහාරයට ගන්න කියනවා කොහිල. කොහිල වෑංජනයක් විදියට ආහාරයට ගන්න එක වගේ ම කැඳ විදියටත් පානය කරන්න පුළුවන්. සාමාන්‍ය මලබද්ධ තත්ත්වයක දී ඉඳන් ම කොහිල ආහාරයට එක් කර ගන්න එකෙන් අර්ශස් දක්වා ඔඩු දුවන එක ව​ළක්වා ගන්නත් පුළුවන්. ඉතා ඉහළ තන්තුමය අගයකින් යුක්ත බව නිසා තමයි කොහිල අර්ශස්වලට අත්දුටු ඖෂධයක් වෙලා තියෙන්නේ.



2. උණුවතුර සත්කාරය


උණුවතුරවලින් රුධිර ගමනාගමනය වේගවත් කෙරෙන නිසා ඒක ඉදිමුණු ස්නායුවල ඒ තත්ත්වය නැති කරන්න හේතුවක් වෙනවා. මද රස්නය තියන වතුරවලින් ගෙදර බාත් ටබ් එකක් තියනවා නම් ඒක පුරවලා අදාළ ස්ථානයට හොඳින් වතුර පාර දැනෙන විදියට ඉන්න වෙනවා. ටබ් එකක් නැත්නම් ලොකු බේසමකට බහින්න පුළුවන්.



3. පොල්තෙල්


ඔලිව් තෙල් හොයාගන්න නැත්නම් පොල්තෙල් බිංදු කීපයක් පුළුන් කෑල්ලක තවරගෙන ඉදිමුම තියන ස්ථානයේ මදක් තියන්න. දවසකට එක බැගින් කරන්න. පොල්තෙල්වල අඩංගු පෝෂණීය සංඝටකවලින් ඒ ඉදිමුම් තත්ත්වය පාලනය කරලා සහනයක් ලබලා දෙනවා.



4. පිරිසිදුව


මේ කාලයට පිරිසිදුවෙන් ඉන්න එකත් අතිශය වැදගත් වෙනවා හැබැයි ටිකක් වෙනස් විදියට. වෙනදා වගේ සබන් ගාන්න බෑ. තුවායකින් එතන පිහින්නත් බෑ. මේ කාලෙට ටොයිලට් පේපර් එකක්වත් එතනට ළං කරන්න එපා කියලා තියෙන්නේ ඒ තරම් සංවේදී නිසා. ඇඟ හේදුවට පස්සේ හෙයාර් ඩ්‍රයර් එකකින් තමයි තෙත ගතිය නැති කරගන්න කියන්නේ.

 


5. වැතිර සිටින්න


පොඩි කාලේ කකුල් දෙකත් උඩ දාගෙන වැතිරිලා හිටපු විදිය මතක ද? අන්න ඒ විදියට පැය භාගයක් එක දිගට ඉන්න. ගුද මාර්ගය ආශ්‍රිතව අනවශ්‍ය පීඩනයක් ඇති වීමෙන් තමයි අර්ශස් හැදෙන්නේ. ඒ කියන්නේ මලබද්ධය වගේ. ඒක වුණාට පස්සේ අපි ඉඳගෙන ඉන්න එකෙනුත් එතනට පීඩනයක් තමයි එන්නේ. ඉතින් පුළුවන් හැම වෙලේ ම වැතිරිලා ඉන්න ඕනි. අර පැය භාගයක් ඉන්න කිව්වේ රුධිර සංසරණය හොඳට වෙන්න.

 


6. තේ බෑග


උණු තේ බෑගයක් අදාළ ස්ථානයේ මද වෙලාවක් තැබීමෙන් ඉදිමුම් ගතියට, වේදනාවට සහනයක් දෙනවා වගේ ම රුධිර කැටිගැසීමට පිටිවහලක් වෙනවා. එහෙම වෙන්නේ මේවයේ අඩංගු ඇසිඩ් වර්ගයක් නිසයි. 



7. වෛද්‍යවරයා හමුවීම


මේ දේවල් ගෙදර ඉඳන් කරලා ඔබ අවම වශයෙන් නිවසේ රැඳෙන්න ඕනි සති දෙකයි. ලේ ගැලීම සහ වේදනාව ඉන් පසුවත් වෙනස් වෙන්නේ නැතුව තියනවා නම් වෛද්‍යවරයා හමුවීම අත්‍යවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *