විවිධ හේතු නිසා මතභේදාත්මක වූ ප්‍රකට සාහිත්‍ය කෘති හතක්

අද අපි කතා කරන්නේ ලිංගිකත්වය, වර්ගවාදය, විරුද්ධ දේශපාලන අදහස්, විරුද්ධ ආගමික අදහස් වගේ හේතු නිසා මතභේදාත්මක වුණු පොත් හතක් ගැන.

1. Lolita


මේ කෘතිය තරම් මේ ඇසුරෙන් නිපදවුණු චිත්‍රපටි ලංකාවෙත් ජනප්‍රිය වුණා. අසම්මත ලිංගික කතා පුවතක් නිසා තමයි මේ කෘතිය ආන්දෝලනාත්මක වෙන්නේ. ඒ නිසා ගොඩාක් රටවල් මේ කෘතිය තහනම් කරනවා. කොහොම වුනත් අද මේ පොත සලකන්නේ විලැම්බියර් නබකෝව් කියන ලේඛකයා ලියපු අග්‍රගණ්‍ය කෘතියක් විදියට. හම්බර්ටිගෙයි පුංචි ඩෙලෝරස්ගෙයි අසම්මත ආදර කතාව ලෝකයක් කම්පනය කරනවා.

2. Huckleberry Finn


අපි හැමෝගෙම පුංචි කාලය රසවත් කරපු පොතක් මේ කෘතිය. විශේෂයෙන් චන්ද්‍ර අනගිරත්නයන්ගේ අග්‍රගණ්‍ය පරිවර්තනය නිසා. මේ කෘතිය ළම කෘතියක් වුනත් මතභේදාත්මක කෘතියක් වෙනවා. මේක ඒකාලේ හිටපු සුදු ජාතිකයන්ට මාර්ක් ට්වේන් එල්ල කරපු ඇතුල් පහරක්. නිග්‍රෝ ජාතිකයන් ගැන සංවේදිව ලියමින් ළමුන්ගේ කතාවක් විදියට ගැඹුරින් මුළු සුදු ජාතිකයන්ව මාර්ක් ට්වේන් හරිම විශිෂ්ට විදියට හාස්‍යට ලක්කරනවා.

3. Call of The Wild


මේක නම් කියෝපු අපි හැමෝගෙම හිත් වල රැදිලා තියෙන පොතක් විදියට සැකයක් නෑ. බක් කියන අපූරු බල්ලගේ චරිතය ගැන හරිම සංවේදීව ජැක් ලන්ඩන් ලියනවා. මේ කෘතියට ඔහු මුල් කාලයේ ලබපු අත්දැකීම් පාදකවෙලා තියෙනවා. මේක ගොඩක් අය දන්නේ නැති වුනාට ආන්දෝලනාත්මක පොතක් වෙනවා. විශේෂයෙන්ම මේ කෘතිය ලියපු ජැක් ලන්ඩන්ගේ ජීවිතය හා ආසාධාරණයට එරෙහි වීම නිසාත් මේ කෘතියට යම් යම් විරෝධ එල්ල වුනත් අතිශය ජනප්‍රිය වෙනවා.

4. To Kill A Mockingbird


මේ කෘතියත් ලෝකයේ අතිශය ජනප්‍රිය කෘතියක් වෙනවා වගේම ලෝකයේ විශිෂ්ටතම කෘති 100 මුල් ස්ථාන කිහිපයට හිමිකම් කියනවා. කුඩා දරුවෙක්ගේ චරිතයකින් ඇමරිකාවේ කළු සුදු භේදය හරිම ලස්සනට හාස්‍යට ලක්කරපු නිසා මේ කෘතිය මතභේදාත්මක කෘතියක් වෙනවා. කතාවට පාදක වෙන්නේ කළු මිනිසකුගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටින නීතීඥයකු හා ඔහුගේ දියණියගේ කතාවෙන්. ඒ වගේම Harper Lee මේ කෘතියේ දිගුවක් විදියට Go set a Watchman කෘතිය පසු ගිය දශකයේ රචනා කලේ මේ කෘතිය ලියා දිඟු නිහැඬියාවකට පසුව විමත් විශේෂත්වයක්.

5. Da Vinci Code


2003 වසරේ Dan Brown කියන කතුවරයා මේ කෘතිය රචන කීරීමත් එක්ක අතිශය ජනප්‍රිය වෙනවා වගේම සමහර රටවල කිතු දහමට අපහස වූවා යැයි කියලා තහනම් කරනවා. ඒ කොහොමවුනත් මේ කෘතිය ලෝකේ පුරාම ජනප්‍රිය වෙනවා වගේම භාෂා ගණණාවකට පරිවර්තනය වෙනවා. ඒ වගේම මේ ඇසුරෙන් 2006 නිර්මාණය වුණු චිත්‍රපටිය අතිශය ජනප්‍රිය වෙනවා. බයිබලය, කුරුස යුද්ධය, කිතු දහම ගැන ලියවුණු පුළුල් පර්‍යෙෂණයකින් යුතු කියවිය යුතුම පොතක් විදියට මේ පොත නම් කරන්න පුළුවන්.

6. I Know Why the Caged Bird Sings


මේ කෘතිය ලියන්නේ දක්ශ ප්‍රකට කිවිඳියක් වුනු Maya Angelou. මේක ඇය ලියන්නේ ඇගේම ස්වයං චරිතාපදානය විදියට. මේ පොතේ ඇය ඇයව සමාන කරනවා කූඩූවක හිරවුණු කිරිල්ලියකට. ඒ කටහඬ ගයන දුක් ගීතයට. මේක ගොඩාක් මතභේදයට තුඩු දෙන කෘතියක් වෙන්නේ ඇය නිග්‍රෝ කාන්තාවක් වන නිසත් කුඩා කාලයේ ඇගේ ජීවිතේ සිදු වුණ ඛේදනීය සිදුවීම් නිසාත්. සමහර රටවල් වල ලිංගිකත්වය ගැන ලියවුණු පොතක් කියලා ප්‍රතික්ෂේප කලා වුනත් 1993 දී බිල් ක්‌ලින්ටන්ගේ ප්‍රථම ජනාධිපති උත්සව සභාවේදී ඇය ඇගේම කවියක්‌ වූ On the Pulse of Morning කවිය ඉදිරිපත් කරන්නට අවස්‌ථාව ලැබුවා. මේ පොත ගුණතිලක මැටියන්ගේ සිරගත කළ ද කෙවිලිය ගී ගයන්නිය නමින් සිංහලට පරිවර්තනය කරනවා.

7. Not Without My Daughter


මේකත් ගොඩාක්ම මතභේදාත්මක කෘතියක් විදියට හඳුන්වන්න පුළුවන්. මේක අපේ රටේ අනුල ද සිල්වා කියන පරිවර්තිකාව පරිවර්තනය කරනෙත් මේ පොත තහනම් ව තියෙද්දි. මේ කෘතිය රචන කරන බෙටී මහමුදී මේ කෘතියට තමන්ගේ ජීවන අත්දැකීම් තමයි පාදක කරන් තියෙන්නේ. මේක ගොඩාක් මතභේදාත්මක වෙන්නේ ඇමරිකානු කාන්තාවක් ඉරාන ජාතික සැමියෙක් විවාහ කරන විඳින දුක් ගැහැට ගැන ලියවෙච්ච නිසයි. ඒ නිසා ඉරානයෙන් මේ කෘතිය ගැන දැඩි ලෙස විවේචනය කරනවා. කොහොමහරි මේ කෘතිය ලෝකයෙම ජනප්‍රිය වෙනවා වගේම ලෝකයක් කම්පනයට පත්කරනවා.

මේ ඒ වගේ විවිධ හේතු නිස මතභේදාත්මක වුණ පොත් හතක් විතරයි. තව මේ වගේ පොත් ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *