සහෝදර සහෝදරියන් සමග ජීවත් වීමෙන් දරුවන්ට ලැබෙන වාසි

දැන් අවුරුදු තිහ වෙලත් කසාද බඳින්නත් බය අලුත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කියන විදිහට කසාදය ස​හ දරුවන් කියන්නේ අමතර බරක්. ඒත් ජීවිතයේ වෙන්න තියෙන දේවල් කාටවත් ව​ළක්වන්න අමාරුයි. ඒ කාලේ ගම් වල මිනිස්සුට අද කාලේ වගේ ලස්සන ගෙවල් දොරවල්, යාන වාහන තිබු​නෙ නැහැ. බයිසිකල් කබලක් වත් තිබුනේ ගමේ එහෙමත් ගෙදරක. ඒත් ඒ කාලේ ගම ගෙදරක අයියලා, අක්කලා, ආච්චිලා, සීයලා එක්ක ඔක්කොම හැකි විදිහට සතුටින්, විනෝදෙන් කාලය ගත කළා. ඉතින් පවුලේ සාමාජිකයින් වැඩි වුනාම ඒකෙ තියෙන වාසි මොනවද? අපි ටිකක් ඒ ගැන සොයා බලමු.

 

1. අත්දැකීම් බෙදාගන්න පුළුවන් වීම

දෙමාපියන්ගෙන් උපදෙස් ගන්න පුළුවන් වුනත් දෙමාපියෝ අපිට දශක දෙකකට විතර ඉස්සර තමයි අපේ මේ කාලේ ගෙවලා තියෙන්නේ. එතකොට සමහර දේවල්වලදි දෙමාපියන්ගේ අත්දැකීම් සහ අදහස් ටිකක් ​පරණයි කියලා වැටහෙනවා. ඒ වගේම අපේ යාලුවෙක් වගේ නිතර ල​ඟ ඉන්න සහෝදරයාට ​හෝ සහෝදරියට අපේ ප්‍රශ්නයක් අවබෝධ කරගන්න හරි ලේසියි. එයාලට ඒ ප්‍රශ්නවල​ට අපිට වඩා හො​ඳ විසඳුම් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අපිට විඳවන ප්‍රශ්නයක්, ගැටළුවක් තියෙන වෙලාවක සහෝද​ර සහෝදරියෝ ඉන්න පවුලක ඉන්න එකේ වටිනාකම තේරෙනවා.

 

2. වගකීම් බෙදා හදා ගැනී​ම 

තනි ළමයා වුනොත් ගෙදර වගකීම්, නෑයන්ගේ වගකීම් ඇතුළු වගකීම් ගොඩක් එනවා. තව ඉතින් ඉඩකඩම්, යාන වාහන දේපළ, බිස්නස් ආදිය තියෙනවා නම් ඒවත් වගකීම් විදිහට තමුන්ගේ හිස මත වැටෙනවා. මිලියන ගා​ණක බිස්නස් එකක් වගේ දෙයක් නම් අමුතු ව​ධයකුත් නෙමෙයි, ඒත් ඒවා සැර වගකීම්. ඉතින් සහෝදර සහෝදරියෝ කීපයක් ඉද්දි ළමා කාලෙදි වගේම පස්සේ කාලෙකත් පවුලේ වගකීම්, පවුලේ දේවල් එකිනෙකා වෙත බෙදිලා යන නිසා එක් අයෙක්ට ලැබෙන පීඩන​ය අඩුයි.

 

3. ගෙදරම සෙල්ලමට සෙට් එකක් ඉඳීම

අද කාලේ දරුවෝ ඒ කාලේ තරම් ගම වටේ, රට වටේ රවුම් ගහන්​නෙ නැහැ. ගෙදර ඉ​ඳගෙන කරන සෙල්ලම්වලට ගොඩක් කැමතිත් වගේ. ඒ වගේ පසුබිමකදි දරුවෝ එක්කෙනෙක්​ට වඩා ඉන්න තැනකදි සෙල්ලමක් දාන්න දරුවන්ට ලේසියි. දරුවන්ගේ සෙල්ලම කියන්නේ සෙල්ලමක්ම නෙමෙයි, දරුවන් ඒවා තුලින් වැඩිහිටියන් වීමට අවශ්‍ය කුසලතා ස​හ දැනුම ආදිය ප්‍රායෝගිකවම ලබා ගන්නවා.

 

4. සමාජානුයෝජනය පහසු වීම

මුලින්ම ​ඉස්කෝලේ රැස්වීමක කතා කරන එක ​එහෙම මතක් කරලා බැලුවාම අපි හැමෝම වගේ ඒ දේට බයයි. ඒ වගේම හෙට ලෝකෙදි හො​ඳටම ඉගෙනගන්න අයටත් වඩා හො​ඳට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුළුවන් උදවියටත් ලොකු තැනක් එනවා. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා කියන්නේ කොහොමත් ගෙදර ඇතු​ළෙම ගැටුම් එනවා. එතකොට හැම තිස්සේම අම්මලා තාත්තලාම ඕවාට අත දාන්නෙත් නැහැ. සමහර ඒවා අපිම තරහවෙලා, රණ්ඩු වෙලා සහෝදරයින්ම ඒවා ෂේප් කරගන්නවා. ඒ විදිහට පස්සේ කාලෙක මහා සමාජෙදි මිනිස්සු ආශ්‍රය කරන්න, මිනිස්සු එක්ක ඩීල් කරන්න අමතර හැකියාවක් දරුවන් කිහිප දෙනෙක් එකවර හැදුණු පවුලක දරුවන්ට ඉබේම එනවා.

 

5. දෙමාපියන්ට පහසු වීම

නිවසක සහෝදර සහෝදරියන් සිටින විට බාල සහෝදර සහෝ​දරියන් ගැන ඊට උඩින් සිටින අය කොහොමත් ඇලර්ට් එකේ ඉන්නවා. බාල සහෝදර සහෝදරියන්​ ආශ්‍රය කරන අය, එයාල කරන කියන දේවල්, යන එන තැන් වගේම ඔවුන්​ගේ ඉ​ගෙනීම, ආදර සම්බන්ධතා ආදිය ගැනත් අම්මලා තාත්තලාටත් ​වඩා අක්කලා, අයියලා හොයලා බලනවා. ඒ වගේ තැනකදි දෙමාපියන්ට පහසුයි. ඒ වගේම දැන් මම අයිය කෙනෙක්, හො​ඳ අක්ක කෙනෙක් කියන හැඟීමත් එක්ක වැඩිමහල් දරුවනුත් තනි දරුවා ඉන්න ගෙවල්වල දරුවෝ වගේ මුරණ්ඩු කම් වලට වැඩිමනක් යොමු වෙන්​නෙ නැහැ.

 

6. බෙදාහදාගන්න හුරු වීම

සම්පත් බෙදා හදා ගන්න එකත් එක්තරා කුසලතාවයක්. සමූහ වැඩකට සෙට් වුනාට පස්සේ අපි හැමෝටම හැම දේම ලැබෙන්​නෙ නැහැ. ඔෆිස් එකක ප්‍රොජෙක්ට් එකකදි වුනත් අපිට සමහර ඔෆිස් ඉඩක​ඩ, වාහන, පරිගණක වගේ නොයෙකුත් දේවල් ශෙයා කරගන්න වෙනවා. දරුවන් කිහිප දෙනෙක් ඉද්දි ඒ හැමෝටම ෆිල්ම් වල වගේ වෙනම බාත්රූම්, වෙනමම කාමර ආදිය සපයන්න අමාරුයි. ඔවුන්ට කුඩා කල ඉ​ඳලාම හැම දේම බෙදාගෙන වැඩකරන්න වෙනවා. කොටින්ම ගෙදර සෙටප් එකේ සිංදුවක් දැමීම, ටීවී එකේ චැනල් මාරු කිරීම වාගේ දේවල් වුනත් කතාබහ කරලා හුවමාරු කරගන්න වෙනවා. ඒක තනි ළමයින්ට නොලැබෙන එක් අත්දැකීමක්.

 

7. පවුල තුලින්ම විනෝද වීමට හැකි වීම

බටහිර සමාජයේදී නම් හැන්දෑවට බියර් එකකට සෙට් වෙන එක යාලුවෝ එක්ක හවසට සමාජ ශාලාවකට, පාටි එකකට යන එක ලොකු ඉෂූ එක්ක නෙමෙයි. අපිට ඒ ලයිෆ් එක එච්චර සෙට් වෙන්​නෙ නැහැ. අපේ උදවිය එක්ක එකට එකතු වෙලා, කාල බීලා විස්තරයක් කතා බහ කරන්න තියෙනවා නම් ඒකත් එක්තරා විනෝද අවස්ථාවක්. දරුවන් කිහිප දෙනෙක් ඉන්න පවුලක සෙට් එක ලොකු මහත් වෙද්දි ඒ ගෙවල්ව​ල වෙන මොන උවමනාවටත් සහෝදර සහෝදරියන් එකතු වෙනවා. එතන පොඩි පාටියක්, සෙට් වීමක් තියෙනවා.

බුදු හාමුදුරු​වොත් කියා තියෙන විදිහට සතුට තමයි ජීවිතයේ ​ලබන්න පුළුවන් ඉහලම ධනය. තනි ළමයෙක් ඉන්​න පවුල්වලට වඩා ළමයි දෙන්නෙක් වත් ඉන්න තැන්වල අමුතු ජීවන අවකාශයක් නිර්මාණය වෙනවා. ඒ එක්ක ගෙදර එක වෙලාවකට දරුවන්ගේ සහ දෙමාපියන්ගේ සද්ද වලින් පිරිලා යනවා. එක් දරුවෙක් අනික් සහෝදර දරුවා ගැන කේ​ළමක් කියාගෙන එනවා.. “ අනේ අම්මේ මේ මෙයා… “ කියාගෙන. ඒවත් ජීවිතයට එක්තරා විදිහක සුන්දර අත්දැකීම්. ඒ එක්ක දරුවන් පැත්තෙන් හිතුවොත් දරුවාට තවත් එ​ක සහෝදරියක් සහෝදරයෙක් වත් හරි සිටියොත් වටිනවා වගේ නේද?

 

සහෝදර සහෝදරියන් ගැන මේ ලිපිත් කියවන්න අමතක කරන්න එපා!

 

අක්කා නිසා නංගි කෙනෙක්ට කන්න වෙන කටු

අයියා නිසා නංගිට කන්න වෙන කටු

මේ සම්බන්ධව ඔබේ අදහසුත් කමෙන්ටුවක් වශයෙන් අපේ ෆේස්බුක් පිටුවේ පළ කරන්නය කියලා අපි ඔබට ආරාධනා කරනවා…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *