ලෝකයේ සරාගීම නිළියන්

අපි ජීවත්වෙලා ඉන්නෙ ලෝක සිතියමේ පුංචි තිතක් තරම් වුණ ලංකාව ඇතුලේ වුණාට ලෝකයම එකම විශ්වගම්මනායක් වීම නිසාම ලෝකය පුරාම කෙරෙන විවිධ කළා නිර්මාණයන් නම් අපිට අළුත්, අමුතු දේවල් නෙමෙයි. ඒ අතරිනුත් ලෝකය පුරාම නිර්මාණය වෙන හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, ටොලිවුඩ් වගේ විවිධ සිනමා නිර්මාණ කියන්නෙ අපි හැමෝම හරිම කැමැත්තෙන් රසවිඳින කළා කෘතීන්.

ඉතින් මේ කතාකරන්න යන්නෙ ඒ සිනමා නිර්මාණ වල පෙනී සිටින නිලියන් ගැනයි. ඒ නිලියන් අතරිනුත් සරාගී බවින් ඉහලම නිලියන් විදිහට සැලකෙන නිළියන් කිහිපදෙනෙක් ගැනයි. මේ ලස්සන සහ සරාගී බව කියන්නෙ එක එක්කෙනා දකින කෝණය අනුව වෙනස්වෙන සාපේක්ෂ කාරණාවක්. ඒ නිසා මේ අපි කියන ලැයිස්තුවම තමයි නිවැරදිම කියල නම් කියන්න බැහැ. හැබැයි ඔවුන්ගේ කළා නිර්මාණ, බාහිර පෙනුම වගේම ඔවුන්ට ඉන්න පිරිමි රසිකයින් සංඛ්‍යාව සහ ඒ රසිකයින්ගේ අදහස් ඔක්කොම එක්ක සලකා බලනකොට නිතරම සරාගී කියන මාතෘකාව එක්ක කතාබහට ලක්වෙන සුන්දර නිලියන් තමයි මේ.

1. ඊවා ග්‍රීන් (Eva Green)

ඊවා ග්‍රීන් (Eva Green)

Eva කියල කියන්නෙ 1980 වසරේ ඉපදුන මේ වනවිට ඇගේ 42 වන වියේ පසුවෙන ප්‍රංශ ජාතික නිලියක් සහ නිරූපණ ශිල්පිනියක්. Evaගේ මවත් ප්‍රංශ ජාතික නිලියක්. ඇය නමින් Marlène Jobert. ඒ වගේම Eva ට ඇයට වඩා මිනිත්තු දෙකකට බාල නිවුන් සහෝදරියකුත් ඉන්නවා. ඇය මුලින්ම චිත්‍රපට ක්ෂේත්‍රයට ඇතුලත් වෙන්නෙ The Piano Teacher (2001) කියන චිත්‍රපටය හරහායි. එතැන් පටන් ඇය විවිධ සිනමා නිර්මාණ, රූපවාහිනී ටෙලිනාට්‍ය විශාල ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම සම්මාන විශාල ප්‍රමාණයකට නාමයෝජනා වෙලා ඒ අතරින් සම්මාන තුනක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.

කොහොමවුණත් වයස අවුරුදු 40 ඉක්මවලා හිටියත් ඇගේ පෙනුමේ තියෙන සරාගීබව නිසාම ඇය ලෝකයේ ඉන්න සරාගීම නිළියන් ලැයිස්තුවේ ඉහලම තැනක රැඳී ඉන්න සමත්වෙලා තියෙනවා.

2. ඇන්ජලීනා ජොලී (Angelina Jolie)

ඇන්ජලීනා ජොලී (Angelina Jolie)

මේ නම නම් අපි හැමෝටම අළුත් නමක් නෙමෙයි. ඒ තරමටම ප්‍රසිද්ධ නිලියක් තමයි Angelina කියල කියන්නෙ. 1975 උපන් ඇන්ජලීනා මේ වෙනකොට ගතකරන්නෙ ඇගේ ජීවිතයේ 47 වැනි වසර. Angelina ගේ පියාත් ඇමරිකානු ජාතික නළුවෙක්. ඇය මුලින්ම රංගනයට ඇතුලත් වෙන්නෙ ඇගේ පියා සමඟ ළමා නිලියක් විදිහටයි. ඇගේ මුල්ම සිනමා නිර්මාණය වෙන්නෙ 1993 වසරේ නිෂ්පාදනය වුණු Cyborg 2 කියන චිත්‍රපටය. එතන ඉඳලා මේ වෙනකොට නිර්මාණ රාශියකට රංගනයෙන් දායක වෙලා තියෙන Angelina සම්මාන කිහිපයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

වයසින් වැඩි වුණත් ලස්සනේ කිසිම අඩුවක් නැති Angelina ලෝකයේ ඉන්න සරාගීම නිලියන් අතරින් කෙනෙක් කියන කාරණාව එක්කනම් කිසිම කෙනෙක් එකඟ නොවී ඉන්න එකක් නැහැ.

3. මේගන් ෆොක්ස් (Megan Fox)

මේගන් ෆොක්ස් (Megan Fox)

Megan Fox කියන්නෙත් අපිට බොහොම හුරුපුරුදු නමක්. ඇය ඇමරිකානු ජාතික නිලියක්. 1986 වසරේ ඉපදිලා මේ වනවිට ඇගේ ජීවිතයේ 36 වැනි වසර ගෙවමින් ඉන්න Megan අපි හැමෝම දන්න Transformers ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය රංගනය ආරම්භ කරන්නේ Holiday in the Sun (2001) කියන චිත්‍රපටය හරහා. චිත්‍රපට, ටෙලිනාට්‍ය, වීඩියෝ ගේම් සහ ගීත රූපරචනා රැසකට රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙන Megan සරාගී බව ඉහළින්ම තියෙන සුන්දර නිලියක් බවට නම් කිසිම විවාදයක් නැහැ. නමුත් කොයිතරම් සුන්දර පෙනුමකට හිමිකම් කිව්වත් ඇය තමන්ගේම ශරීරයේ අඩුපාඩු දකින body dysmorphia මානසික රෝගී තත්වයෙන් පෙලෙන බවත් කියවෙනවා.

4. ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ (Alexandra Daddario)

ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ (Alexandra Daddario)

Alexandra Daddario කියල කියන්නෙ සරාගී නිලියන් ගැන කියවෙන ඕනම තැනකදී නොවැරදීම කියවෙන නමක්. 1986 වසරේ ඉපදුන ඇය ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක්. මේ වෙනකොට වයස අවුරුදු 36 ගතකරලා තියෙන Alexandra කියන්නෙත් ඉතාම සුන්දර, සරාගී සිරුරකට හිමිකම් කියන නිලියක්. 2002 වසරේ ටෙලිනාට්‍ය රංගනයෙන් සිය රංගන ජීවිතය ආරම්භ කරපු Alexandra එතනින් පස්සේ ටෙලිනාට්‍ය චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා.

5. ඇම්බර් හර්ඩ් (Amber Heard)

ඇම්බර් හර්ඩ් (Amber Heard)

Amber කියන්නෙත් ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක්. ඇගේ උපතත් සිදුවෙලා තියෙන්නෙ 1986 වසරේදී. මේ වෙනකොට තිරගතවෙලා තියෙන වගේම ඉදිරියේදී තිරගත වෙන්න නියමිත චිත්‍රපට විශාල සංඛ්‍යාවකට Amber ඇගේ රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ වගේම Amber කියන්නෙ ඇය ද්විලිංගිකයෙකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නත් මැලිනොවෙන චරිතයක්. මේ සියල්ලම අභිබවා ඇගේ දක්ෂතාවය සහ සුන්දර පෙනුම නිසාම මිලියන හතරකට අධික Instagram followers ලා පිරිසක් පවත්වාගෙන යන්නත් ඇය සමත් වෙලා තියෙනවා.

6. ගැල් ගැඩොට් (Gal Gadot)

ගැල් ගැඩොට් (Gal Gadot)

Gal කියල කියන්නෙ ඊශ්‍රායල් ජාතික රංගන ශිල්පිනියක්. ඇය 2004 වසරේ Miss Ishrael විදිහට කිරුළු පළඳිනවා. එම වසරේම ඊශ්‍රායලය නියෝජනය කරමින් Miss Universe තරඟයටත් ඉදිරිපත් වෙනවා. පසුකාලීනව ඊශ්‍රායල් හමුදාවේම සෙබළියක් විදිහට වසර දෙකක් සේවය කරන ඇය 2007 වසරේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට රංගනයට එකතුවෙනවා. 2009 වසරේ Fast & Furious චිත්‍රපටය හරහා තමයි Gal චිත්‍රපට රංගනයට ඇතුලත් වෙන්නේ. ඇගේ සරාගී පෙනුම නිසාම Instagram Followers ලා මිලියන 75කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන්න ඇය සමත් වෙලා තියෙනවා.

7. ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence)

ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence)

මැය ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක්. ඒ වගේම 2015-2016 වසර වල ලෝකයේ වැඩිම ගෙවීමක් ලබන නිළිය විදිහටත් Jennifer ප්‍රසිද්ධියට පත්වුණා. Jennifer ඉපදිලා තියෙන්නෙ 1990 වසරේ. ඒ කියන්නෙ මේ වෙනකොට වයස අවුරුදු 32 ගෙවමින් ඉන්න ඉතාම තරුණ නිලියක්. ඇය රංගනය ආරම්භ කරන්නේ 2006 වසරේ Monk කියන ටෙලිකතා මාලාව හරහා. ඒ වගේම චිත්‍රපට රංගනයට ඇතුලත් වෙන්නෙ 2008 වසරේ Garden Party කියන චිත්‍රපටය හරහා. මේ වනවිට X-Men, The Hunger Games වගේ ඉතා ප්‍රසිද්ධ චිත්‍රපට ගණනාවකට ඇය රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා. ඉතාම තරුණ නිලියක් වන Jennifer සරාගී බවෙනුත් කිසිම අඩුවක් නැති නිලියක් බවනම් සහතිකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *