සෙක්ස් වලට ආධුනිකයිද? එහෙමනම් මෙන්න මේ උපදෙස් සිහියේ තියාගන්න එක වටිනවා!

සෙක්ස් කරන්න ආධුනිකයෝ කිව්වහම ඉතින් වයස් භේදයක් නෑ. මොකද, අවුරුදු පහළොවේ ඉඳන් තිස්පහ වෙනකන් වුණත් තනිකරම ස්වයං සේවා හෑන්ඩ් ජොබ් එකෙන්ම ගොඩ ගියපු, ඇත්තට කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි රහසඟක් දැකලවත් නැති අයත් ඉන්නවා. ඉතින් සෙක්ස් වලට ආධුනික කියන එක මනින්න වයසක් නෑ. ඒ වගේම තව දෙයක්. අවුරුදු විස්සක් තනියෙන් වින්දනය ලැබුවා කියලා, අවුරුදු විස්සක්ම ඒකට වැල බැලුවා කියලා සෙක්ස් කිරිල්ලේ එක්ස්පර්ට්ලා වෙන්නෙත් නෑ. ආන්න ඒකත් මතක තියාගන්න ඕන. අන්න ඒ නිසා, ඇත්තටම තව මනුස්සයෙක් එක්ක සෙක්ස් කරල නැතිනම්, එහෙම නැතිනම් තව මනුස්සයෙක් එක්ක සෙක්ස් කරන්න පටන් ගත්තු කාලේ වගේ නම්, ආධුනික කැටගරියට තමයි වැටෙන්නේ. යූ නෝ එල්බෝඩ්?

ඉතින් එහෙම එල්බෝඩ් ගහගෙන වැඩේ ගොඩදාන්න හිතන අයට තව උදවුවක් වෙන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් ලබාදෙන්න අපි ලැහැස්තියි. ඒක වැඩේට අමතර උදවුවක් වෙනවා කියන එක අපිට ෂුවර්!

 

1. තමන් ගැන කොම්ෆටබල්ද?

තමන් ගැන හොඳ කොම්ෆටබල් හැඟීමක් තියෙනවා කියන්නේ අර තමන් සෙක්ස් ගෝඩ් කෙනෙක් විදියට හිතාගෙන ඉන්න එක නෙවෙයි. පටලවා ගන්න එපා. මේකෙන් කියන්නේ තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ පෞරුෂය ගැන, තමන්ගේ විදිය ගැන හොඳ කොම්ෆටබල් හැඟීමක් තියෙන එක. අමතක කරන්න එපා. මුලින්ම සෙක්ස් කරන්න යනකොට අපි වෙනත් කෙනෙක්ට අපේ ශරීරය නිරාවරණය කරන්න යන්නේ. අන්න එතකොට අපිට තියෙන්න ඕන හොඳ ආත්ම විශ්වාසයක්. ඒ කියන්නේ තමන්ගේ ශරීරය මහතද, කෙට්ටුද, කළුද, සුදුද වගේ කිසිම දෙයක් ගැන අනාරක්ෂිත හැඟීමක් නැතුව, විචිකිච්ඡාවක් නැතුව සැහැල්ලුවෙන් අනික් කෙනා එක්ක සෙක්ස් කරන්න යන්න පුළුවන් හැඟීමක් ඇති කරගන්න ඕන. ඒකට පහසු වෙන කාරණාවක් තමයි, එක පාරටම ඇඳට යන්නෙ නැතුව, දෙන්නත් එක්ක වැඩිපුර කාලය ගත කරන එක.

 

2. ඇදල ගත්ත දමල ගැහුව සීන් එපා

දැන් ඔය සමහර කොල්ලො කෙල්ලො පළවෙනි ලිංගික අත්දැකීම එහෙම ලබාගන්නෙත් පැයට දෙන රූම් එකකනේ. ආයෙ එතකොට ලව් කර කර ඉන්න අනං මනං මොකුත් බෑ. ගියා, වැඩේට බැස්සා, ගේම ක්ලෝස් කලා. එහෙම පුළුවනැයි මල්ලි සෙක්ස් කරන්න? අනික් එක එහෙම නැති සමහරු වුණත් සෙක්ස් කරනවා කියන්නෙම ඇදල ගත්ත, දමල ගැහුවා තාලේ වැඩකට. එව්වා හොඳයි ඔය සෙක්ස් කරලා සීසන් වුණාට පස්සේ ඉඳලා හිටලා ක්විකී එකකට. හැබැයි එහෙම නැතුව එන්ජෝයි කරලා සෙක්ස් කරන්න නම් එහෙම හදිසි වැඩ හරියන්නෙ නෑ. ඒ වගේම විශේෂයෙන්ම අළුතෙන්ම සෙක්ස් කරන්න යනකොට රෂ් එකක් නැතුව බොහොම සුවපහසුවෙන්, හෙමිහිට වැඩේට එන්ටර් වෙන්න ඕන. මේ ගැන තවදුරටත් ඉස්සරහදී කියනවා.

 

3. පිච් එක හරියට ලකුණු කරගන්න

මේකත් ඉතින් අතිශයින්ම වැදගත්, විශේෂයෙන්ම පළවෙනි පාරට හරි පළවෙනි වතාවකට හරි සෙක්ස් කරන දෙන්නෙක් නම්. ඒ කියන්නේ තමන් ඉන්න ලිමිට්ස් මොනවද කියන එක ගැන හරි අවබෝධයක් තියෙන්න ඕන ඇඳට යන්න කලින්. උදාහරණයක් විදියට කියනවා නම්, අනික් කෙනා සෙක්ස් වල යන්න කැමති දුර, සංසර්ගයකට යනවද, එහෙම සංසර්ගයකට යනවා නම් මොන සංසර්ගයකටද යන්නේ වගේ කරුණු කාරණා ගැන දැනුවත් වෙලා යන්න ඕන. ඒක ඉතින් දෙන්නත් එක්ක කලින් සාකච්ඡා කරන්න ඕන. මේ සාකච්ඡාව සම්බන්ධයෙන් කියනකොට තව එක දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම මතක තියාගත යුතු. ඒ තමයි මේ පිච් එක ලකුණු කරගන්න කොට කොන්සෙන්ට් එක, ඒ කියන්නේ එකිනෙකාගේ කැමැත්තත් අනිවාර්යයෙන්ම වැදගත් කියන එක. එතනදී මට සෘජු සංසර්ගයට යන්න ඕන කියලා, අනික් කෙනාගේ අකමැත්තෙන් ඒක කරන්නවත්, අනික් කෙනාගේ කැමැත්ත බලහත්කාරයෙන් හෝ කූට උපායෙන් ගන්න හෝ යන එකත් හරියන්නෙ නෑ.

 

4. සන්නිවේදනය වටිනවා

සෙක්ස් ගැන කතා කරනකොට අපි සෑහෙන්න සන්නිවේදනය ගැන කතා කරලා තියෙනවා. ඒකට හොඳ හේතුවකුත් තියෙනවා. දැන් දෙන්නෙක්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක, සෙක්ස් කරන්න කැමති විදි, ෆැන්ටසීස් වගේ දේවල් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ වෙනස්කම් පවා ගාණට එකිනෙකාට පෑහෙන්න පුළුවන්. සමහර දේවල් නොගැලපෙන්න පුළුවන්. දැන් මේ දේවල් දැනගන්න පුළුවන් විදිය වෙන්නේ සන්නිවේදනය තමයි. උදාහරණයක් විදියට කිවුවොත්, එක්කෙනෙක් හාඩ් සෙක්ස් වලට ආස වෙනකොට අනික් කෙනා සොෆ්ට් සෙක්ස් වලට ආසයි නම්, ඒක දැනගන්න වෙන්නේ ඇඳට ගිහිල්ලා සෙක්ස් කරනකොට නම් එතන ගැටළුවක් මතුවෙනවා.

 

හැබැයි තව සමහර දේවල් තියෙනවා කලින් කතා කරලා යන්න අවශ්‍ය නැති. උදාහරණයක් විදියට කිවුවොත්, එකිනෙකාව සිපගන්න කැමති කොහොමද කියන එක කලින් කතා කරන්න අවශ්‍ය නෑ. ඒක සෙක්ස් කරන තැනට ගියාට පස්සේ අත්දැකීම එක්ක අනාවරණය කරගන්න ඕන දෙයක්.

 

5. මූලික පාඩම් ඉගෙන ගෙන එන්න

මොනවද සෙක්ස් වල මූලික පාඩම්? මූලිකවම ප්‍රජනන පද්ධතිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එකිනෙකාගේ ලිංගික අවයව වෙනස් වෙන්නේ කොහොමද, ඒවායින් කෙරෙන කාර්යයන් මොනවද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ අවබෝධය සෙක්ස් කරන්න අවශ්‍ය වෙන්නෙ ඇයි? සෙක්ස් කරනවා කියන්නේ දෙන්නෙක්ගේ ශරීර අතර ගනුදෙනුවක්. එතකොට එකිනෙකාගේ ශරීර අවබෝධ කරගෙන වැඩේ කරනවා කියන්නේ වඩාත් ලස්සනට මේ සෙක්ස් කිරීම ගොඩදාගන්න පුළුවන් කියන එක.

 

ඊට පස්සේ සේෆ් සෙක්ස් ගැනත් දැනගන්න ඕන. ඒ කියන්නේ උපත් පාලන ක්‍රම, උපත් පාලන ක්‍රම භාවිතා කරන විදිය වගේ දේවල්, ගර්භණී බවට පත් වෙන්න පුළුවන් ක්‍රම, එතකොට ගුද සංසර්ගය වගේ උපත් පාලන ක්‍රම විශේෂයෙන් අවශ්‍ය නොවෙන, ගර්භණී නොවී සෙක්ස් කරන්න පුළුවන් ක්‍රම එහෙමත් ඉගෙන ගන්න වෙනවා. මෙව්වා මූලික ලිංගික විද්‍යා දැනුම තමයි ඉතින්.

 

6. සෑහෙන්න ෆෝර්ප්ලේ

ෆෝර්ප්ලේ නැතිනම් පූර්ව සංසර්ග ක්‍රියා කියන්නේ, සෘජු යෝනි සංසර්ගයකට හරි ගුද සංසර්ගයකට හරි ගිහිල්ලා සුරතාන්තයන් ලබාගන්න කලින් සිද්ධ කරන ක්‍රියාවන්. ඒ කියන්නේ සිපගැනීම්, වැළඳගැනීම්, අතපත ගෑම් වල ඉඳලා මුඛ සංසර්ගය දක්වා සියලුම දේවල් පූර්ව සංසර්ග ක්‍රියාවන්ට අයිති වෙනවා. දැන් සෙක්ස් කරන්න ගියහම -විශේෂයෙන්ම ආධුනිකයෝ- කරන වැරැද්දක් තමයි මේ පූර්ව සංසර්ගීය ක්‍රියාකාරකම් වලට ඒ තරම් බරක් නොදීම. ඒ කියන්නේ ඔය පෙනුමට ටිකක් කිස් කරලා, එහෙන් මෙහෙන් අතපත ගාලා, කෙලින්ම යනවා ඕරල් සෙක්ස් වලට. ඒ කියන්නේ මුඛ සංසර්ගයට. ඊට පස්සේ කෙලින්ම සංසර්ගයට යනවා. හැබැයි අපි කියන්නේ, ෆෝර්ප්ලේ වලට සැලකිය යුතු වෙලාවක් දෙන්න කියලා. උදාහරණයක් විදියට කිවුවොත්, නිකම්ම ලිප්ස් කිස් එකකට විනාඩි කීපයක් ගත කරලා කෙලින්ම පහළට යන්න එපා. වෙලාව අරගෙන කිස් කරන්න. තොල් වලට විතරක් අවධානය යොමු නොකර, කම්මුල්, දෙකන් පෙති, උරහිස්, බෙල්ල වගේ හැමතැනක්ම හොඳට දැනෙන්න කිස් කරන්න. නිර්මාණශීලී වෙන්න. හැකිතාක් පූර්ව සංසර්ගීය ක්‍රියාකාරකම් වලට කාලය ගත කරන්න. තමන් ගැන හිතනවට වඩා අනිකා ගැන හිතන්න. මේකෙන් දෙන්නගේ ශරීර වුණත් සංසර්ගය සඳහා වඩාත් සාර්ථකව සූදානම් වෙනවා. ඒක එල්බෝඩ් කාරයන්ට එහෙම අත්‍යාවශ්‍යයි. 

 

7. වැඩේ ඉවර වෙලා ඉවරම කර නොගන්න

දැන් සෙක්ස් කරලා, සුරතාන්තයක් ආවට පස්සේ මොකද කරන්නේ? නැගිටලා වොෂ් රූම් එකට ගිහින් හෝදගෙන කරගෙන ඇවිත්, ඇඳුම් ඇඳගෙන දෙන්නත් එක්ක පිටත් වෙලා යනවද? අර පැයට දෙන රූම් එකකට ගියොත් නං එහෙම තමයි කරන්න වෙන්නේ. හැබැයි සෙක්ස් කරලා සතුටු වෙනවා කියන්නේ ඒක නෙවෙයි. සෙක්ස් කිරීමත් එක්ක අනික් කෙනා එක්ක හොඳ සම්බන්ධතාවයක් ඩිවලොප් වෙන්න ඕන. අන්න ඒකත් සෙක්ස් කිරීමට අදාළයි. හැබැයි උඩ කියපු විදියට කරලා එහෙම සම්බන්ධතා ඇතිවෙන්නෙ නම් නෑ.

 

ඒ නිසා සෙක්ස් කරලා ඉවර වුණත්, පොඩ්ඩක් තුරුල් වෙලා එකට මහන්සි අරින්න. වොෂ් එකක් දාගෙන ආවත්, ආයෙමත් අනික් කෙනා එක්ක පොඩ්ඩක් ඇඳට වෙලා පිලෝ ටෝක් එකක් දාගෙන ඉන්න. අපි කෙයාර් කරනවා කියන එක දැනෙන්න අරින්න. මේක නිකම් ශරීර දෙකක් හැප්පිලා ඉවර වුණු වැඩක් කරගන්න එපා. ආන්න එතකොට පළවෙනි ලිංගික අත්දැකීමේ ඉඳලම ඉස්සරහට ලිංගික ජීවිතේ බොහොම සුන්දර එකක් වෙයි.

 

දැන් පැහැදිළියිනේ. මේ දේවල් රොකට් සයන්ස් නෙවෙයි. හැබැයි සෙක්ස් කරනකොට වැදගත් වෙන බොහොම සරල දේවල්. විශේෂයෙන්ම මේ සමහර දේවල්, “අයියෝ ඕක අපිත් දන්නවනේ” කියලා කියන තරමට සරලයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙව්වා සරල වුණාට ගොඩක් දෙනෙක් නොකරන එක. ආන්න ඒකයි අපි ඇඟිල්ලෙන් ඇනලම පෙන්නල දීලා තියෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *