නූතන පරම්පරාවේ වැඩිහිටි වීඩියෝ කලාව – ඔන්ලිෆෑන්ස් (Onlyfans)

“වැඩිහිටියන්ට පමණයි” යන තේමාව යටතේ එක්තරා කාලයක් ලංකාවේ සිනමාහල් වල චිත්‍රපට බහුලව තිබුණා. අනූව දශකයේ අග සහ දෙදාහ දශකයේ මුල් භාගයේ ඇතැම් සිනමා ශාලාවන් ලාභ ලැබුවේ මේ කාමය ඇතුළත් චිත්‍රපට නිසාම තමයි. ඉන්පසුව අන්තර්ජාලය, ස්මාට්ෆෝන්, වී සී ඩී, ලැප්ටොප් ආදී තාක්ෂණය ගෙදරට ආවාම අර පරණ මාදිලියේ සිනමා කලාව අතුරුදන් වුණා. දැන් කැමරා ඉදිරියේ මුදලට ලිංගිකව හැසිරෙන ලිංගික දර්ශනද අන්තර්ජාලයේ යහමින් තිබෙන බව කියවෙනවා. ඒ කෙසේ වෙතත් ලෝක මට්ටමින් පවා මේ අසභ්‍ය වීඩියෝ කලාව කලින් කලට වෙනස් වෙනවා. අපි එහි නවතම නැඹුරුව වන ඔන්ලිෆෑන්ස් ගැන ටිකක් සොයා බලමු.

 

1. පැරණි කාම වීඩියෝ කලාව

අන්තර්ජාලය එන්න කලින් තිබුණ අසැබි සිනමා පට වර්ග කිහිපයක් තිබුණා. කතාව ඇතුළත් සම්පූර්ණ සියළු දේ නොපෙන්වන කාම පට එක් වර්ගයකත් සම්පූර්ණ ක්‍රියාදාමය ඇතුළත් ඒවා වෙනත් වර්ගයකටත් ඇතුළත් වුණා. එවකට තිබුන වී එච් එස් කැසට් සහ සී ඩී ඔස්සේ මේවා බෙදා හැරුණා. එය ලංකාවේ තහනම් වුවත් ලොව පුරා හොඳ ආදායම් මඟක් ලෙස වර්ධනය වුණා. එයින් ඒ නිරූපිකාවන් සහ වීඩියෝ හදන අයට සෘජුව ආදායමක් ලැබුණා.

 

2. අන්තර්ජාල ටියුබ් වීඩියෝ කලාව

දැනට යූ ටියුබ් හරහා අපිට අවශ්‍ය ඕනිම වීඩියෝ එකක් සොයාගන්නට පුළුවන්. ඒ වගේ අන්තර්ජාලයෙත් වැඩිහිටි කාම විඩියෝ දර්ශන පමණක් බෙදාහරින නාලිකා හරහා ඒ අවශ්‍ය වීඩියෝ බලාගන්නට පුළුවන් බව කියවෙනවා. ඉතින් මේ ආකාරයට අසභ්‍ය වීඩියෝ දර්ශන වලට මෑත කාලයේ ගෙදර සිට වීඩියෝ කර බෙදා හරින දර්ශනද තොග වශයෙන් එන්නට ගත්තා. ඒ එක්ක එය කර්මාන්තයක් විදිහට අතීතයේ සිට කරගෙන ආ අයට පහර එල්ල වුණා. ඒත් ජපානයේ කාම වීඩියෝ පට නම් ඒ කිසිඳු රැල්ලකට යටපත් නොවී කලාවක් විදිහට ඉදිරියෙන්ම ඉන්නවා.

 

3. මොනවද ඔන්ලිෆෑන්ස් හරහා කරන්නේ? 

මේ කියන අඩවිය හරහා පාරිභෝගිකයාට එහි ලැයිස්තු වල සිටින අයගෙන් ඕනෑම ගැහැණියක් හෝ පිරිමියෙක් තෝරාගන්නට පුළුවන්. ඔවුන්ට මුදල් ගෙවා විවිධ සම්බන්ධකම් පවත්වාගන්නත් පුළුවන්. මෙය හුදෙක් කාමය සොයායන දෙයකටත් වඩා සම්බන්ධතා වෙනුවෙන්ද වැදගත් වෙන බවක් තමයි කියන්නේ. මේ ගෙවන කොවිඩ් සමයේ නිවසට වී සිටින කාන්තාවන්ට වැඩි මිලක් උපයන්න මේ නිසා හැකි වුණා. ඒ වගේම ලොව පුරා නිවසට වී සිටින තනිකඩ පුරුෂයින්ට තමුන්ට අවශ්‍ය ලිංගික උත්තේජන දර්ශන හරහා ලබාගන්න වගේම මුදල් ගෙවා හෝ ලෙංගතු කෙනෙක් සොයාගන්නත් මේ ඔන්ලිෆෑන්ස් වැදගත් වුණා.

 

4. ළමයින්ට අනතුරු

කාම සිනමාපටවලත් ලොකු නීතිරීති, රෙගුලාසි තියෙනවා. ඒ අතර ළමා ලිංගික කටයුතු ප්‍රචාරය කිරීමේ තහනමද ඇතුළත්. ඔන්ලි ෆෑන්ස් ගිණුම් හදන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි අයට විතරයි. ඒත් විවිධ උපක්‍රම යොදාගෙන මේ ඔන්ලිෆෑන්ස් වලට එන බාලවයස්කරුවන් ඉන්න බව බී බී සී වාර්තාවකින් අනාවරණය කෙරුණා. ඒ අනුව ඇතැමෙක් තමුන්ගේ මවගේ හැඳුනුම්පත සිය වයස තහවුරු කරන්නට පාවිච්චි කර තිබුණා. තවත් අයෙක් ආච්චිගේ බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් ආදිය පාවිච්චි කර තිබුණා. එහිදී ඒ චෝදනා ගැන පිළිතුරු දෙන ඔන්ලිෆෑන්ස් ඒ ඒ ගිණුම් ගැන නියම තොරතුරු දෙනවා නම් ඒවා ඉවත් කළ හැකි බවක් කියා තිබුණා. 

 

5. පොහොසතුන්ගේ විනෝදාංශය

මේ ඔන්ලිෆෑන්ස් හරහා තමුන් කැමති කාන්තාවන් තෝරාගන්නට පුළුවන් වගේම තමුන් කැමති ඉල්ලීම් කරන්නත් පාරිභෝගිකයින්ට පුළුවන් වෙනවා. ඔවුන් හා කතා බහ කරන්නට, ඇසුරු කරන්නට කැමති නම් ඒ ආකාරයටද සම්බන්ධතාවය පවත්වාගෙන යන්න පුළුවන්. මෙහි ගෙවීම් සිදුවන විට ඒ ගෙවීම් වලින් 20%ක් ඔන්ලිෆෑන්ස් අඩවිය විසින් කපාගන්නවා. මෙය හරියට ඌබර් වෙතින් වාහනයක් වෙන් කරගැනීම හා ටිකක් සමානයි. මේ ගෙවන ඩොලර් ගණන් ලංකාව, ඉන්දියාව වගේ රටවලට නම් ටිකක් සැර ගාණක්. ඒත් හොඳට මිල මුදල් තිබෙන කෙනෙක්ට නම් එය එතරම් ලොකු අභියෝගයක් නෙමෙයි.

 

6. නිරූපිකාවන් පිවිසීම

ඇතැම් යුවතියන්ට කෙළින්ම වඩාත් ඉක්මනින් ජනප්‍රිය වීමේ උවමනාවක් තිබෙනවා. ඔවුන් ඉන්ස්ටග්‍රෑම් සහ ටික් ටොක් සමාජ ජාලා හරහා ඔවුන්ගේ ආකර්ෂණීය දසුන් ඉදිරිපත් කරනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා ව්‍යායාම යෝගා ආදී දේ උගන්වන්නත් පිරිසක් සැදී පැහැදී ඉන්නවා.ඒ වැනි යුවතියන් ඔන්ලිෆෑන්ස් හරහා වැඩිවශයෙන් සිය අවස්ථා ලබාගන්නා බව කියවෙනවා. මෙහිදී මුදල් ඉපයීමට ලොකු මූලික ධනයක් උවමනා වන්නේ නැහැ. හොඳ මට්ටමේ කැමරා සහිත ස්මාට්ෆෝන් එකකින් තමුන්ගේ කාමරයේ නාන කාමරයේ සිට වුවත් පෙනී සිටින්න පුළුවන් වීම ඇතැම් කාන්තාවන් මේ කරා ඇදී එන්නට හේතු වී තිබෙනවා.

 

7. කාමයෙන් පිට ඔන්ලිෆෑන්ස්

ඔන්ලිෆෑන්ස් වලට වැඩිපුර ඇදී එන්නේ කාම ලෝලීන් වුවත් ඒ හරහා වෙනත් අයටද යම් වැදගත් දේවල් ගන්නට පුළුවන්. උදාහරණ විදිහට කාර්මික වැඩක්, කෑමක් හදන ආකාරය වගේ දෙයක් වුණත් ඔන්ලිෆෑන්ස් වල ඉන්න ප්‍රවීණයෙක්ට ගෙවලා අපිට අහගන්න, දැනගන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රවීණ අය ස්වල්පයකුත් ඔන්ලිෆෑන්ස් වල ඉන්නවා. ඉතින් අපිට දෙයක් අන්තර්ජාලයේ හොයලා, මිතුරන්ගෙන් අහලා වාත වෙන්නේ නැතුව කෙළින්ම ඒ විෂයේ පතල කෙනෙක්ට කීයක් හරි දීලා දැනගන්න ඉගෙනගන්න අවස්ථාවකුත් ඔන්ලිෆෑන්ස් සංකල්පය තුළ තියෙනවා. ඒත් මෙය දැනට බහුතරය කාමය සොයා යන්නන් සැරිසරන අඩවියක් නිසා අඩු වයසේ අයට නම් මෙය යොමු කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.

 

මේ ඔන්ලිෆෑන්ස් වල හොඳ නරක සහ එහි තිබෙන වාසි අවාසි ගැන ලෝකය පුරා විවාදාපන්න තත්ත්වයක් තියෙන්නේ. පිරිසකට අනුව මෙය පාරිභෝගිකයාට වාසි ලැබෙන සහ නිරූපණයේ යෙදෙන අයටත් වාසි වන දෙයක්. තවත් අයට අනුව මෙය තවත් එක සිරුර විකිණීමේ නූතන ආකාරයක්. ඒ කෙසේ වෙතත් මෙම අඩවිය ඇප් එකක් නැතුව කෙළින්ම වෙබ් හරහා වැඩකරන සේවාවක් වශයෙන් දැන් 2016 සිට මේ දක්වා හොඳින් පැතිරී ගොස් තිබෙනවා. කොවිඩ් වසංගත කාලය අනෙක් ක්ෂේත්‍ර වලට අවදානම් එකතු කළත් ඔන්ලිෆෑන්ස් වලට නම් එය හොඳ කාලසීමාවක් වෙලා තියෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *