දැන් යන්තම් ලංකාවේ කොවිඩ්-19 ප්‍රශ්නේ පාලනයේ තියෙන නිසා වැඩි දෙනෙක් පුරුදු පරිදි ඔෆිස් යන්න පටන් ගත්තත්, දැන් ගෙදර ඉඳන් වැඩ කරන කල්චර් එකත් සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතින් ගෙදර ඉඳලා වැඩ කරනකොට වුනත්, ඔෆිස් එකේ ඉඳලා වැඩ කරනකොට වුනත්, වෘත්තිය ජීවිතේට අවශ්‍යම අංගයක් තමයි හොඳ කාර්යක්ෂමතාවයක් පවත්වා ගැනීම. ආන්න ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ වෘත්තීමය පුරුදු තියෙනවා, ඒ වගේම අපිට කාර්යක්ෂමතාවය ඉහළ නංවාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඩිජිටල් ටූල්ස් එහෙමත් තියෙනවා. අපි මේ කියන්න යන්නේ ආන්න ඒ වගේ ඩිජිටල් ටූල්ස් කීපයක් ගැන. අපේ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ පවා කිව්වනේ වැඩ හරියට ගොඩදාගන්න ඔය වගේ තියෙන ටූල්ස් පාවිච්චි කරන්න කියලා!
1. Google Keep
මේක හැමෝම දන්න, පාවිච්චි කරන්න ඉතාම පහසු ඇප් එකක්. අපි මේ ගැන කලින් කතා කරලත් තියෙනවා. කොටින්ම කියනවා නම්, වෘත්තියමය කටයුතු වලට වගේම එදිනෙදා වෙනත් සාමාන්‍ය කටයුතු වලදීත්, අපිට කරන්න ඕන වැඩ ලැයිස්තු හදාගන්න, අවශ්‍ය මෙමෝස් එහෙම වොයිස් එකෙන්ම සේව් කරගන්න, නෝට්ස් තියාගන්න ගූග්ල් කීප් කියන්නේ සරල හැබැයි රත්තරන් ඇප් එකක්. විශේෂයෙන්ම මේකේ ඇප් වර්ෂන් එක වගේම වෙබ් වර්ෂන් එකකුත් තියෙන නිසා, ෆෝන් එකේ තියෙන ලිස්ට් එකක්, නෝට් එකක් කම්පියුටර් එකට ගන්නත් මේක ඉතාම වටිනවා. ඒ වගේම තමන්ගේ අන්තර්ගතයන් ලේබල් කරලා කළමනාකරණය කරගන්නත් පුළුවන් නිසා මේකේ වටිනාකම තවත් වැඩියි.
2. Slack
ගෙදර ඉඳන් වැඩ කරන අයට නම්, බිස්නස් කමියුනිකේෂන් සහ කොන්ටෙන්ට් ෂෙයාරින්ග් වලට නියම ඇප් එක තමයි මේ. අපි කියමු විවිධ ටීම් වැඩ කරන ඔෆිස් එකක් කියලා. කරන්න තියෙන්නේ සරලවම ඔෆිස් එකට තියෙන ප්‍රධාන ස්ලැක් එකවුන්ට් එක ඇතුළේ විවිධ චැනල්ස් හදන්න. එතකොට ඒ ඒ චැනල් එකේ ඉන්නේ ඒ ඒ ටීම් එකට අදාළ අය. ඒ ඇරෙන්න මුළු ඔෆිස් එකටම වෙනම චැනල්, සුභසාධන කටයුතු, ෆන් වගේ දේවලට වෙනම චැනල්ස් එහෙමත් අරින්න පුළුවන්. දැන් මේ චැනල් ඔස්සේ එදිනෙදා සන්නිවේදනය බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් විතරක් නෙවෙයි, අපිට ඕන ඩොකියුමන්ට් එහෙමත් බොහොම පහසුවෙන් ෂෙයාර් කරගන්න පුළුවන්. ෆෝන් එකටත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් නිසා වැඩේ තවත් ලේසියි.
3. Asana
අපි ඉස්සර නම් කරන්න තියෙන වැඩ අර මේසේ උඩ තියෙන ප්ලෑනර් එකක ලියාගන්නවා. ඊට පස්සේ හැමදාම උදේට ඕක බලලා අවශ්‍ය මීටින් වලට, කරන්න තියෙන වැඩ වලට යනවා. ඩෙඩ්ලයින් වලට වැඩ කරනවා. හැබැයි දැන් ඩිජිටල් ලෝකෙදී ඔය වැඩේ වඩාත් පහසු කරලා දීලා තියෙනවා Asana වගේ ඩිජිටල් ටූල්ස් හරහා. කොටින්ම කියනවා නම්, අසානා කියන්නේ අපේ කැලැන්ඩර් වැඩකටයුතු, ඩෙඩ්ලයින් වගේ දේවල් හැමදෙයක්ම පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. මේ නිසා විශේෂයෙන්ම අපේ වෘත්තිය ඉලක්කයන්ට වඩාත් පහසුවෙන් ලඟා වෙන්න වගේම, කාලය කළමනාකරණය කරගන්නත් හැකියාව ලැබෙනවා. වැඩ මනාව ගලාගෙන යන විදියට සංවිධානය කරගන්න අසානා හරහා පුළුවන් වගේම, කරන්න ඕන හැමදෙයක්ම ඔලුවේ තියාගන්න තියෙන අවශ්‍යතාවයත් මග හැරෙනවා.
4. Tide
අපි කාල කළමනාකරණය සහ කාර්යක්ෂම වෘත්තිය ජීවිතය ගැන කියන හැමතැනකදීම වගේ පොමොදෝරෝ ක්‍රමවේදය ගැනත් සඳහන් කරලා තියෙනවා. ඒකට හොඳ හේතුවකුත් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් එක දිගට දීර්ඝ වෙලාවක් වැඩ කරගෙන යනකොට සිද්ධ වෙන්නේ අපේ අවධානය ගිලිහෙන එක සහ අපි අනවශ්‍ය විදියට වෙහෙස වෙලා කාර්යක්ෂමතාවය පහත වැටෙන එක. හැබැයි පොමොදෝරෝ ක්‍රමවේදයෙන් යෝජනා කරන්නේ, එක දිගට විනාඩි විසිපහක් වගේ කාලයක් තමන් කරන වැඩේට හෝ වැඩ කීපයට පූර්ණ අවධානය දීලා කරගෙන යන්න කියන එක තමයි. ඊට පස්සේ විනාඩි පහක ඉන්ටවල් එකක්. ආන්න එහෙම වැඩ කරනකොට, දවසේ වැඩ කරන කාලය ඇතුළතදී තමන්ගේ වැඩ හිතාගන්න බැරි තරම් වේගයෙන් ඉවර කරගන්න පුළුවන් වෙනවා. ආන්න ඒ විදියට පොමොදෝරෝ ක්‍රමවේදයෙන් වැඩ කරන්න උදවු වෙන ඇප් එකක් තමයි Tide කියන්නේ. ඒ වගේම අපේ ඒකාග්‍රතාවය රඳවාගන්න උපකාරී වෙන විදියේ වයිට් නොයිස් එකක් හෝ ඒ වගේ ශබ්දරටාවකුත් මේ ඇප් එකෙන් පසුබිමෙන් වාදනය කෙරෙනවා.
5. Canva
ඔය ෆොටෝෂොප් වගේ ඩිසයිනින් ප්ලැට්ෆෝම් ගැන හැමෝම දන්නවනේ. හැබැයි එදිනෙදා කාර්යාලීය වැඩ වලදී අවශ්‍ය වෙන මිමෝස්, ලීෆ්ලට්, සෝෂල් මීඩියා පෝස්ට් වගේ දේවල් වලට ෆොටෝෂොප් නොදන්න කෙනෙක්ට අමුතුවෙන් ෆොටෝෂොප් ඉගෙන ගන්නවාට වඩා පහසු ඩිජිටල් විසඳුම් තියෙනවා. Canva කියන්නේ අන්න ඒ වගේ ඔන්ලයින් ග්‍රැෆික් ඩිසයින් ප්ලැට්ෆෝම් එකක්. Canva වල තියෙන විශේෂත්වය වෙන්නේ ඕනම කාර්යාලීය වැඩකට අවශ්‍ය දෙයක් ඩිසයින් කරගන්න ටෙම්ප්ලේට්ස් තියෙනවා. ආධුනිකයෙක්ට වුනත් Canva පාවිච්චි කරන්න පුළුවන්. නිර්මාණශීලීත්වය තියෙනවා නම් සෑහෙන්න වැඩ Canva එකෙන් වැඩ කරගන්න පුළුවන්. නිර්මාණශීලීත්වය නැතිනම් ටෙම්ප්ලේට් වලින්ම ගොඩදාගන්නත් පුළුවන්.
6. Trello
සමහරු නම් අර අලියෙක් ලව්වා දර මිටියක් අද්දනවා වගේ, Trello ලව්වා ටු ඩූ ලිස්ට් හදාගත්තට, ඇත්තටම Trello කියන්නේ ඉන් එහාට ගියපු ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඔෆිස් එකක තියෙන විවිධ ටීම් වලට හෝ පුද්ගලයින්ට හෝ සමස්ත කාර්ය මණ්ඩලයටම කරන්න තියෙන විවිධ ව්‍යාපෘති කළමනාකරණය කරන්න සහාය ලබාදෙන පද්ධතියක්. මෙතනදී අපිට පුළුවන් විවිධ වැඩ කටයුතු විවිධ ටීම් වලට බෙදලා දෙන්න. ඒ වගේම ඒ ටීම් වලට පවරපු වැඩ වලට ඩෙඩ්ලයින් දෙන්න, ඒවා ඉවර කළාට පස්සේ ඉවරයි කියලා මාර්ක් කරන්න වගේ ගොඩක් දේවල්. ඒ වගේම ප්‍රමුඛතාවයන් සළකුණු කරන්න සහ ප්‍රොජෙක්ට් ප්‍රොසෙස් එක ට්‍රැක් කරගන්නත් මේකෙන්ම පුළුවන්.
7. Smartsheet
ස්මාට්ශීට් කිව්වහම අපේ ඔළුවට එන්නේ ඔය එක්සෙල් වගේ ඩිජිටල් ෂීට් එකක්නේ. ඒ අදහස වැරදි නෑ. ඇත්තටම Smartsheet කියන්නේ එක එක වැඩ පවරන්න පුළුවන්, වැඩ මැනේජ් කරන්න පුලුවන්, කැලැන්ඩර් මැනේජ් කරන්න පුළුවන්, ඒ වගේම අවශ්‍ය ගොනු ෂෙයාර් කරන්න පුළුවන් විදියේ ටූල් එකක්. හැබැයි මේක ඇප් එකක් නම් නෙවෙයි. මේක වෙබ් ඇප්ලිකේෂන් එකක් විදියට එන නිසා, බ්‍රවුසර් එකක් හරහා තමයි පාවිච්චි කරන්න පුළුවන්.
Leave a Reply