ඔබත් තනිකමෙන් පෙළන පුද්ගලයෙක්ද? මේ ලක්‍ෂණවලින් ​ඒ ගැන තේරුම් ගන්න

හුදෙකලාව, තනිකම සුන්දර දෙයක් හැටියට සමහරු සැළකුවට තනිකම කියන්නේ හිතන තරම් සුන්දර දෙයක්නම් නෙමෙයි, කාලයත් එක්ක නොයෙකුත් මානසික සහ ශාරීරික ගැටළු බොහොමයක් තනිකම නිසා ​​ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැඩි සේ හානි වන්න පුළුවන් තනිකමින් පෙළීම නිසා. මේකේ තියන තවත් භයානකකමක් තමයි සමහරු තමන් තනිකමින් පෙළන බව නොදැනම ජීවත්වීම. අන්න ​ඒ නිසා අපි හිතුවා තනිකමින් පෙළෙන පුද්ගලයෙකුව හඳුනාගත හැකි ලක්ෂණ ටිකක් ගැන ඔබට කියන්න. 

 

1. අනවශ්‍ය තරම් ෂොපිං

මේක පර්යේෂණ වලිනුත් සනාථ කරපු කාරණයක්. ​ඒ තමයි තනිකමින් පෙළෙන අය අනිත් මිනිසුන්ට වඩා වැඩි වැඩියෙන් ෂොපිං කරන්න පෙළඹෙනවය කියන එක. මේ අය නොයෙකුත් මිලදීගැනීම් හරහා තමන්ගේ ජීවිතේ දැනෙන හිස්කම, අතෘප්තිය පුරවගන්න නිතර උත්සාහ කරනවා. නමුත් ඉතාම තාවකාලිකව සතුටක් විතරයි ​ඒ අය මේ ෂොපිං කිරිල්ලෙන් ලබන්නෙ. 

 

2. නිතර මහන්සිය දැනීම

තනිකමින් පෙළන අය දවස පුරා ​​​ඈනුම් අරිමින්, මහන්සියෙන් ගත කරනවා කියලයි විශේෂඥයො කියන්නේ. මේ අයට විවේකය මද කමක් නිතර දැනෙනවා. ​ඒකට එක ප්‍රධාන හේතුවක් වෙන්නේ තනිකමින් පෙළෙන උදවියගේ නිදි චක්‍රයත් අක්‍රමවත් වීමයි. ඔවුන් පරිපුර්ණ, සුවපහසු නින්දක් නොලබන අතර නිතර නිතර නිද්දේදී බාධාකිරීම්වලට ලක්වෙන අයයි. 

 

3. ටීවී සීරීස් එකක් දවසින්! 

තනිකමින් පෙළෙන බොහෝ දෙනෙක් දැඩි ලෙස ටීවී සීරීස් වැනි එකදිගට දිගහැරෙන වැඩසටහන් නොනවත්වා නරඹන්න හුරුවෙලා ඉන්නවා. මේකෙන් කියන්නෙ නැහැ ටීවී සීරීස් බලන හැමෝම තනිකමෙන් පෙළන අය කියලා. නමුත් තනි ටීවී සීරීස් එකක් එක දිගට දවසක් පුරා බලල ඉවර කරනකම් ඉවසිල්ලක් නැත්තම්, ​ඒ පුරුද්ද දිගටම තියනවනම්, ​ඒක තනිකමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ තියන තනිකමින් සහ ප්‍රශ්නවලින් හිත මුදවල වෙනතක හරවන්න තමයි ඔවුන් මේ පුරුද්දට ​​ඇබ්බැහිවෙන්නෙ. 

 

4. පොඩි දේටත් කළබලයි

සුළු දේටත් කෝප ගැනීම සහ සුළු ප්‍රශ්නයකදි වුණත් අතිශයින් කළබල වීම කියන්නෙ තනිකමින් පෙළෙන අය අතර දකින්න ලැබෙන ලක්ෂණයක්. මේකට හේතුව හැටියට කියවෙන්නෙ, තනිකමින් පෙළෙන පුද්ගලයන්ගේ ස්ට්‍රෙස් හෝමෝන සහ රුධිර පීඩනය ඉහළ අගයක පැවතීමයි. ​ඒ නිසා ​ඒ අය අනිත් පුද්ගලයන්ට සාපේක්ෂව ඉක්මනින් කළබලයට, කෝපයට පත්වෙනවා.

 

5. පැය ගණන් ෂවර්

තනිකමෙන් පෙළෙන බොහෝ දෙනෙක් අතර තියනවයි කියන තවත් ලක්ෂණයක් තමයි මේ පැය ගණන් බාත්රූම් එකට වෙලා දියනෑම. ඔවුන් මේ කාර්යයෙන් තාවකාලිකව හරි ලොකු සහනයක් ලබනව. විශේෂයෙන්ම උණුසුම් ජලය නෑමෙන් ඔවුන් මානසිකව විශාල සහනයක් සහ තෘප්තියක් ලබන බව පැවසෙනව. 

 

6. නිතර අසනීප

අපි හැඳින්වීමෙදිත් කිවුවනෙ තනිකමෙන් පීඩා විඳීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න පුළුවන්ය කියලා. අන්න ​ඒ කාරණය නිසයි මෙහෙම වෙන්නෙ. ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා මෙවැනි උදවිය නිතර උණ හෙම්බිරිස්සා තත්ත්වයන්ට, වෛරස් ​​​​ආසාදනවලට ලක්වෙන්න පුළුවන්.

මීට අමතරව තනිකමින් පෙළන පුද්ගලයන් තුළ දකින්න ලැබෙන තව ලක්ෂණයක් තමයි ඔවුන්ගේ ශරීරයේ බර හිටිගමන් ඉහළ නැගීම. තනිකම නිසා ​​ඇතිවන ​​​​ආතතිය වළක්වාගන්නට නිතර ​​​​ආහාර ගැනීම නිසයි එහෙම වෙන්නේ. 

 

7. තනිකම අගයන යාළුවො සිටීම

තනිකම කියන්නේ එක්තරා ​​​​ආකාරයක බෝවෙන රෝගයක් කියලා කිවුවොත් විශ්වාස කරනවද? ඔයා තනිකමෙන් පෙලුණේ නැති වුණත්, ඔයාගෙ යාළුවො වැඩි දෙනෙක් තනිකම ගැන මැසිවිලි නගන අයනම් අන්න එතකොට ඔයාටත් තනිකමක් දැනෙන්න ඉඩ තියනවලු. ​ඒ නිසා එවන් අය එක්ක ​​​​ආශ්‍රය තරමක් සීමා කිරිම වගේම සමාජශීලී, සතුටුදායක හැසිරීම් සහිත යාළු මිත්‍රයන් සහ පවුලේ උදවිය එක්ක ​​​​ආශ්‍රය පවත්වාගෙන යාමත් අතිශයින් වැදගත්. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *