අපේ රටේ ජනාධිපති දූ පුත්තු

අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ජනාධිපතිවරුන්ගේ දූලා පුතාලා ගැන. සමහර දූලා පුතාලා නිසා  තාත්තලා අම්මලා බැබලුණා. සමහර අය නිසා බැබළීම නැතිවුණා. හැබැයි අපි මේ ආටිකල් එකෙන් ඒ අයගේ  ක්‍රියාකලාපය විවේචනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. 

 

 

1. මනෝජ් රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂගේ සහ අයෝමා රාජපක්ෂගේ එකම පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ පිළිබඳව රට වැසියන් තුළ තිබෙන්නේ ගෞරවයක් බව නොකියාම බැහැ. විදුලි ඉංජිනේරුවේදය සහ පරිගණක විද්‍යාව යන විෂය ක්ෂේත්‍රවලින් තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබෙන ඔහු දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරගෙන තිබෙනවා. වර්තමානයේ දී ඔහු නාසා ආයතනයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාගාරයක සේවය කරනු ලබනවා. ඔහුගේ බිරිඳ වන සෙව්වන්දිත් අණුක ජීව විද්‍යාව පිළිබඳව උපාධිධාරිනියක්. මේ දෙපළම මේ දක්වාම සිය පියාගේ දේශපාලන කටයුතු සඳහා කිසිදු මැදිහත්වීමක්  සිදුකොට නැහැ.

 

 

2. ධරණි සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දරුවන් අතරින් අඩුම මාධ්‍ය කතාබහට ලක්වුණු තැනැත්තිය විදිහට ධරණී සිරිසේනව හඳුන්වන්න පුළුවන්. ස්වභාවයෙන්ම නිහඬ ජීවිතයක් ගත කරන ඇය වෘත්තියෙන් නීතිඥවරියක්.

 

 

3. චතුරිකා සිරිසේන 

“ජනාධිපති තාත්තා” පොත රචනා කිරීම නිසා චතුරිකා සිරිසේන යන නම කාලයක් සමාජ මාධ්‍යවල ප්‍රකට නමක් බවට පත්වුණා. ඇය පසුව තම ස්වාමියා සමඟ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කරනු ලැබුවා. සිරිසේන ජනාධිපතිවරයාගේ දරුවන් අතරින් මේ දක්වා දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි ලැදියාමෙන් යුතුව කටයුතු කර තිබෙන බව අසන්නට ලැබෙන එකම දරුවා වන්නේ ඇයයි. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරියක් විදිහටත් කටයුතු කරනවා

 

 

4. දහම් සිරිසේන 

සිය පියාගේ පාලන කාලය තුළ දහම් සිරිසේනගේ නම කරළියට පැමිණියේ එකම එක අවස්ථාවක පමණයි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීම් වාරයක් සඳහා සිය පියා සමඟ සහභාගීවීම නිසායි. මෙම සිදුවීම සමාජ මාධ්‍ය ජාලාවල දැඩි විවේචනයට ලක්වූවත් මෛත්‍රීපාල සිරිසේන එය සාමාන්‍ය සම්ප්‍රදායක් බව පසුව ප්‍රකාශ කළා.

 

 

5. බවෝදනී සකුන්තලා

මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් දියණිය වන ඇය කුඩා කාලයේදීම මිය ගියේ ඔවුන් දෙදෙනාට දැඩි වේදනාවක් උරුම කරමින්. මහින්ද රාජපක්ෂ විවිධ අවස්ථාවල  තමන්ට හැර ගිය දියණිය පිළිබඳ මතකය නිතරම සිහියට නැගෙන බව ප්‍රකාශ කොට තිබෙනවා.

 

6. නාමල් රාජපක්ෂ

වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට කටයුතු කරන නාමල් රාජපක්ෂ වෘත්තියෙන් නීතිඥවරයෙක්. දක්ෂ රගර් ක්‍රීඩකයකු වන ඔහු සිය පාසල් වියේදීම තම පියාගේ දේශපාලන කටයුතු සඳහා ආධාර ලබා දුන්නා. නිල් බලකාය පිහිටුවා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  තරුණ කොටස් එකතු කිරීමට ඔහු සමත් වූ අතර පිට පිට වාර කීපයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණයක් දිනා ගැනීමට ඔහු සමත් වුණා. ලිමිනි වීරසිංහ සමග විවාහ වූ නාමල්ට මේ වන විට කේසර නමින් පුතෙකු සිටිනවා.

 

 

7. යෝෂිත රාජපක්ෂ 

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්වන්නේ යුද්ධය දරුණුවම පැවති අවදියක. ඇතැම් අය මෙය ප්‍රචාරක උපක්‍රමයක් විදියට හැඳින්වූවත් මේ කැපකිරීම තවත් පිරිසකගේ ප්‍රසාදයටත් ලක් වුණා. පාසල් යන වියේ පටන් දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පවා උසුලනු ලැබුවා. නිතීෂා ජයසේකර සමග විවාහවූ ඔහු වර්තමානයේ දී අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කරනු ලබනවා.

 

 

8. රෝහිත රාජපක්ෂ

සිය පියා වෙනුවෙන් වයඹ පළාත තුළ දේශපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම කරට අරගෙන කටයුතු කරන රෝහිත රාජපක්ෂ ගායකයෙකු ලෙසත් ජනප්‍රියත්වයක් උසුලනු ලබනවා. මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ දරුවන් අතරින් බාලයා වන ඔහු ඔවුන් අතරින් ඉක්මනින්ම විවාහයට පත්වූ තැනැත්තා ද වනවා. ටට්යානා රාජපක්ෂ සමඟ විවාහයෙන් නිර්වාන් රාජපක්ෂ නම් පුතෙකුද ඔහුට සිටින අතර මේ වන විට ඔවුන් දෙදෙනා සිය දෙවන දරු උපත සඳහා සූදානම් වන බවට වාර්තා පළ වනවා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *