ගෝවා වලින් හදන්න පුළුවන් සුපිරි කෑම ටිකක්

හැමදාම එකම රෙසිපි එකට උයල කාලා එපා වෙලාද? ඒ උනාට ඉතින් ගෝව කියන්නෙ ගෙදරට නිතර ගැනෙන එළවළුවක්නෙ. එහෙනම් මෙහෙම ට්‍රයි කරලා බලන්න. එළවළු තෝර තෝර කන පොඩ්ඩොත් ගොඩක් ආසා වෙයි ගෝවා මේ විදියට හදලා දුන්නොත්.

 

 

1. කැබේජ් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ගෝවා ගෙඩි 1
  2. අඹරාගත් චිකන් ග්‍රෑම් 200
  3. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. කපාගත් ළූණු කොළ ටිකක්
  6. සෝයා සෝස් මේස හැඳි 1
  7. බිත්තර 1
  8. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
  9. මිරිස්කුඩු තේ හැඳි 1
  10. කෑලිමිරිස් තේ හැඳි 1
  11. ලුණු හා ගම්මිරිස්කුඩු
  12. පාන්පිටි කෝප්ප 1

 

  • ගෝවා ගෙඩියෙන් කොළෙන් කොළය ඉරෙන්නෙ නැතුව පරිස්සමට ගලවගන්න. 
  • බෝල් එකක් අරගෙන ගෝවා කොළ දාලා ඒක පිරෙන්න වතුර දාලා ලුණු ටිකක් දාලා විනාඩි 5ක් විතර තම්බගන්න.
  • චිකන් වලට ඉඟුරු සුදුළූණු පේස්ට්, ළූණු, ළූණු කොළ, බිත්තරය, සෝයාසෝස්, මිරිස්කුඩු, කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. අන්තිමට කොත්තමල්ලි කොළ දාලා කලවම් කරගන්න.
  • දැන් ගෝවා කොළ එකින් එකඅරන් ෆිලින් එකෙන් ටිකක් තියලා දෙපැත්ත නවලා රෝල් කරගන්න. ස්ටීමරයක තියල හොඳට ස්ටීම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ස්ටීම් කරගත්ත රෝල් ටික දාගෙන වටේ ටිකක් පෑන් ෆ්‍රයි කරලා කෑමට ගන්න.

 

 

2. කිම්චි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හතරට පලාගත් චයිනීස් ගෝවා ගෙඩියක්
  2. ළූණු කොළ ග්‍රෑම් 100
  3. ග්‍රේට් කරගත් කැරට් අල 2
  4. ෆිශ් සෝස් කෝප්ප 1/4
  5. කපාගත් පෙයාර්ස් ගෙඩි 2
  6. කපාගත් ළූණු ගෙඩි 1
  7. සුදුළූණු බික් 4
  8. චොප්කරගත් මිරිස් කරල් 2
  9. චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
  10. සීනි මේස හැඳි 1
  11. මිරිස්කුඩු කෝප්ප 1/2

 

  • බ්ලෙන්ඩර් කප් එකට ෆිශ් සෝස්, කපාගත් පෙයාර්ස් ගෙඩි, ළූණු, සුදුළූණු, මිරිස් කරල්, ඉඟුරු, සීනි හා රස අනුව ලුණු ටික දාගෙන බ්ලෙන්ඩ් කරගන්න.
  • මික්ස්චර් එක ලොකු බෝල් එකකට දාලා මිරිස් කුඩු ටික දාගන්න. දැන් කපාගත් ළූණු කොළ, කැරට් ටික ටික දාලා අතින් අනාගන්න. 
  • ඔක්කොම හොඳට කලවම් උනාම පලාගත්ත ගෝවා ටික බෝල් එකකට දාලා, ගෝවා කොළ අස්සට හදාගත්ත මිශ්‍රණය හොඳින් තැවරෙන්න දාගෙන හොඳට වහලා ෆ්‍රිජ් එකේ තියල දවස් දෙකකින් කෑමට ගන්න.

 

3. ගෝවා පකෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හීනියට කපාගත් ගෝවා කෝප්ප  2
  2. ග්‍රේට් කරගත් ළූණු ගෙඩි 1
  3. කඩල පිටි කෝප්ප 3/4
  4. හාල්පිටි කෝප්ප 1/4
  5. කහකුඩු තේ හැඳි 1/4
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  8. චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
  9. රස අනුව ලුණු
  10. බැදීමට තෙල්

 

  • මේ ඔක්කොම හොඳට කලවම් කරලා වතුර පොඩ්ඩ පොඩ්ඩ කලවම් කරන් ඝණත් නැති දියාරුත් නැති මිශ්‍රණයක් හදාගන්න. 
  • මේකෙන් පොඩ්ඩ පොඩ්ඩ හැන්දකින් අරන් තෙලට දාලා බැදගන්න.

 

4. ගෝවා ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හීනියට කපාගත් ගෝවා කෝප්ප 1
  2. චොප්කරගත් බෙල්පෙපර් පාට දෙකකින්
  3. බිත්තර 3
  4. චොප්කරගත් ළූණු කෝප්ප 1/4
  5. ලුණු හා ගම්මිරිස්කුඩු
  6. සෝයාසෝස් මේස හැඳි 2
  7. පාන්පිටි මේස හැඳි 1
  8. තල ඇට ස්වල්පයක්

 

  • බිත්තර ටික විස්ක් කරගන්න. ගෝවා වලට බිත්තර ටික දාගන්න. 
  • බෙල්පෙපර්, චොප්කරගත් ළූණු රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, සෝයාසෝස් හා පාන්පිටි ටික දාගන්න. ඔක්කොම හොඳට කලවම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මිශ්‍රණය පෑන් එක පුරාවට අතුරගන්න. උඩින් තල ඇට ටිකක් ඉහගන්න. පියනකින් වහලා අඩු ගින්දරේ විනාඩි 5කින් විතර තියල  අනික් පැත්ත හරවල විනාඩියක් විතර බැදගෙන ඉවත් කරගන්න. 

 

 

5. කැබේජ් පැටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හීනියට කපාගත් ගෝවා කෝප්ප 2
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් සුදුළූණු බික් 3
  4. චොප්කරගත් පාස්ලි කෝප්ප 1
  5. තෙල්
  6. බිත්තර 2
  7. රුලං කෝප්ප 1/3

 

  • ගෝවා ටික උණු වතුරෙන් තම්බගන්න. වතුර පෙරාගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු, සුදුළූණු ටික දාගන්න. රන්වන්පාට වෙනකල් තෙම්පරාදු කරගන්න. 
  • තම්බාගත් ගෝවා වලට මේ ළූණු තෙම්පරාදුව, බිත්තර, රුලං හා චොප්කරගත් පාස්ලි, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ඔක්කොම හොඳට කලවම් කරලා විනාඩි 10ක් වගේ තියලා අතින් පොඩි බෝල හදාගන්න.
  • මේ බෝල පොඩ්ඩක් අතින් පැතලි කරලා ගැඹුරු තෙලේ බැදගන්න.

 

 

6. කැබේජ් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් ගෝවා ගෙඩි 1
  2. ලුණු
  3. බිත්තර  2
  4. පාන්පිටි ග්‍රෑම් 30

 

  • කපාගත් ගෝවා ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට ලුණු දාලා කලවම් කරගන්න.
  • බ්ලෙන්ඩ් කරගත් ගෝවා පෙනේරයකට දාල තද කරල වතුර ඔක්කොම අයින් කරලා අරන් ඒකට බිත්තර 2 හා පාන්පිටි එකතු කරලා හොඳට කලවම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මේ හදාගත්තු ඩෝ එකෙන් ටික ටික තැන් තැන් වලින් තියලා හැන්දෙන් පොඩ්ඩක් තුනී කරලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

 

 

7. කැබේජ් කෝල්ස්ලෝ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හීනියට කපාගත් ගෝවා ගෙඩි 1
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1
  4. චොප්කරගත් අමුමිරිස්  කරල් 2
  5. දෙහි යුෂ ටිකක්
  6. ලුණු හා ගම්මිරිස්කුඩු
  7. මයෝ​නේස් කෝප්ප 1/4
  8. යෝගට් මේස හැඳි 1

 

  • බෝල් එකකට මයෝ​නේස් හා යෝගට් ටික දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරල කලවම් කරගන්න.
  • කැරට්, ගෝවා, ළූණු, අමුමිරිස් දාලා දෙහි යුෂ ටිකක් දාලා කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියල කූල් කරල පිළිගන්වන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *