චොක්ලට් කේක් හදනකොට නැතුවම බැරි දෙයක් තමා කොකෝවා පව්ඩර්. කොකෝවා ඇට වලින් හදන මේ පව්ඩර් එකෙන් කේක් විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් හදන්න පුළුවන්. ඉතින් ඔන්න අද කියලා දෙන්න හදන්නෙ ඒ වගේ රෙසිපි ටිකක්. කියවලම බලන්නකො එහෙනම්…
01. Chocolate Balls
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් ග්‍රෑම් 100
ටින්කිරි ග්‍රෑම් 200
- කොකෝවා පව්ඩර් ටික දෙපාරක් හලාගන්න.
- ටින්කිරි ටික ලිපේ තියලා ටිකක් රත්කරලා ලිපෙන් බාගන්න.
- දැන් හලාගත් කොකෝවා පව්ඩර් ටින්කිරි වලට ටික ටික දාලා කලවම් කරන්න.
- අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
- මේක විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියලා අරං පොඩි බෝල හදාගන්න.
- මේක කොකෝවා පව්ඩර් වල දවටගන්න.
02. Chocolate Slices
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් මේසහැඳි 3
මාරි බිස්කට් පැකට් 1
කිරි කෝප්ප 1/2
මිල්ක් චොක්ලට් කෝප්ප 1
බටර් ස්වල්පයක්
- මාරි ටික කෑලි කඩලා ග්‍රයින්ඩ් කරගන්න.
- මේකට කොකෝවා පව්ඩර් ටිකත් දාලා ග්‍රයින්ඩ් කරගන්න.
- දැන් මේක බෝල් එකකට දාලා කිරි ටික දාගන්න.
- හොඳට අනලා ඩෝ එකක් හදාගන්න.දැන් මේක බටර් ගාගත් ලෑල්ලක තියලා අතින් සිලින්ඩරාකාරව හදාගන්න.
- ඊළඟට ක්ලින් රැප් එකක ඔතලා විනාඩි 30ක් ෆ්‍රීස් කරගන්න.
- ඊළඟට මේක පෙති කපාගන්න.
- චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්න.මේ කපාගත් පෙති චොක්ලට් වල ඩිප් කරලා ෆ්‍රීස් කරගන්න.
03. Chocolate Bread Dessert
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් මේසහැඳි 4
කපාගත් පාන් කෑලි කෝප්ප 1
සීනි කෝප්ප 1/2
කිරි කෝප්ප 3
අගර් අගර් මේසහැඳි 2
බටර් ස්වල්පයක්
- බෝල් එකකට කොකෝවා පව්ඩර්, පාන් කෑලි, සීනි, අගර් අගර් හා කිරි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ඊළඟට මේක පෑන් එකකට දාලා අඩිය අල්ලන්න නොඳී හැඳිගාමින් රත් කරගන්න.
- බුබුළු දානකොට ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා පැය2ක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.
- ඊළඟට හෙමින් අනික්පැත්ත හරවලා කෑලි කපාගන්න.
04. Chocolate Peda
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් මේසහැඳි 2
ගිතෙල් මේසහැඳි 2
කිරිපිටි කෝප්ප 1
කුඩුකරගත් සීනි කෝප්ප 1/4
කිරි කෝප්ප 1/4
චොප්කරගත් පිස්ටාචියෝ ස්වල්පයක්
- පෑන් එකක් ලිපේ තියලා ගිතෙල් ටිකක් දාගන්න.
- මේකට කිරිපිටි, සීනි හා කිරි දාලා කලවම් කරගන්න.
- අඩු ගින්දරේ දිගටම හැඳිගාන්න.
- මිශ්‍රණය තික් වෙලා පෑන් එකෙන් ගැලවිලා එක ගුලියක් වගේ එනකල් ලිපේ තියාගන්න.
- දැන් සොෆ්ට් ඩෝ එකක් හැදුනම ලිපෙන් බාලා කොකෝවා පව්ඩර් එකතු කරන්න.
- දැන් අතින් බෝල හදලා මැදින් පොඩි හිලක් හදලා පිස්ටාචියෝ ටිකක් තියාගන්න.
05. Banana Brownie
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් මේසහැඳි 2
කෙසෙල් ගෙඩි 2
බිත්තර 1
පාන්පිටි මේසහැඳි 1
සීනි මේසහැඳි 1
බේකින් පව්ඩර් තේහැඳි 1/2
චොප්කරගත් මිල්ක් චොක්ලට් කෝප්ප 1/2
- කෙසෙල් ටික හොඳට මෑශ් කරගන්න.
- මේකට බිත්තරය දාලා විස්ක් කරගන්න.
- ඊළඟට කොකෝවා පව්ඩර් ටික හලලා එකතු කරන්න.
- පාන්පිටි හා සීනි හා බේකින් පව්ඩර් එකතු කරන්න.
- හොඳට කලවම් කරලා මයික්‍රොවේව් ට්‍රේ එකකට දාලා විනාඩි 3-4ක් මයික්‍රොවේව් කරගන්න.
- උඩින් මෙල්ට් කරගත් චොක්ලට් ටිකක් දාගන්න.
06. Hot Chocolate Drink
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් කෝප්ප 1/4
කිරි කෝප්ප 2
සීනි මේසහැඳි 2
ෆ්‍රෙශ් ක්‍රීම් මේසහැඳි 2
වැනිලා ස්වල්පයක්
ටොපින් එකට:-
විප්ක්‍රීම් කෝප්ප 1
අයිසින් සුගර් මේසහැඳි 2
වැනිලා ස්වල්පයක්
- කිරි ටික ලිපේ තියලා කොකෝවා පව්ඩර් දාගන්න.
- මේකට සීනි හා ක්‍රීම් දාලා විස්ක් කරගන්න.
- අඩු ගින්දරේ රත් කරගන්න.
- වැනිලා ටික දාගන්න.
- නටනකොට ලිපෙන් බාගන්න.
- වෙනම බෝල් එකක විප්ක්‍රීම් වලට අයිසින් සුගර් හා වැනිලා දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
- දැන් ග්ලාස් එකකට හොට් චොක්ලට් දාලා උඩින් විප්ක්‍රීම් ටික දාලා කොකෝවා පව්ඩර් ටිකක් ඉසගන්න.
07. Chocolate Pudding
අවශ්‍ය ද්‍රව්‍ය:-
කෝප්ප 1/4
කෝන්ෆ්ලා කෝප්ප 1/4
කිරි කෝප්ප 1 1/2
සීනි කෝප්ප 1/4
ක්‍රීම් 1/2
චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
ලුණු ස්වල්පයක්
- කෝකෝවා පව්ඩර් හා කෝන්ෆ්ලා බෝල් එකකට දාලා කිරි කෝප්ප 1ක් දාලා හොඳට විස්ක් කරගන්න.
- දැන් මේක පෑන් එකකට දාලා ලිපේ තියන්න.තව කිරි කෝප්ප 1/2ක් දාලා අඩු ගින්දරේ හැඳිගාන්න.
- සීනි ටිකත් දාගන්න.
- සීනි දියවෙනකොට ක්‍රීම් ටික දාගන්න.
- ඊළඟට චොක්ලට් චිප්ස් ටිකත් දාගන්න.ටිකකින් මේක තික් වෙනකොට රස අනුව ලුණු දාගන්න.
- දැන් ලිපෙන් බාලා ඩෙසර්ට් ග්ලාස් වලට දාලා නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාගන්න.
- උඩින් චොප්කරගත් චොක්ලට් ටිකක් දාලා කෑමට ගන්න.
Leave a Reply